ඒකාවලී යෝගය මාලිකා යෝගය.

ඒකාවලී යෝගය

යමෙකුගේ කේන්ද්‍රයේ එක රාශියක එක් ග්‍රහයා බෑගින් තෑම්පත් වීමෙන් ඒකාවලී යෝගය ලබයි.සතුරන් මෑඩ ජය ගෑනීමෙහි බුහුටිවන්නා වූද පාලනයට උචිතවන්නා වූද මෑදහත්ව සිතාබලා සාදාරන තීන්දු දීමෙහි සමත්වන්නා වූද විවිද ශිල්ප න්යාය දර්ම දන්නා වූද කීර්තියෙන් සහ ගෞරවය ලබන්නා වූද කෙනෙක් වේ.

මාලිකා යෝගය.


ඒකාවලී යෝගයම දොලොස් ආකාරයකට බෙදීමෙන් මාලිකා යෝගය යෙදේ.

01 ලග්න මාලිකා යෝගය

ලග්නයේ සිට සත්වෑන්න දක්වා එක් බාවය එක ග්‍රහයෙකු බෑගින් තෑම්පත් වීමෙන් මෙය උදාවේ.මෙම යෝගය යෙදීමෙන් දක්ශ දේශාදිපතියෙකු හෝ කිසියම් පාලකයෙකු වන්නේය.

02 දන මාලිකා යෝගය.

දෙවන බාවයේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.මෙම යෝගය යෙදුනේනම් මහා දනවතෙකු වේ.

03 වික්‍රම මාලිකා යෝගය.

වික්‍රමස්තානය හෙවත් තුන්වන බාවයේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත් වීමයි.කීර්ති සහ වික්‍රම ඈති මහා තෙජවන්තයෙකු වේ.

04 ශුබ මාලිකා යෝගය.

සිව්වන බාවයේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.අදික ලෙස සෑප සම්පත් විදින්නා වූ මව්බිමේ සහ විදේශයන්ගේ ප්‍රකට දනවතෙකු වේ.

05 පුත්‍ර මාලිකා යෝගය.

පස්වෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත් වීමයි.පිංවත් දරුවන් සහ මුනුබුරන් ලබන්නාවූ වාසනා වන්තයෙකු වේ.

06 ශතෘ මාලිකා යෝගය.

හය වෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත් වීමයි.මෙය සුබ නෑත.ඉතා අවාසනාවන්තයෙකු කරයි.අතිශයින් දුර්වල කෙනෙක් වේ.දනය හීනවේ.ස්තිර නිවසක් නොමෑති අයෙක් වේ.

07 කලත්‍ර මාලිකා යෝගය.

සත්වෑන්නේ සිට ග්‍රහයන් තෑම්පත්වීමයි.බොහෝ කාන්තාවන් ඈසුරු කරන්නා වූ ප්‍රිය යහපත් බිරිදක ස්වාමියෙකු හිමිවන්නා වූ බොහෝ බලවත් සබදතා සහිත දනවන්තයෙකු වේ.

08 රන්ද්‍ර මාලිකා යෝගය.

අටවෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.මෙයද යහපත් පිහිටීමක් නොවේ.රෝගියෙකු දිලිදු අයෙකු වීමට මෙම ග්‍රහ පිහිටීම හේතුවේ.

09 බාග්ය මාලිකා යෝගය.

නවවෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.ආගම දහම කෙරෙහි ලෑදි වූ විවිද දර්මයන් පිලිබද දෑනුම ඈති දාර්මික අයෙකු වේ.

10 කර්ම මාලිකා යෝගය

දස වෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත් වීමයි.යුක්තියට ප්‍රිය කරන්නා වූ නීති අංශවලට සම්බන්ද යහපත් පුරවෑසියෙකු වන්නේය.

11 ලාබ මාලිකා යෝගය.

එකොලොස්වෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.යහපත් බිරිදක් හෝ ස්වාමියෙකු ලබන වෙලදාමෙන් අදික ලාබ ලබන අයෙකු වේ.

12 වියාමාලිකා යෝගය

දොලොස්වෑන්නේ සිට පිලිවලින් ග්‍රහයන් තෑම්පත්වීමයි.මෙයද යහපත් ග්‍රහ යෝගයක් නොවේ.දනය විනාශ කරන්නා වූ අදමයන් පිරිවරාගත් සල්ලාලයෙකු වේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments