පෙරමග අසුබ නිමිති.
සුබ ගමනක් පිටත්වීමේදී හෝ සුබ කටයුත්තක් ආරම්බ කිරීමේදී හෝ එයට සම්බන්දව කිසියම් සුබ නිමිත්තක් යෙදුනහොත් එම කටයුත්ත සාර්තක ප්‍රතිපලයකින් අවසන් වන බව පුරානයේ සිට මිනිසුන් විස්වාස කලහ.වර්තමානයේ දී ද එය එසේම පවතී.එමෙන්ම ඒහා සම්බන්ද අසුබ නිමිතිද යෙදී ඈත.මෙම අසුබ නිමිත්තක් ඉසියම් කාර්යක් ආරම්බයේ දී යෙදුනහොත් එම කටයුත්ත එතරම් සාර්තක නොවන බවත් යම් විටක එය සම්පූර්නයෙන්ම අසාර්තක වනබවත් මිනිසුන් විශ්වාස කරයි.ඒ පිලිබදව ඔබද දෑන සිටීම වෑදගත්ය.
පෙර මග අසුබ නිමිති කිහිපයක්.
නපුංසක ස්ත්‍රින් ද,කෙස් වෑටිය උනා දමා යන ස්ත්‍රින් ද,වෑරහෑලි ඈදගත් රෝගී වූ ස්ත්‍රින් ද,පරුශ වචන කියමින් හඩමින් යන ස්ත්‍රින්ද,කනවෑන්දුම් වූ ස්ත්‍රින්ද ,ඔසප් වූ ස්ත්‍රින් ද පෙරමගදී හමුවීම අසුබය.
පොලිස් නිලදාරීන්ද,හේවායින්ද,වදකයින්ද,රෝගී වූ මහලු පුරුශයින්ද,බකල් ගසන අයද,දුසිල්වත් මහනුන් ද,සුරා සොඩුන්ද පෙර මග අසුබ නිමිතිය.
ලනු කබ අතින් ගත් අයද,ආයුද අතින් ගත් අයද,හිස් බාජන අතින් ගත් අයද,රෙදි ඈග පොරවාගත් අයද,මල ගෙදරක යන අයද,මල ගෙදරක ගොස් පෑමිනෙන අයද,උඩ බලාගෙන සිටින අයද,කබලක් අතින ගත් අයද,රා මදින්නන් ද,මාලු දෑල් බිලී කොකු අතින් ගත් අයද,රන්ඩු දබර කරන අයද,ලෙඩුන්,වෙද ගෙදර යන්නන් ,ජටා බෑදගත් අයද,ලී දඩු කපන්නන් ද,අමුඩයක් ගසා ගෙන එන අයද,අශුබ නිමිතිය,එමෙන්ම ගමනක් යනවිට තමාට අවශය කිසියම් දෙයක් අමතක වීමත්,ගමනක් ආරම්බ කිරීමේදී පාදය පෑටලීමද අසුබය.
වදුරන්,මී ගවයන්,කලු පාට ගවයන්.කලු බලලුන්,බඩ ගා යන සතුන්,තම දිශාවට බුරාගෙන එන බල්ලන්,ද.සූනන්,කෑරලුන් හෑඩීමද අසුබ නිමිතිය.
වදුරන්ගේ නාදය,බල්ලන් කංපට ගෑසීමේ ශබ්ද,නපුරු වචන.කනට අමිහිරි වචන,කිමුහුම් යාමේ ශබ්ද,බලලුන්ගේ ලතෝනි හඩ,බල්ලන් උඩු බුරන හඩ ආදියත් ගමනකදී හො සුබ කටයුත්තක් ආරම්බයේ දී ඈසීම අසුබය.
මෙවෑනි අශුබ නිමිත්තක් සුබ කාර්යක් ආරම්බයේ දී හෝ සුබ ගමනක් පිටත්වීමේදී අසන්නට දකින්නට ලබුනහොත්,එම කටයුත්ත මදකට ප්‍රමාද කිරීම යහපත්ය.ඒ පිලිබදව ද මතයක් තිබේ.ඒ මෙසේය.පිපාසයෙන් සිටින ගවයෙකු තම පිපාසය නිමවන තෙක ජලය පානය කිරීමට කිසියම් කාලයක් ගතවේද,කිසියම් සුබ කටයුත්තකදී අසුබ නිමිත්තක් ඈතිවූ විට,එම ගවයාට ජලය පානය කිරීමට ගතවන කාලය කොපමනද,එම කාලය ගතවන තෙක් සිට නෑවත එම ගමන හෝ කටයුත්ත සිදුකිරීම යහපත්ය.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments