ලග්නාදිපතියා පලමු බාවයේ සිටීම
බොහෝ අරිශ්ට යෝග බංගවන මෙම පිහිටීම කේන්ද්‍ර හිමියාගේ පෙර පිං මහිමයේ වාසනා ගුනය කියාපාන බලවත් පිහිටීමක් වේ.තමන්ගේ උත්සහයෙන් දියුනුවන ගුනය ප්‍රකට කරයි.දිරිමත් ගුනයෙන් යුතුය.ලග්නාදිපති ග්‍රහයා සුබ ග්රහයෙකු නම් මෘදු සිතක් සහිත ගුනවන්තයෙක් කරයි.අනුනට ඈප උපකාර කරන ලොකයාගේ ගෞරව ප්‍රසන්සා ලබන නිහතමානී කෙනෙකු කරයි.ස්ත්‍රියෙකු නම් පුරුශයන්ටත්,පුරුශයෙක්නම් ස්ත්‍රින්ටත් බොහෝප්රිය වේ.ආත්මාබිමානයෙන් යුතුව කටයුතු කරයි.
ලග්නාදිපති දෙවන බාවයේ සිටියේ නම්.
වියාපාරයෙහි උපතින්ම දක්ශයෙකි.බොහෝ ආදායම් මාර්ග තමන් විසින්ම සකස්කරගත් ඒවා වන අතර අනුන් යටතේ සේවය කිරීමට කෑමති නොවේ.දනය රෑස්කිරීමට දක්ශයෙකි.එමෙන්ම දනය ආරක්ශා කරයි.උක්තියට හිසනමන යහපත් ගුනදර්මයන්ගෙන් පිරුනු කෙනෙක් වේ.කාමබෝගී ලෙස දිවි ගෙවීමට ප්‍රිය කරයි.ස්ත්‍රි හෝ පුරුශ සමාගමේ ප්‍රියවේ.
ලග්නාදිපති තුන්වෑන්නේ සිටීයේ නම්.
බුද්දිමත් වූද,වික්‍රමවත් වූද අයෙකු වේ.කරන්න කියන කුමන කටයුත්තේ දී උවද හොදින් හෝ නරකින් ජය ගන්නට බලයි.සියුම් උපක්ක්‍රම මෙහෙයවා කටයුතු කරයි.අඩුවයසේදීම විවාහ වේ.සෑප ලෑබීමේ පිංමහිමය උපතින්ම උරුම වූවෙකි.සොයුරු සොයුරියන්ට හිතවත්වේ.
ලග්නාදිපති සිව්වෑන්නේ සිටියේ නම්.
බොහෝවිට උපතින්ම ඉඩ කඩම් හිමිවේ.නෑතිනම් ඉඩකඩම් සහ ගෙවල් දොරවල් බොහෝ පහසුවෙන් ලබයි.යහපත් නිරෝගී ශක්තිමත් සිරුරක් හිමිවේ.බොහෝවිට අනුකම්පා ගුනයෙන් යුතු උනුවන සිත් ඈති කෙනෙකි.අන් අයට උදව් උපකාර කරයි.ස්තිර වාසස්තානයක් හිමි බෑවින් අසල් වෑසියන් අතර බොහෝ ගරු සෑලකිලි ලබන,ඔවුන්ට ප්‍රිය වූ කෙනෙක් වේ.පියවරෙන් පියවර දියුනුවන්නා වූ ගුනයෙන් හෙබි උවද ඒ සදහා උත්සහය අවශ්‍ය වේ.
ලග්නාදිපති පස්වෑන්නේ සිටීනම්
ඉගනීම සම්බන්දව සියල්ලට වඩා උනන්දුවන අයෙකි.එමගින් ජීවිතයේ සුවිශේශී ජය ලබාගන්නා වූ කෙනෙකු වේ.පෙර බවයන්ගේ සිට පිං මහිමය රෑගෙන පෑමිනෙන අයෙකු වේ.පහසුවෙන් මුදල් උපයන කෙනෙක් වේ.නිර්ලෝබී වේ.ඒ නිසා විටින් විට දනය උස්පහත් වේ.හදිසි දනලාබ ලෑබීමට අවස්තා තිබේ.දූ දරුවන්ට මදක් අපල සහිතය.එසේම පිරිමි දරුවන් නොමෑති විය හෑක.
ලග්නාදිපති හයවෑන්නේ සිටියේ නම්.
සතුරු කරදර කොතෙක් තිබුනත් ආත්ම ශක්තියෙන් සියල්ල ජයගන්නා කෙනෙකි.දනය අතින් වඩාත් ප්‍රසිද්ද වේ.සමජයෙන් ගරුත්වය හිමිකර ගනී.සෑමවිට හොද ආර්තික මට්ටමක් හිමිය.සාදාරනත්වයට ගරු කරයි.ශරීර ශක්තිය බිලිබදව මදක් උනන්දුවිය යුතුය.
ලග්නාදිපති හත්වන බාවයේ සිටියේ නම්.
මෙය සෑමියාට හෝ බිරිදට අපල ගෙනදෙන්නකි.තම මතයටල අනුවම කටයුතු කරන අයෙකි.දෙපසට සාදාරනව සිතාබෑලීමේ ශක්තිය අඩුය.එම නිසා ගනු ලබන තීරන හරි හෝ වෑරදි හෝ දිගින් දිගටම ක්‍රියාත්මක කරයි.ඈතෑම් විට එයින් නොසිතූ ආකාරයේ ජය ලබන අතර සමහර විටක බලවත් පාඩු සිදුකර ගනී.උගතුන්ගේ මගපෙන්වීම යටතේ විශාල දියුනුවක් ලෑබිය හෑක.
ලග්නාදිපති අටවන බාවයේ සිටියේ නම්.
බොහෝවිට නීතියට පිටුපා කටයුතු කරයි.සමහරවිට පහත් අයගේ ඈසුරට යොමුවේ.අනියම් සම්බන්දතා නිසා නිතර ගෑටලු සහ ගෑටුම් ඈතිකර ගනී.ශරීර ශක්තිය දුර්වල විය හෑක.අන් අයගේ දනය හිමිකර ගෑනීමට වාසනාව වෙයි.
ලග්නාදිපති නමවන බාවයේ සිටීනම්.
දර්ශනය,උගත්කම සහ ගුනදර්ම උපතින්ම උරුමකරගත් අයෙක් වේ.මහා දනවන්තයෙකු නොවූවද සෑප පහසුවෙන් ජීවත්වීමට තරම් දනයක් උරුම කරගනී.ගුනවන්තයෙකු ලෙස ප්රසිද්දවන අතර ජනතාවගේ නොමද ගෞරවයට ලක්වේ.යුක්තිසහගත ලෙස කටයුතු කර මෙලොව යහතින් ජීවත්වී එලොව යහපත සලසාගන්නා කෙනෙකු වේ.
ලග්නාදිපති දසවන බාවයේ සිටියේ නම්.
සාර්තක රෑකියාවක් සමග ගේ දොර ඉඩකඩම් හිමිකර ගනී.නොමෑතිනම්,උපතින් දේපල හිමිනම් එය තව තවත් වර්දනය කරගනී.බොහෝ දක්ශතා හිමි බෑවින් ස්වාදීනව ජීවත්වන්නෙකි.දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ට බොහෝ හිතවත් වන අතර ඔවුන්ට යහපත සලසයි,එමෙන්ම,පියාගේ පාර්ශවයේ කෙනෙකුගෙන් බොහෝ උදව් උපකාර ලබයි.සමාජයෙන් ප්‍රසාදය හිමිකරගන්නා අතරම සමාජයටද පෙරලා උපකාර කරයි.
ලග්නාදිපති එකොලොස්වන බාවයේ සිටීනම්.
නිදහස් රෑකියාවක් හිමි අතර රෑකියාවම දන උල්පතක් කරගත් අයෙකු වේ.සමහරවිට එක් මාර්ගයකින් නොව බොහෝ ආකාරයෙන් දනය උපයන්නෙක් වේ.දාර්මික ලෙස ජීවිතය ගොඩනගා ගනී.සෑප විදීමට ලොල්වේ.විරුද්ද ලිංගිකයන් සමග රහස් සබදතා පවත්වා ගනී.එහෙත් ගෙදරදොර සියල්ලන්ටම යුතුකම් ඉටුකරයි.
ලග්නාදිපති දොලොස්වෑනි බාවයේ සිටීනම්.
නිතර නීතිමය ගෑටලු මතුකරගනී.කොතරම් මුදල් ලෑබුනද සියල්ල වියදම්වේ.ඉතිරියක් නොමෑත.ආර්තික අපහසුතාවයන්ට මුහුනදීමට සිදුවේ.බොහෝවිට නීතියට පටහෑනි ක්‍රම මගින් මුදල් සෙවීමටත්,එවෑනි අංශයන්ට සම්බන්දවීමටත් සිත්වේ.චරිතයට නොගෑලපෙන ක්‍රියානිසා චරිතය හානිකරගනී.විදේශගතවීමට යහපත්ය.හදිසි දනලාබයන්ට ඉඩතිබේ.ලග්නාදිපතිගේ මහදසාවක් ලෑබුවේනම් අසුබපල ලබාදේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments