ගුරු මාරුව 2016 අගෝස්තු 11


2016 අගෝස්තු 11 වන ගුරු දින ( බ්‍රහස්පතින්දා ) පස්වරු 6 - 38 ට නවග්‍රහයන් අතර ප්‍රමුඛ සුබ ග්‍රහයෙකු වන ගුරු ග්‍රහයා මෙතෙක් ගමන් කල සිංහ රාශියේ සිට බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම සිදුවේ.මෙලෙස කන්‍යා රාශිගතවන ගුරු වසරක පමණ කාලයක් කන්‍යා රාශියේ ගමන් කරයි.ගුරු මාරුවත් සමග සියලුම ලග්න හිමියන්ට කිසියම් ආකාරයක සුබ තත්වයක් ඇතිකරවයි.මෙතෙක් පාපී රාහු සමග සිංහ රාශියේ ගමන් ගත් ගුරු රාහුගේ පීඩාවෙන් නිදහස්වීමම සුබ තත්වයක්වේ.ගුරු මාරුව සමග ඒ ඒ ලග්නයෙන් උපන් ඔබට ඇතිවන සුබාසුබ ප්‍රතිඵලයන් සාපේක්ෂ වශයෙන් පහත ආකාරයෙන්වේ.

මේෂ ලග්නය - 

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නේ ගුරු ගමන් කිරීම යහපත් නැත.තම බිරිදගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් හෝ තමන් ඇසුරු කරන්නන්ගෙන් තමන්ට සිතට සතුට ඇතිවන කරුණු ඇතිනොවේ.ගෘහ ජීවිතය තුලම තම සිත පීඩාවට පත්වන කරුණු ඇතිවේ.ලෞඛික සැපත පිලිබදව කලකිරීම් ආදිය ඇතිකල හැකිය.හිතවතුන් සමගම සතුරුකම් ඇතිවේ.සතුරන් ඇතොත් ඔවුන්ගෙන් ඔබට පීඩා කරදර සිදුවේ.දූ දරුවන්ට අසනීපාදී කරදර ඇතිකරවයි.සිතට සතුටක් ප්‍රිතියක් ගෙනා අයෙකුගෙන් වෙන්වීමක් සිදුවිය හැකිය.ස්තානීය වෙනස්කම් ඇතිවේ.තම තත්වය වෙනස්විය හැකිය.කෙසේ නමුත් තත්වය ගෞරවය සම්බන්දව ඇතිවෙමින් පැවති ගැටලු තරමක් දුරට හෝ සමනය වී යනු ඇත.තදින් වෙහෙස මහන්සිය ඇතිකරවයි.තම උගත් දෙයින් ප්‍රයෝජන ගන්නා කාලයකි.ඒ සම්බන්දව , විශේෂයෙන් ස්වයන් රැකියා ආදියෙන් විශේෂ ලාබ ලැබිය හැකිය.තමාගේ උගත්කම් අනුව රැකියා බලාපොරොත්තුවක් පැවතියේ නම් ඒ සදහා ඉල්ලුම් කිරීමට යහපත්ය.රැකියා අවස්තා උදාවනු ඇත.ආගමික කටයුතු සදහා සම්බන්දවීමටත් දුරපලාත්හි වන්දනා ගමන් ආදියත් යෙදෙනු ඇත.ඤාතීන් සමග සබදතා වර්ධනයවේ.



වෘෂභ ලග්නය - 

ඔබට ගුරු පස්වැන්නට පිවිසීම යහපත්ය.ඉගෙනගන්නා දුවා දරුවාගේ සිට සියලු දෙනාට ඒ ඒ තත්වයන් අනුව සුබඵල ඇතිකරවයි.ඉගෙනීම් යහපත්වේ.ප්‍රේම සබදතා ශක්තිමත්වේ.නව සබදතා ඇතිවේ.නව සමාජ ඇසුරක් ඇතිවේ.තරග විභාගාදියෙන් යහපත් ප්‍රතිඵල ඇතිකරවයි.දරුඵල බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු ඉටුකරගැනීමට සුබදායක කාලයකි.ස්තානීය වෙනස්කම් යෙදෙනු ඇත.දුර බැහැර සංචාරක ගමන් යෙදේ.රැකියා අවස්තා සදහා යහපත් වන අතර රැකියා මාරු ඇතිකරවයි.හවුල් ව්‍යාපාරයන්ගෙන් යහපත් ඵල ලැබේ.නව ඉගෙනීම් සහ නව දැනුමක් පිලිබදව ඉගෙනීමට සොයා බැලීමට සිත යොමුවේ.දානමාන පුණ්‍ය කර්ම යෙදෙනවා ඇත.දෙමාපියන්ට තම දරුවන් සමග සබදතා ශක්තිමත්ව පවත්වාගෙන යා හැකිය.බැදීම් තරවේ.අධික වියදම් යෙදෙනවා ඇත.අනුන්ගෙන් උදව් උපකාර මගපෙන්වීම් ලැබෙනා කාලයකි.



