රාත්‍රි කාලයේ නිදා සිටින විට ඇස, කට, නහය ආදී ශරීරයෙහි සිදුරු තුළින් භූත බලවේගයන් ශරීර ගතවී රෝග සාදන බවට ඇදහීමක් රතු ඉන්දියානුවෝ අතර වෙති. සිරුරෙහි තැන් තැන්වල පච්ච කෙටීම විසිතුරු ලෙසද බියකරු ලෙසින්ද සිදුකරන බව පෙනී යයි. ලාංකික සමාජයේ ඇතැම් මුරණ්‌ඩු සිත් ඇත්තෝද මේ සිරිතට හුරුවී සිටිති. මෙය පුද්ගල මනස හා බැඳී ගත් ක්‍රියාවක් බව පෙනේ. කතා බහ විරල වූ ඈත අතීත සමාජයේ "රූප ලිපි" අදහස් ප්‍රකාශන මාධ්‍යයක්‌ව තිබේ. කිසියම් අදහසක් වනචාරී මිනිසා කියා පෑවේ රූප සලකුණක් ගලක, ගසක හෝ පොළවෙහි ඇඳීමෙනි. අප්‍රිකානු වනචාරී මිනිසුන් පවා වැල්ලෙහි රූප අඳිති. වැලි කඳු දුටු තැන ළමයින්ද ඇතැම් වැඩිහිටි අයද ඇඟිල්ලෙන් හෝ ලීයෙන් රූප දර්ශන මවනු පෙනේ.
පච්ච රූප ඇඳි මිනිසාගේ සිත මුරණ්‌ඩු බව දුටුවන්ට සිතෙයි. ඇතැම් අවි ආයුධ සලකුණු අත්පා ආදී තැන්වල කොටා තිබෙනවා දකින අයට බියක්‌ද ඇති කරවයි. කඩුව, ත්‍රිශූලය, උල් පිහිය වැනි මාරක ආයුධ වලට සමහරු ප්‍රිය වෙති. මේවා සිරුරෙහි පෙනෙන තැනක කොටා ගනිති. ඒවා දකින්නා ඔහුගේ තත්ත්වය මැන ගනු ලබයි. පච්ච කලාව අන්‍යයන් දපනේ දැමීමේ මායා ක්‍රමයක් ලෙසද සැළකෙයි. ආයුධ සළකුණු දැකීමෙන් කෙනෙකුට බිය ඇති විය හැකිය. ළදරුවාගේ ආයුධ පහක් නිර්මිතව ඇත. ඒවා අමනුෂ්‍යයෝ බියක් දක්‌වන බව සිතනු ලබයි. ලෙඩාගේ ඇඳට හෝ කොට්‌ටය යටට ගිරය පිහිය වැනි ආයුධයක් තැබීම අදත් ගම්බදව කෙරෙන්නකි. එයද දුබල වූ සිතට දිරිය දීමකි. පච්ච කොටාගත් අයට තනිකම් දෝෂ යක් ලෙඩ නැතැයි සිතනු ලැබේ. චිත්ත ප්‍රබලතාවය එයට හේතුවයි. ලක්‌දිව පවතින මතයක් නම් පච්ච කෙටීමෙන් වාත රෝගයන්ට සහනයක් ලැබෙන බවයි.
ස්‌ත්‍රිය දුබල සිත ඇති අයෙකු ලෙස හිතා ආලේප ගැන්වීම පච්ච කෙටීම හා අභරණින් සැරසීමද ගෝත්‍රික චාරිත්‍රයක් වෙති. පෙරදිග ළඳුන්ද සුවඳ ආලේපනයන්ට ප්‍රියවෙති. ගැහැනියද පච්ච කලාවට රුචි කරන්නීය. අහිකුන්ටික ගෝත්‍රිකයෝද පච්ච කොටා ගනු ලබති. රියෑදුරන් දෑතේ හා කෙණ්‌ඩා වලද කිණිස්‌ස කොටා ඇති බව පෙනේ. සමහරු පිටි අල්ලේ පච්ච කොටා තිබේ.
දෛවඥ දීපානි රණවීර
0 Comments