සෞභාග්‍යය ළඟාකර ගත හැකි ශාන්ති කර්මයක්‌

අප ජීවත් වන නිවෙස්‌ තුළ මෙන්ම අපගේ ව්‍යාපාරික ස්‌ථානවල නිරතුරුවම අපගේ දියුණුවට බාධා පමුණුවන පියවි ඇසට නොපෙනෙන යක්‍ෂ, ප්‍රේත, භූත ආදී නොයෙක්‌ අහිතකර අශුභ බලපෑම් පැවතීම සාමාන්‍ය සිද්ධියකි.

එවැනි අවස්‌ථාවල එකී දෝෂයන් මගහරවා ගනිමින් දියුණුව අපේක්‍ෂා කරන අප නොයකුත් ආගමානුකූල පිළිවෙත් අනුගමනය කිරීමට පෙළඹෙන්නෙමු. මේ අතර දිනපතා උදේ සවස මල් පහන් සුවඳ දුම් පූජා කර බුදුන් වැඳ සෙත් පිරිත් සජ්ජායනා කිරීමට අපි පුරුදු වී ඇත්තේ පිරිත්වල බලයෙන් නිවෙස්‌ තුළ හා ව්‍යාපාරික ස්‌ථානවල පවතින්නා වූ අශුභ දෝෂ හා බාධක විශාල වශයෙන් දුරුවන බව සත්‍යවශයෙන්ම දන්නා බැවිනි.

ඒ හා සමානවම ඉහත කී ස්‌ථානවලදී අප වෙත එල්ලවන්නා වූ එකී අහිතකර බලවේගයන්ගෙන් ඇති වන්නාවූ දොස්‌ දුරුකරගෙන සතුට සෞභාග්‍යය ළඟාකර ගත හැකි තවත් ශාන්තිකර්මයක්‌ ලෙස නිවසටත් ව්‍යාපාරික ස්‌ථානයටත් නිසි ලෙස සකසා ගත් සුවඳ ධූපයකින් දුම්දීම පෙන්වාදිය හැකිය.

මේ සඳහා සැවැන්දරා, දේවදාර, කොහොඹ කොළ, වදකහ, කපු ඇට, කටුකරෝසන, නාමල් රේණු, සුදුහඳුන්, රත්හඳුන් යන ඖෂධ වර්ග සම සමව ගෙන හොඳින් වියළා කුඩුකරගෙන පිරිසිදු භාජනයකට දමා පහත දැක්‌වෙන මන්ත්‍රයෙන් දහස්‌ වාරයක්‌ ජීවම් කරගෙන නිවසේ හා ව්‍යාපාරික ස්‌ථානයේ උදේ සවස බුදුන් වැඳීමෙන් අනතුරුව දුම් කබලට පොල්කටු අඟුරු දමා මෙම මන්ත්‍රයම කියමින් දුම් ඇල්aලීමෙන් සියලු දොස්‌ දුරුකර සෞභාග්‍ය උදාකර ගත හැක.

මන්ත්‍රය

"ඕං නමෝ භගවතෝ රුද්‍රාය උමාපතයේ සම්පන්නාය නන්දි කේශ්වරාය නමං"

දේශබන්ධු - දේශමාන්‍ය රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments