වර්ථමාන ග්‍රහ තත්වය සහ පලාඵල


ගෙවෙනා කාලය යහපත් නැත.2017 අගෝස්තු 26 වනදා මා ලිවූ ලිපියක් හරහා ඔක්තෝම්බර් 26 වනදා දක්වා කාලය යහපත් නැති බවත් ඒ හරහා සිදුවිය හැකි තත්වයන් පිලිබදවත් හදහන ලංකා පාඨක ඔබ දැනුවත් කලහ.එම ලිපියේ කියැවුණු බොහෝ දෑ දැනට සිදුව ඇත.ඔක්තෝම්බර් 26 තව දුරටත් ඉදිරියට දින පහක පමණ කාලයක් පවතී.මෙම කාල සීමාව ඉතා ප්‍රවේසමෙන් යුතුව කටයුතු කල යුතුව පවතී.විශේෂයෙන් මානසික සමබර තාවයත් , සිහි කල්පනාව සහ සිහි බුද්ධියත් නිසි ලෙස පවත්වාගෙන යාමට කටයුතු කලයුතුවේ.සෙනසුරු ඔක්තෝම්බර් 26 වනදා ධනු රාශියට පැමිණීම සිදුවේ.ඒ අතරම කාල සර්පයෝග තත්වයක්ද දැනට පවත්නා ග්‍රහ තත්වය තුල පවතී.එමෙන්ම සෑම ලග්නයකටම බලපානු ලබන පරිදි ග්‍රහයන්ගේ පිහිටීම මත පාප කර්තරී වීම් සිදුව ඇත.අප රටටත් එහි සියලුම ජනතාවටත් , ලෝකයටත් ලෝකවාසීන්ටත්  සත්ව ප්‍රජාව ආදී වූ තත්වයන්ටත් , කාලගුණික සහ දේශගුණික වශයෙනුත් ඉදිරි කාලය අසුබතාවයන් ඇතිකරනු ඇත.

මෙරටට දැනට පවත්නා දේශගුණික තත්වය තවදුරටත් අයහපත්වන අතර අකුණු ගැසීම් , තද සුලන් , නාය යාම් සහ ගංවතුර තත්වයන් මතුවිය හැකිය.ජනතාව අතර කෝපය තරහව ඇතිවේ.රණ්ඩුසරුවල් ඇතිවේ.ඉඩම් ආරවුල් නිසා පවුල් අතර මතබේධ වර්ධනය වේ.පිහි ඇනුම් , කැපීම් ආදී දරුණු සිදුවීම් වර්ධනයවේ.අසන්නට ලැබේ.මිනිසුන්ට සිදුවූ හදිසි කරදර අසන්නට ලැබේ.මානසික දුර්වලතා පවත්නා අයගේ එම දුබලතා වර්ධනයවේ.මතකය දුර්වලවේ.අමතකවීම්ද , රැවටීම්ද සිදුවිය හැකිය.ආඅදර සබදතාවයන් තුල වැඩි වශයෙන් හැගීම් වලට අවස්තාව ලැබේ.ඒ තුල රැවටීමට සිදුවිය හැකිය.කාම චේතනා වර්ධනය වෙයි.දරුවන් , තරුණියන් අතවරයට ලක්විය හැකිය.අධ්‍යාපණික අංශයේ තවදුරටත් ගැටලු ඇතිකරයි.ප්‍රධානාචාර්‍යවරයෙකුට හෝ ආචාර්‍ය මහාචාර්‍ය් වරයෙකුට , ප්‍රසිද්ධ කලාකරුවෙකුට මාරක ඇතිවිය හැකිය.මිනිසුන් අතර සුරා සූදුව වර්ධනය වන අතර ඒ සදහා වියදම් කිරීමට මුදල් ප්‍රශ්ණ තදින් මතුවේ.සමහරුන් , යහපත් යැයි සම්මතයේ කටයුතු කල අය පවා කිසියම් ආකාරයකින් සොරකමක් වංචාවක් කරනු ඇත.සිත එවැනි දෙයට පහසුවෙන් යොමුවේ.පාලක පක්ෂය කුමක් හෝ වේවා රාජ්‍ය පාලනය ගැටලුකාරී වන කාලයයි.පක්ෂ තුල දේශපාලකයන් අතර මතබේධ ඇතිවේ.පාලක පක්ෂය තුලම විරුද්ධ මත අදහස් මතුවේ.නීතිමය තත්වය දුබල වීමකට ලක්වේ.ජනතාවටද  නොසිතූ ආකාරයෙන් නීතිමය ගැටලු මතුවිය හැකිය.ප්‍රධානියා පිලිබදව හෝ අනියත බියක් සැකයක් ඇතිවේ.ආයතන තුල උවද නිසි පාලනයක් ක්‍රියාත්මක නොවනවා ඇත.ඉහලම පාලන අංශයේ මෙන්ම පහලම පාලන ස්තානයක් දක්වාම ක්‍රියාත්මක වන්නේ දුර්වල පාලන තත්වයකි.සේවකය පාලකයාට , ප්‍රධානියාට අවනත නොවේ.ආයතනයක නම් රැකියා ගැටලු හෝ රැකියා දුශ්කරතා මතුවෙයි.පෞද්ගලික අංශයේ රැකියා හැරයාම් වර්ධනයවේ.

විශේෂයෙන් ආගම දහම පුජ්‍ය පක්ෂය අදී තත්වයන් තුලදී දැනට පවත්නා මතබේධාත්මක තත්වයන් වර්ධනය වීමක් සිදුවේ.පෙර ප්‍රකාශිත රාහු මාරුව සහ ගුරු මාරුව පිලිබද ලිපි දෙක තුලින්ම මේ පිලිබද තත්වයන් විශේෂයෙන් සදහන් කලහ.ගුරු ග්‍රහයා තුලා රාශිගතවීම සමග පූජ්‍ය පක්ෂය සදහා අසුබ තත්වයන් වර්ධනය වූ අතර ගුරු 2018 ඔක්තෝම්බර් දක්වා තුලා රාශියේ ගමන් කරයි.මෙම වසරක කාලය තුල ගුරු රාහුට සහ කුජට අයත් නැකැත් හරහා ගමන් කරයි.ආගමික නායකයන් දෙශපාලණික මතවාදයන් සමග ගැටීම වර්ධනය වේ.ඒ අතර මතබේධ සාසනික ගැටලු මතුවනවා ඇත.පූජ්‍ය පක්ෂය කෙරෙහි ජනතාව තැබූ විස්වාසය දුරස් වන අතරම තවත් කොට්ටාශයක් ඒ ඒ මතවාදයන් සමග තදින් එකගවීමක් සිදුවනවා ඇත.පූජ්‍ය පක්ෂයේ තත්වය ගෞරවය සහ වටිනාකම පිරිහීමකට ලක්වනු ඇත.නින්දා අපහාසයන් චෝදනාවන් , අනියත චෝදනාවන් ඇතිවනවා ඇත.විශේෂයෙන් භික්ෂූ සමාජය තුල හෙවත් මහා සංගරත්නය තුල බෙදීමක් ඇතිවේ.ආගමික මධ්‍යස්තාන තුල ගුරු ගෝල ගැටලු , නායකත්වයේ ගැටලු වර්ධනය වෙයි.පන්සල් ආගමික මධ්‍යස්තාන හැරයාම භික්ෂූන්ගේ පූජ්‍ය පක්ෂයේ ස්තානීය වෙනස්කම් ඇතිවනවා ඇත.එමෙන්ම ආදයක දායිකාවන් සමග පැවති සබදතා සුරස්වන අතර ඔවුන් අතර විස්වාසය පිලිබදව ගැටලු ඇතිවේ.දේවතා වන්ධනාව වැඩිවේ.කතරගම සහ විශ්ණි දේවාලයන් තුල වැඩි වශයෙන් ජනතාව ඒකරාශී වෙයි.ප්‍රධාන දායක දායිකාවන්ට මාරක සිදුවිය හැකියි.

මෙවන් තත්වයක් ඉදිරි කාලය පුරා රට තුල මතුවන අතර අල්ලස සහ සංතෝසම් මගින් විරුද්දවාදියා අවනත කරවා ගැනීමට උපක්‍රම ක්‍රියාත්මක වනු ඇත.හදිසි අනතුරු සහ මෙතෙක් නොඇසූ ආකාරයේ අනතුරු , බෝවන රෝග ආදිය ඇතිවිය හැකිය.සියලු දෙනා ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපත්වනු ඇත.

එමෙන්ම ඔක්තෝම්බර් 26 වනදා සෙනසුරු ධනු රාශියට පිවිසීමත් සමග තුලා සහ මේෂ යන ලග්නයන්ට එතෙක් පැවති සෙනසුරුගේ ලග්න සහ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයන් අවසන්වේ.නමුත් වෘශ්චික , ධනු සහ මකර යන ලග්නයන්ටත් වෘෂභ ලග්නයටත් සෙනසුරුගේ ඒරාශ්ටක අපල තවදුරටත් බවතී.මෙයින් වෘශ්චික සහ වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන් ප්‍රවේසම්විය යුතුය.තද අසුබ තත්වයක් ඇතිවිය හැක.ඉහත සදහන් සියලුම ලග්න හිමියන් ඔක්තෝම්බර් 26 වනදා සිට ඉදිරියට මාස හයක කාලයක් දක්වා විශේෂයෙන් ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපත්වේ.සෙනසුරු ඒරාශ්ටක අපලයේ මුල් මාස හයක කාලය තදින් අසුබ ඇතිකරයි.

සියලුම ලග්න හිමියන් ඉදිරි දින 15 ක පමණ කාලය ප්‍රවේසමෙන් කටයුතු කලයුතුවේ.

මේෂ ලග්නය

තද මානසික පීඩා සිත්තැවුල් ඇතිවේ.ස්තානීය වෙනස්කම් ඇතිවීමට හෝ හදිසි දුර බැහැර වෙහෙසකර ගමන් යෙදිය හැක.රැකියාව සම්බන්ධව දුෂ්කරතා ගැටලු ඇතිවේ.මව පියා සමග ගැටලු මතුවේ.වියදම් අනවශ්‍ය වියදම් ඇතිවේ.සතා සිව්පාවාගෙන් කරදර පීඩා ඇතිවිය හැකිය.හිතවතුන් , මිත්‍රයන් , හවුල් කරුවන් නිසා කරදර හෝ රැවටීම් ඇතිවිය හැක.විවාහය තුලත් දරුවන් සම්බන්ධවත් අනවශ්‍ය පීඩනයක් ඇතිකරයි.කලකිරීමක් හෝ තදින් තනිකමක් පාලුවක් ඇතිවිය හැක.හදිසි කෝපය කලබල කාරී සහ අවිවේකී බවක් මතුවේ.නින්ද නොයයි.ආහාර අරුචිය ඇතිවේ.උෂ්ණ ආහාරයට ප්‍රියවේ.ශරීරයේ උෂ්ණ රෝග මුහුණේ කැලැල් ඇතිවෙයි.සතුරු බියක් හෝ අමනුෂ්‍ය බියක් හෝ අසුබ සිහින පෙණෙනු ඇත.හදිසි අනතුරු මෙන්ම හදිසි කරදර ද අමනාපකම් සහ වෛරකිරීම් ආදිය ඇතිවෙයි.

වෘෂභ ලග්නය 

නිවසේ ගෘහ මානසිකත්වය යහපත් නොවේ.කලබලකාරී ගති , අනෙකා නුරුස්සන ගති මතුවේ.මව සමග මතබේධ ඇතිවේ.සහෝදර සහෝදරියන් සහ අසල් වැසියන් සමග පවත්නා සබදතා දුරස්වේ.ගැටලුකාරී වෙයි.දරුවන් හේතුවෙන් තද මානසික පීඩා සහ අමතර වැඩ කටයුතු ඇතිවේ.සැනසීම අඩුවෙයි.දෙවියන් බුදුන් කෙරෙහි පැවති විස්වාසයන්ද දුරස්වීමකට ලක්වේ.අංධ භක්තියක් විස්වාසයක් ඇතිවෙයි.විවාහ දිවිය තුලද ගැටලු ඇතිවේ.වර්ධනයවේ.හිතමිත්‍ර සබදතා දුරස්වේ.ආදර සබදතාවයන් බිදවැටීමට හෝ ඒ හරහා රැවටීම් සිදුවීමට අවස්තාව සහිතයි.සියල්ල මානසික ගැටලුවක් ලෙස වර්ධනය වෙයි.ඔබටද නින්දයාම ගැටලුවක් වනු ඇත.කල්පනා කරන්නට සිතන්නට කිසියම් ගැටලුවක් ඉතිරිවනු ඇත.සැනසීම පලායයි.කියන්නට බොහෝ දේ ඇත.අසන්නට කෙනෙකු නැත.සිටි කෙනාටද ඔබගේ කියවීම පීඩාවක් වනවා ඇත.ඔවුන්ද එපාවෙයි.නපුරු සිහින දකී.ස්වප්ණ මෝචනය ඇතිවිය හැකිය.ඤාතීන් සමගද හිතවත්කමක් නොමැති කාලයකි.නැතිනම් ඔවුන්ටද ගැටලු ඇතිවී ඇත.උදරගත රෝග , ඇසේ පාදයේ අසනීප , ලිංගික දුබලතා බෙලහීනතා , උසකින් වැටීම් , ලිස්සා යාම් සිදුවිය හැකියි.පපුවේ අසනීප ඇතිවිය හැක.වර්ධනය විය හැක.වෙහෙසකර සහ තෙහෙට්ටු ගති ඇතිවනවා ඇත.

මිතුන ලග්නය 

මිතුන ලග්නයේ ඔබට ගෙවෙමින් ඇත්තේ අසහනකාරී මානසික තත්වයකි.කලබල කාරී පීඩාකාරී මානසික තත්වයන් ඇතිවේ.කෙන්තිය කෝපය මතුවූවත් පිටකිරීමටද ශක්තියක් නැත.අලස බවක් හෝ නිදිබල ගතියක් ඇතිවේ.දවල් නින්ද ඇතිවේ.රාත්‍රියට නින්ද නොයයි.මුදල් අවශ්‍යතා තදින් ඇතිවේ.නමුත් වියදමට මුදල් නැත හෝ සොයා ගැනීම අපහසුය.හිතමිත්‍රයන් ඇතිවන නමුදු පවත්වාගැනීම අපහසුවේ.ඔවුන්ගෙන් කරදර හෝ ඔවුන් නිසා කරදර ඇතිවේ.වෛරය කෝපය ඇතිවේ.ලාබ ලැබෙණා කටයුතු සිදුවුවද ලාබය පවත්වාගැනීමට හෝ එම කටයුත්ත කලමනාකරනය කර පාලනය කරගැනීම අපහසුවේ.හදිසි ගමන් රාත්‍රී ගමන් යෙදේ.කපටි සිත් පහලවේ.ඉගෙනීමට පොතක් පතක් බැලීමට යොමුවන නමුදු පවත්වාගෙන යාම අපහසු වෙයි.වෙනත් බාධා අධ්‍යාපණික අංශයේ ඇතිවේ.බර වැඩෙහි යෙදෙන්නට සිදුවේ.තමන්ගේ පිලිවෙල අඩුවේ.හිතුමතේ කටයුතු සිදුවේ.මව සහ පියා සමගත් සහෝදර සහෝදරියන් නෑනා මස්සිනා සමගත් සබදතා අඩුවෙන් පවත්වනවා ඇත.පපුවේ සහ උදරගතව රෝග ඇතිකල හැකියි.කායික පීඩාවන්ට වඩා මානසික තත්වය හරහා පීඩා ඇතිවනු ඇත.අමතකවීම් සිදුවනවා ඇත.අනවබෝධය නිසා ලාබදායී දේ ද පාඩු කරගන්නවා ඇත.සිහිය සහ බුද්ධිය නිසි ලෙස පවත්වාගෙන යා යුතුවේ.

කටක ලග්නය

කටක ලග්නයේ ඔබට ජීවිතයේ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවන කාලයකි.නොයෙක් ආකාරයේ මානසික තත්වයන් බලාපොරොත්තු ඇතිවනවා ඇත.රැකියාව තුල කාර්‍යබහුල බව ඇතිවෙයි.දුෂ්කරතා මතුවේ.ස්තිර නොවන එදිනෙදා රැකියා කරන අයට රැකියා නොමැති දින කිහිපයක් ගත්විය හැක.එම කාලය තුල තමන්ගේ කටයුතු , නිවාස දේපල සම්බන්ධ කටයුතු , වතුපිටි සුද්ද පවිත්‍ර කිරීම් ආදියට යොමුවනු ඇත.ඒ අතර තුර තැලීමක් , තුවාලයක් සිදුවිය හැක.සහෝදර සහෝදරියන්ට යහපත් නැත.නිෂ්ඵල ගමන් යෙදිය හැක.වැඩිහිටියන් ඤාතීන් නිවසට පැමිණෙනවා ඇත.විරහ ගීතයට වැඩි කැමැත්තක් දක්වනවා ඇත.ලැබීමට පවතින මුදල් ප්‍රමාද වනු ඇත.වියදම් පාලනය කිරීමට , පවතිනා තත්වයෙන් සෑහීමකට පත්වීමට සිදුවෙයි.යහලුවන් මිත්‍රයන්ගෙන් රැවටීම් සිදුවන අතර ආදරයේ ප්‍රේමයේ පරාජිත බවක් පැවතියත් බලාපොරොත්තුව උත්සහය අත්නොහැර කටයුතු කරනු ඇත.ස්තිරව පැවති විවාහ යෝජනා ආදිය තරමක අස්තාවර බවකට යොමුවිය හැක.ස්තිරව පැවති විදෙස්ගමන්ද තමන්ගේ වෙනත් බලාපොරොත්තුද ප්‍රමාදයකට ලක්වේ.බලාසිටීමට සිදුවේ.නීතිමය ගැටලු මතුවේ.නීතිය පිලිබදව , ප්‍රධානියා පිලිබදව සැකය ඇතිවේ.සහකරු හෝ සහකාරිය සම්බන්ධ කටයුතු වලදීද සහනදායී බවක් නැත.කර්මඵලය පිලිබදව විස්වාසය ඇතිවෙයි.සතුන් කෙරෙහි ආදරය කරුණාව ඇතිවේ.ලැබීම සහ වාසනා ගුණය අඩු කාලයයි.සිතුමතේ කටයුතු නොකර බුද්ධිමත්ව කටයුතු කල යුතුවේ.

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ඔබගේ වෙනදා පැවති ස්තාවර බව බිදවැටේ.කලබලය හදිසිය , අපිලිවෙල ඇතිවේ.කම්මැලි ගති ස්භාවයන් ඇතිවේ.ජීවිතය කුමක්දෝ නොතේරෙන ගැටලුවකට බාධාවකට හසුව ඇතැයි සිතේ.මුදල් ලැබීම් දුර්වලවේ.ආදායමට වඩා වියදම් ඇතිවේ.අනවශ්‍ය වියදම් වැඩිවේ.හදිසි අලාබයක්  සිදුවිය හැකිය.ලිපි ලේඛණ කටයුතු සිදුවිය හැකියි.අමතකවීමක් සිදුවිය හැකිය.හැදුනුම්පත ආදිය අස්තානගතවිය හැකි , අත්‍යාවශ්‍ය දෙයක කැඩීමක් බිදීමක් සිදුවිය හැකි කාලයයි.කේලම් කටකතා අසන්නට සිදුවිය හැක.කට වචනය නිසා පාඩු ඇතිවේ.හිතමිත්‍රයෙකු සමග හෝ රෝහලකට , නීතිය ක්‍රියාත්මක වන ස්තානයකට යාමට සිදුවනු ඇත.මංගල යෝජනා ඇතිවන නමුත් ස්තිරකරගැනීමේදී අනවශ්‍ය ගැටලු ඇතිවේ.උදරගත වියලි බවක් සහ ශරීරයේ උෂ්ණාධික බවක් ඇතිවේ.ඇස සහ පෙණීම දුර්වලවිය හැක.හිසේ බර ගතියක් ඇතිවෙයි.පවුල් ජීවිතය තුල මතබේධ ඇතිවෙයි.තමා පරාජය වන කාලයකි.

කන්‍යා ලග්නය 

හදිසි කේන්තිය කෝපය ඇතිවේ.හදිසි තීන්දු තීරණ ගනී.රැකියාවේ දුෂ්කරතා ගැටලු ඇතිවේ.මුදල් තත්වය පහත වැටේ.නැතිනම් අනවශ්‍ය වියදම් සිදුවේ.දරුවන් පිලිබදව ගැටලුඅසන්නට දකින්නට ලැබේ.දරුවන් හිතුවක්කාර වන කාලයයි.සිතේ බියකින් චකිතයකින් අස්තාවරත්වයකින් කටයුතු කරයි.හිතමිත්‍ර සබදතා හේතුවෙන්ද ගැටලු ඇතිවේ.දුරස්වීම් , නොතකා හැරිම් ඇතිවෙයි.රාග සිතුවිලි ඇතිවේ.නමුත් එවැනි බලාපොරොත්තු නියමාකාරයෙන් ඉටුනොවේ.සිතේ එකගතාවය මොහොතින් මොහොත වෙනස් වෙයි.නිවසේ සාමකාමී බව අඩුවේ.නිශ්පල ගමන් යෙදේ.නිවසේ හෝ පදිංචි ස්තානයෙන් බැහැර වන්නට සිතේ.නමුතෙහිම පීඩනය තුල අත්නොහැර කටයුතු කරයි.කලකිරීම් ඇතිවේ.බාල වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග මතබේධ ඇතිවිය හැක.තමන් යහපතක් කලද , යහපතක් අසන්නට නොලැබේ.කායික මානසික දෙයාකාරයෙන්ම අයහපත් බවක් ඇතිවේ.අදික වෙහෙසකර කටයුතු වල යෙදෙන්නට සිදුවනවා ඇත.උෂ්ණ රෝග ආදියෙන්ද , හදිසි උණ , හිසේ කැක්කුම් ආදී තත්වයන්ද ඇතිවිය හැකියි.පපුවේ හදිසි අසනීපයක් ඇතිකල හැකියි.වාත වේදනා කැක්කුම් සහිතයි.

තුලා ලග්නය

තුලා ලග්නයේ ඔබට ඔක්තෝම්බර් 26 වනදායින් පසුව යහපත් බවක් ඇතිවන නමුත් එතෙක් කාලය ප්‍රවෙසම්විය යුතුවේ.හදිසි මුදල් අවශ්‍යතාවයක් හෝ මුදල් සම්බන්ධ හදිසි වියදම් සිදුවිය හැකිය.හිතුවක්කාර ගතිගුණ අදහස් , හදිසි කෝපය කේන්තිය.ඉවසීම අඩු ගතිය ඇතිවෙයි.කාර්‍ය බහුලවේ.දුර ගමන් කෙටි ගමන් යෙදෙයි.අතරමග අනතුරු මෙන්ම තමන්ගේ අත්‍යාවශ්‍ය දෑ අමතකවීම් ආදිය සිදුවිය හැකිය.ස්තානීය වශයෙන් ගැටලු මතුවේ.අලස ගති කම්මැලිගති ඇතිවේ.මව සමග මතබේධ ඇතිවිය හැකිය.ස්වාමියා සහකරුගේ අසනීප දුර්වලතා ඇතිවේ.පවුලේ සමගියට තරමක් බාධා මතුවේ.අමනුෂ්‍ය බිය , බියකරු සිහින , හෝ තනිකම් පාලුව ඇතිවෙයි.සිතට වැටනොහෙනා ගැටලුවකින් සිත පෙලේ.ඔක්තෝම්බර් 26 වනදායින් පසු සිතේ නව බලාපොරොත්තු ඇතිවෙනවා ඇත.වගකීම් සහගත බවක් ඇතිවේ.තමා සම්බන්ධව වටිනාකම් ඇතිවේ.පිලිගැනීම ඇතිවේ.මෙතෙක් පැවති ප්‍රශ්ණ ගැටලු සදහා විසදුම් ලැබෙනවා ඇත.උදව් උපකාර සහයෝගය හිමිවේ.අමනාපයෙන් සිටි අය මනාපවේ.විවාහයේ බලාපොරොත්තු සපලකරගැනීමට හැකිවෙයි.විදෙස්ගතවීමට බලාපොරොත්තු නම් ඒවා සාර්තකවේ.විදෙස්ගතව මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටි අයටද එම අවස්තා සැලසේ.නිවාඩු ලැබේ.සංචාරක අවස්තා යෙදේ.දෙමාපියන් සම්බන්ධයෙන් අයහපත් ආරංචි ලැබේ.පපුවේ දුබලතා මතුවිය හැකියි.දනහිසේ ආබාධයන් ඇතිවිය හැකියි.ඇසේ උෂ්ණ ගති , රෝග මතුවිය හැකි අතර පාදයේ ද රෝග ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2018 ඔක්තෝම්බර් දක්වා ගෙවෙන්නා වූ කාලය විශේෂයෙන් අසුබදායක වන අතර දැනට ගෙවෙනා කාලයද යහපත් නැත.විවාහ දිවියේ ගැටලුකාරී තත්වයන් සහ සහකරු සහකාරිය සම්බන්ධ සෞඛ්‍ය දුබලතා ඇතිවේ.ලැබීම අඩු කාලයයි.සහෝදර සහෝදරියන් හේතුවෙන් ගැටලු මතුවේ.ප්‍රධානීම් සමග ගැටලු ඇතිකරගනී.රැකියාව දුෂ්කරවේ.කාර්‍යාබහුල බවක් මතුවේ.රැකියාව හෝ ආදායම් සම්බන්ධ කටයුතු නිසා අනෙක් වගකීම් මගහැරී යයි.දරුවන් සම්බන්ධව අයහපත්වේ.ඉගෙනීම් සම්බන්ධව පැවති උනන්දුව උත්සහය අඩුවේ.හිතමිත්‍රයන් සමග මතබේධ ගැටලු මතුවිය හැකිය.ඔවුන්ගේ ගැටලු හේතුවෙන් තමන්ටද ගැටලු ඇතිවේ.මුදල් අවශ්‍යතා තදින් දැනේ.නයවීමට සිදුවිය හැකියි.උගස් තැබීම් , විකිණීම් සිදුවිය හැකිය.සිතේ තද තන්නහවක් ඇතිවන අතර ඒ හේතුවෙන්ම ලැබීමට පැවති ලාබයද නොලැබීයයි.තම ඕනෑ එපාකම් පිලිබදව මිස අනෙකා පිලිබදව තැකීමක් නොකරයි.එමෙන්ම ඉදිරි ඔක්තෝම්බරය දක්වා වූ ලාකය තුල තම තත්වය ගෞරවය සම්බන්ධව ගැටලු ඇතිවේ.රහස් වැඩ කටයුතු ඇතිවේ.රහස් හෙලිවීමක් සිදුවියට හැකිය.විවාහය සම්බන්ධව කර්මගත අසුබ බලපෑම් ඇතිවේ.විවාහ දිවියේ ගැටලු ඇතිව කල් ගෙවන අය අතරේ සැකය වර්ධනය වන අතර රහස් සබදතා හිතවත්කම් ඇතිවෙයි.මුදල් සම්බන්ධව ඉදිරි කාලයේ විශේෂ ගැටලු මතුවනවා ඇත.එමෙන්ම නීතිමය ගැටලු ආදියත් අනෙකාට යටත්ව කටයුතු කිරීමට සිදුවීමත් , පවුලේ වැඩිහිටියන් සම්බන්ධව අසුබ අසන්නට ලැබීමත් සිදුවිය හැකිය.රෝහල්ගතවීම් සහිතයි.ඇසේ කටේ මුහුණේ නාසයේ රෝග ආසාධන ඇතිවෙයි.බෝවන රෝගයන්ට පහසුවෙන් ලක්වේ.ඩෙංගු වැනි උණ තත්වයන් වැලදිය හැකිය.ඉතා ප්‍රවේසමෙන් යුතුව 2018 ඔක්තෝම්බර් දක්වාම කාලය ගතකලයුතු වේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබද දැනට ගෙවමින් ඇත්තේ තද මානසික පීඩා සිත් තැවුල් කේන්තිය කෝපය සහිත කාලයකි.ඉදිරි කාලය තුල දරුවන් සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකිය.දරුවන් සම්බන්ධව වෙනදාට වඩා සැලකිලිමත්ව කාලය ගතකල යුතුය.තමා අවිවේකී වෙයි.වෙහෙසකර කටයුතු යෙදෙනවා ඇත.ගෘහ මානසිකත්වය බිදවැටීම් සහිත වෙයි.මව පියා වැඩිහිටියන් සමග මතබේධ මතුවේ.හිතුවක්කාර බවක් ඇතිවේ.ඉගෙනීම් කටයුතු අතපසුවේ.වෙනදා පැවති උනන්දුව උත්සහය අඩුවේ.ප්‍රධානීන් සමග ආරවුල් ඇතීය හැකිය.මුදල් සම්බන්ධව නිශ්ඵල වියදම් සිදුවේ.වියදමට මුදල් අඩුපාඩු ඇතිවේ.තන්නහව ඊර්ෂ්‍යා සහගත බවක් මතුවෙයි.කෙසේ නමුත් දරුඵල ලාබ බලාපොරොත්තුවෙන් සිටිනා අයටත් , අධ්‍යාපණික විභාග ආදියට ඉදිරිපත්වන්නන්ටත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇත.ලෝබ කමින් මුදල් ඉපයීමට , දියුණුවට වෙහෙස නොබලා කටයුතු කරණු ඇති අතර සාර්තකත්වයන්ද ලැබීමට හැකිය.මුදල් ඉපයීම යහපත් වන නමුත් උපයාගත් මුදලින් නිසි ඵලප්‍රයෝජන ලැබීම අපහසු වනු ඇත.උදරගත රෝග මතුවිය හැකිය.විශේෂයෙන් කාන්තා පාර්ශවය උදරගත රෝගයන්ට ලක්වෙයි.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබද කාර්‍ය බහුල තත්වයකින් කාලය ගෙවයි.හිතුවක්කාර ගති පැවතුම්ද යම් යම් අවස්තාවලදී සිතේ බිය සැකය සහ චකිතය ඇතිවිය හැකිය.විවාහයේ වගකීම් තමාගෙන් දුරස්විය හැකිය.රැකියාවට කොටුවීමට , සිරවීමට , එහි වගකීම් වැඩිවීමට අවස්තාව පවතී.එමෙන්ම රැකියා ගැටලු පවතින අයගේ ගැටලු තවදුරටත් පවතිනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.රෝහලට පොලීසියට හෝ රෝගියෙකු බැලීමට සිදුවනු ඇත.අනුන්ගේ ගැටලු තමන්ගේ කරගෙන කටයුතු කරන්නට සිදුවේ.මුදල් සම්බන්ධව අනවශ්‍ය වියදම් හෝ නොසිතූ වියදම් සිදුවේ.කරනා බොහෝ කටයුතු වලට බාධක ඇතිවෙයි.හිතමිත්‍රයන් සමග අමනාපකම් ගැටලු ඇතිවේ.දේව විස්වාසය ඇතිවේ.දරුවන් සම්බන්ධයෙන්ද යහපත් නැත.ඔක්තෝම්බර් 26 වනදායින් පසුව තරමක සහනදායී බවක් ඇතිවූවත් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල ඉදිරියට වසර හතයි මාස හයක් දක්වා පවතී.මේ අනුව ක්‍රමයෙන් ජීවිතයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.කල් පවතින උදරාබාධ , වාත වේදනා කැක්කුම් , අස්ති ආබාධ , පාදයේ සහ ඇසේ පෙණීමේ දුබලතා ඇතිවෙයි.කරන කියන කටයුතු තුල අවසාන ප්‍රතිඵලය නිශ්ඵල වියහැකිය.විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටිනා අයගේ බලාපොරොත්තු සඵල වන අතර විවාහ අපේක්ෂිතයන්ගේ අපේක්ෂා ඉටුවේ.

කුම්භ ලග්නය 

කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඉදිරි කාලය බොහෝ දුරට යහපත්වේ.දැනට ගෙවෙනා කාලය තුල තරමක පීඩාකාරී බවක් ඇතිවූවත් ඉදිරියේදී ක්‍රමයෙන් යහපත් තත්වයක් ඇතිවේ.රැකියා බලාපොරොත්තු ඉටුවන නොවන තරමේ පවතී.රැකියා කරනා අය රැකියාවේ වගකීම් තුල සිරවේ.නිදහස් අඩු වෙයි.නමුත් ශරීරයේ අලසගති , කම්මැලි ගති ඇතිවෙයි.සතුරන් හෝ අමනාපකරුවන් ඇතිවිය හැකිය.විස්වාසය බිදවැටෙනා සිදුවීම් සිදුවිය හැකිය.නිශ්ඵල වියදමක් හෝ හදිසි පාඩුවක් ඇතිවීමට අවස්තාව පවතී.සිතට කේන්තිය කෝපය හෝ මානසික අසහනකාරී බවක් ඇතිවනු ඇත.සහෝදර සහෝදරියන් සමගද වැඩිහිටියන් සමගද මතබේධ අමනාපලම් ඇතිවේ.කෙසේ වෙතත් ඉදිරි කාලය යහපත්වේ.බලාපොරොත්තු ඉටුවේ.දියුණුවට අවස්තාව සැලසේ . දේපල කටයුතු නිරවුල්වේ.පවුලට නව සාමාජිකයන් ලැබේ.උත්සව අවස්තා යෙදේ.විවාහය සිදුවේ.දරුඵල ලාබ ලැබේ.ඉගෙනීමෙන් යහපත් උසස් ප්‍රතිපල ලැබේ.නව වැදගත් හිතමිත්‍ර සබදතා ඇතිවේ.සතුරා මිතූරු වෙයි.තමා සම්බන්ධව පිලිගැනීමක් වටිනාකමක් හිමිවනවා ඇත.උදරගත රෝග ඇතිවිය හැකිය.වියලි ගති ශීත ගති හේතුවෙන් උදරගත සෞඛ්‍ය තත්වය නිතර වෙනසකට ලක්විය හැකිය.රෝහල්ගතවීමක් සිදුවිය හැකිය.

මීන ලග්නය

ඔබට දැනට ගෙවෙනා කාලය තුල කේන්තිය කෝපය තද මානසික පීඩනය ආදී තත්වයන් ඇතිවේ.දරුවන් සම්බන්ධයෙන් ගැටලු ඇතිවේ.හිතමිත්‍ර සබදතා බිදවැටීමකට , වෙනසකට ලක්වීමකට අවස්තාව පවතී.එමෙන්ම ඒ හරහාම තම තත්වය ගෞඅරවය පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.රහස් හෙළිවිය හැකිය.නිෂ්ඵල වියදම් හදිසි වියදම් සිදුවේ.අසරනය යන් යැයි සිතා පරිත්‍යාග සිදුකරයි.උදව් උපකාර කරන්නට සිතේ.නමුත් එයට පවත්නා හැකියාව අඩුවේ.රැකියාවේ දුෂ්කරතාවයන් ඇතිවේ.රැකියා හිමිවීම් හෝ මෙතෙක් පැවතියාට වඩා දුෂ්කර ආකාරයේ රැකියා ලැබිය හැකිය.රැකියාව හේතුවෙන් දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.පියාට සහ පිය පාර්ශවයේ ඤාතීන් සම්බන්ධව අයහපත්වේ.අමතකවීම ඇතිවේ.බුද්ධිය දුර්වලවේ.හදිසි තීන්දු තීරණ මත කටයුතු සිදුවේ.තමාගේ කැමැත්තට පමණක් අවස්තාව හිමිවේ.ඉගෙනීම් සම්බන්ධව අලස ගති කම්මැලි ගති ඇතිකරයි.නිදිමත ගති ඇතිවේ.ඉගෙනීම් සම්බන්ධව අමතර වියදම් දැරීමට සිදුවෙයි.ඔක්තෝම්බර් 26 වනදායින් පසුව ජීවිතයේ තරක දුෂ්කර කාලයක් උදාවේ.සැපය සනීපය අඩුවී යයි.මානසික සහනය අඩුවෙයි.ස්තානීය ගැටලු ඇතිවිය හැකිය.දේපල අයිතිවාසිකම් සම්බන්ධව ගැටලු මතුවනු ඇත.එමෙන්ම සෞඛ්‍ය තත්වය දුර්වලවේ.ප්‍රතිශක්තිය දුබල වෙයි.පහසුවෙන් ලෙස රෝග ඇතිවේ.උදරගත රෝග , වස විස ශරීරගතවීම් , සතා සිව්පාවාගෙන් හානි ඇතිවිය හැකිය.බෝවන රෝගයන්ට වෛරස් උණ තත්වයන්ට ලක්වීමට අවස්තාව පවතී.ඩෙංගු වැනි උන ඇතිවිය හැකි කාලයකි.





















































sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
0712764440

Post a Comment

0 Comments