වාස්තු ශිල්පයේ මූලික සිද්ධාන්ත ගණනාවක් පිළිබඳව ඔබව දැනටමත් දැනුවත් කොට තිබෙනවා. මේ නිසා ඔබගේ ගෘහය නිර්මාණය කිරීමේ දී වාස්තු දෝෂ හට නොගන්නා ආකාරයට නිවාස සැලැස්ම සකස් කර ගැනීමේ මූලික හැකියාව දැනටමත් මවුබිම පාඨකයන් සතු බව මාගේ හැඟêමයි. නිර්මල වාස්තු ශිල්පයේ සඳහන් සිද්ධාන්ත ඒ ආකාරයෙන්ම ඔබ වෙත ලබා දීමට ලැබීම හා එය ඔබගේ නෙත ගැටීම තුළින් ඔබගේ වාස්තු ශිල්පීය ඥානය වැඩි දියුණු වීම තුළ වාස්තු ශිල්පයේ ශක්තීන් අපගේ ධරණී තලය තුළ පැතිර යැම සතුටට කරුණක්. නූතනයේ වාස්තු ශිල්පය නමින් ව්‍යාජ ක්‍රම ශිල්ප සහ ව්‍යාජ සිද්ධාන්ත ගෙන හැර දක්වමින් මිනිසුන් රැවටීමේ ක්‍රියාවලියක නිරතව සිටින වංචනිකයන්ගෙන් බේරීමට ද ඔබට මෙම වාස්තු ශිල්පීය දැනුම උපකාර වී ඇති බව මාගේ හැඟêමයි. එවැනි වූ දසකුත් යහපත් සිතුවිලි සහිතව ඔබ වෙත ප්‍රායෝගික වාස්තු ශිල්පීය දැනුම ලබාදීම මාගේ අභිප්‍රාය වේ. අද දිනයේ දී මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සහ ගන්නේ ගෘහයක හැඩතල නිර්මාණය කිරීමේ දී වාස්තු සිද්ධාන්තවලට අනුකූලව ගෘහයේ හැඩතල නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.
ගෘහයක් නිර්මාණය කිරීමේ දී එම ගෘහයේ හැඩතල ඉතාමත් වැදගත් බව වාස්තු ශිල්පය තුළ සඳහන්ව පවතිනවා. එසේ වූවද නූතන සැලසුම් නිර්මාණය කිරීමේ දී ගෘහයේ හැඩතල පිළිබඳව විද්‍යාත්මක පසුබිමක් තුළ ක්‍රියාත්මක නොවන අතර ගෘහ නිර්මාණ ශිල්පියාගේ අභිමතය පරිදි නිවාස හැඩතල සකස් කරන බව පෙනී යනවා. මේවා ඉතාමත් අසාර්ථක හැඩතල බව මා විසින් සිදු කරනු ලබන නිවාස පරීක්ෂාවේදී ප්‍රායෝගිකව පෙනී ගොස් තිබෙනවා.
ගෘහයක් සඳහා සෑම විටම හැඩතල නිර්මාණ කිරීමේ දී සමාන්තර හැඩතල සහ සරල රේ‚ය හැඩතල, සෘජු කෝණාස්ර හැඩතල සහ ඉරට්ටේ සංඛ්‍යා සහිත මුලු හැඩතල යොදා ගැනීම සම්මත ක්‍රමය බව පෙන්වා දිය හැකියි. මෙම සිද්ධාන්තවලට පටහැනි ලෙස කරනු ලබන ඉදිකිරීම් අසාර්ථක බව පෙන්වා දෙමි.
විශේෂයෙන් ඔබගේ ගෘහෙa මංගල ද්වාරයේ යොදන බිත්තිය මව් බිත්තියක් විය යුතු අතර පිය බිත්තියකට (ගේබල් බිත්තියකට) මංගල ද්වාරය තැබීම සුදුසු නොවන බව පෙන්වා දෙමි. එසේම හැඩතල නිර්මාණයේදී මංගල ද්වාරය තිබෙන බිත්තියේ හැඩතලය සෑම විටම සරල රේ‚ය විය යුතු අතර ත්‍රිකෝණාකාර, වෘත්තාකාර හෝ සිග්සැග්, බිත්ති නොවිය යුතුයි.
ගෘහයේ හැඩතල පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සිග්සැග් හැඩතල සහිත බිත්ති නිවාස සඳහා යොදා ගැනීම ඉතාමත් අයහපත් බව පෙන්වා දෙමි. මෙවැනි බිත්ති යෙදූ නිවාස සෑදීම ප්‍රමාද වන අතර එවැනි නිවසවල පදිංචි වුවහොත් ගෘහ හිමියා සහ ගෘහ හිමි කාන්තාවගේ සතුට සාමය විනාශ වීම සහ සතුරු කරදර බහුල වීම මෙන්ම වංචනිකයන්ට හසුවීම ආදී අයහපත් ප්‍රතිඵල උග්‍ර වනු ඇත. එම නිසා ඔබගේ නිවසේ බිත්ති සඳහා "සිග්සැග්" හැඩතල සහිත බිත්ති නොයෙදීමට වගබලා ගත යුතුයි.
මේ ආකාරයටම අර්ධ වෘත්තාකාර හෝ වෘත්තාකාර බිත්ති ගෘහයට එක් නොකිරීමට වග බලා ගත යුතු අතර එවැනි නිවාස "හිර ගෙවල්" බවට පත්වීම නොවැලැක්විය හැකි අතර රාජබිය, රාජ දඬුවම, හදිසි අනතුරු බහුල වේ. මේ නිසා ඔබගේ ගෘහයේ මංගල යෙදෙන බිත්තිවලට එවැනි හැඩතල යොදා නොගත යුතුයි. එසේම මංගල ද්වාරය යෙදෙන බිත්ති අටපට්ටම් ලක්ෂණ හො මුළු තුනක් යෙදෙන ලක්ෂණ යොදා නොගත යුතුයි. මෙවැනි හැඩතල නිවාසවලට යා නොදෙන බව කිව යුතුයි.
ඉහතින් සඳහන් කළ හැඩතල නිවාසවලට යා නොදුන්නද පොදු ගොඩනැඟිලිවලට අයහපත් නොවන බවද කිව යුතුයි. විශේෂයෙන් ඔබගේ ගෘහයේ සැලැස්ම සකස් කිරීමේ දී විශ්ව ශක්තිය කාන්දුවන ඊශාන දිශාවට නිවාස දික් නොකිරීමට වගබලා ගත යුතු අතර නිරිත දිශාවෙන් නිවස අඩු නොකිරීමටද වගබලා ගත යුතුයි. ඔබගේ ගෘහයේ හැඩතලය සකස් විය යුත්තේ ඊශාන දිශාවෙන් පැමිණෙන විශ්ව ශක්තිය බාධාවකින් තොරව නිවාස තුළට කැන්දා ගත හැකි පරිදි විය යුතුයි.
මේ නිසා ඔබගේ නිවාස සැලැස්ම පිළියෙල කිරීමේදී නිවසේ බිත්තිවල හැඩතල පිළිබඳව වඩාත් විමසිලිමත් වන්න. වාස්තු ශිල්පිය විශ්ව ශක්තීන් දුර්වල වීම මෙන්ම ඔබගේ නිවෙස් ඉදිකිරීම් කිරීමේ දී ද එවැනි හැඩතල ඔබට සෑම විටම ගෙන දෙන්නේ වධයකි. වහලය සකස් කිරීමේ දී හා ටයිල් ඇල්ලීමේ දී එවැනි හැඩතල සහිත නිවාසවල ප්‍රායෝගික අපහසුතා දැනෙනු ඇත. මේ නිසා ඔබගේ අභිනව නිවාස සැලැස්ම සකස් කිරීමේදී හැකිතාක් විශ්ව ශක්තීන්ට නිවාස තුළට කාන්දුවන ලෙස නිවසේ හැඩතල සකස් කර ගැනීමට උත්සහ ගන්න. ගෘහයක මුළු සංඛ්‍යාව සෑම විටම ඉරට්ටේ සංඛ්‍යාවකට තබා ගැනීමට උනන්දුව විය යුතු අතර නිවසක මුළු සංඛ්‍යාව හැකිතාක් අවම කර ගන්න.
ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව ඔබගේ ගෘහයේ වාස්තු දෝෂ අවම කොට වාස්තු සිද්ධාන්ත එකඟ කරගන්න. එවිට ගෘහයේ විශ්ව ශක්තිය බලවත් වී ඔබගේ ජීවිතය වාසනාවන්ත වේවි. ඒ නිසා මුල සිටම නිවසේ වාස්තු සිද්ධාන්ත ගැන ඔබ අවදියෙන් සිටිය යුතුයි. එසේ නැතිව ඔබගේ නිවසේ සියලු දේවල් වෙනත් කෙනෙකුට තීරණය කරන්නට දෙන්න එපා. එයද ඔබට අයහපත සහ අවාසි දායක වේවි. මේ නිසා සෑම විටම ඔබගේ නිවසේ සැලැස්ම ඔබගේම විය යුතු අතර ඊට අවශ්‍ය වාස්තු ශිල්පීය දැනුම ඔබට නො අඩුව ලබා දීම මාගේ අරමුණ වේ.
පේරාදෙණිය ඩී. යූ. සෙනරත්
0 Comments