2020 ජුනි 21 සූර්යග‍්‍රහණය සහ එහි විපාක


සූර්ය ග්‍රහණය ඇති වනුයේ සූර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයාම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි. සූර්ය ග්‍රහණයක් අමාවක දිනකදී සිදුවේ.මෙය සිදු විය හැක්කේ නව සඳ පවතින දිනෙක පමණි. එවන් දිනක පෘථිවියේ සිට බලන කළ සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටයි. වසරකට සූර්ය ග්‍රහණ 4 ක් පමණ සිදු වන නමුත් සඳෙහි සෙවනැල්ලට ඇතුළත් වන කුඩා ප්‍රදේශයක් තුළ පමණක් සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන හෙයින් ඕනෑම ප්‍රදේශයක් සඳහා පූර්ණ සූර්ය ග්‍රහණ ඉතා දුලබ අවස්ථාවන් වේ.

මෙවර සූර්ය ග්‍රහනයේ ගමන් පතය
wikipedia


මෙවර 2020 ජුනි 21 වනදා සිදුවන වළයාකාර සූර්‍යග්‍රහනය ශ්‍රී ලංකාවට පෙනෙනුයේ අර්ධ ග්‍රහනයක් ලෙස වන අතර මධ්‍යම අප්‍රිකාව ,කොන්ගෝ , ඉතියෝපියාව , දකුණු පාකිස්තානය , උතුරු ඉන්දියාව , චීනය යන රටවලට වළයාකාර සූර්‍යග්‍රහනය සම්පූර්ණ වශයෙන් දැකගැනීමට හැකියාව ලැබේ.මෙම රටවල් හරහා සූර්‍යග්‍රහනයේ ගමන් පතයේ මධ්‍ය යෙදේ.අර්ධ සූර්‍යග්‍රහනය උතුරු සහ නැගෙනහිර අප්‍රිකා රටවලටද , යුරෝපයේ ගිණිකොන දෙසට සහ රුසියාවේ දකුණු අර්ධයටද , ඕස්ට්‍රේලියාවටද දැකගැනීමට හැකියාව පවතී.ශ්‍රී ලංකාවේ වේලාවෙන් කොළඹ නගරයට උදේ 10 - 29 සිට සවස 1 - 19 දක්වා කාලය මෙම අර්ධ සූර්‍යග්‍රහනය දිස්වන අතර මෙහි උපරිම අවස්තාව පෙරවරු 11- 52 යෙදේ.පැය දෙකයි විනාඩි 50 ක පමණ කාලයක් මෙම සූර්‍යග්‍රහනය සක්‍රියව පවතී.



සූර්‍යග්‍රහනයක් සිදුවීම යනු ජ්‍යෙතිෂය තුල වැදගත් අවස්තාවක් වන අතර මේ හරහා ස්භාවිකත්වයේ බොහෝ විපර්‍යාසයන් සදහා හේතු සාධක ඇතිකරයි.2019 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සූර්‍යග්‍රහනයක් ආසන්න කාලයේ සිදුවූ අතර මේ හරහා ලෝකයට බොහෝ අනිසි ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවිය.එහි වැදගත්ම සිදුවීමක් ලෙස කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්තවයාම ආදී තත්වයන් පෙන්වා දිය හැක.මෙවර සිදුවන ග්‍රහනය හේතුවෙන්ද එවැනිම ආකාරයේ හදිසි තත්වයනට මුහුණදීමට ලොවට සිදුවේ.ග්‍රහනයේ මධ්‍ය යෙදී ඇති ඉහත සදහන් රටවලට මෙහි විශේෂ බලපෑමක් ඇතිවන අතර අප කලාපයේ පාකිස්තානය , ඉන්දියාව සහ චීනය යන ප්‍රධාන රටවල් හරහාද මෙහි මධ්‍ය යෙදී ඇත.මේ අනුව ඉහත සියලු රටවලට යුද බිය ඇතිවනවා ඇත.ඉන්දු චීන පකිස්තානය අතර පවත්නා යුධමය මතබේධාත්මක තත්වයන්ගේ වර්ධනයක් ඇතිවන අතරම මධ්‍යම අප්‍රිකා ජනරජය ඇතුලු අප්‍රිකා කලාපයේ සෙසු රටවලද එවැනිම ආකාරයේ තත්වයනට මුහුණ දීමට සිදුවනවා ඇත.එමෙන්ම භූ කම්පනයන් සහ ප්‍රබල ගිණිකදු පිපිරීම් කිහිපයකට අවස්තාව සහිත අතර ගුවන් අනතුරු සිදුවනවා ඇත.සොර බිය වර්ධනය වන අතර ජනතාව අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය වනු ඇත.ලෝ ප්‍රකට බුද්ධිමතෙකුට , බුද්ධිමතුනට විපත්ති දායක අතර කලාකරුවනට අයහපත්වේ.කොරෝනා වසංගතය තවදුරටත් ඉහත රටවල ඉහලින් වර්ධනය වනු ඇති අතරම , එවැනි තත්වයන් හරහා ඒ ඒ රටවල රාජ්‍ය පාලනයේ පෙරළියක් , රාජ්‍ය විරෝධී තත්වයන් ඇතිවනු ඇත.දේශපාලණික වෙනස්කම් අපේක්ෂා කල හැක.නමුත් යහපත් නැත.මෙවරද ලෝක සෞඛ්‍ය සම්බන්ධව බරපතල ගැටලු ඇතිවන අතර කුඩා ළමුන් මූලික කරගත් රෝගයනට වැඩි අවස්තා පවතී.එමෙන්ම වනගත සතුන් අතර රෝග වසංගත මතුවිය හැක.ගිණිකදු පිපිරීම් , භූ චලණ මෙන්ම වනන්තර වැඩි ප්‍රමාණයක් ගින්නෙන් දැවීයාමටද , ලෝකයේ ආහාර සංචිත විනාසවීමට හෝ වගා විනාශයන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.ආහාර අර්බුධයක අවධානම ලෝකය ඉදිරියේ ඉතිරිවේ.පතල් සහ භූමි අභ්‍යන්තරික කටයුතුහි නියුතු කොටස් විශේෂයෙන් ප්‍රවේසම්වීම යහපත්වේ.

