ජලභීතිකා රෝගයට දේශීය ප්‍රතිකාර

අප පිස්සු බලු විෂ නමින් හඳුන්වන නමුත් මෙය ආයුර්වේදයේ අලර්ක විෂ - ජල භීතය - ජලභීතිකාව උන්මත්ත ස්වාතවිෂ - ජලත්‍රාසය ආදී නම් කීපයකින් හඳුන්වයි.

බල්ලන්ට පමණක් සීමාවූවක් නොව මුගටි, නරි, බළල්, දිවි, මී, වඳුරු, රිළා ආදී තෙළෙස් කුලයක සතුන්ට වැලඳෙන බව වෛද්‍ය විද්‍යාවේ උගන්වයි. වැඩි වශයෙන් බල්ලන්ට වැලඳෙන නිසාත් බල්ලන්ට වැලඳෙන රෝගයම මනුෂ්‍යයාට විපත්ති කරන නිසාත් මෙය පිස්සු බලු රෝගය ලෙස ව්‍යවහාරයට පත්වූ බව පෙනේ. වාතය, පිත්තය, සෙලෙස්මාව යන තුන් ‍ෙදාස්වලින් එකක් හෝ වැඩි ගණනක් කිපීමෙන් බල්ලන්ට වැලඳෙන නමුත් මනුෂ්‍යයාට එය වැලඳෙන්නේ රෝගය ඇති සතෙකු විසින් සපාකෑමෙන් පහුරුගෑමෙන් හෝ තුවාල වූ ස්ථානය ලෙව කෑමෙන් ආදියෙන් සෙම තැවරුණහොත් පමණයි. (සාමාන්‍යයෙන් බල්ලෙක් සපා කෑ විට ආහාර විසමතා හා සෘතු විපර්යාස නිසා උමතු අවස්ථාවට පෙරළීමට ඉඩ ඇති බව විශ්වාස කරනු ලැබේ.


පිස්සු බල්ලෙක් දැයි හඳුනා ගන්නේ කොහොමද?


1. පිස්සු හැදීමට ආසන්න වූ විට දීප්තිමත් හිරුඑළිය පහන් එළිය නුරුස්සයි. අඳුරු අහුමුලු සොයමින් නින්දට යන නමුත් නිදාගත නොහැකිව සිහිනෙන් බයවී නැඟිට දුවයි.


2. වෙනදා දක්වන කීකරු ගතිය වෙනස් වේ. උන්හිටි ගමන් සපා කෑමට තැත් කරයි.


3. ඇස්වල රත් පැහැ ගතිය ඇති කරයි. කබ, කඳුළු ගැලීමට පටන් ගනී.


4. උගුරේ කටුවක් හිරවුණා සේ වේදනාව දක්වයි. කටින් සෙම වැගිරේ. උගුරේ ගැස්ම ඇතිවේ.


5. අමුතු හ¾ඩින් උඩු බිරීමට පටන් ගනී.


6. ජලය දැකීමට පවා බියවේ. වලිගය පහතට කඩා වැටේ. නිදාගෙන නැඟිටින විට විසිවේ. හිස පහතට හරවාගෙන ඉදිරියට දුවයි. ඉදිරියට හමුවෙන හැමකෙනෙක්ම සපාකයි.


7. වතුරට මෙන්ම ගින්දරටද, වාතයටද, සුළඟටද බියවේ. දින 10කින් ඉතා දුක්ඛදායක මරණයකට පත්වේ.


දේශීය වෛද්‍ය ක්‍රමය අනුව බල්ලා පිස්සු බල්ලෙක් දැයි කියා දැන ගන්නා ක්‍රමය: සපා කෑ බල්ලා අල්ලා ගෙන මරාගෙන කුමක් හෝ මස් කෑල්ලක්, මාළු කෑල්ලක්, කරවල කෑල්ලක් ඉතා පරිස්සමින් එම බල්ලාගේ විදුරු මස්වල අතුල්ලාගෙන නිරෝගී බල්ලකුට කෑමට දෙන්න. එම කෑල්ල බල්ලා ඉවත් කර බියක් නැතුව ගිල දැමුවොත් සපා කෑ බල්ලා පිස්සු බල්ලෙකු නොවන බව සිතන්න. මස් කෑල්ල ඉව අල්ලා එයට බුරමින් ඉවතට පනී නම් සපා කෑවේ නියත වශයෙන්ම පිස්සු බල්ලෙක් බව තීරණය කරන්න.


සපා කෑ බල්ලාගේ විෂ ශරීරගත වී ඇතිද කියා දැන ගන්නා විෂ බලන ක්‍රම කිහිපයක් ඇත. ඔෟෂධ බලයෙන් මන්ත්‍ර බලයෙන් පරික්‍ෂා කළ හැකිය. කබරොස්ස මුලක් ගෙන ඇල්වතුරෙන් අඹරා සපා කෑ තුවාලය මතුපිට තබන්න. විනාඩි 30ක් ඇතුළත තුවාලය ඇති ස්ථානය කැක්කුමට අමුතු වේදනාවත් ඇතිවේ. නියත වශයෙන්ම පිස්සු බල්ලෙක් බව දැන ගන්න. දින කිහිපයක් මාස කීපයක් ගිය අයකුට නම් කබරොස්ස මුල දෙහි ඇඹුලෙන් අඹරා තුවාලයෙන්, පෙකනියෙන්, මැණික් කටුව ළඟ ඇති නහරය මත තබන්න. පෙර කී පරිදි තුවාලය වේදනාව ඇඟේ කැක්කුම ක්ලාන්ත ගතිය ඇතිවේ. (අලුත් තුවාලයකට දෙහිඇඹුල් ගාන්න එපා)


විෂ බලන ක්‍රමයක්


නොඉඳුල් තැඹිලි තෙල් සිඳ තබාගෙන මෙහි සඳහන් මන්ත්‍රයෙන් 108 වර මතුරා ආතුරයාගේ පපුවේ සහ හිසේ ටිකක් ගාන්න. ඉතිරි කොටසින් ආතුරයා ලවා පහනක් පත්තු කර ඒ දෙස ටික වේලාවක් බලා ඉන්න කියන්න. ශරීරයේ විෂ පැතිරී ඇතිනම් ශරීරයේ වෙව්ළීමක් ඇතිවේ.


මන්ත්‍රය


ඕං ශාස් ත්‍රාස් බාහුමා කේස් මෙමා
ජේසු සිකිලානු පවාස් ගුරුකීස් ආදේස්
තීවර දිෂ්ටි වරතු භාරං මුග රේහන්
ප්‍රාණ කාලී අම්මා ආදේස් කී දේහල් කෝ
සුම්බා අල්ලා කේසු බාස් භෞති අම්මා
ආදේස් 108 යි.


තවත් ක්‍රමයක්


ඉහත සඳහන් කළ මන්ත්‍රයෙන් මූණ බලන කණ්ණාඩියකට 108 වර මතුරා මූණ බැලීමට ආතුරයා අතට දෙන්න. විෂ ශරීරගතව ඇත්නම් මුහුණ වෙනුවට බල්ලකුගේ රූපය දර්ශනය වේ. මේ පරීක්‍ෂණය කල් ගතවූ රෝගීන් සඳහා බව සලකන්න.

Post a Comment

0 Comments