මොළය සහ මනස දෙකක් නොව එකක් ලෙස දැක්‌වීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මේ පිළිබඳව අදහස් දක්‌වන කාලෝ ෙµdන්සේකා මහතා ‘ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්‌කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස් මොළයයි’ යනුවෙන් සඳහන් කරයි. මෙහි දුහුවිල්ලෙන් සැදුණා යෑයි සඳහන් කිරීම දෙවියන් වහන්සේ දුහුවිල්ලෙන් මිනිසා මැව්වාය යන කියමන හා සමාන වෙයි. ඒ අනුව අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීමද ඔවුහු පිළිගනිති. තවදුරටත් කරුණු දක්‌වන කාලෝ ෙµdන්සේකා ‘බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස් විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස් මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස් මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.’ මෙහිදී හිපොක්‍රොටිස් පවසන්නේ මනස හා මොළය එකක් ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක් ලෙස පිළිගෙන නැති බව උධෘතයෙන් පැහැදිලි වෙයි.
කාලෝ ෙµdන්සේකා පවසන්නේ අප ජීවත්වන මුළු විශ්වය පිළිබඳව තොරතුරු, දැනුම ලබාගෙන අවබෝධයක් ඇතිකරවනු ලබන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන බවයි. ඔහු අප ලබන සතුට, දුක, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සියලු හැඟීම් මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව හා භාෂාමය කුසලතාවද ඇතිවන්නේ මොළයේ හාස්‌කම් නිසා බව අවධාරණය කරයි. එහෙත් ඒ සියල්ල මනසේම ක්‍රියාකාරීත්වයක් බව බුදුදහමට අනුව පැවසිය හැකිය. තවදුරටත් ඔහු අවධාරණය කරන්නේ විඤ්Æණය ජනිත වන්නේද අපේ මොළයේ මහිමයෙන් බවයි. මේ කියමන් සියල්ල නවීන විද්‍යාවට අනුව සාක්‌ෂි සහිතව ඔප්පු කළ හැකි වූ බවද ඔවුහු පවසයි.
මේ කියමන් සියල්ලම නවීන විද්‍යාවට අනුව සාක්‌ෂි සහිතව ඔප්පු කළ හැකි වූ බවද ඔහු පවසයි. මේ පිළිබඳව ඔහු තවදුරටත් මෙසේ පවසයි.
‘ඒ මතවාදය සම්පිණ්‌ඩනය කර කියතොත් ඒ කාලයේ සිටි බෙහෝ දාර්ශනිකයන් පැවැසුවේ මනස යනුවෙන් මොළයට පරිබාහිර වූ ද්‍රව්‍යමය නොවූ මනසක් හෙවත් ආත්මයක් මිනිස් සිරුරේ අන්තර්ගත වන බවයි.’ යනුවෙනි. මෙහිදී පෙර අපර දෙදිග චින්තකයන් හා දාර්ශනිකයන් පිළිගත් දෙයක් ලෙස මෙම මතය ඔහු ඉදිරිපත් කර ඇත. එවැනි මත ඉදිරිපත් කළ දාර්ශනිකයන් නොසිටියා නොවේ. එහෙත් විශ්වය නුවණින් විනිවිද දුටු ගෞතම බුදුන් වහන්සේ මනස ගැන දේශනා කර ඇතත් එය ආත්මයක් බව දේශනා කළේ නැත. මොලයට පරිබාහිරව පවතින මනසෙහි ස්‌වභාවය උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළහ. භෞතිකවාදී වූ කාලෝ ෙµdන්සේකා මහතා බුදුදහම ගැනද කතා කරතත් බටහිර විද්‍යාවට අනුව බුදුදහම විග්‍රහ කරනු විනා බුදුදහමෙහි එන ගැඹුරු තැන් අවබෝධ කරගෙන ඔහු එම විග්‍රහයන් නොකරන බව පැහැදිලි කරුණකි.