රටක් වශයෙන් ශ්‍රී ලංකාවටද මෙම ග්‍රහනයේ බලපෑම ඇතිවන අතර රාජ්‍ය පරිපාලණ අංශයේ දැඩි සහ විශේෂ වෙනස්කම් සිදුවේ.මාර්ග අනතුරු බහුලවේ.ළමා සෞඛ්‍ය දුර්වලවේ.අධ්‍යාපණික අංශයේ ගැටලු ඇතිකරයි.ගිණි අනතුරු වැඩිවීමක් සහිත අතර පලිගැනීමේ චේතනාවෙන් සිදුවන අපරාධ බහුලවිය හැක.එමෙන්ම වර්ෂාපතනයේ වර්ධනයවීමකින් ගංගා නිම්න ආශ්‍රිතව සහ කදුකර ආශ්‍රිතව දැඩි පීඩා හටගනී.විශාල පිරිසකට හානි ඇතිකල හැකි පස්කදු කඩාවැටීමක් , නායයාමක් හෝ ගොඩනැගිලි කඩා වැටීමක් ඇතිකරයි.ජලය දූෂ්‍ය වනවා ඇත.සොරකම් සහ මත්ද්‍රව්‍ය පිළිබදව විශේෂ ගැටලු ඇතිකරවයි.ජනතාවට නීතිමය ගැටලු ඇතිකරයි.බේධ බින්නවීම් ඒ සමග ආරවුල් ඇතිකරයි.කුඩා දරුවන් සිටිනා මව්වරු , දරුවන් පිළිබදව විශේෂයෙන් ප්‍රවේසම් සහ සොයාබැලීමෙන් යුතුව කටයුතු කලයුතුවේ.ආරක්ෂක අංශය , වෛද්‍යවරු සහ එම කාර්‍යමංඩලද වෙනදාට වඩා ප්‍රවේසම් සහිතව කටයුතු කිරීම යහපත්වේ.රසායනාගාර සහ වෙඩිබෙහෙත් ගබඩා ආදිය පිලිබදව වඩා සැලකිලිමත්විය යුතුවේ.

සූර්‍යග්‍රහනය සිදුවී මාසයක පමණ කාලයක් තුල ඉහත කරුණු කාරනා ක්‍රියාත්මක වීමේ වැඩි අවධානම පවතී.මේ අනුව රවි ග්‍රහයා දැනට තමා සිටින මිතුන රාශියෙන් ඉවත්ව කටක රාශියට පිවිසෙන 2020 ජුලි 17 වනදා තෙක් සීමාව තීරනාත්මකවේ.

ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂ සේවය
www.senasuru.com