2023 - 2025 අතර සීමාවේ ලග්න දොළොස සඳහා සෙනසුරු ඒරාශ්ටක අපල යෙදෙන ආකාරය

2023 - 2025 අතර සීමාවේ ලග්න දොළොස සඳහා සෙනසුරු ඒරාශ්ටක අපල යෙදෙන ආකාරය



2023 ජනවාරි 17 වනදා සිට 2025 මාර්තු 30 වනදා දක්වා සීමාවේ සෙනසුරු ග්‍රහයා කුම්භ රාශිය තුළ ග්‍රහ ගමනේ හෙවත් ග්‍රහ චාරයේ යෙදෙන අතර මෙම ග්‍රහ සංසිද්ධිය මූලිකව , සෙනසුරු ග්‍රහ  , ඒරාශ්ටක අපල යෙදිය හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය තුළින් අද අප ඔබවෙත කරුණු ගෙන එනු ලබනව.

මෙතෙක් සෙනසුරු ලග්න අශ්ටම ඒරාශ්ටක අපල ගෙවමින් සිටි මිතුන ලග්න හිමියන්ගේ , ඒරාශ්ටක අපල තත්වය මෙම ග්‍රහ සංසිද්ධිය තුලින් අවසන් වන අතර , මෙතෙක් වසර හතයි මාස හයක් දක්වා පැවති ලග්න ඒරාශ්ටක අපලයෙන් මිදීමට ධනු ලග්න හිමියන් හටද අවස්තාව හිමිවනු ඇති.එමෙන්ම මකර ලග්න හිමියන්ගේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස ආරම්භ වන අතරම කුම්භ ලග්න හිමියන්ගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස ආරම්බවීමද 2023 ජනවාරි 17 වනදා සෙනසුරු ග්‍රහ මාරුව සමග සිදුවනු ඇති.මෙතෙක් ඒරාශ්ටක අපල නොවූ මීන ලග්න හිමියන් හට 2023 ජනවාරියේ සිට , ඉදිරියට වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරු ලග්න ඒරාශ්ටක අපල ආරම්බවීමද මේ සමග සිදුවනු ඇත.එමෙන්ම මෙවර සෙනසුරු කුම්භ ලග්නය හරහා ග්‍රහ චාරයේ යෙදෙනා කාලය තුළ කටක ලග්න හිමියන් වෙත , ලග්න අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බවීම සිදුවන අතර , මෙම අපලය කටක ලග්න හිමියන් වෙත ඉතා තද අසුබ තත්වයන් උදාකරණු ඇත.

මේෂ ලග්නය -

මේෂ ලග්නය -



මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර , උප්පත්ති ග්‍රහ පිහිටීම තුළ ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ග්‍රහයාගේ පිහිටීම යෙදී ඇත්නම් 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙන අතර , උප්පත්ති ග්‍රහ පිහිටීම තුළ , ලග්නයෙන් හතරවැන්නේ සඳු ග්‍රහයාගේ පිහිටීම වෙයි නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට මේෂ ලග්න හිමියන් හට සිදුවනු ඇත.

වෘෂභ ලග්නය -

වෘෂභ ලග්නය



වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්න වූ කුම්භ රාශිය හරහා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර , උප්පත්ති ග්‍රහ පිහිටීමේ සඳු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සඳු ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයද , ඉහත කාල මානය තුළ මුහුණ දීමට වෘෂභ ලග්න හිමියන් හට සිදුවනු ඇත.

සැලකිය යුතුයි - සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් දහවැන්න තුළ ගමන් කිරීම වෛදික ජ්‍යෙතිෂයට අනුව , පූර්ණ කණ්ඨක ශණි අපල අවස්තාව ලෙස සටහන්වේ.එම අවස්තාව ලග්න රාශිය , චන්ද්‍ර රාශිය සහ ආරූඪ ලග්න රාශිය හරහා ආකාර තුනක් යටතේ ක්‍රියාත්මකවේ.මේ අනුව ප්‍රධාන වශයෙන් වෘශභ ලග්න හිමියන්ගේ දසවැන්න තුළ සෙනසුරු ග්‍රහයා ගමන් කරන 2023 ජනවාරි 17 - 2025 මාර්තු 29 අතර සීමාවේ , පූර්ණ කණ්ඨක ශනි අපලය යෙදෙනු ඇත.

