ඒ කාලයේ බැට්මෑන් ඉපදී නොසිටියේය.සිටියා නම් ඒ බැට්මෑන් පොඩි එකා කාලයේය.ඒ කාලේ සනත්ලා,කලූලා,අරවින්දලා අපගේ වීරයන්ය.පස්සේ සංගලා මහේලලා අවේය.එඩ්නා ස්ටිකර් එකතුකලේය.මාරුකරගත්තේය.
ඉස්කොලේ ගිහින් ගෙදරවැඩ කරන්නේය.දනගහගෙනද සිටියේය.ඉස්කෝලේ නොගියාට ලියුම් ගෙනිච්චාය.මුල්කාලයේ ඒ ලියුම අම්මා ලීවාය.පස්සේ කොල්ලෙක් ඒකට තෝරාගත්තේය.වූ හොදට වැඩේ කලාය.අන්තිමට වැඩේ අහුනාය.වූ හොදටම ගුටිද කෑවේය.ලොකු සර්ගේ සිට ගුරු මණ්ඩලයටම නම්ද හැදුවේය.පන්තිය කට්කලේය.අසුවී ගුටිද කෑවේය.අපේ පන්තියේ චන්ඩි සිටියේය.එහා පන්තියෙත් සිටියේය.ඒ නිසා හැමදාම කේස් යන්නේය.
අපේ පොඩිකාලය ගෙවීගියේය.තරුණ වියට පා තැබුවේය.යාලුවෝ නම් ඕනෑතරම් සිටියේය.ඕලෙවල් වලදී ටිකක් හැලුනේය.ඒලෙවල් වලදී ගොඩක් හැලුනේය.උන් දැන් ඉදහිට හමුවන්නේය.ඒත් උන්ට සෙට් වෙන්නට වෙලාවක් නැත්තේය.උන්ට අවුරුදු හත අටේ ලමයි සිටින්නේය.ටියුෂන් ගියේය.පන්තියේ කස්ටියගෙන් සල්ලි එකතුකලේය.ඒකාලේ ෆ්‍රඩ් රයිස් ආව අලුතය.ඉතින් අපි ඒවා කෑවේය.පොඩි කඩේට ගියේ සල්ලි නැතිඋනහමය.දෙකක් කාලා එකකට සල්ලි දෙන්නේය.ඒවාකලේ හොර සිතින් නොවන්නේය.ජොලියට කලාය.පන්ති කට්කර චිත්‍රපටි බලන්න ගියේය.වැවේ නාන්නද ගියේය.ඉස්කෝලේ ඒලෙවල් පන්තිය නම් එතරම් මතක නැත්තේය.නම ලකුණු කරගෙන හොරෙන් ගෙදර ආවේය.ටියුෂන් එකේ කෙල්ලෝ ගොඩක් හිටියාය.අපිත් ඇහැ දැම්මේය.ඒත් වැඩක් නොවුනේය.උන් කැම්පස් ගියාය.අපි ගෙදර ආවාය.
පන්සලට යන්නට නම් අමතක නොකලේය.ඒත් බණක් අහගන්නට නොහැකි වූයේය.ඒ අපේ කරුමේය.ගිලන්පස නම් හැදුවේය.ලොකු හාමුදුරුවන්ගේ බලකිරීමට දානේ බතුත් කෑවේය.කටින පිංකම නම් අමතක නොවන්නේය.ඒ දවස්වලට අපිට හරියට වැඩය.වාරෙකට හත් අට වතාවක්වත් සිරීපාදේ යන්නේය.ඒ තරමටම අපි ආගමට දහමට ලැදි දරුවන්ය.
අපේ පොඩිකාලය ගෙවීගියේය.තරුණ වියට පා තැබුවේය.ලස්සන හීන දැක්කේය.හින්දි චිත්‍රපටයක නලුවා වූයේය.හැගීම් බරව හොරෙන් ඇඩුවේය.ආදරය ගැන පොඩි අදහසක් අවේය.කෙල්ලෝ පස්සෙන්ද ගියේය.අමාරුවෙන් එක කෙල්ලෙක් සෙට්කරගත්තේය.ඒකිත් වෙන එකෙක් බැන්දේය.අපිට කෙලවුනේය.
මළ ගෙයක් බණ ගෙයක් අතනොහැරියේය.මැරුණ කෙනා නම් අපි නොදන්නේය.ඒත් ගෙදර කොල්ලා හොදට දන්නේය.උන් අපිට හොදට සැලකුවේය.කොහේ ගියත් අපි ගෙදර නම් අමතක නොකලේය.කොහේ හිටියත් නිදාගන්න ගෙදරට එන්නේය.ගෙදර තරම් සැප වෙන කොහේවත් නැත්තේය. එහා ගෙදර නැන්දා අපිගැන අම්මාට කේලම්ද කීවේය.පොඩියට අඩියක් නම් ගැසුවා මතකය.ඒත් අපි බෙබාලා නොවුනේය.
අපි තවමත් පාරේය.පාරේ යන එන අය අප හොදින් අදුනන්නේය.රාහු ලබලායැයි අම්මා කියන්නේය.බැනුම්ද අසන්නේය.පොඩි එවුන් සැලියුට් එක දමාගෙන යන්නට නම් අමතක නොකරන්නේය.උන් අපිව දකින්නේ වැඩ කාරයන් ලෙසය.ඒත් තවමත් වැඩක් කරලා නැත..සල්ලිද නැත්තේය.හෙට මැරේදැයි සුවර් නැත්තේය.නොමැරී සිටියොත් ජීවිත කතාවේ ඉතුරු ටික ලස්සනට ලියන්නේය.මේ කතාවේ ඉතුරුටිකද ලියන්නේය
0 Comments