ඔහුගේ තවත් ප්‍රකාශයක් මෙසේය. ‘ඒ මනස කාර්යයන් පහක් ඉටු කරන බව බටහිර දාර්ශනිකයෝ දැඩිව විශ්වාස කළහ. ඒ කාර්යයන් පහ මෙසේය.
1. සිතුවිලි ජනිත කිරීම
2. හැඟීම් ඇති කිරීම
3. ස්‌මරණය හෙවත් මතක තබා ගැනීම
4. සංවේදී ඉන්ද්‍රියයන් මගින් අවට ලෝකය ග්‍රහණය කර ගැනීම හෙවත් සඤ්Æණය
5.යමක් සිතා මතා කිරීම හෝ නොකිරීම
මනස විසින් ඉටුකරනු ලබන මේ ක්‍රියාවලි පහෙන් හතරක් මොළයේ කාර්යයන් බව සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බව ද ඔහු පවසයි. එහෙත් බුදුදහමට අනුව නම් මේවා මොළයේ කාර්යයන් නොව මනසේ කාර්යයන්ය. කාලෝ ෙµdන්සේකා වැනි බටහිර විද්‍යාව දේවත්වයෙන් සලකන උගතුන් කොපමණ උත්සාහ කළත් මොළය හා මනස එකක් ලෙස හෝ සිතවිලි ජනිත කිරීම වැනි ක්‍රියාවලි මොළයේ ක්‍රියාවන ලෙස හෝ ඔප්පු කළ නොහැක.
ඔහු ඉංග්‍රීසි බසින් දක්‌වන පාඨයක් සිංහල බසින් වැරැදි ලෙස පරිවර්තනය කර ඇත. ඔයෑ පසබා සි seඑ දෙ දචැර්එසදබි ජ්රරසැd දමඑ ඉහ එයෑ ඉර්සබ මෙය සිංහලෙන් දක්‌වා ඇත්තේ ‘මනස යනු මනසේ සිදුවන ක්‍රියාවලි සමුදාය බවයි’ යනුවෙනි. එහෙත් එය සිංහලෙන් කිව යුතතේ මනස යනු මොළයේ ක්‍රියාවලි සමුදායක් යනුවෙනි. මෙසේ ඉංග්‍රීසි බසින් කියන දේ නිවැරැදි සිංහලෙන් කීමට හෝ මේ මහාචාර්යවරයා සමත්වී නැත.
බුදුරජාණන් වහන්සේ මොළය ගැන සඳහන් කරන්නේ ‘මත්ථලුංගං’ යනුවෙනි. මනස හැඳින්වීමට ‘චිත්ත, විඤ්Æණ’ වැනි වචනද භාවිත කර ඇත. ‘චිත්තේන නීයති ලෝකෝ’ යනුවෙන් උන්වහන්සේ ලෝකය මෙහෙයවනු ලබන්නේ සිතින් බව පැවැසූහ. ‘දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං’ යනුවෙන් සිත දුර ගමන් යන සිරුරක් නැති හුදකලාව හැසිරෙන ගුහාවෙහි හෙවත් ශරීර කූඩුව තුළ රැඳෙන ස්‌වභාවයක් බව දක්‌වා තිබේ. එම සිත ද එක දිගට පවතින්නක් නොව හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මය අනුව ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් අනිත්‍යතා ලක්‌ෂණය මත ක්‍රියාත්මක වන්නක් බව දහමට අනුව කිව හැකිය. මනස හා මනසේ ක්‍රියාවලිය මෙසේ ඉතා පැහැදිලිව බුදුදහමෙහි සඳහන් වෙද්දී එය පිළිනොගෙන හෝ ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිව බුදුදහම ගැනද කතා කරන කාලෝ ෙµdන්සේකා මහතා මොළය හා මනස පිළිබඳව බටහිර විද්‍යාව ඔස්‌සේ යමින් විග්‍රහ කිරීමට යාම නිවැරැදි දෙයක් නොවන බව අවධාරණය කරමි.
ඔහුගේ තවත් අදහසක් නම් මරණය යනු මොළයේ මරණය බවයි. බටහිර විද්‍යාත්මකව යන්ත්‍ර සූත්‍රවලට හසු වෙන පරිදි ඔහු එසේ පවසනවා විය හැකිය. එහෙත් බුදුරජාණන්
වහන්සේ මෙසේ වදාරති. ‘අචිරං වතයං කායෝ පඨවිං අධිසෙස්‌සති ඡුද්ධෝ අපේත විඤ්Æණෝ නිරත්ථංව කලිංගරං’ මේ සිරුර නොබෝ කලකින් මනස විසින් බැහැර කරනු ලැබුවේ හෙවත් මනස ඉවත් වූයේ වැඩකට නැති සොහොන් පෙනෙල්ලක් මෙන් මහ පොළොව මත ඇද වැටෙයි යන දේශනාවෙන් පැවසෙන පරිදි අප වටහාගත යුත්තේ මරණය යනු සිරුර මනස විසින් බැහැර කිරීමෙන් හෝ සිරුරෙන් මනස බැහැර වීමෙන් මරණය සිදුවන බවයි. එසේ වුවද සිරුරෙන් සිරුරට හෝ තැනකින් තැනකට ගමන් කරන දෙයක් ලෙස මනස වටහා ගත යුතු නැත. කලින් සඳහන් කළ පරිදි මනසද හේතුපත්‍රH න්‍යාය ධර්මයට අනුව අනිත්‍යතා දර්ශනය මත ක්‍රියාත්මක වන්නක් බව අප හොඳින් වටහාගත යුතුය.
බුදුදහම ගැන නොදන්නා හෝ ඒ ගැන කතා නොකරන පංෙච්න්ද්‍රියන්ට ප්‍රත්‍යක්‍ෂ වන පර්යේෂණ මගින් කරුණු වටහා ගැනීමට උත්සාහ දරන බටහිර විද්‍යාඥයන් මනස හා මොළය එකක් ලෙස වටහාදීම (එම විග්‍රහය වැරැදි වුවද) ඔවුන්ගේ නොදැනුම මත බැසගත් නිගමනයක් බව කිව හැකිය. එහෙත් බුදුදහම ගැනද කතා කරමින් මනස හා මොළය එකක් ලෙස හුවා දැක්‌වීමට උත්සාහ දරන කාලෝ ෙµdන්සේකා වැන්නන්ගේ විග්‍රහයන් අපි තදින්ම හෙළි දකිමු. මනස හා මොළය එකක් නොවන බවත් මරණය යනු මොළයේ නොව සිරුරින් මනස බැහැරවීම බවත් අවධාරණය කරමු. එම බැහැර වීමද තිබුණු මනස තවත් තැනකට යාමක් නොව හේතු ප්‍රත්‍ය වශයෙන් බැහැර වීමක් බව වටහා ගත යුතුය.
බටහිර විද්‍යාව මිනිසාගේ පහසුව තකා යම් යම් දේ නිර්මාණය කළ බව සැබෑවකි. එසේම සිරුරට ඇති වන ලෙඩ රෝග මර්දනය කිරීම සඳහා ද ඔවුන් ප්‍රතිකාර සොයා ගෙන ඇත. ශල්‍යකර්ම වැනි දේ බටහිර විද්‍යාව බිහිවෙන්නට පෙරද පැවැති බව ඉතිහාසය දන්නෝ දනිති. ඒ නිසා බරහිර විද්‍යාවෙන් සිදුකළ අමුතු වික්‍රමයක් නැත. ඔවුන් කරන භෞතික විද්‍යාත්මක පර්යේෂණ මගින් කිසිදා මනස හඳුනාගැනීමට හෝ මනස පිළිබඳ විග්‍රහ කිරීමට ද ඔවුන්ට නොහැකි වනු ඇත. මනස හා මොළය එකක් ලෙස හැඳින්විය හැක්‌කේ ‘මොළයේ අවුල් වූ අයට’ පමණි. නැතහොත් බටහිර විද්‍යාව දේවත්වයෙන් අදහන අයට පමණි.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
0 Comments