ග්‍රහ අපලවලින් මිදීමට හා ලෙඩදුක් කරදර නිමා කර ගැනීමටත්, දරුඵල ප්රමාදවීමත් ආදී කරුණු බොහෝමයකට පත්තිනි දේව මෑණියන්ගේ පිහිට පැතිමට බෞද්ධ නිවාසවල පත්තිනි දේව මාතා පූජා පැවැත්වෙයි. දරුවන් අපේක්ෂා කරන විවාහක කතුන් ද පත්තිනි දේව මෑණියන්ගේ පිහිටි පතන අවස්ථා එමටය. ඇතැම් විම කුස තුළ දරුවන් මියයැම, ගබ්සා වීම් ආදී අස්වාභාවික පීඩාකාරී අවස්ථාවලින් මිදීමට ද පත්තිනි දේව පූජාව සුවිශේෂී වෙයි.
පත්තිනි දේවිය (සිද්ධ මධුරමාලා) භාරතයේ (ඉන්දියාවේ) මධුරා පුරයේ උපත ලබා ඇති බව කියෑවේ. මෙම දේවිය සත්වාරයක් උපන් නිසා සත් පත්තිනි යනුවෙන් ද ව්‍යවහාර කෙරේ. දොළොස් වාරයක් උපන් හෙයින් දොළොස් පත්තිනි ලෙසටත් හැඳින්වේ. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හත අනාවරණය වෙයි. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියෑවෙයි.
ගජබාහු රජු සමයේ (ක්‍රි. පූ. 114 - 136) තම පිය රජුගේ අවසරය ඇතිව (වංක නාසිකතිස්ස - පියරජු) දකුණු ඉන්දියාවට නීල මහා යෝධයා සමඟÊගිය ගජබාහු සොලී රජු බිය ගන්වා පත්තිනි දේවියගේ රූපයත්, සලඹත් සිව් දේවාලයේ දෙවියන්ගේ ආයුධත් එකතු කර ගත්තේය. වළගම්බා රජු සමයේ සොලී පුරයට ගෙන ගිය පාත්‍ර ධාතුවත් යළි පැහැර ගත්තේය. මෙම පූජනීය වස්තුන් සමඟ සොලී ද්‍රවිඩයන් 12,000 ක් ද රැගෙන ගජබා රජු ආ බව මහාවංශය කියයි. පත්තිනි දේවාලයක් නවගමුවේ ඉදිකර පුද පූජා පැවැත්වෙයි. අද දක්වා එය සිදුවේ. මේ අනුව පත්තිනි දේවියගේ කථා පුවතට දිගු ඉතිහාසයක් ඇති බව පෙනේ. අං කෙළිය, පොරපොල් කෙළිය, අඹ විදීම, ඇසළ පූජාව, කිරි අම්මා දානය ආදී පූජා පත්තිනි දේවිය මුල්කර ගෙන පැවැත්වෙයි.
පත්තිනි මෑණියන් උදෙසා පවත්වනු ලබන පූජාව මෙසේ විය යුත්තේය. පත්නිනි දේව මෑණියන්ගේ රූපය සහිත පූජාසනය මත සුදු පිරුවටයක් එලීම. එහි විවිධ වර්ගයේ මල් අතුරා, දේව ප්‍රතිමාවට ද මල් මාලයක් දමා පොල් තෙල් පහන් 07 ක් දැල්විය යුතු වේ. පහන් 07 ක් වෙනුවට තිර 07 ක් දමා එක පහනක් දැල්වුවත් කම් නැත. අඹ ඇතුළු පලතුරු වර්ග 07 ක්ද තැබිය යුතු වන්නේය. තැඹිලි ගෙඩියක් හා කැවිලි වර්ග 07 ක් ද කෙසෙල් සහිත පඬුරු 07 ක් ද පූජාසනයේ තැන්පත් කළ යුතුය.
පූජාව පැවැත්වීම සඳහා කිරි අම්මාවරුන් තෝරා ගැනීමේදී පාරම්පරික චිරාගත ක්‍රමයට වීම වැදගත් ය. පහත අය මේ සඳහා නුසුදුස්සෝ වෙති.
01. හැරමිටි වාරුවෙන් ගමන් කරන
මහලු උදවිය.
02. සුවකළ නොහැකි දද කුෂ්ඨ වලින්
පෙළෙන අය.
03. බිහිරි හා දෙනෙත් අන්ධ අය.
04. අත්පා රහිත හෝ අංග විකල වූවන්.
05. අපස්මාර හෝ අංශභාග රෝගීන්.
06. කලින් දරුවන් ලැබ ඔවුqන් සියලු
දෙනා ම මියගිය තැනැත්තියන්.
07. සැමියා මියගිය වැන්දඹුවන්.
08. දරුවන් නොලැබන වඳ ස්ත්‍රීහු.
09. මත්පැන් පානය කරන මස් මාළු
විකුණන කතුන්.
10. කේලාම් කියමින් උගුල් අටවන උදවිය.
11. ගණිකාවන්.
පූජාව පැවැත්වීම සඳහා පෙනී සිටින සුදුසුකම් ලත් කිරි අම්මාවරුන් 07 දෙනාත් නිවසේ පදිංචි උදවියත් එක්ව පත්තිනි දේවියට කවි මගින් ආරාධනා කෙරේ. පන්සිල් සමාදන් වී, බුද්ධ පූජා පවත්වා දෙවියන්ට ආරාධනා කර, පූජා ද්‍රව්‍ය තැන්පත් කර, කිරි අම්මාවරුන්ට දන් පිළිගැන්වීම කළ යුත්තේය. ඔවුන් පින් දී දන් පිළිගන්නා අතර දානය වළ¹, දෙවියන්ට පින් දී ශාන්තිය උදා කරන ලෙස කන්නලව් කෙරෙයි. ආතුරයන්ට සෙත් පතා පහන්තිර නිවා දැමීමෙන් පසු කාර්යය නිම වේ.
විශේෂයෙන් ගැබ් ගත් කතුන්ගේ දරුවන් ඉපදීමට පෙර මාස කිsහිපයකින් පත්තිනි දේවියගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් නැතිව වාසනාවන්ත දරුවන් ලබා දෙන ලෙසට පත්නිනි පූජාව ඔප්පු කිරීමට පෙර බාර වීම උචිතය. දරු ප්‍රසූතියෙන් පසු කිරිමව්වරුන් උදෙසා යට කී අයුරින් දානය පිළිගැන්වීම යෙහෙකි. දරුවා ලැබීමෙන් පසු මාස 03 - 04 ක් ඇතුළත බාරය ඔප්පු කිරීම මැනවි.
ලෙඩ, දුක් කරදර, ග්‍රහ අපලවලට, දරු උපත්වලට පමණක් ම නොව ගොවිතැන් කටයුතුවලට හානි සිදුවීම, අස්වැන්න වැඩිකර ගැනීම, යක්ෂ ප්‍රේත දෝෂ, ඇස්වහ කටවහ දොaෂ ආදියෙන් වැළකීම ආදී කරුණු රාශියකට පත්තිනි දේව මෑණි පූජාව සිදු කෙරෙයි.
පූජාව පිළිගැන්වීමේදී සිදුකෙරෙන යාදින්න මෙසේය.
"මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක් සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස් බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්ෂා මෙකී නොකී සියල්ල ආරක්ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්වාමීන් වහන්ස, ඔවුන් ආරක්ෂා කර දෙන සේක්වා. මෙම යාදින්න නිම වී කිරි අම්මාවරුන් දානය වළ¹ ඔවුන් ඉදිරියේ ඇති පහන්වල වැටිදෙකින් එක එක කිරිමව්වරුන්ගෙන අසුනින් නැගිට දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට වැඳ නමස්කාර කෙරේ. වැටියේ ඇති තෙල් නිවෙස්හි උදවියගේ හිස්වල ආලේප කිරීම ද සිදුවේ.
අනතුරුව දෙවියන්ට පිං දෙමින් කාර්යය නිමා වේ.
මීරිගම ආර්. ඇම්. ටී. බී. රත්නායක
0 Comments