පෙම්වතිය සමග අමනාපයට පත් ගුරුවරයකු වහ බී මැරුණාට පසු එම පෙම්වතියට ලියූ අවසාන ලිපියේ අවසාන වචනයේ ඇති කවිය ඇය රාත්‍රි නින්දේ දී මෙසේ ගැයුවාය.
සුදුමල් සාරියක් දවටන දකුණු අතේ
ගුරුවරියක්‌ම වේවා ඔබ අනාගතේ
තවත් මියගිය අය ලියූ කවි කීපයක් මෙසේය
කව්පි සිටුවලා අවසානයි ඊයේ
මුංඇට වැපුරුවෙමු වැව ඉස්‌මත්තෙහි යායේ
තනිවම සිහින මවමින් දුක දරා ගෙන
පාලුව කාන්සිය දෙක මම දරා ගෙන
නොවෙනස් සිතක් හද පත්ලෙහි පුරාගෙන
මා මෙහි බලා සිටියෙමි ඔබ එන තුරුම
මෙවන් කවි ජීවත්ව සිටින අය ලවා රාත්‍රි නින්දේ දී ගයන බව මා හොඳින් දැක බලා ඇත.
මේ නිසා යම් අයකු මියගිය පසු අපට ළංවීම නම් හොඳ නැත. ඔහු හොඳ අයකු වුවද අවසන් හුස්‌ම හෙළන විට ප්‍රාණ වායුව පිට කරන විට ඔහුගේ හිතට ඇතුළු වන දේ පසුපසින් ඔහු සිටී. එය හොඳටත් නොහොඳටත් බලපායි.
ගුප්ත ගවේෂණ අනුව හෙළි වෙන්නේ මියගිය අයගේ අනිටු බලවේගයක් නිසා මහත් ව්‍යසනවලට ගොදුරු වූවන් බොහෝ සිටිති. ඇතැම් මියගිය අයගේ භූත උවදුරු කිසිම ක්‍රමයකින් වත් ඉවත් කළ නොහැකිය. එහෙත් බොහෝ භූත උවදුරු ආදියට විවිධ ප්‍රතිකර්ම ගුප්ත විද්‍යාවේ සඳහන් වේ. මෙම ගුප්ත විද්‍යා ශාන්තිකර්ම තුළින්ම පලවාහැරීමට නොහැකි අනිටු භූත බලයන් අහෝසි කර දැමිය හැකි එකම ආයුධය වන්නේ මියගිය අයට පිං අනුමෝදන් කරවීමයි. පිං බලාපොරොත්තු වන අයකුට නිසි පරිදි පින් දෙන්නේ නම් දෙගොල්ලන්ටම ඒ මගින් මහඟු සුබ ඵලයක් ලබාගත හැකිය.
එක්‌තරා පවුලක අයෙක් බලවත්ව රෝගාතුරව දුක්‌විඳ මියගියාට පසු ටික කලක් ගතවූ පසු ඇගේ මවද, තවත් සහෝදරියක්‌ද, සොයුරෙක්‌ද, වසර තුනක් ගතවීමටත් පෙර වරින් වර ඒ ඒ ආකාරයට එකම පවුලේ හත්දෙනකු පිට පිටම මාරයා කැඳවාගෙන ගියේය. එවන් සිද්ධි ගණනාවක් සිදුවී ඇතත් ඒවා ගැන අපි එසේ සිදු වන්නේ ඇයිදැයි සොයා නොබලන්න තරම් බුදු දහම ගැනවත්, ගුප්ත විද්‍යාව ගැනවත් අවබෝධයක් නොමැතිවීම නිසා එවැනි සිදුවීම්වලට මුහුණදීමට සිදුවීම ගැන අපි පුදුම නොවෙමු.
ආර්ය කුල සිරිත අනුව මිනිසා පිනට දහමට නැඹුරුවුණු යුගයේ සිට මළවුන්ට පිංදීම අද දක්‌වා පැවත එන චාරිත්‍ර විධියකි. ඊට හේතුව මියගිය ඥතීන් මරණාසන්න අවස්‌ථාවේ ඇති කරගත් චිත්ත සංතානයක් වන භූත ලෝක ප්‍රතිසන්ධියක් ලබා ඇත්දැයි යන විශ්වාසය මත බොහෝ දෙනා එකතුවී දෙන දානයෙන් පිං ගන්න පුළුවන් භූත ආත්මයක ගන්ධබ්බ අවස්‌ථාවේ පසුවන මළගිය ඥතියාට කරන බලවත් උපකාරයක් බව දත යුතුයි. එවැනි දානයක් දීමේදී සියලු දේ පිරිසිදුව නොයිඳුල්ව සකස් කර දිය යුතුයි. මියගිය අය කෑමට ආශා කරන භාවිත කළ දේද තැබිය යුතුයි. මත්පැන් නම් හෝ මස් මාළු නම් ඒවාද තැබිය යුතුයි. ජීවත්ව සිටිය කාලයේ පරිහරණයට ගන්නා ලද සියලුම දේ මේ දානය සඳහා පිදිය යුතුයි. තවද වස්‌ත්‍ර, කොට්‌ට, පැqදරු, ඉදල, සැරයටිය, අඟුරු කබල, අටපිsරිකර ඇතුළුව පූර්ණ දානයක් විය යුතුයි.
මෙසේ පිළියෙල කරගත් දානය සංඝයා සතුකොට පූජාකොට පැන් වඩා මළගිය අයට පිං අනුමෝදන් කළ යුතුයි. එම දානය පිළියෙල කරනා විට නෙළුම් කොළ හතක් එලා ඒ මත දානයට පිදිය යුතු සියලු දේ බෙදා පොල්තෙල් පහනක්, පැන් බඳුනක් තබා මියගිය ප්‍රාණකරු වැඩිපුර කෑමට වැඩිපුර ආශා දේවල් සමහර විට රා, මස්, අරක්‌කු, මාළු ආදිය සිගරැට් සුරුට්‌ටුද එහි තැබිය යුතුයි. එසේ සැකසූ තටුව ගෙදර දානය සඟසතු කිරීමට පෙර මළගිය ඥතියා ජීවත්ව සිටිය විසුව කාමරයේ බිම තබා මෙම ගාථාවන් තුන්වර බැගින් කියවන්න.
"ඉදං වෝ ඥාතී නං හොතු සුතා හොන්තු ඥතයෝ"
මේ කරන ලද පුණ්‍ය කර්මය අප ඥති සමූහයාට අත්වේවා· එම නෑයෝ සැපයට පැමිණෙත්වා · අවසානයේ මේ ගාථා දෙකද කියා පැන් වඩන්න.
යථාවාරි වහා පූරා - පරිපූරෙන්ති සාගරං
එව මෙව ඉතො දින්නං - පෙතානං උපකප්පති
උණ්‌ණමෙ උධකං වට්‌ටං - යථා දිණ්‌නං පවක්‌කති
එම මෙව ඉතො දින්නං - පෙතානං උපකප්පති
යම් සේ වර්ෂාපතනයෙන් පිරෙන ලද්දා වූ ජල ධාරාවෝ නොහොත් වර්ෂා ජලයෙන් පුරවන ලද්දා වූ ගංගාවන්හි උදකය සාගරය කරා පැමිණ හාත්පසින් පිරෙද්දි එමෙන්ම දෙන ලද පින මළගිය ඥති ප්‍රේතයන්ට පැමිණේවා. උස්‌වූ ස්‌ථානයෙහි වර්ෂා කරන ලද ජලය පහත් භූමිය කරා යේද, එපරිද්දෙන්ම මෙයින් දෙන ලද පින මළගිය ඥති ප්‍රේතයන් කරා පැමිණෙත්වා කියා පිංදෙන්න. මෙය කියවා පිළියෙල කරගත් දානය පිදීමට අධිසිල් ලබා ඇති භික්‍ෂූන් වහන්සේලා හතර නමකට වඩා වැඩිවිය යුතුයි. උන්වහන්සේලාට දානය පුදා සංඝයා සතුකොට පැන් වඩා මළගිය අයට පිං අනුමෝදන් කළ යුතුයි.
ඉන්පසු එසේ තැබූ තටුව හාමුදුරුවන් දානය වළඳනතෙක් කාමරයේ තබා පසුව ගෙන තමාගේ වත්තෙන් පිට තුන්මංසලක හෝ දිය කඩක් ළඟ බිම තබන්න. එම තටුව බිම තබන්න හේතුව මිය ගිය භූත කොටස් යනුවෙන් හඳුන්වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් විශේෂයක් බැවින් මොවුන් නිතරම මහ පොළවට ආසන්නව සිටින නිසාය.
එසේ දීම ඔවුන් එම ආත්මයෙන් මුදවාලීම සඳහා කරන උතුම්ම පිංදීමකි.
එවන් දාන මාන පිදීමේදී බෞද්ධ ශාස්‌ත්‍රීය ක්‍රමයක් ඇත. එහෙත් එම ක්‍රමයන් වර්තමාන කාලයේදී ආවාට ගියාට කරන්නන් වාලේ කරති. සමහරුන් නොකරති. එනිසා නිසි ලෙස දානමානයන් නොදීම නිසා අනිටු දොaෂයන් ළංකර ගනී. මේ ගැන ශ්‍රී මහේන්ද්‍රපාද පඬිතුමා විසින් රචිත හෝරා හරණය නමැති පොතේ දැක්‌වෙන 23 වැනි අධියරේ ශුද්ධ විධි නමින් පැහැදිලි විස්‌තරයක් පෙන්වා ඇත. ඉපැරැණි කාලයේ දින ගණන සකසා ගත්තේ හඳේ අඩු වැඩි වීම් හා වෙනස අනුවයි. ඒ අනුව පොතේ සඳහන්ව ඇත්තේ සඳ දෙකක් දකින තෙක් ශුද්ධය ඉටු නොකිරීම බලවත් දොaෂයක් බවය. එනිසා කෙනෙක් මියගිය පසු දින දහයක් ගත වීමට පෙර පීතෘ පිණ්‌ඩ දානය දිය යුතු බව තුන්දොහේ දානය ඒ අනුව පිළියෙල වූ එකක් බව අපට පිළිගත හැක. දින 3, 7, 14, 21 හා මාස තුනෙන් දානය දීම බෞද්ධයන් අතර අද දක්‌වාම පැවත එන සිරිතකි. එනිසා මහේන්ද්‍රපාදයන් සඳහන් කර ඇති තුන් දවසේ හා හත්දොහේ දෙන දානය මළවුන්ම සඳහා දෙන දානයක් බවට පිළිගත හැක.
එනිසා මියගොස් දින 10 ක් ගතවීමට පෙර දානය දීමෙන් මියගිය ඥතියාට හෝ කාට හෝ පිං ලැබෙන බවත් ඔහුගෙන් සිදුවන භූත ප්‍රේත අමනුෂ්‍ය කරදර අවම වන බව බෞද්ධාගමේ පැහැදිලිs කොට ඇත.
එවැනි මියගිය පසු මළ යක්‍ෂයෙක් ගෙවල යක්‍ෂයෙක් ප්‍රේත යක්‍ෂයකුගේ කරදරයක් නම් කඩ සාලේ බත්, මාළු විසිපහ, වැල වරකා පළතුරු හතක්, දිය, ගොඩ මස්, ඇට පස් වර්ගයක් රන්, රිදී, තඹ, ලෝකඩ, පරමල් සත්වර්ගය, කුණු පොල් හා තෙල් වලින් පානක් පිටි මුසු කෑම, බත්, කිරිබත්, කැවිලි, කස්‌තුරි, කපුරු, කසපැන් ගෙඩියක් බුලත් පුවක් සුණු, අඳුන්, සඳුන්, කැවුම්, පැණිගොටු, ලේ ගොටු, වෙරි පහ සමග පුදා වංගෙඩිය මත අගුවේ තබා කළු වතක් වසා මේ මන්තරයෙන් 3 වරක් ජපකර තුන්මන්සලක තබන්න. ගෙවල යකා ප්‍රේතයන් යම රජුගේ අණින් හූ කියන කළ ලෙඩ හැර දුවයි. පලා යයි.
ජප මන්ත්‍රය - ඕං හ්‍රSං හී්‍රං සාතාගිරි අග්‍ර රාජ අසුරේන්ද්‍ර නමඃ බ්‍රඃ මත්‍රී ලෝක බන්දුම් නමෝ බුද්ධං මළයක්‌කා යක්‍ෂණී ගිනි ගිනි බන්ධ සවි ගිනි ධූලී ධූලී මුනී තේජෝ යක්‌කෝ අයියුම් වෛශ්‍රවණ බ්‍රන්තු ක්‍රොංබීස් කිං ක්‍රීඩේ අංගුලිමාලයෙන් අංගුලි මාල බන්ධ ඊඛර ජටා මඩුල්ලෙන් මහා කෙළ නාගරාජයාගේ දරණ වැලෙන් බඳවට බන්ද බෝධි අණිං පොත්ගුල් යතුරු විලංගු දඩ ගැට පූට්‌ටු මරු දැපත පූට්‌ටු සර්වඥ වෙසමුණි අනලා යානීධ භූතානි ත්‍රිංචි මුත් මුනි මේ බිලි නර බිලි භූමි අත්හැර ඊශ්වරයානේ පුරු හඃ හරියට කළොත් ප්‍රේතයන් ආත්මයෙන් මිදී හොඳ ලොවක් බලා යයි.
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
0 Comments