ජය ශ්‍රී මහා බෝ සමිදුට වින කැටූ ජේමිස් අප්පුහාමි

 


1929 වසරේ ඇසළ මාසයේ එක් දිනයක් ජාතියේම කම්පාවට පත් දිනයක් විය. සමහරෙක් නොදත් ඒ කතාව මෙසේ සටහන් කරන්නෙමි.

            උඩ මළුවෙහි වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ මෙන්ය. බෞද්ධ සැදැහැවතුන් එක සිතින්, උතුම් ශ්‍රද්ධාවකින් වන්දනාමාන කරන්නා වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජේමිස් අප්පුහාමු විසින් ඒ මහා අපරාධය කරන ලද්දේ 1929 වසරේ ජූලි 30 වෙනිදාය.

            ජය ශ්‍රී මහා බෝ සමිදු වැඩ සිටින්නේ පොළොව මට්ටමට ඉහළින් වූ විශේෂ වේදිකාවකය. එම වේදිකාවට කිසිවකු පය තබන්නේ නැත. ඒ එය එතරම්ම පූජනීය නිසාවෙනි. මෙම විශේෂ වේදිකාව වටාද පරිවාරක මළු හතක් පිහිටිවා තිබේ. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන් වැට මළුව, උඩ මළුව, උඩමළුව පැරණි රන් වැට, මහ බෝ මළුව හා වැඩ හිදින මළුවයි.

            සාමාන්‍ය ජනතාවට වර්ථමානයේදී යාමට අවසර ඇත්තේ දෙවන මළුව වෙත පමණි. නමුත් 1929 වසරට පෙර සාමාන්‍ය ජනතාවට බෝ සමිදු අසලටම ගොස් වන්දනා කිරීමට අවස්ථාව හිමිවිය. එම අවස්ථාව අපට අහිමි වී ගියේ 1929 ජූලි 30 දින ජේමිස් අප්පුහාමි කල අපරාධයත් සමගිනි.

  එදා බැතිමතුන් අඩු වූ දිනයක් විය. අද මෙන් එකල වන්දනාකරුවන් බොහෝ ලෙස රැස්ව සිටින්නේ නැත. ඉතින්, ජේමිස් අප්පුහාමිද එදා උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණ ඇත. බෝ සමිදු අසල කිසිවෙකු නැතිවෙන වේලාවක් බැලූ ජේමිස් අප්පුහාමි ඔහු ගෙනා පොහොර කවරයෙන් පොරොවක් ගෙන බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාවකට වේගයෙන් කොටන්නට විය. අවට කිසිවෙක් නොසිටි බැවින් ඔහු වේගයෙන් සිය අපරාධය කරගෙන ගියේය.

            බෝධීන් වහන්සේ වැඩසිටින පැත්තෙන් ගසකට කොටන හඩක් ඇසුණු නිසා ලොකු හාමුදුරුවන් හා එවකට සිටි කැපකරුවා කෑගසමින් ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණියද ඒ වන විටත් ජේමිස් අප්පුහාමි විසින් බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාව කපා බිම හෙලා අවසන්ය.

          ජේමිස් අත් අඩංගුවට ගැනුණි. ඒ සමග නොයෙක් මතවාදද මතුවිය. සමහරු ජේමිස් මානසික රෝගයක් ඇත්තෙකු යැයි කී අතර සමහරු ඔහු බීමත්ව සිටි බව කීය. සමහරු ජේමිස් අන්‍ය ආගමිකයන්ගෙන් මුදල් ගෙන මෙම අපරාධය කල බව කීය. බෞද්ධ ජනතාව මේ පුවතින් කම්පා විය. ජේමිස් විසින් කපන ලද ශාකාව ආදාහන උත්සවයක් පවත්වා ආදාහනය කෙරුණි. ඉන්පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට එවකට අටමස්ථානාධිපති හිමියන් විසින් යකඩ වැටක් සවි කෙරිණි. බෝධීන් වහන්සේ අසලටම ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරිණි. අදටත් ක්‍රියාත්මක වන්නේ එදා ජේමිස් අප්පුහාමි සිදුකල අපරාධයෙන් පසු බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යෙදූ උපක්‍රමයන්ගේ ප්‍රථිපලයයි.

            අද වන විට එදා ඉදිකල යකඩ වැට වෙනුවට රන් වැටක් ඉදිකොට බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දැඩිකොට තිබේ. අදටත් ජේමිස් අප්පුහාමි විසින් කපා ඉවත් කල කොටසෙහි අඩුව දැකගත හැකිය. එය දෙවන ජායාරූපයෙන් දැක්වෙන අතර පළමු ජායාරූපයෙන් දැක්වෙන්නේ ඒ මහා අපරාධය සිදුකල ජේමිස් අප්පුහාමි අත් අඩංගුවට ගත් මොහොතයි.

          උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

Copied

................තිසා .............

#thisankagamage

Post a Comment

0 Comments