මිතුන ලග්නය - 

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්න වූ කුම්භ රාශිය හරහා සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ ගමන 2023 - 2025 අතර සීමාවේ සිදුවන අතර , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් නමවැන්නේ සඳු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් , ජම්ම ඒරාශ්ටක අපලයටද , ලග්නයෙන් දෙවැන්නේ සඳු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට , 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ මිතුන ලග්න හිමියන් හට සිදුවනු ඇත.

කටක ලග්නය -

කටක ලග්නය



කටක ලගනයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්න වූ කුම්භ රාශිය හරහා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර , එය ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයවේ.සියලුම කටක ලග්න හිමියන් සදහා මෙම සීමාවේ අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනා අතර , උප්පත්ති ග්‍රහ සටහනේ සඳු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ තැම්පත්ව ඇත්නම් ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපලයද එකවිට යෙදී ක්‍රියාත්මකවනු ඇත.උප්පත්ති ග්‍රහ සටහනේ සඳු ග්‍රහයා ලග්නයේ තැම්පත්ව ඇත්නම් , ඉහත කාල මානය තුළ ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලය සහ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යන අපල දෙක සදහාම එකම කාලයක් තුළ මුහුණ දීමට කටක ලග්න හිමියන් හට සිදුවනු ඇත.

සිංහ ලග්නය -

සිංහ ලග්නය



සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්න හරහා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර උපතේදී සඳු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ යෙදී පිහිටා ඇත්නම් , ඉහත කාල සීමාව තුළ ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණ දීමටත් , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් දොලොස්වැන්නේ සඳු ග්‍රහයා පිහිටා ඇත්නම් , 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට මුහුණ දීමටත් සිංහ ලග්න හිමියන් හට සිදුවේ.

කන්‍යා ලග්නය - 

කන්‍යා ලග්නය



2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයෙන් හයවැන්න හරහා සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් හයවැන්න තුළ සඳු ග්‍රහයා යෙදී පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , ලග්නයෙන් එකොළොස්වැන්න තුළ උපතේදී සඳු ග්‍රහයා යෙදී පිහිටා ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට කන්‍යා ලග්න හිමියන් හට සිදුවේ.

තුළා ලග්නය -

තුළා ලග්නය



තුළා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න හරහා සෙනසුරු ග්‍රහයා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ ගමන් කරන අතර , උප්පත්ති ග්‍රහ පිහිටීමේ සඳු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්න තුළ යෙදී පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් දසවැන්න තුළ සඳු ග්‍රහයාගේ පිහිටීම යෙදී ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට , ඉහත කාල සීමාව තුළ , තුළා ලග්නයෙන් උපන් අයහට සිදුවේ.

වෘශ්චික ලග්නය - 

වෘශ්චික ලග්නය



වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්න හරහා සෙනසුරු ග්‍රහයා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ ගමන් කරන අතර , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් සිව්වැන්න තුළ සඳු ග්‍රහයාගේ පිහිටීම වෙයි නම් , ජම්ම ඒරාශ්ටක අපලයටද , උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් නමවැන්න තුළ සඳු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට වෘශ්චික ලග්න හිමියන් හට සිදුවනු ඇත.

සැලකිය යුතුයි - සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් හතරවැන්න තුළ ගමන් කිරීම වෛදික ජ්‍යෙතිෂයට අනුව , අර්ධ කණ්ඨක ශණි අපල අවස්තාව ලෙස සටහන්වේ.එම අවස්තාව ලග්න රාශිය , චන්ද්‍ර රාශිය සහ ආරූඪ ලග්න රාශිය හරහා ආකාර තුනක් යටතේ ක්‍රියාත්මකවේ.මේ අනුව ප්‍රධාන වශයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නයෙන් සිව්වැන්න තුල සෙනසුරු ග්‍රහයා ගමන් කරන 2023 ජනවාරි 17 - 2025 මාර්තු 29 අතර සීමාවේ , අර්ධ කණ්ඨක ශනි අපලය යෙදෙනු ඇත.

