බලන් පෙර මග සුබ නිමිති
පෙර අතීතයේ සිට කිසියම් අයෙකු සුබ ගමනක් පිටත් වීමට පෙර යන ගමනේ ප්රතිපලය යහපත්ද අයහපත් ද යනවග කල්තියා වටහා ගනී.අදද මෙම ක්රමය බොහෝ අය බාවිතා කරයි.නෑකතටත් වඩා මෙම ක්රමය බලවත් බව කෝට්ටේ යුගයේ ලියවුන සෑලලිහිනි සංදේශයේ එන "බලන් පෙරමග සුබ නිමිති නෑකතටත් වෑඩි" යන පාටයෙන් පෑහෑදිලි වේ.අප පෙරමග සුබ නිමිති කිහිපයක් හදුනා ගනිමු.
පුං පියයුරු සහිත කාන්තාවන්ද,ප්රිය වචන කතාකරන කාන්තාවන්ද,සරාගී ස්ත්රින්ද,තම මිතුරියන්ද,හිතවතියන්ද,ගුරුවරියන්ද,ලමුන් වඩා ගත් කාන්තාවන්ද පෙරමග සුබ නිමිති ලෙස පොත පතෙහි සදහන්වේ.එමෙන්ම සිල්වත් ස්වාමීන් වහන්සේලාත්,වෙද මහතුන්,මනමාලයන්.තම හිතවත් මිතුරන්,රාජ කුමාරවරුන්ද පෙරමග සුබ නිමිති වේ.
සුදුවත් ඈදගත් අය,කෑම බීම ආදී බරක් ගත් අය,ප්රිතිමත් වචන කතාකරමින් එන අය,මිහිරි ගීත ගායනා කරමින් එන අය,කොඩි සේසත් අතින් ගත් පිරිස්,සුබ පනිවිඩ ගෙන පෑමිනෙන අය,අලංකාරව හෑදපෑලදගත් අයත් පෙරමග සුබ නිමිති වශයෙන් ගනී.අලි ඈතුන්,අශ්වයන්,කිරිදෙන එලදෙනුන්,තමාට හිතවත් බව පෙන්වන සුනකයින්,පරවියන්,මොනර හංස ආදී සතුන්ද පෙරමග සුබ නිමිති වේ.එමෙන්ම කලුපාට නොවූ ගොනුන් ද සුබය.
පිරුනු කලද , පුංකලස්ද,සුදු රෙදි ද,සුබ නිමිති වේ.තමා ගමන් කරන දිසාවට හමායන සුලගද සුබ නිමිත්තක් වශයෙන් හදුන්වයි.රතු නිල් කලු වර්න නොමෑතිව වෙනත් වර්නයෙන් අලංකාරව සෑරසුන පිරිස්ද ඉදිරියට හමුවීම සුබය.මිහිරි සුවද සහිත සුලගද සුබ නිමිත්තක් වේ.
හේවිසි හොරනෑ හඩද,සාදු නාදයද,කුකුලන් හෑඩීමද,ආශිර්වාදාත්මක පාටයන් ද,සිතට ප්රිය උපදවන වචනද, ඈසීම පෙර ගමනට සුබ නිමිත්තක් වශයෙන් හදුන්වයි.
මෙම පෙර මග සුබ නිමිති බලවත් නෑකතකටත් වඩා බලවත් බව සදහන් වේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments