රවි සිටින ස්තානය සෙනසුරුටද බලවත් ස්තානයක් නම් ඉතා යහපත් කාලයකි.බලවත් හිත මිතුරන් සහ උසස් අයගේ ඇසුර ඇතිවන කාලයකි.මහලු අයගේ සහයෝගය තම කටයුතු සදහා ලැබෙනු ඇත.අන්තිම කැමති පත්‍ර මගින් හිමිවන ලාබයන් ලැබිය හැකිය.වැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවේ.කාලයක් සිට පවත්වාගෙන ආ කටයුතු අවසාන කර වැඩි යහපතක් ලැබිය හැකිය.බූමියෙන් ලාබ ලැබේ.එවැනි වැඩ කටයුතු සදහා අත ගැසීමට වඩාත්ම සුදුසු කාලයකි.මිල මුදල් ලාබ ලැබෙන උසස් තනතුරු තානාන්තර ලැබෙනා ජීවිතයේ වැදගත් කාල වකවානුවක් ලෙස මෙම කාලය හැදින්විය හැකිය.
රවි සිටින ස්තානය හරහා සෙනසුරු ගමන්කරනා විට සෙනසුරු දුර්වලවීමක් පැවතියේ නම් ඉහත සදහන් කල යහපත් තත්වය නොලැබී යයි.උසස් අය සමග මත ගැටුම් ඇතිකර ගනී.මානසික අසහනය ඇතිවේ.පෙර පැවති යහපත් තත්වය පවා දුර්වලවී යයි.මිල මුදල් දුෂ්කරතා ඇතිවේ.දෙමාපියන්ට අසුබ කාලයකි.නින්දා අපහාස ඇතිවේ.දේපල සම්බන්දව ගැටලු ඇතිකරවයි.තම වටිනා බාණ්ඩ කැඩීබිදී යා හැකිය.සොර සතුරු කරදර ඇතිවේ.පහත් සමාජය සමග සම්බන්දතා ඇතිවන කාලයකි.ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයක්වේ.
රවි සිටින ස්තානය හරහා රාහු ගමන්කිරීම
රවි සිටින ස්තානය හරහා රහු ග්‍රහයා ගමන් කරනා කාලයේදී රාහු ග්‍රහයා බලවත් නම් : උසස් තනතුරු ගරු නම්බු නාම ලැබේ.තම කරන කියන කටයුතු ඉතා යහපත් ආකාරයෙන් ඉටුවේ.වැඩිහිටියන්ගෙන්ද නෑ හිතවතුන්ගෙන්ද උදව් උපකාර ලැබෙන කාලයකි.තම නාමය ප්‍රකට වීමට කරුණු යෙදේ.නම ඉගනීම් කටයුතු ඇතිවේ.ගුප්ත විද්‍යාව ඉගනීමට යහපත් කාලයකි.ව්‍යාපාර දියුණුවේ.තම තත්වය උසස් වීමටත් පියාගේ තත්වය උසස් වීමටත් මෙය හොදම කාලයවේ.
රවි සිටින ස්තානය හරහා රාහු ගමන්කරනා අවස්තාවේදී රාහු ග්‍රහයා දුර්වල තත්වයකට පත්වේ නම් : ස්තාන මාරුවක් සිදුවිය හැකිය.තමාගේ තත්වය පහල වැටේ,දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට අයහපත් කාලයකි.හිතවතුන් අමණාප වේ.උසස් අයගෙන් කරදර බාදා ඇතිවේ.තම මිතුරාම සතුරෙකු බවට පත්වේ.ආර්ථික තත්වයට හානි ඇතිවේ.දේපළ සම්බන්ද ගැටලු ඇතිවන කාලයයි.නීතිමය ගැටලු ඇතිවන අතර නීතිය තුලින් පරාජයට පත්වේ.සතුරාට ජය අත්වේ.තමා පවත්වාගෙන ආ තත්වය බුදවැටේ.නිශ්ඵල ගමන් බිමන් ඇතිවේ.තැම්පත් ධනයට හානි ඇතිවේ.පපුව පෙණහලු ආශ්රිත රෝග තත්වයන් ඇතිවේ.ශරීරයේ පැවති රෝගී තත්වයක් මතුවිය හැකිය.
රවි සිටින ස්තානය හරහා කේතු ග්‍රහයා ගමන්කිරීම
මෙම කාලය කේතු ග්‍රහයාට බලවත් අවස්තාවක් නම් : තම දේපළ සම්බන්දව පැවති ආරවුල් නිදොස් කරගැනීමට යහපත් කාලයකි.රැකී රක්ෂා කටයුතු දියුණුවේ.නිවාස අලංකරණ කටයුතු සදහා සිත යොමුවේ.තමාට තම නිවසට පැවති බහිරව මළ පෙරේත දෝෂ ඉවත්වී යයි,ගෞරවය නම්පුව ලැබේ.තමා උගත් ශිල්ප ශාත්රයෙන් නියම පල ප්‍රයෝජන ලැබිය හැකි කාලයකි.උසස් අයගේ උදව් උපකාර ලැබේ.පැවතී රෝගී තත්වයන්ගෙන් අත්මිදීමට හැකි යහපත් කාලයකි.
කේතු ග්‍රහයා රවි සිටින ස්තානය හරහා ගමන් කිරීමේදී කේතු දුර්වල තත්වයකට පත්වන්නේ නම් : ඉතා අයහපත් කාලයකි.තමාට තම තත්වයට කිසිසේත් නොගැලපෙන පුද්ගලයන් සමග සබදතා ඇතිවේ.රහසින් පව කරනා කාලයකි.පහත වැඩට සිත යොමුවේ.තමා කෙරෙහි පැවති ජන ප්‍රසාදය අහිමිවී නින්දා අපහාස ඇතිවේ.රැකියාව සම්බන්දව ගැටලු ඇතිවේ.අලසවේ.උසස් පුද්ගලයන් තමා පිලිබ්දව තබා තිබූ විශ්වාසය බිදී යයි.ධන හානි ඇතිවේ.නිදන්ගත රෝග තත්වයන් මතුවී එයි.සමේ රෝග දෙවියන්ගේ ලෙඩ වැනි රෝග තත්වයන්ට පහසුවෙන් හසුවේ.ශරීර ශක්තිය දුර්වල වන කාලයකි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments