පුද්ගලයකු දකින මුල්ම අවස්‌ථාවේ එම පුද්ගලයා හඳුනා ගැනීමට එම පුද්ගලයාගේ ඇස යම් සේ උපකාරී වේද ගෘහයක් දකින මුල්ම අවස්‌ථාවේදීම එම ගෘහයක බාහිර පුද්ගලයාට හඳුනා ගැනීමට උපකාර වන්නේ නිවසේ මංගල ද්වාරයයි. බාහිර සමාජය සහ ගෘහයක් අතර ඇති කරන සම්බන්ධතාව සඳහා ගෘහයේ ප්‍රධාන ද්වාරය වැදගත් වන අතරම ගෘහවාසීන්ගේ සියලු කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ප්‍රධාන ද්වාරය තුළින් සිදුවේ. ගෘහවාසීන් හා බාහිර ලෝකය අතර ප්‍රධානතම සම්බන්ධතාව ඇති කරනු ලබන ගෘහ අංග අතර නිවසේ මංගල ද්වාරය බව ඔබ මතක තබාගත යුතු කාරණයකි. මෙවැනි වැදගත් ගෘහ අංගයක් වන ප්‍රධාන ද්වාරය නිසි ලෙස පිහිටුවා ගැනීමේ වැදගත්කම වාස්‌තු ශිල්පයේදී විශේෂ කොට පෙන්වා දී තිබෙන කාරණයකි. මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ගෘහයේ මංගල ද්වාරය නිසි ලෙස පිහිටුවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව පහදා දීමටයි.
වාස්‌තු ශිල්පයේදී මංගල ද්වාරය ලෙස ගෞරවයෙන් හඳුන්වනු ලබන්නේ නිවසේ ප්‍රධාන ද්වාරයයි. මෙම ද්වාරයට මංගල ද්වාරය ලෙස ව්‍යවහාර කෙරෙන්නේ එහිs ඇති වැදගත්ම නිසාමයි. මංගල කාරණා පිළිබඳව ඔබ මීට පෙර අසා ඇත. මංගල ද්වාරය එහි අර්ථය පිළිබිඹු වන ලෙස පිහිටු විය යුතු අතර වාස්‌තු ශිල්පීය ක්‍රමවලට පටහැනිව ප්‍රධාන ද්වාරය තැබීම එම ද්වාරය අවමංගල ද්වාරයක් බවට පවා බලගැන්වීමේ ඉඩකඩ තිබෙන බව සිතන්න. මේ නිසා ඔබගේ ඉදිකිරීමට යෝජිත නිවාස සැලැස්‌මේ හෝ දැනට පරිහරණය කරන ගෘහයේ ද්වාරය මංගල ද්වාරයක් ලෙස බලවත් කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් මූලික සිද්ධාන්ත කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සිතන්න.
මංගල ද්වාරය දිශානුගත කිරීම
නිවාසේ ප්‍රධාන ද්වාරය තැබීමේදී එය තමන්ගේ ජන්ම නැකත හා සස¹ ජන්ම නැකතට ගැලපෙන දිශාව තෝරාගෙන දිශාව තෝරා ගැනීම කළ යුතුයි. අප විසින් නැකැත් 27 ක් භාවිත කළ ද සැබෑ ලෙසම නැකැත් 28 ක් පැවැති අතර 28 වන නැකත වන්නේ අභිජිත් නැකතයි. එA අනුව ප්‍රධාන ද්වාරය පිහිටවිය යුතු දිශාව තීරණය කිරීම පහත පරිදි සිදුවිය යුතුයි.
ජන්ම නැකත ප්‍රධාන ද්වාරය පිහිටවිය යුතු දිශාව
1 සිට 07 දක්‌වා - උතුරු දිශාව
08 සිට 14 දක්‌වා - නැගෙනහිර දිශාව
15 සිට 21 දක්‌වා - දකුණු දිශාව
22 සිට 27 දක්‌වා - බටහිර දිශාව
ප්‍රධාන ද්වාරය පිහිටුවීමට සුදුසු දිශාව තීරණය කිරීමේදී ඉහත ක්‍රමවේදය භාවිත කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකිය. එහිදී ඉඩමේ මුහුණත හා ඉඩමේ හැඩය මෙම ප්‍රවේශ මාර්ගය යන කරුණු බලා දිශාව තීරණය කිරීමේ හැකියාව පවතී. එසේ වුවද නිවසේ ද්වාර සටහන ගැලපීමේදී දකුණු දිශාවෙන් නිවසට පොදු ස්‌ථානයකින් ද්වාරයක් තැබීම කළ යුතුම බව සිතන්න.
ද්වාර තැබීමේදී පාද සටහන මංගල ද්වාරය ස්‌ථානගත කිරීමේදී එය සුබ පාදයකින් තැබීම අනිවාර්ය සිද්ධාන්තයකි. මෙහිදී ගෘහයේ පාද බෙදීමේ ක්‍රම නිසි ලෙස තිබුණ ද නන්දා, භද්ද්‍ර, ජයා, රික්‌තා, පූර්ණා වශයෙන් පාද පහේ කොටස් 3 කට වෙනස් කිරීම ඉතාමත් නිවැරදි සහ සක්‍රීය ක්‍රමය ලෙස පෙන්වා දිය හැකියි. ගෘහයේ දිග හෝ පළල අඩි 45 කට අඩුවන විට එක් පාදයක පළල අඩි 03 කට වඩා අඩුවන බැවින් ප්‍රධාන ද්වාරය සෑමවිටම 5, 6 හෝ 10, 11 වශයෙන් යොදන පූර්ණා, නන්දා පාදවලින් පිහිටුවීම ඉතාමත් ප්‍රතිඵලදායක වේ. කිසිම විටක ප්‍රධාන ද්වාරය අසුබ පාදයක ස්‌ථානගත නොකළ යුතු අතර පාද පිහිටුවීම නිසි ලෙස සිදු කිරීම කළ යුතු බව පෙන්වා දෙමි.
මංගල ද්වාරයේ පියන් විවෘත කරන දිශා
ප්‍රධාන ද්වාරයේ පියන එළියේ සිට අරින විට නිවස තුළට දකුණු දිශාවට විවෘත විය යුතු වේ. කිසියම් විටක වමට හෝ නිවසින් පිටතට ද්වාරයේ පියන් විවෘත නොවිය යුතු බව පෙන්වා දෙමි. නූතන නිවාස සැලසුම්කරණයේදී D/W යෙදීම දක්‌නට ලැබෙනවා. මේවා නිවාස සඳහා යොදා ගැනීම වරදක් නොමැති වුවද එAවා දැනට යොදා තිබෙන ආකාරය දොaෂ සහගත බවද පෙන්වා දෙමි. මෙවැනි D/W වල පියන් එළියට ඇරීම නොකළ යුතුවේ. ද්වාරයේ පියන් එළියට විවෘත නොවන අතර පියන් එළියට විවෘත වන්නේ ජනේලවල පමණි. මෙවැනි D/W නපුංසක උළුවහු ලෙස බලගැන්වී නිවසට දොaෂ ඇති කර දෙනවා. ඔබගේ නිවසේ දැනටමත් මෙවැනි D/W ඇත්නම් ඔබ කළ යුත්තේ ද්වාරයක් ලෙස එහා මෙහා යන කොටසේ පියන් ඇතුළට විවෘත වන ලෙස සකස් කර ගැනීම සහ ජනෙල් ලෙස භාවිතා කළ කොටස් ගී්‍රල් යොදා වසා දමා ජනේලයක් ලෙස භාවිතා කිරීමයි. මෙවැනි නපුංසක ඝනයේ උළුවහු පවතින නිවාසවල පොදු ලක්‍ෂණය වන්නේ නිවසේ සතුට හා සාමය නොමැතිකම හා නිවසේ ඉදිකිරීම් ප්‍රමාදවීම හා සතුරු කරදර ඇතිවීමයි.
මංගල ද්වාරය බල ගැන්වීම
ඔබගේ නිවසේ ප්‍රධාන ද්වාරයේ දොaෂ ඉවත් කොට එය නිසි ලෙස බල ගැන්වීම නිවසේ සියලු කටයුතු සාර්ථකවීම හා බාහිර පරිසරය හා පවතින සම්බන්ධතාවල ප්‍රතිඵල යහපත්වීමට හේතුවේ. මේ සඳහා ඔබගේ මංගල ද්වාරය පළමුව නිදහස් කිරීම කළ යුතුයි. එA සඳහා පහත දැ ඔබ විසින් දැනටමත් සිදු කරයි නම් එAවා ඉවත්කොට මංගල ද්වාරය නිදහස් කරන්න.
1. මංගල ද්වාරයේ පහන් දැල්වීම, 2. විවිධ ඡායාරූප හා පිංතූර එල්ලා තිබීම, 3. යන්ත්‍ර සහ ආගමික ශාස්‌තෘන්ගේ පිළිම පිංතූර තිබීම, 4. ජීවම් කරන ලද මුට්‌ටි හෝ පොල් එල්ලීම, 6. පඬුරු ගැට ගැසීම, 7. කළු පාට වර්ණ යෙදීම, 8. නිවසින් පිටතට විවෘත වීම, 9. එළියේ සිට විවෘත වන විට වමට විවෘත වීම, 10. මංගල ද්වාරය අභියස අලි හක්‌ක වැනි ශෛලමය කොටස් වැලලීම.
ඉහතින් දක්‌වා ඇති ලෙස ඔබගේ නිවසේ මංගල ද්වාරය දොaෂයන් සකස් වී ඇත්නම් එAවා ඉවත්කොට මංගල ද්වාරය නිදහස් කරන්න. ඔබගේ මංගල ද්වාරය පහත පරිදි සක්‍රීය කරගන්න.
+ උතුරු හෝ නැගෙනහිර දිශාවල ඔබගේ මංගල ද්වාරය යෙදී ඇත්නම් ද්වාරය අභියස සුදු මල් යෙදූ පැන් බඳුනක් තබන්න.
* ද්වාරය උතුරු දිශාවේ නම් - දකුණු පැත්තට
* ද්වාර නැගෙනහිර දිශාවේ නම් - වම් පැත්තේ
+ දකුණ හෝ බටහිර දිශාවල ඔබගේ මංගල ද්වාරය පිහිටා ඇත්තේ නම් ඇත් රූපය, පුන්කලස පිහිටුවීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි.
* ද්වාරය බටහිර දිශාවේ නම් - දකුණු පැත්තේ
* ද්වාරය දකුණු දිශාවේ නම් - වම් පැත්තේ
+ ඉහත සක්‍රීය කිරීම්වලට අමතරව ඔබට ද්වාරයේ දිශාව අනුව කැටයම් වර්ග යෙදීම කළ හැක.
* උතුරු දිශාව - ලියවැල / හංස පූට්‌ටුව
* දකුණු දිශාව - මිදි වැල /අන්නාසි මල / පුන්කලස
* නැගෙනහිර දිශාව - ලියවැල /පුන්කලස / හංස පූට්‌ටුව
* බටහිර දිශාව - ඇත් රූපය /පුන්කලස
එසේම ඔබගේ ද්වාරය අබියස නිවස තුළ ප්‍රධාන ද්වාරයට දර්ශනය වන ලෙස ස්‌වස්‌ථික ලාංඡනය ප්‍රදර්ශනය කිරීම ද මංගල ද්වාරය වඩාත් බලවත් කිරීම සඳහා යොදාගත හැකි බව පෙන්වා දෙමි.
ඔබගේ නිවසේ මංගල ද්වාරය නැත්නම් නිවසේ ප්‍රධාන ද්වාරය කොතරම් වැදගත් ගෘහ අංගයක් ද යන්න පිළිබඳව වැටහෙනවා ඇත. එබැවින් ඔබගේ නිවසේ දැනට පවතින ප්‍රධාන ද්වාරය නිසි ලෙස හඳුනාගෙන එහි ඇතිකර තිබෙන දොaෂ ඉවත් කොට මංගල ද්වාරය සක්‍රීය කොට බලවත් කිරීමේ යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනු ඇත. ගෘහයේ ප්‍රධාන ද්වාරය මංගල ද්වාරයක් කරනවාද? නැත්නම් අවමංගල ද්වාරයක් කරනවාද? පිළිබඳව තීරණය කිරීම ඔබ කළ යුතු දෙයකි. නිවසේ ඇස්‌දෙක වන් මංගල ද්වාරය නිසි ලෙස සාදා ගැනීමට ඔබට අවශ්‍ය වාස්‌තු ඔසු ලබාදීම මාගේ එAකායන අරමුණ වේ.
පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්
0 Comments