මිථුන ලග්නය -

මිතුන ලග්නයෙන් උපන් ඔබට ගුරු සිව්වැන්නට පැමිණීම සුභාසුබ මිශ්‍රඵල ඇතිකරවයි.රැකියාව සහ ආධායම් පිලිබදවත් , ගෘහ ජීවිතය සහ මානසික ශක්තිය පිලිබදවත් දුර්වලතා මූලිකව ඇතිකල හැකිය.නමුත් එම ගැටලු දුර්වලතා නිසි ලෙස විසදාගෙන නැවත සිටි ආකාරයට වඩා යහපත් තත්වයක් ඇතිකරගැනීමට අවස්තාව සැලසේ.ශරීරයේ විශේෂ දුර්වලතාවයක් මතුවිය හැකිය.නව නිවාස දේපල කටයුතු ආරම්බවේ.මිලදී ගැනීම් විශේෂයෙන් යෙදෙන කාලයක් වන අතර තමාට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්තාව සැලසුනත් පාඩු , වැඩි වියදම් ආදිය යෙදෙනවා ඇත.වන්දනා ගමන් දුර බැහැර ගමන් , පිට පලාත් සමග සබදතා ඇතිවේ.ආගමික කටයුතු , පිනට දහමට අවස්තාව සැලසේ.තම නිවසට නෑ හිතවතුන් විශේෂයෙන් පැමිණෙන කාලයකි.වැඩිහිටි උපදෙස් ආදිය ලැබේ.ඔබට ඔවුන් වදයක් විය හැකි කාලයකි.උසස් ඉගෙනීම් සදහා යොමුවීමට අවස්තාව ලැබේ.වාහන ලාබ ලැබිය හැකිය.



කටක ලග්නය - 

කටක ලග්නයෙන් තුන්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.අසල්වැසියන් සමග සබදතා වෙනදා පැවතියාට වඩා තරවන අතර හිතවත්කම් වැඩිවීම නිසාම ගැටලු ඇතිකරවයි.පදිංචියේ වෙනසක් ඇතිවිය හැකිය.නිවසේ පරිසරය තමාට පීඩාකාරීවේ.දියුණුවට බාධා ඇතිවේ.අගහිගකම් ඇතිවිය හැකිය.තත්වය ගෞරවය පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.මතකය වර්ධනයවේ.තරග විභාග ආදියට ඉදිරිපත්වීමට සුදුසු කාලයකි.තම ඤාතීන් සමග පවත්නා සබදතා දුරස්වේ.ඤාතියෙකුගේ වියෝවක් යෙදිය හැකිය.හදිසි මුදල් හානි යෙදේ.කෙටි ගමන් බිමන් නිතර ඇතිවේ,කතා කරමින් කාලය ගතකිරීමට යොමුවිය හැකිය.සහෝදර සහෝදරියන්ගේ මංගල අවස්තාවන්ට සහභාගී වීමට , ඒ සදහා කටයුතු කිරීමට සිදුවේ.ඔබ පිලිබදව නරක ආරංචි පැතිරීමටත් බලාපොරොත්තු නොවූ ආකාරයක අපහාසයක් , උපහාසයක් ඇතිවීමටත් ඉඩතිබේ.



