2017 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

2017  සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

ශ්‍රීමත් ශාලි වාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1939 වැන්නෙන් මතු විශ්ණු විංශතියට අයත් පිතර යුග පංචාබිදයෙහි ප්‍රථම සංවත්සර භේද නාමධාරී  " වහ්නි " දේවතාධිපති " හෙමලම්බී " නම් මෙම වර්ෂය වනාහී මීන රවි 31 භාග වූ බක්මස අව තියවක තිථිය ලත් ගුරු දින මධ්‍යම උදයාදී පැය 49 විනාඩි 45 ට හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 2017 වැන්නෙහි බක්මස 14 වන සිකුරාදා පූර්ව භාග 2 - 04 ට ශණි හිමි මකර ලග්නය  රවි හිමි සිංහ රාශ්‍යාර්ධය , බුධ හිමි කණ්‍යා දෙර්කාණය සදු හිමි කටක නවාංශකය , බුධ හිමි කන්‍යා ද්වාදශාංශකය  හා කුජ හිමි වෘශ්චික ත්‍රීංශාංශකයද යන ෂඩ් වර්ගයද විසා නැකතේ තුන්වෙනි පාදය ද , සිද්ධි යෝගයද , වණිජ කර්ණය ද , ශණි හිමි තත්කාල හෝරාවේ ශණි හිමි පංචම කාල හෝරාවද , ශණි සූක්ෂම හෝරාවෙන්ද සම්බව හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිද්ධවනු ලැබේ.

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රියෙල් මස 12 වන බදාදා දින කොහොඹ යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ටදේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව 

අප්‍රියෙල් මස 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 2 - 04 ට නොහොත් අප්‍රියෙල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 2 - 04 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය

අප්‍රියෙල් මස 13 වන බ්‍රහස්පතින්දා අපර භාග 7 - 40 සිට අප්‍රියෙල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8 - 28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රියෙල් මස 13 වන බ්‍රහස්පතින්දා අපර භාග 7 - 40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 2 - 04 ට හෙවත් 14 වන සිකුරාදා දින පූර්ව භාග 2 - 04 සිට පූර්ව භාග 8 - 28 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිසීම , වැඩ ඇල්ලීම , ගණුදෙණු කිරීම හා ආහාර අණුභවය ආදී චාරිත්‍ර විධි ද ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රියෙල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 5 - 41 ට රන්වන් පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී උතුරු දිසාව බලා ලිප බැද ගිණි මොළවා ගිතෙල් හා හකුරු මුශ්‍ර කිරිබතක්ද , අග්ගලා සහ කැවිළි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම , ගණුදෙණු කිරීම සහ ආහාර අණුභවය

අප්‍රියෙල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 7 - 05 ට සුදු නිල් පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා , ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම 

අප්‍රියෙල් මස 15 වන සෙනසුරාදා දින නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 11 - 04 ට උතුරු දිශාව බලා හිසට නුගපත්ද , පයට කරද පත් ද තබා තෙල් සහ නුග යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කරනු මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යාම

අප්‍රියෙල් මස 17 වන සදුදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබත් සහ කැවිළි වර්ගයක් අනුභව කර පූර්ව භාග 6 - 28 ට උතුරු දිශාව බලා රැකීරක්ෂා සදහා පිටත්ව යාම මැනවි.

 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර


සැලකිය යුතුයි - ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්මේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

Post a Comment

0 Comments