ධනු ලග්නය -

ධනු ලග්නය



ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තෙවැන්න වෙත සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම 2023 ජනවාරි 17 වනදා සිදුවන අතර උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් තුන්වැන්න තුළ සදු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , ලග්නයෙන් අටවැන්න තුළ සඳු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට ධනු ලග්න හිමියන් හට සිදුවේ.කෙසේ වෙතත් ඉහත කී ලග්නයෙන් තෙවැන්න හෝ අටවැන්න තුළ සඳු ග්‍රහයාගේ පිහිටීම නොවෙයි නම් , එතෙක් වසර හතයි මාස හයක් දක්වා පැවති ලග්න ඒරාශ්ටක අපලයෙන් මිදීමට ධනු ලග්න හිමියන් හට අවස්තාව සැලසේ.

මකර ලග්නය -

මකර ලග්නය



මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ කුම්භ රාශිය හරහා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර මෙය සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් අවස්තාව වෙයි.උප්පත්ති ග්‍රහ සටහනේ සඳු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්න තුළ පිහිටා ඇත්නම් , ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග ජම්ම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට මකර ලග්න හිමියන් වෙත සිදුවේ.උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් හත්වැන්න තුළ සඳු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් , මකර ලග්න හිමියන් හට ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සිදුවේ.

කුම්භ ලග්නය -

කුම්භ ලග්නය



කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්න ස්තානය වෙත සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර මෙය ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාවවේ.එමෙන්ම උපතේදී සඳු ග්‍රහයා ලග්නය තුළ යෙදී පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , උපතේදී සඳු ග්‍රහයා ලග්නයෙන් හයවැන්නේ යෙදී පිහිටා ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද , ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස සමග එකවිට මුහුණ දීමට කුම්භ ලග්න හිමියන් හට සිදුවේ.

මීන ලග්නය -

මීන ලග්නය



මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් දොළොස්වැන්න වූ කුම්භ රාශිය හරහා 2023 ජනවාරි - 2025 මාර්තු අතර සීමාවේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර , මේ සමග මෙතෙක් ඒරාශ්ටක අපල නොවූ මීන ලග්න හිමියන් වෙත වසර හතයි මාස හයක් දක්වා පවතින ලග්න ඒරාශ්ටක අපලය ආරම්බවේ.එමෙන්ම උපතේදී සඳු ග්‍රහයා ලග්නයෙන් දොළොස්වැන්න තුළ යෙදී පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට 2023-2025 අතර කාලයේ සිදුවේ.උප්පත්ති ග්‍රහ සටහනේ ලග්නයෙන් පස්වැන්න තුළ සඳු ග්‍රහයා යෙදී පිහිටා ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයද , ලග්න ඒරාශ්ටක අපලයේ මුල් කොටස සමග ගෙවා දැමීමට මීන ලග්න හිමියන් හට සිදුවේ.


ඉතින් .. ඉහතාකාරයේ ග්‍රහ පිහිටීම් ඔබගේ උප්පත්ති ග්‍රහ බලය තුළ යෙදී පවතීනම් 2023 ජනවාරි 17 සිට 2025 මාර්තු 29 අතර සීමාව තුළ සෙනසුරු ඒරාශ්ටක අපලයට මුහුණ දීමට සිදුවනු ඇති අතරම , ඒ සමග සෙනසුරු මහදසා , අතුරු දසා ගතකරමින් සිටීනම් , යෙදෙනා අපලයේ බලපෑම වර්ධනය වීමද සිදුවනු ඇත.සදු මහදසා ගෙවමින් සිටීමත් , රවි මහදසාව ගෙවමින් සිටීමත් රාහු මහදසාව ගෙවමින් සිටීම හෝ ඕනෑම මහදසාවක සදු , රවි , රාහු , කේතු , කුජ ආදී අතුරු දසා ගෙවමින් සිටීමත් , සෙනසුරු ඒරාශ්ටක අපලයේ , අයහපත වර්ධනය වීම සදහා සාධක වනු ඇත.

ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

Post a Comment

0 Comments