මෙම සංයෝගය සහිතව උපදින්නෝ බොහෝ විට වෙදමහතුන් වේ.බර වෑඩ නොකරන අය වේ.ලිවීම කියවීම ආදී රෑකියා කරන අයවේ.නිශ්කලන්ක පිරිසිදු සිතක් සහිත කෙනෙක් වේ.
රවි සදු කුජ ගුරු සංයෝගය
නීතිය පිලිබද මනා දෑනුමක් සහිත් උසස් ඉගනීමක් ලෑබූ කෙනෙකි.ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුන කල අයෙකි.බලවත් ශක්තිමත් සිත වේ.දනයෙන් ද බලයෙන්ද පිරි කෙනෙකි.
රවි සදු කුජ සිකුරු සංයෝගය
මෙම යෝගයෙන් උපන් අය දක්ශ කතිකයෝ වෙති.සෑම දේටම දක්ශයෙක් වේ.ඉගනීමට ප්‍රිය කෙනෙකි.බිරිදට හෝ ස්වාමියාටත් දරුවන්ටත් තද ඈල්මක් සහිත කෙනෙකි.නරකට සිටියොත් බොහෝ ගමන් සහිත,එමගින් තම චරිතය කෙලසා ගන්නා,පරදාරාවන් කෙරෙහි සිත් සහිත කෙනෙක් වේ.
රවි සදු කුජ ශනි සංයෝගය
මෙම යෝගයෙන් උපන් අයට යහපත් ජීවිත ගතකරන්නට ලෑබෙන්නේ ඉතා කලාතුරකින්ය.සමහරවිට උගත් කමින් අඩු දිලිදු අය වේ.රූප ලක්ශනයද එතරම් යහපත් නෑත.මිටි මිනිසුන් වේ.
රවි සදු බුද ගුරු සංයෝගය
මෙය ශුබ පල දෙන බලවත් යෝගයක් වේ.වටිනා ශිල්ප දන්නා කෙනෙක් වේ.විසිතුරු දේ අගයන අයවේ.දනය ඈති අය වේ.නිතර විමසිල්ලෙන් සිටින කෙනෙක් වේ.
රවි සදු බුද සිකුරු සංයෝගය
මෙම යෝගයද සුබපල දේ.නමුත් මිටි මිනිසුන් වේ.යහපත්ය.උගත්ය.කවි කරනයේ දක්ශයෝ වේ.රජයේ රෑකියාව හිමිවේ.දනවත් අයවේ.අතක හෝ කකුලක කිසියම් දෝශයක් පවතින්නට පුලුවන.මෙම යෝගය අයහපත් ස්තානයක පිහිටියත් අසුබ පල දෙන්නේ ඉතා අඩුවෙනි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය





0 Comments