සිංහ ලග්නය - 

සිංහ ලග්නයෙන් දෙවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.තම තත්වයේ ගෞරවයේ කිසියම් ගැටලිකාරී අයහපත් බවක් ඇතිව තිබුණේ නම් එම තත්වයන් යහපත් අතට හැරේ.වෙනදාට වඩා බුද්ධිමත් බවක් ඇතිකරවයි.ආර්තික වශයෙන් යහපත් කාලයකි.ලාබ ලැබිය හැකි කටයුතු සදහා ඉදිරිපත්වීමට , මුදල් ආයෝජනය කිරීමට යහපත් කාලයක් වන අතර ඒ සදහා සුදුසු වටපිටාවක් සහ ආර්තිකමය වශයෙන් ශක්තියක් ලැබෙනු ඇත.ඤාති හිතමිත්‍ර සබදතා ශක්තිමත්වේ.උත්සව අවසතාවන් යෙදේ.පිලිගැනීමක් සහ වටිනාකමක් ඇතිවන කාලයකි.හදිසි ලාබ ලැබිය හැකිය.සුදුසු වයස නම් විවාහය සදහා කටයුතු සූදානම්වේ.ප්‍රේම සබදතා ඇතිවේ.සමාජයට ප්‍රිය තාවයක් ඔබ පිලිබදව ඇතිවන කාලයයි.අසනීප දුක්පීඩා ආදිය පැවතියේ නම් එයින් නිදහස්වීමට , සුව වීමට අවස්තාවක් සහිත කාලයකි.



කන්‍යා ලග්නය -

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නස්තානයට ගුරුගේ පැමිණීම සිදුවේ.ගුරු ලග්නයේ ගමන් කිරීම යහපත් යැයි කිසිම ජ්‍යෙතිෂය පොතක සදහන් වන්නේ නැත.එහෙත් උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්වය අනුව සුබාසුබ මිශ්‍රඵල ඇතිවන බව දැකතිබේ.පැවති කරදරකාරී තත්වයන්ගෙන් මිදීමට අවස්තාවක් සුලුවෙන් හෝ ඇතිවේ.රැකියාවේ කිසියම් වෙන්සක් ඇතිකරවයි.ස්තාන මාරුවක් හෝ රැකියා ස්තානීය සතුරන් ඇතිවිය හැකිය.ගෘද ජීවිතය එතරම් යහපත්වන්නේ නැත.සමාජයේ පිලිගැනීමක් ඇතිවන අතරම , තවත් පිරිසකගේ අප්‍රසාධය ඇතිකල හැකිය.ඊර්ෂ්‍යා කාරයන් ඇතිවේ.විශේෂ අසනීප තත්වයක් හෝ සතුරු කරදරයක් නිසා සිතේ දෙගිඩියාවක් අවිනිශ්චිත ගතියක් ඇතිකරවයි.ගුරු මාරුව සිදුවී මුල් මාස හයක පමණ කාලය බලවත් අසුබ නැතත් අග මාස හයක කාලය යහපත් වන්නේ නැත.පිලිගැනීමට තත්වයට ගෞරවයට හානි ඇතිවිය හැකිය.ඉගෙනීම් අතපසුවීමට භාහිර බලපෑම් ඇතිකරව්යි.දුර බැහැර ගමන්යෙදේ.අධික වියදම් යෙදෙනු ඇත.තමාන්ට වඩා උසස් අය සමග අමනාපකම් ගැටලු ඇතිවේ.විශේෂයෙන් රැකියා ස්තානයේදී බුද්ධිමත්ව කටයුතු කල යුතුය.අසුබ දසා අතුරු දසා , ඒරාශ්ටකාදී අපලයන් පවතින අය විශේෂයෙන් රැකියාවේ ස්තාවර බව රැක ගැනීමට කටයුතු කල යුතුය.රැකියා අහිමිවීම් ඇතිකල හැකි කාලයකි.



තුළා ලග්නය - 

අනාගත වැඩපිලිවෙලක් සදහා මුදල් ආයෝජනය කිරීමට අවස්තා ලැබේ.නමුත් එයින් ප්‍රතිලාබ ලැබෙන්නේ කාලයත් සමග රහසෙ අසරණයන්ට පිහිට වන උපකාර කරන ඒ සදහා අවස්තා සැලසෙන කාලයකි.රහස් ගමන් බිමන් ඇති.රාගාධික කම් පවා ඇතිකරවයි.එවැනි දේ සම්බන්දවද සිත යොමුවේ.පිනට දහමට සිත යොමුවේ.වන්දනා ගමන් ඇතිවේ.ආගමික කටයුතු සදහා තම දනය වියදම්වේ.අනුකම්පාගති වැඩි කාලයකි.එම නිසා සොයා බැලීමකින් තොරව උපකාර කරයි.රැවඊම් ඇතිවිය හැකිය.රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා අවස්තා සැලසේ.ස්තානමාරු යෙදේ.පිට පලාත් සමග සබදතා ඇතිවේ.මේ අතර තුර , කොතෙක් හොද කලත් , හොදක් අසන්නට නොලැබෙනු ඇත.ගුප්ත විද්‍යාවන් සම්බන්දව සිත යොමුවේ.එවැනි දේ අත්හදා බැලීමට , එයින් උපකාරයක් ලැබීමට , ලබාගැනීමට සිත යොමුවනු ඇත.අධික වියදම් නිසා මුදල් අත රැදෙන්නේ නැත.



වෘශ්චික ලග්නය - 

වෘශ්චික ලග්නයෙන් එකොලොස්වැන්නට් ගුරු පැමිණීම සිදුවේ.ගුරු එකොලොස්වැන්නේ සුබදායකය.නමුත් ලැබිය යුතු නියමාකාරයේ ගුණ ලැබීම දුර්වල කරවයි.සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල 2020 දක්වාම පැවතිම අනුව තරමක් අයහපත් ප්‍රතිඵලද ඇතිකරවයි.නව මිතුර මිතුරියන් සමග සබදතා ඇතිවේ.උගත් බුද්ධිමතුන්ගේ ඇසුරත් අවවාද , මගපෙන්වීම් ලැබෙනු ඇත.විවාහ මංගල බලාපොරොත්තු ඉටුවේ.දරු සම්පත් බලාපොරොත්තු වූවේ නම් ඒ සදහා වාසනාව ලැබේ.උගත්කම් ඇතිකරගැනීමට , උසස් උප්‍රතිඵලයක් ලැබීමට හැකියාව ලැබේ.ආර්තික වාසි ලැබෙන නමුත්වියදමද ඒ හා සමානව පවතිනු ඇත.රැකියා උසස්වීමකට ඉල්ලුම් කිරීමට යහපත් කාලයකි.අසනීප , කරදර , දුක් පැවතියේ නම් ඒවායෙන් තරමකට හෝ සහනයක් ලැබිය හැකිය.සිතේ සතුටක් සැනසීමක් ජීවිතයේ කුමන අංශයකින් හෝ ඇතිවිය හැකිය.



ධනු ලග්නය -

ධනු ලග්නයෙන් දසවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවයි.කරන ඕනෑම කටයුත්තකදී වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවේ.අත්හැරිය නොහැකි වගකීම් පැවරේ.රැකියා ස්තානයේ රාජකාරී කටයුතු වැඩිවේ.අවිවේකී වන කාලයකි.අතපසුවීම් සිදුවිය හැකිය.තත්වයට ගෞඅවයට අයහපත් බලපෑමක් ඇතිකල හැකිය.හදිසියෙන් කටයුතු කිරීමනිසා නොසිතූ ගැටලු ඇතිකරවයි.රැකියා ස්තානුමාරු යෙදේ.දුර පලාත් සමග ගණුදෙනු ඇතීවේ.දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවේ.සිතේ සැනසීම අඩුවන කාලයකි.මනස ව්‍යාකූලවේ.නිතර නිතර කෙටි ගමන් බිමන් ඇතිවේ.නිවසේ පරිසරය එතරම් සහනදායී නැත.තරග විභාග ආදියට පෙනී සිටින ධනු ලග්න හිමියන් වෙනදාට වඩා මහන්සියෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කල යුතුය.තම බලාපොරොත්තු ප්‍රතිපල නොලැබීයාමක් සිදුවිය හැකි කාලයකි.



මකර ලග්නය - 

මකර ලග්නයෙන් නමවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.දුර බැහැර වන්දනා ගනම් යෙදේ.දුර පලාත් සමග යහපත් සබදතා ඇතිවේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටියේ නමෙම බලාපොරොත්තු ඉටුවේ.අධ්‍යාපනික අංශයේ ප්‍රගතියක් ඇතිකරවයි.නව අධ්‍යාපනික අවස්තා උදාවේ.බිරිදගේ හෝ ස්වාමියාගේ නෑ හිතවතුන් සමග සබදතා තර වන අතර ඔවුන්ගෙන් උදව් උපකාරද ලැබිය හැකි කාලයකි.නව ඤාති මිත්‍ර සබදතා ඇතිවේ.කාලයකට පසු පැරණි හිතමිතුරෙකුගේ හමුවීමක් යෙදේ.උසස් අයගේ පිලිගැනීමට ගුරවයට ලක්වේ.ආදායම් යහපත් උවත් වියදම ඒ ආකාරයෙන් පවතී.නමුත් මුදල් යොදවා කරන කට්යුතු තුලින් ලාබ ලැබිය හැකිය.විවාහ මංගල අවස්තාවන්ට සම්බන්ධවීමට අවස්තාව සැලසේ.ඔබගේ විවාහ බලාපොරොත්තුව ඉටුකරගැනීමට විශේෂවූ යහපත් කාලයකි.දරුසම්පත් බලාපොරොත්තුවූවේ නම් ඒ සදහාද ඉදිරියට වසරක කාලය සුබදායක වනු ඇත.



කුම්භ ලග්නය - 

ඔබට ලගනයෙන් අටවැන්නට ගුරුගේ පැමිණිම සිදුවේ.එතරම් යහපත් නැත.පවුලේ ගැටලුකාරී තත්වයන් හෝ පවුලේ අයෙකුට අසනීපාදී කරදර ඇතිකරවයි.උදරගත රෝග ඇතිකරනා කාලයකි.සිතට කිසියම් ආකාරයකින් දුකක් කණගාටුවක් ඇතිවිය හැකිය.චෝදනා අපවාද ඇතිවිය හැකිය.හදිසි අනතුරු ආදියෙන් පීඩාවට පත්විය හැකිය.අනාගතය ගැන අස්තිර සිතුවිලි පහලවේ.තම ප්‍රධානම බලාපොරොත්තුව ඉටු නොවී එය කල් පසුවෙමින් ප්‍රමාදවේ.අඹුසැමියන් අතර ආරවුල් සිත් වේදනා ඇතිවේ.ව්‍යාපාරාදියෙන් පාඩු ඇතිකල හැකිය.ඤාතීන් සමග ආරවුල් ඇතිවේ.ඔබ කාලයක් ඇසුරුකල අයෙකුගෙන් උපකාරයක් ලබාගත හැකි කාලයකි.දේපල සම්බන්දව හිමිවීමක් පැවතියේ නම් එම කටයුතු සිදුවේ.අයහපත් පුරුදු සහ ඇබ්බැහිවීම් ඇතිවිය හැකිය.ප්‍රණ බියක් ඇතිවන සිදුවීමක් සිදුවිය හැකිය.



මීන ලග්නය -

මීන ලග්නයෙන් හත්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.යහපත් කාලයකි.විවාහ මංගල අවස්තා ඉටුවේ.ඒ සදහා සුදුසුම කාලයි.සමාජයේ ගරු සැලකිලි පිලිගැනීම් ඇතිවේ.වෙනද නොපැවති පිලිගැනීමක් ඇතිවන කාලයකි.දේශපාලනයේ නියුතුවූවන්ට ජය ලැබිය හැකි කාලයකි.ඉගෙනීම් කටයුතු සාර්තකවේ.නව වෙලද ව්‍යාපාරාදියෙන් ලාබ ලැබේ.එවැනි කට්යුතු ආරම්බ කිරීමට සුදුසුම කාලයයි.නව මිත්‍ර සබදතා ඇතිවේ.මේ අතර විශේෂිතවූ ප්‍රේම සබදතා ඇතිවේ.යහපත් සමාජ ඇසුරක් ඇතිවේ.ගෘහ ජීවිතය සාමකාමීවේ.අඹු සැමි සබදතා ශක්තිමත්වේ.කම් සැප ලාබ ලැබෙනා කාලයකි.දරු සම්පත් ලාබ ලැබේ.උසස් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ඇසුර ඇතිවිය හැකි අතරම උදව් උපකාරද ලැබිය හැකි කාලයකි.සිත අයහපතට යොමුවිය හැකිය.නිදහස සහ ස්තුට නිසාම තත්වයට හානි ඇතිවිය හැකිය.


sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments