වෛද්‍යවරයකු වෙත නොයා ලෙඩ දුක් කලින්ම හඳුනාගන්න

තම හිසට තම අතමය සෙවණැල්ල යන ජනවහර ඔබ අසා ඇතුවාට සැක නැත. ඔබේ අත ඔබ ගැන දන්නා තතු මෙපමණකැයි කියා අවසන් කරන්න නොහැකිය. ඒ තරමටම ඔබේ අත විස්මිතය. මේ විස්මිත නිමැයුම තුළින් ඔබේ මුළු ජීවිත කතාවම කියන්න හැකි යැයි මා පවසන්නේ බොහෝ කරුණු ඇතිවය. ජීවිතය පිළිබඳ විශ්වකෝෂයක් බඳු ඔබේ අත දිනපතා ඔබටම පරික්‍ෂා කර ගත හැකි නම් එයින් ලද හැකි ප්‍රතිඵල අපමණය.

ජීවිතයේ යම් යම් කාලවලදී ඔබේ අතේ රේඛා වෙනස්වන හැටි ඔබ දුටුවාද? ඒ ඒ කාලවලදී ඔබට අත් වූ ඉරණම ගැන මොහොතක් සිහි කළ හැකිද? හස්ත රේඛාව ජීව විද්‍යාත්මකව හැදෑරිය යුතු ගැඹුරු විෂයකි. හස්ත රේඛාවේ සුවිශේෂී පැතිකඩක් පිළිබඳ කරුණු මේ ලිපියෙන් ඔබට සපයයි. අද සිටම ඔබේ අත ගැන විමසිල්ලෙන් සිටින්න. එවිට ඔබට හැකිවේවි ඔබට ජීවිතය ජයගන්න. ඔබේ විශ්වාසවන්තම විශේෂඥ වෛද්‍යවරයා කවුරුන්දැයි මා ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර ඔබ දන්නා වෛද්‍යවරයකුගේ නමක් හෝ නම් කිහිපයක් විය හැකිය. සත්‍ය ලෙසටම ඔබේ විශේෂඥ වෛද්‍යවරයා ඔබේ අතයි. ලෙඩ රෝග තරම් ඔබේ ජීවිතයට බලපාන වෙනත් බාධකයක් නැති තරම්ය. බාහිර බලවේග අපට කෙසේ හෝ මැඬලිය හැකිය. එහෙත් ශරීරයේ අභ්‍යන්තරිකව හටගන්නා ලෙඩ රෝග එසේ මැඬලීම පහසු නොවේ. වෛද්‍යවරයකු වෙත නොයා ඔබට අනාගතේ ඇතිවන ලෙඩ රෝග ගැන කල්තියා හඳුනාගත හැකි ක්‍රමයක් තිබේද? ඔව් එයට දිය හැකි පිළිතුර එයයි. එසේ නම් අද සිටම ඔබේ හස්ත රේඛාවන් කලින් කලට වෙනස් වන හැටි නිරීක්‍ෂණය කරන්න. එවිට ඔබට පෙනේවි ඒ ඒ රේඛාවන්ගේ සියුම් වෙනස්කම් වෙන ආකාරය. ඒ රේඛා පවසාවි නානාවිධ රෝග මූලයන් ඔබට පවතින බව. එවන් අවස්ථා කිහිපයක් ගවේෂණය කරමු.

මේ ඔබ දකින්නේ කෙනෙකුගේ ඉරණම් රේඛාවයි. රූපසටහනේ ආකාරයට ඒ ඒ වයස් කාණ්ඩ මෙහි දක්වා ඇත. මෙම වයස් කාණ්ඩ හරහා යම් රේඛාවක් වැටුණොත් එම රේඛාවේ ගැඹුර හා රේඛාව ගමන් කරන දිශාව අනුව එම පුද්ගලයාට සිදුවන හදිසි අනතුරු, මාරක අපල හෝ මරණය ගැන පලාපල කිව හැකිය. එහිදී යම් කෙනකුගේ ඉරණම් රේඛාව හරහා වෙනත් රේඛාවක් ගමන් කිරීම ආරම්භ වන විට ඔහුට අනාගතයේදී එවන් තත්ත්වයක් උදාවිය හැකි බව කල්තියා දත හැකිය. එවිට ඒවාට සුදුසු නිසි පිළියම් යෙදීමෙන් එම රේඛාවේ ගමන් මාර්ගය වෙනස් වන හැටි ඔබටම බලාගත හැකිය. ඇතැම් විට තමන් විසින් සිදුකරන්නා වූ ප්‍රතිකර්ම සාර්ථක වී ඇත්නම් එම තිරස් රේඛා සහමුලින්ම මැකී යනවා ඇත.

මේ රූපසටහනේ ඒ නමැති රේඛාවෙන් ඔබ දකින්නේ වයස අවුරුදු 60දී පමණ යම් පුද්ගලයකු අධික ලෙස ආහාර ගැනීමත්, මත්පැන් පානයත් නිසා ඔහුට රෝගයක් වැලඳී ගෙන එන සලකුණකි. මේ සලකුණු ඔස්සේ විමසා බලන කල එම රේඛාව ඉරණම් රේඛාව කැපී යන පරිදි පැමිණි විට ඔහුගේ මරණය හෝ වෙනත් බරපතළ තත්ත්වයක් පිළිබඳ පලාපල කිව හැකිය. නමුත් මෙහි පිහිටා තිබෙන ආකාරයට රේඛාව හඳුනා ගත් විට කල්තියාම ඔහු ඉහත දැක්වූ අහිතකර සෞඛ්‍ය පුරුදුවලින් මඟහරවා ගත හැකි නම් මෙම රේඛාව ජීවන රේඛාව තෙක් නොපැමිණ මැකී යයි.

දැන් ඕ නමැති රේඛාව දෙස බලන්න. මෙහි පෙන්නුම් කරන්නේ යම් පුද්ගලයකු වයස අවුරුදු 55දී පමණ බරපතළ රෝගයකට මුහුණ දී ඇති බවයි.
එම රේඛාවේ ගැඹුරුකම හා වර්ණය අනුව ඔහුගේ මරණය සිදුවේ දැයි නිරීක්‍ෂණය කළ හැක. යම්හෙයකින් ඉරණම් රේඛාවට වඩා තද සහ ගැඹුරු රේඛාව වැටී ඇත්නම් ඔහුගේ මරණය අනිවාර්යයෙන් සිදුවන බව හැකිය.

මෙම රූපසටහනට අනුව ඉරණම් රේඛාව යම් යම් ස්ථානවලදී කැඩී ගිය ආකාරයක් පෙනෙන්නට තිබේ. ඒ අනුව එම කැඩුණු සලකුණුවලට අදාළ වන වයස් කාණ්ඩවලදී ඒ ඒ පුද්ගලයාට හදිසි අනතුරු හා බරපතළ අසනීප තත්ත්වයක් ඇති විය හැකි බව හඳුනා ගත යුතුයි. නමුත් බොහෝ අය මෙවැනි රේඛා තත්ත්වයක් දුටු විටදී ඔවුනගේ මරණය සිදුවන බව දක්වයි. නමුත් සැබැවින්ම එවැනි තත්ත්වයක් උදාවන්නේ නැත. මෙම රේඛා කුමන වයස් කාණ්ඩයට අයත් දැයි ඔබ හඳුනාගත හොත් ඒ ඒ කාලවල පැමිණෙන හදිසි අනතුරු හා රෝගාබාධවලින් ඔබට අත්මිදිය හැකිය.

මෙම රූප සටහනින් දැක්වෙන්නේ ඒ හා ඕ වශයෙන් පිහිටන සෞඛ්‍ය රේඛා දෙවර්ගයකි. යම් පුද්ගලයකු මානසික අසහනයෙන් අධික ආහාර ගැනීම, මත්පැන් පානය වැනි ක්‍රියාවන්හි දිනපතා නිරත වන්නේ නම් ඔහුට ආමාශයේ හෝ උදරයේ රෝග තත්ත්වයක් ඇති බව මෙයින් කියැවේ. යම් හෙයකින් මෙම රේඛා තද වර්ණයෙන් යුතුව ගැඹුරින් පිහිටා ඇත්නම් මෙම ආබාධවලින් ඔහුගේ මරණය පවා සිදුවිය හැකිය.

මේ ඔබ දකින්නේ විවිධ වෙනස්කම් යටතේ පිහිටි සෞඛ්‍ය රේඛා කිහිපයකි. සලකුණෙන් දැක්වෙන්නේ වකුගඩු රෝගියකුගේ රෝග මූල ලක්‍ෂණයකි. ඇතැම් විට ඔහුට වකුගඩු රෝගයක් නොවේ නම් ආමාශගත රෝගයක් හෝ වැලඳී තිබෙනවා විය හැකියි. රේඛාවෙන් ඔබ දකින්නේ තවත් අක්මාවට හා වකුගඩුවලට හානිකර තත්ත්වයකි. මේ අය එම රෝගය නිසාම මුහුණු ඉදිමී ශරීරය කහ පැහැයට හැරී තිබෙනු දක්නට පුළුවනි. ...??? සලකුණෙන් ඔබ දකින්නේ පෙණහැලි ආබාධයට ලක් වූ පුද්ගලයකුගේ රෝගී තත්ත්වයකි. ච සලකුණ තවත් පෙණහලු ආබාධයක් පිළිබඳව කරුණු හෙළි කරයි.

මේ ආකාරයට අත්ලේ විවිධ සලකුණු මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තතු දැක ගත හැක. එසේම කලින් කලට ඔබේ අත්ලේ පැහැය වෙනස් වන ආකාරයද නිරීක්‍ෂණය කිරීමෙන් යම් යම් රෝග ලක්‍ෂණ ඔබට හඳුනා ගත හැක. ඒ අනුව ඔබට රෝස පාට අතක් හිමි නම් එයින් කියවෙන්නේ ඔබේ මනස හා ශරීරය නිරෝගි බවයි. ඔබට නිල් පාට අත්ලක් හිමි නම් එයින් කියවෙන්නේ ඔහුගේ රුධිර සංසරණ පද්ධතියේ යම් යම් ආබාධ ඇති බවයි. ඔබට රතුපාට අත්ලක් හිමි නම් ඔබගේ ලේ ගමන අධිකව සිදුවන අතර, හෘදයේ යම් ආබාධයක් තිබිය හැක. එසේම අධික රුධිර පීඩන තත්ත්වයක්ද මෙයින් පෙන්නුම් කරයි.
මේ ආකාරයට යම් කලකදී ඔබේ අත්ල කහ පැහැයට හැරේ නම් එයින් ඔබට අක්මාවේ තාවකාලික ආබාධයක් සෑදී ඇති බව සලකුණු කරයි.
යම් කලකදී ඔබේ අත්ල කළු පැහැයට හැරේ නම් එය වකුගඩු අසනීප තත්ත්වයක් බවට සලකුණකි.

මේ ආකාරයට ඔබේ අත්ල පරික්‍ෂා කිරීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය මැනවින් නිරීක්‍ෂණය කර හැකි බව සිහිතබා ගන්න.
මෙම ලිපිය සකස් කිරීමේදී හස්ත රේඛා පිළිබඳ ලංකාවේ විද්වතුන් විසින් සිදුකළ විවිධ පර්යේෂණ ලිපි හා යසුටෝ නමැති ජපාන හස්ත රේඛා විද්‍යාඥයාගේ පර්යේෂණ ලිපි බෙහෙවින් ඉවහල් වූ බව දක්වමි.

පුරාණ අන්තරීක්‍ෂ විද්‍යා ගවේෂක
උපුල් එස්. දෙඹේපොළ
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments