සිහින සහ සිහින පලාඵල පිළිබඳව සවිස්තර තොරතුරු එකතුව

සිහින සහ සිහින පලාඵල පිළිබඳව සවිස්තර තොරතුරු එකතුව


නූතන විද්‍යයා කලියුඟයට ආදි පූර්වයෙහි , මනෝ බුද්ධි විඤ්ඥානය තුළින්  දිව්‍යය බ්‍රහ්ම්ම අතර සෘෂි මුණි ලෙසින් , සමස්ත විශ්වය දැකබලා අවබෝධකරගත්තා වූ , විශ්වීය සත්‍යය , දැනුම ලෙසින් පැවත ,පසුකාලීනව පෙරදිග භාරතීය වේඳ ශ්‍රාස්ත්‍රය ලෙසින් නාමිකව , මනුෂ්‍යය සත්ව , සමස්ත ප්‍රජාවගේ හිතසුව පිනිස " ලෝක ධර්මතාවය සනාත කරමින් කලියුඟ වර්තමානය තුළද ක්‍රියාත්මක වෙමින් පවතිනව.මෙලෙස වූ අසමසම වේඳ ශ්‍රාස්ත්‍රය තුළ , මනුෂ්‍යය හිතසුව පිණිස වූ දැනුමක සවිස්තරය සොයා යන  වෙබ් චාරිකාවේ , සිහින පිළිබඳව වේඳ ශ්‍රාස්ත්‍රීය දැනුමක සවිස්තරය , ජීවිතය ශ්‍රව්‍යය දෘශ්‍යය සිංහල සඟරාවේ 45 වන දිගහැරුම ලෙස අප අද ඔබවෙත ගෙන එනු ලබනව.

ඉතින් දැනුම තුළින් ආලෝකයත් , ආලෝකයෙන් ආනන්දයත් , ආනන්දයෙන් ප්‍රඤ්ඤාවත් ලබන්නට , දැනුම ප්‍රියැති ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි , ඔබගේ වටිනා කාලයෙන් ඉදිරි විනාඩි කිහිපය රැදී සිටින්න අප සමඟ.


ඉතින් පාඨක හිතවතුණි .. නූතන බටහිර මනෝවිද්‍යයාවට අනුව " යටපත් කරන ලද හැඟීම් සහ ආශාවන් මනුෂ්‍යය නින්ද තුළ සිහින ලෙසින් මනෝභාවය තුළ විචිත්‍රත්වයෙන්, රූපමය ස්වභාවයෙන් පෙනීම, දැකීම සිදුවන බව සඳහන් කරනු ලබනව.විද්‍යාඥයින්ට අනුව, සිහින අපගේ නින්දෙන් පහෙන් එකක් අල්ලා ගන්නා අතර ඒවා සිදුවන්නේ නින්දේ කාලය තුළ බවත් මොළයේ බාහිකය සක්‍රියවන අවස්තාව වන බවත් සඳහන් කරනු ලබනව.නූතන බටහිර මනෝවිද්‍යයා නිගමනයන් එලෙස , මනුෂ්‍යය " සිහින " අවස්තාව ඉහතාකාරයෙන් නිර්වචනය වන නමුත් , පෙරදිග භාරතීය වේදීය දැනුම අනුව " මනුෂ්‍යය සිහින " සර්වාර්ථයෙන් යුතුව විග්‍රහ කරන අතර “ සෑම සිහිනයකම ඉදිරිපත් කිරීමට අර්ථයක් ඇති බවත් සිහිනයක් යනු නොදන්නා භාෂාවකින් ලියන ලද ලිපියක් වැනි බවත් සඳහන් කරනු ලබනව.වේදීය දැනුම තුළ මනුෂ්‍යය සිහින යනු අනාගතයට පූර්වයෙහි වූ අනාවැකිමය පෙර සටහක් වන බවත් අනාගතය පිළිබඳ යම් පණිවිඩයක් මනුෂ්‍යය සිහින තුළින් හදුනාගත හැකිවන බවත් සඳහන් කරන ලබනව.


වේඳ ශ්‍රාස්ත්‍රය අනුව ස්වප්නා , සුෂුප්ති , තුරියා යනුවෙන් මනුෂ්‍යය " නින්ද "  අවස්තා තුනක් යටතේ විස්තර කරනු ලබන අතර එය ස්වප්නා අවස්තාවේදී සිහින දැකීම සිදුවන බවත් , සුෂුප්ති අවස්තාවේදී මනුෂ්‍යා සර්ව සම්පූර්ණ ගුණ ගති සහිත ගැඹුරු නින්දක් ලබන බවත් තුරියා යන නිද්‍රා අවස්තාවේදී නින්දෙන් ඔබ්බට පිරිසිදු විඥානමය අත්දැකීමක් ලබාදෙන බවත් සංකීරණ ලෙසින් විග්‍රහ කරනු ලැබ තිබෙණු හදුනාගත හැකිවෙනව.සිහින පිළිබදව පැහැදිළි අවබෝදයක් සහිත වූ පුරාණ භාරතීයන් දිනකට තුන්වරක් " රුද්‍රම් - චමකම් " නම් යාච්ඤාවක් සිදුකළ බවත් එය , “ දුක් ස්වප්නා ” නපුරු සිහින නොදැකීම වෙනුවෙන් සිදුකලාවූ යාච්ඤාවක් බවත් යජුර්වේඳ ග්‍රන්තයේ සඳහන් කරනු ලබනව.

ඍග්වේදය, යජුර්වේඳය , කෞෂිතකී බ්‍රාහ්මණ, චාන්ද්‍ග්‍ය උපනිෂද් ,  සහ වෙනත් සම්භාව්‍ය සංස්කෘත වේඳ ග්‍රන්ත තුළ සිහින පිළිබඳ නොයෙක් සවිස්තරයන් හමුවන අතර , කාන්තාවක් සිහිනෙන් දැකීම මගින් තමා පෙරකළා වූ පුද පූජා යාග හෝම කටයුතු සාර්තක වූ බව කියවෙන ලකුණක් වන බව චන්දෝග්‍ය උපනිෂද වේඳ ග්‍රන්තය තුළ සඳහන් කරනු ලබනව.කෞෂිතකී බ්‍රාහ්මණ වේඳ ග්‍රන්තයට අනුව " කළු දත් ඇති කළු පැහැති මිනිසෙකු සිහිනෙන් දැකීම " සුබ යහපත්  පෙර නිමිත්තක් නොවන බව සඳහන් කරනු ලබනව.


ශ්‍රේෂ්ඨ මනුෂ්‍යන් ඉපදීමට පෙර , එම මව්වරුන්  පියවරුන් සිහිනයෙන් , එය පෙරනිමිත්තක් ලෙස දුටු බවත් ජෛන ආගම් නායක වන ජෛන මහාවීර, ගෞතම බුද්ධ , ශ්‍රී රාමක්‍රිෂ්ණ පරමහම්සා, ස්වාමි විවේකානන්ද සහ විවිධ මුනිවරුන් කිහිපදෙනෙකුගේ උපතේදී මෙලෙස  පූර්ව සිහින නිමිති දැක ඇති බවත් පුරාථන දැනුම තුළින් හදුනාගැනීමට හැකියි.


ගෞතම සිද්ධාර්ථගේ මව මායා දේවිය සහ සුද්ධෝදන රජු විවාහ වී වසර විස්සක් තිස්සේ දරුවෙකු සඳහා බලාපොරොත්තු සහිතව උත්සාහ කරමින් සිට ඇති අතර  දිනක් ඇය නෙළුම් මලක් සහිත සුදු ඇතෙකු තමා වටා තුන් වරක් ගොස් කුසට ඇතුළු වන සිහිනෙන් දුටු බවත් මෙයට පෙර ඇය හිමාලයේ ජලාශයක දිය නෑම සිහිනෙන් දැක ඇති බවත්  , සිහිනයෙන් දේවදූතයන් හතර දෙනෙකු විසින් ඇයව විල වෙත ගෙන යන ලද බවත්  සඳහන්.එමෙන්ම රාමක්‍රිෂ්ණ පරමහම්සාගේ පියා ඔහුගේ උපතට පෙර ගඩාධර දෙවියන් තම පුත්‍රයා ලෙස උපදින බව ඛුදිරම් ගයාවේදී සිහිනයක් ලෙසින් දුටු බව සඳහන්.


ජෛන මහාවීරගේ මව වූ ත්‍රිශාලා දේවිය ඔහුගේ උපතට පෙර සුබ සිහින 16 ක් දුටු බවත් ජෛන මහාවීරගේ පියා වූ සිදුහත් රජු තම ජ්‍යෝතිඃශාස්ත්‍රඥයන්ගෙන් එම සිහින ප්‍රතිඵල විමසූ විට රජුට ආධ්‍යාත්මික අධිරාජ්‍යයක් පාලනය කරන පුත්‍රයෙකු ලැබීමට නියමිත බව ශ්‍රාස්ත්‍රඤ්ඤයන් පැවසු වවත් සඳහන්.

සුදු අලියෙක් , සිංහයෙක් , ගජ ලක්ෂ්මි දේවිය , සඳ , පනින මාළු දෙන්නෙක් , හිරු , නෙළුම් මල් පිරුණු විලක් , කිරි සාගරය , ආකාශ මාලිගාවක් , මැණික් හා දියමන්ති සිංහාසනයක් , ආකාශ රජෙක් , මල්මාලයක් , සුදු ගොනෙක් , සුවඳැති මන්දාර මල් , මැණික් සහිත උස බඳුනක් සහ සුදු ඇතෙකු ශරීරයට ඇතුලුවීම යන සිහින , මෙලෙස ත්‍රිශාලා දේවිය සිහිනෙන්දුටු බවත් සඳහන් කෙරෙනව.


ඉතින් මනුෂ්‍යය ජීවිතයේ  ඇතිවන නොයෙක් ආකාර වූ සිදුවීම් , පරිවර්තනයන් සුබ හෝ අසුබ  ,ඊට පූර්ව අවස්තාවක සිහිනයක් ලෙසින් මනුෂ්‍යය විඤ්ඥානයට සලකුණු කර ලබාදෙන බව පැහැදිළි කරනු ලබන වේඳ ශ්‍රාස්ත්‍රයට අනුව නොයෙක් ආකාරවූ වර්ගීකරණයන් යටතේ සිහින පිළිබදව සහ එහි ප්‍රතිපලය පිළිබඳව කරුනු දක්වා ඇති බව හදුනාගැනීමට හැකියි.මේ අනුව සුබ අසුබ සිහින අවස්තා සහ එහි ප්‍රතිඵලයන් කිහිපයක් පිළිබඳව අප මෙතැන් සිට ඔබවෙත කරුණු ගෙන එන ලබනව.


ධනය ගෙන දෙන සුබ සිහින -


ගවයෙකු, අශ්වයෙකු, අලියෙකු හෝ කන්දක් නැගීම ගැන සිහින දකින කෙනෙකු ඉක්මනින් ධනවත් වීමට ඉඩ ඇත.


බ්‍රහ්මයෙකු , පණ්ඩිතයෙකු , ගුරුවරයෙකු නිවසට ඇතුළු වීම ගැන සිහින දකින කෙනෙකු හට  විශාල ධනයක් සහ ජනප්‍රියත්වයක් ගෙන දෙයි


යමෙක් ආයුධවලින් තුවාල වී සිටිනු දුටුවහොත් හෝ ඔබ රුධිරයෙන් නැහැවී ඇති බව සිහිනෙන් දුටුවහොත් විශාල ධනයක හිමිකමක් ලබාදෙනු ඇත.


ඔබ රාත්‍රියේදී නගරයට ඇතුළු වන බව ඔබ දුටුවහොත් එවිට ඔබ ඉක්මනින් ධනවත් වනු ඇත.


එළදෙන, පහන . අශ්ව රථය, වතුර පිරුණු කරත්තය, එළකිරි සහ ගිතෙල් සිහිනෙන් දුටුව හොත් ධනවත් වනු ඇත.


කිරිබත් , කිරි, මී පැණි, රසකැවිලි, වැනි දේ භුක්ති විඳීම දුටුවහොත් යමෙකු නියත වශයෙන්ම රජෙකු වනු ඇත, නැතහොත් බලය ලැබෙනු ඇත.


තමන් හිස සිඳ ගැනීම සිහිනෙන් දුටුවහොට්ත් එයද ධනය බලය ලැබීමේ පූර්ව සින නිමිත්තක් වනු ඇත.


සිහිනයකින් මස් අනුභව කිරීම ධනවත් වීමේ ලකුණකි.


පලතුරු වලින් පිරුණු ගසක් සිහින දැකීම ධනයේ බහුලත්වය පෙන්නුම් කරයි


ඔබේ ජීවිතයේ විවාහය පෙන්නුම් කරන සිහින - 


තම නිවස තුළ ගේ කුරුල්ලන් රංචු ගැසී සිටීම දුටුවහොත් ඔබේ ජීවිතයේ විවාහය පෙන්නුම් කරන සිහිනයක් වෙයි.


කහ පාට ඇඳුමක් ඇඳගෙන සිටීම සිහිනෙන් දැකීමද විවාහය පිළිබඳව වූ පූර්ව සිහින නිමිත්තක් බව සඳහන් වෙයි.


දකුණු අතේ සුදු සර්පයෙක් දෂ්ට කිරීම දුටුවහොත් එයද ඔබේ ජීවිතයේ විවාහය පෙන්නුම් කරන සිහිනයක් වෙයි.


කිකිළියක සිහිනෙන් දැකීම ඔබේ ජීවිතයට හොඳ බිරිඳක් හෝ ස්වාමි පුරුෂයෙකු ලැබීම පෙන්වයි.


ජීවිතයේ ජයග්‍රහනය පෙන්නුම් කරන සිහින - 


අලියෙකු විසින්හොඬවැල අගින් ඔබ ඔසවනු  අයුරු සිහිනෙ දැකීම තමා කරගෙන ආ සෑම කටයුත්තකම ජයග්‍රහණය පෙන්වන සිහින නිමිත්තක් බව සදහන්වේ.


යමෙකු විසින්  බ්‍රහ්මයෙකු , පණ්ඩිතයෙකු , ගුරුවරයෙකු වෙත සිහිනෙන් මල් පූජා කරන්නේ නම් ජයග්‍රහණය අත්විඳිනු ඇත.


සිහිනෙන් පූජනීය ස්ථාන , මාලිගා , ස්වර්ණාභරණ , නිවාස දැකීම ජයග්‍රහණයේ සිහින සලකුණකි.


ජලය පිරවූ භාජනයක් රැගෙන නිවසකට ඇතුළු වන දිව්‍යය ස්ත්‍රීන් දකින තැනැත්තා මහත් ජයග්‍රහණයක් ලබා ධනවත් වන්නේය.


අශුභ හෝ නරක සිහින - 


" අයිතරේය ආරණ්‍යකය "  නම් වූ වේඳ ග්‍රන්තය තුළ මනුෂ්‍යයෙකු නොදැකිය යුතු අසුබ ගනයේ වූ සිහිණ දහයක් වෙන්කර දක්වා තිබෙන අතර මෙම සිහින දහය මරණයේ නිමිති සිහින සේයාවන් වන බව සඳහන් කරනු ලබනව.


කළු දත් ඇති කළු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිහිනෙන්  දැකීම

ඌරෙකු හෝ ඌරන් සිහිනෙන්  දැකීම

වල් බල්ලෙකු ඔබ වෙත පැමිණීම සිහිනෙන්  දැකීම

යමෙක් මී පැණි පානය කර නෙළුම් මුල් අනුභව කරනු සිහිනෙන්  දැකීම

යමෙක් බූරුවන් , ඔටුවන් හෝ වලසුන් සමඟ ගමන් යාම සිහිනෙන්  දැකීම

යමෙක් දකුණට ගමන් කරන විට කළු වසු පැටවෙකු සමඟ කළු එළදෙනක් සිහිනෙන්  දැකීම

යමෙක් චන්ද්‍ර සූර්යග්‍රහණයක් සිහිනෙන්  දැකීම 

නර්ඩ් මල් මාලයක් පැළඳීම සිහිනෙන්  දැකීම

හිසකෙස් හෝ නියපොතු කපා දැමීම සිහිනෙන්  දැකීම

කපුටෙකු ඔබට කරදර කරනු සිහිනෙන්  දැකීම


යන සිහින දහය යමෙකු විසින් සිහිනයක් ලෙස දකින්නේ නම් , එම සිහින මරණය පිළිබඳව වන පූර්ව පෙරනිමිත්තක් වන බව වේඳ ශ්‍රාස්ත්‍රය තුළ සඳහන් කරනු ලබනව.


රෝගාබාධ හෝ අනතුරු පෙන්වන සිහින - 


ඔබ සිනාසෙනු දැකීම , තමාට අනාගත රෝග තත්වයන් පිළිබඳව ඉගි කරන සිහින ලකුණක්වේ.


විවාහයට සාක්ෂි දැරීම සිහිනෙන් දැකීම අනතුරක පූර්ව සිහින නිමිත්තක් වේ.


නැටුම් සහ සංගීත උත්සව සිහිනෙන් දැකීමද අනතුරක පූර්ව නිමිත්තක් බව සඳහන්වේ.


ඉබාගාතේ යන  කෙනෙකු සිහිනෙන් දැකීම ධනය හානිකරවන සහ අනතුරු පිළිබඳව වූ පූර්ව සිහින නිමිත්තක්වේ.


ඌරු, වඳුරු සහ බළලුන් සිහිනෙන් දැකීම අනතුරුදායක හදිසි අවස්තාවක් පෙන්නුම් කරයි.


කෝපාවිෂ්ඨ බ්‍රහ්මයා සිහිනෙන් දැකීම ඔබට ඉතා ආසන්න හදිසි අනතුරක අවස්තාවක් පෙන්නුම් කරයි.


කෝපවූ , කුළප්පු වූ මී හරකුන්, කොටළුවන්, වලසුන් , ඔටුවන් විසින් එළවාගෙන එනු සිහිනෙන් දැකීම ඉදිරි අසනීප තත්වයක්  පිළිබඳව පූර්ව සිහින නිමිත්තක්වේ.


සිහිනය දුටු වේලාව අනුව සිහින ප්‍රතිපල ක්‍රියාත්මකවන කාලය -


ක්‍රිෂ්ණ දෙවියන් තම පියා වන 'නන්ද'ට සිහින ප්‍රතිපල ක්‍රියාත්මකවන කාලය පිළිබදව පැහැදිළි කිරීමක් සිදුකල බව " බ්‍රහ්ම  වෛවර්ත පුරාණය " නම් වේඳ ග්‍රන්තය තුළ සඳහන් කරනු ලබන අතර , මේ අනුව රාත්‍රියේ පළමු කාර්තුවේ දී අත්විඳින ලද සිහින වසරක් තුළ ප්‍රතිපල ලබාදෙන බවත් , රාත්‍රියේ දෙවන කාර්තුවේ දකිනු ලැබූ සිහින මාස අටක කාලයක් තුළ ප්‍රතිඵල ලබාදෙන බවත් , රාත්‍රියේ තෙවන කාර්තුවේදී අත්විඳින ලද සිහින මාස 3 ක් තුළ ප්‍රතිඵල ලබාදෙන බවත් , රාත්‍රියේ සිව්වන කාර්තුවේ දකින සිහින දෙසතියක් තුළ ප්‍රතිඵල ලබාදෙන බවත් සඳහන් කරනු ලබනව.එමෙන්ම හිරු උදාවන අවස්තාවේ , කාලයේ දකින සිහින දින දහයක කාලයක් තුළ ප්‍රතිඵල ලබාදෙන බවත් ,සිහිනය දුටු වහා අවදිවීම තුළින් එම සිහිනයේ ප්‍රතිඵලය දිනයක් හෝ දින දෙක තුනක් තුළ ප්‍රතිඵල ලබාදෙන බවත් සදහන් වෙනව.


සුබ සිහිනයක් දුටු මොහොතේම නින්දෙන් අවදිවීමට හැකිනම් එහි සුබ ප්‍රතිඵල හැකි ඉක්මන් අවස්තාවක් තුළ ලබාගැනීමට හැකිවන බවත් , අසුබ සිහිනයක් දැකීම සිදුවන්නේ නම් , ඒ සමඟ අවදි නොවී සිටිය හැකි නම් එහි අසුබ ප්‍රතිඵල ප්‍රමාද කිරීමට හැකිවන බවත් වේඳ ශ්‍රාස්ත්‍රය තුළ තවදුරටත් සඳහන් කරනු ලබනව.එමෙන්ම අසුබ සිහිනයක් දැකීමෙන් අවදි උවහොත් , පිරිසිදු ජලයෙන් කට සෝදා නැවත නින්දට යාම යහපත් වන බවත් , ඔබ දුටු අසුබ සිහිනය , තමාට වඩා ඉතා වයසින් බාල වූවන්ට ප්‍රකාශ කිරීමෙන් අසුබ සිහින ප්‍රතිඵල සමනය හෝ ඉතා ප්‍රමාද කිරීම සිදුකල හැකි බවත් වේඳ ශ්‍රාස්ත්‍රය තුළ සඳහන් කරනු ලබනව.එමෙන්ම " ඕම් නමඃ ශිවාය " යන මන්ත්‍රය 180 වරක් ගායනා කිරීම තුළින් අසුබ සිහිනයක බලපෑම ආපසු හරවාගත හැකි බවත් වේඳ ශ්‍රාස්ත්‍රය තුළ අසුබ සිහින ප්‍රතිඵල සඳහා විකල්ප පිළිවෙත් ලෙස සඳහන් කරනු ලබනව.


ඉතින් ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි , " සිහින " පිළිබදව වේඳ ශ්‍රාස්ත්‍රීය අසමසම මග පෙන්වීම , දැනුම ලෙස සකසා ඔබවෙත ගෙන ආ ශ්‍රව්‍යය දෘශ්‍යය සටහන මෙතෙකින් අවසන් වන අතර , ඔබට වැදගත් වූ , තවත් වේඳ ශ්‍රාස්ත්‍රීය දැනුමක සවිස්තරය සමඟ මතු හමුවීමේ බලාපොරොත්තුව සහිතව අදට අප සමුගෙන යනවා.එතෙක් ප්‍රාර්තනා කරනවා ඔබ සැමට බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යයමත් සුභ අනාගතයක් !


ජනක් පී කුමාර - 0702872322

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්


Post a Comment

0 Comments