රාජ තරංගනී

පැරැණි පුස්කොළ පොතේ සඳහන් අයුරු මෙහි ලියා දක්වන්නේ බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම පිටයි. එහි ඇති බෙහෙත් වට්ටෝරුව කවියෙන් සඳහන් වේ.



1.    සැවැන්දනද, ඉරිවේරිය, වම්මුතු, තොටිල පලොල්     බැබිලා
    නිකදලු, හාතාවාරිය, බෙලි මුල්, ඇහැළද උපුල්     කොලා
    කරඳද, විස දූවිලියද, හබරල, ඇබලද කිතුල්     මුලා
    නෙලුම්ද, රුක්පොතු, මදුරුතලා මුල් විල්නානුද     එකොලා



2.    කීකිරිඳිය, රුක්අත්තන, අඬහැර කොබෝලීල     එවරා
    බිම් තඹුරුය එළ ඔලිඳය, බෝමුල්, ගිනිනියඳ     නොහැරා
    අහු දලු සිවියද කොල්ලන් පිටියද බෝපුලිලද     නොහැරා
    මෙකී මෙහැම ඔසු ත්‍රිපාලයද, පත පත යුෂ     නොහැරා



3. ඒ යුෂට එළකිරි හැළියද ගිතෙලින් බාගයකුත්     කලතා
    වට තිර අදිමින් බැන්ද වියන් උඩ මල ලබු මාල     ගොතා
    ගොම බිම ගාමින් බැඳ ළිප වටකර ගොප්මල් මල     බුලතා
    සැළි ළිප තබමින් තුන්දින කාඩිය කර ඉසිබස     නැවතා



4. නැවැත තැඹිලි තෙල් පතකු එපමණ අබතෙල් ගෙන මැනලා
    පතකුත් තලතෙල් එපමණ නිඹ වී එඬරු තෙල්ද     ගිතෙලා
    එවිට කුරුඳු හෝ පැඟිරි දරින් ගිනි කරනුය පමණ     බලා
    තෙලට යෙදෙන කල්කය මතු පවසමි ඉසිබස සේනු     මුළා



5.    දෙසඳුන් ඉඟිනිය මදුක සවින්දව දෙව්දර ලසුනු     ගෙනා
    ජටා මකුට කඟවේනං පොන්තරිතාලන්     රැගෙනා
    ගල්මද නහරය තිප්පිලි මෝදක දෙදුරුද     ගෝරොචනිනා
    කොකුමද තඹ සුනු රිදීද රත්තරන් සාදික්කා     රැගෙනා



6. ඉඹුල්ද මැලියම් කොල්ල දුම්මල කැකුණ මලද     මෙසියල්
    ත්‍රිජාත ත්‍රිකටුක මනොසීල ගන්දා දුම්මල හල්     හිරියල්
    එළු මරින්ද නවසාරන් මුතු සුනු මැණික් යහුනු තණ     මල්
    සපුද නෙලුම් දෑසමන්ද රුක්මල් සුවඳ වදින සුදු     ගුල්



7. මුලින් කියූ ලෙස මඩිතිය දස දස රැගෙන කිරා     එඔසු
    අඹරාගෙන පිනි දියරෙන් කල්කය තෙලට යොදන     පැවසු
    අඳුරු පිස්සුව තමයි උදම් උන කල කල්කය     මෙපසු
    ගුගුරා යක්සෙන් දුවන් ගමෙන් පිට ඉන්ට බැරිව     වෙහෙසු



8. අත තැබුවොත් තෙල් සිසිල් ගුණය ඇත පෑදුන පෑම     බලා
    සිත සැකයක් නොව බාමින් වතුරට වට රැකවල්     කරලා
    එහිමි උදත් කිරිදියෙන් වක්කර එදියෙදීම     සවස්වෙලා
    එසිය අටක් මේ මන්ත්‍රය ජප කර තබමින් නිම     කරලා



9. යසේ තෙදැනීමේ රාජතරංගනී තෛලය මන     කාලී
    විශේෂයෙන් ඉර පායා එනකොට තෙල් අතගා     ඇල්ලී
    රැසේ කොහෙත් නැත සත්පැය ගතවී දපනෙ සිටී     වෙව්ලී
    පැවසූ ඉසිවර බොරු නැත බලතල වස්තු ලැබෙයි     බහුලී


ජේ‍යාතිර් විද්‍යා විශාරද ගුප්ත විද්‍යාධාරී
මාතර පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර

Post a Comment

0 Comments