අවතාර දහ අටකින් බූත බැල්ම ලා මිනිසාට අති භයානක සන්නි ලෙඩ ආදිය ඇතිකරවන සන්නි යකාගේ උපත මෙසේය. මොහුගේ මව එකල විශාලා මහනුවර විසූ අසුපාල කුමරිකාවයි. පියා සංඛපාල රජුය. මෙම අසුපාල කුමාරිය ගැබ්බරව සිටින අවධියේ කැරැල්ලක් මැඬලීම සඳහා සංඛපාල රජු නගරයෙන් බැහැරව ඈත පිටිසරබද ප්‍රත්‍යන්තයකට ගිය විට ඔහුගේ ගැබ්බරව සිටි බිසවට මී අඹ කෑමට ආශාව ඇතිවී දොළදුකක් ඇතිවිය. එනිසා ඇය සේවිකාවකට කියා මී අඹ ගෙන්වා ගත්පසු එම සේවිකාවටද එයින් අඹ ගෙඩියක් කෑමට ආශාවක් ඇතිවී ඇගෙන් අඹගෙඩියක් ඉල්ලුවාය. ඊට පසු ඇය දාසියට දොළදුකක් තියෙනවාදැයි අඹ කන්ට කියා, අඹයක් නොදී බැන තරවටු කර තනියෙන්ම අඹගෙඩි ටික කෑවේය. ඇයට අඹ නොදී තනිවම කෑ නිසා දාසිය කෝපයෙන් වෛර සිතින් ඇගෙන් පළිගැනීමට ඉටා, යුද්ධයට ගිය සංඛපාල රජු මාලිගාවට නැවත ආපසු පැමිණි විගසම දාසිය රජුන් වෙත ගොස් මෙසේ රජුගේ කනට කොඳුරා පැවසුවේය. රජතුමනි, ඔබ මාලිගාවෙන් පිටව ගිය විට ඔබේ බිසව වෙනත් පිරිමින් මාලිගාවට කැඳවා ඔවුන් සමග පෙම් බස් දොඩවමින් කෙළි සෙල්ලමින් අනඟ රැඟුම් නටන බවත් ඉතුරු හරියනම් මට කියන්ටත් ලැ-ජයි කීවාය.
යුද වෙහෙසින් ආ සංඛපාල රජු කෝපාවිෂ්ඨ වී ගර්භනීව සිටි ආයුපාල බිසව කැලයට කැඳවාගෙන ගොස් කැබැල්ල ගසක් මුලදී ඇගේ හිස සිට පහළට කපා දෙපලුකොට එක් පළුවක් කැබැල්ල ගහේ එල්ලා අනිත් පළුව ගසමුල තබා ආපසු මාලිගාවට ගියේය. මොහොතකින් ගසේ එල්ලා තිබූ පළුව ගැලවී බිම තිබුණ පළුව මතට වැටී එකට එක්‌වීය. එවිටම ඇගේ බඩේ සිටි දරුවාගේ පළුදෙකද එකට එක්‌වී එයින් යක් පැටියකු පහළවුණා. මේ යක් පැටවා තනිවම කැබැල්ල ගහ මුලම හැදී වැඩී වැඩිවියට පත්වූ පසු බොරු චෝදනාවක් මත තම අම්මා නිකරුණේ මරා දෙපළු කළ නිසා පියරජුගෙන් පළිගැනීමේ අදහසින් සියලු වස විස නයි, පොළොන්, පිඹුරු, මාපිල්, කරවල්, කබර ආදී විෂ ගෝර සතුන්ගේ බිජුවලටද එකට එක්‌කොට අඹරා ගුලි දහඅටක් සකසා එක් එක් ගුලියෙන් සන්නි ලෙඩ දහ අටක් හැදෙන්න මැවෙන්න හැදුවා. රජුද එදිනම තම බිසවගේ මළකඳ එම කැබැල්ල ගහමුලම පුළුස්‌සා දැමුවේයයි මංත්‍ර වේදයේ එන ජන ප්‍රවාදයේ සඳහන් වේ.
මේ සිද්ධිය මුල්කොට අදත් මන්ත්‍ර වේදීන් විසින් මන්ත්‍රයක් ලෙසින් යාග හෝම හා ශාන්ති කර්මවලදී මෙලෙසින් ගායනා කරති.
ඕං නමෝ විසාලා මහනුවර අසුපාල කුමාරිකාවුන් වහන්සේ දවා පුලුස්‌සාපු සොහොනේ සොහොන් අඟුරෙන් උපන් රාජකෝල මුළු සන්නි දේවතාවුන් වහන්සේ ඒ නුවර කැබැල්ලෑගහක් යට වළක් හාරාගෙන හිසේ කොට්‌ටයට මළ මිනියක් තබාගෙන පයේ කොට්‌ට දෙකට මළ මිනී කඳන් දෙකක් තබාගෙන දලවර කොට්‌ට දෙකට මිනී කඳන් දෙකක් තබාගෙන එක් මිනී කඳක් උලා කමින් ඉන්නා වෙලාවට අපගේ දිවකුරු බුදුරජාණන් වහන්සේ එතැනට වැඩලා අඩා තෝ මෙච්චර බල පාන්නේ කුමක් නිසා දැයි කියා වදාළ තැනේදී නිෂ්කාරණයේ මාගේ මවු මැරූ පළිය ගන්න වරමක් දෙන්නැයි කියා යාච්ඥ කල කල්හි තට දෙන වරම කුමක්‌දැයි කියා සිවුරු පටියක් ගෙන බන්ධනය කළ ආනුභාවයෙන් ආඥවෙන් බීත සන්නි, අබුත සන්නි, කණසන්නි, ගොළුසන්නි ඇඳිරි සන්නි, වෙව්ලුම් සන්නි, ඇවුලුන් සන්නි, අමුක්‌කු සන්නි වෙඩි සන්නි, යනාදී දහඅටක් සන්නි යක්‌ෂයෝ කළ ලෙඩ සැණෙන් ගුණ වෙන්ඩ සිහිල් වෙන්ඩ දිවකුරු බුදුන්ගෙන් වරමි.
මේ සන්නි යකාගේ මහා කෙරුවාවල් හෙළිකරන තවත් මංත්‍රයක මෙසේ සඳහන් වේ. "ආනන්දයෙනි මේ නරලොවට කවර යකුන් යක්‌ෂණියන් ඇත්දැයි කියා විචාල තැනේදී කරදිය වළල්ලෙන් මෙපිට යකෙක් යක්‌ෂණියක් නැතැයි කියා සැලකළ කල්හි මේ භද්‍රකල්පයට එන සන්නි යක්‌ෂයා කියන්නේ මම තමාය කියා සැලකළ තැනේදී තොප උපන් තැන මම දනිමි නුදුරු විශාලා මහනුවර අසුපාල වීදියේ අසුපාල කුමාරිකාවී දවා පුලුස්‌සාපු සොහොනේ සොහොන් පෙනෙල්ලෙන් සොහොන් අඟුරෙන් උපන් මහා කෝල සන්නි යක්‌ෂයා කියන්නේ තොප තමාය. තෝ මෙතන කවර කාරණාවකට ආවාදැයි කියා වදාළ තැනේදී ස්‌වාමීනි මේ නරලොවට යන්ට වරමක් දෙන්ඩ ඕනෑය කියා තමස්‌කාර කළ තැනේදී විචිඡඩදේවතාවා මාගේ ශාසනේ මතු පන්දාස් පන්සියයක් පවතිනතුරු මේ නරලොව නොබලවයි වදාළ තැනේදී ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහ අට රියනට උදර දහඅටක් තරම් මැයි කියූ කල්හි තාගේ උදර නම් කවරෙක්‌දැයි අසා වදාළ තැනේදී වාත උදරය පිත් උදරය, සෙලස් මා උදරය සන්නි උදරය, සන්නිපාත උදරය පාණ්‌ඩු උදරය මෙකී නොකී උදර දහඅටක් කළ තැනේදී තාගේ උදරමම් මාගේ බුද්ධානු භාවයෙන් පහකරම්මැයි සිතා නමෝ යක්‌ෂ තෙ යක්‍ෂඅර්හතෙ යන මේ ගාථාව වදාළ කල්හි දහඅට සන්නියට නායක මහා කෝල සන්නියක්‍ෂයා නව වැඳීමෙන් දොහොත් මුදුනේ තබා හඬන්ට පටන්ගත් කල්හි ඇයි පව්කළ යක්‌ෂයා අදත් මේ ආතුරයින්ගේ උන ඉස රුජා ඇවුලුම් පිස්‌සු විකාර තුන්වේලක් ගුණ වෙන්ඩ සිසිල් වෙන්ඩ අප ලොව්තුරා සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගෙන් වරම්...
මෙයින් අපට පෙනී යනවා සන්නියකා හා කෝල සන්නි යකා ලෙසින් පෙනීසිට ඔහු කොර සන්නි අවතාරයෙන් ආතුරයාගේ ඇට සන්දි ක්‍රියාත්මක නොවන ලෙසට කොරවීමද, බූත සන්නියෙන් සිහි විකල් කිරීම, ඔල්මාද කරන බූතයකු ලෙසද, ජල සන්නියෙන් ශරීරය සීත කරවා රුධිර ධාවනයට බාධා කරමින් වෙව්ලුම් ක්‌ලාන්ත ගති ඇති කිරීමද කරන බව ගුප්ත වේදීන් මන්ත්‍ර වේදීන් හොඳට දනී.
සන්නි යකුම පහතරට ප්‍රසිද්ධව ඇත්තේ දහඅට සන්නිය යනුවෙන් හා සබරගමුවේ කෝල සන්නි යකා ලෙස හැඳින්වෙන අතර ශාන්ති කර්ම වලදී ඒ ඒ සන්නිවලට භාවිතා කරන වෙස්‌මුහුණුද ඇත. එයින් මරණා සන්න ලෙඩුන් සඳහා දරසෑව දැවීමක්‌ද සිදු කරයි. එහිදී ගායනා කරන කවි කීපයක් මෙසේය. "කුමරු සිත ශෝකයෙන් රැගෙන කග පත අතින් - කපා පලුදෙක ගොසින් - අමු සොහොනෙ එල්ලමින් - ගැබ කුමරු අනුහසින් - බිඳී අතු දෙක වැටී - මලකඳද සාවෙමින් - කුසය උන් කුමරුවන් - උපන් සන්නිය යකුන් - යක් වෙසක් දරාගති - දහ අටක් සන්නි යකු - සමග පිරිවරා ගති - විශාල මහනුවර - මැදෙහි විමනක් කළා - එනුග සෙවණට වඳී - කැටුව සිටි සන්නි යකු - නුවර වනසති ගොසින් - එවිට මුලු සන්නි යකු - ගොසින් රජ මාලිගට - එරජ බිය කවරමින් - බඳිමි තුන් සරණයෙන් - කියා මුනි රජ ගොසින් - තෝ කව්ද යක්‌ෂයා - කියා නම ඇසූ තැනේ - දහඅටක් සන්නි යකු - මම තමයි කී තැනේ - එවිට අපෙ මුනි තුමන් - බුදු රැසක් හැරී තැනේ - දන්ඩ එහි පටන් ගති - එවිට යකු මඳ වැටී - වරන් ඉල්ලූ තැනේ - වරන් ලැබ මුනිඳුගෙන් - එතැන් සිට පැවත එන - සන්නියකු කරපු ලෙඩ - සියලු රෝ දුක් මුදා - දෙවන් සෙත නිසි. ලෙසටා - දිව ගුරුද මුනි තුමන් - මෙ අප ගෞතම අනින් - මෙවෙනි පුද කැප කළේ - එපස්‌වා මෙපස්‌වා - දහස් කල් රකිත්වා - දිනෙත් දින දිනේවා - දිනේ සෙත් කෙරේවා.
එනිසා යම් අයකු තදබල රෝගයකින් පෙලී දුක් විඳිනවානම් පළමුව කළ යුත්තේ දහඅට සන්නියට අයත් භූත බලවේග හඳුනාගෙන අදාළ පුදක් දී ශාන්ති කර්මයක් කර දෙහි, පුහුල්, අලවර්ග, නවසි, කිඩාරන් වැල් ආදිය කපා දෝෂ නැති කර ගැනීම වැදගත් වේ. එසේ නැති නම් මෙරට නොව පිටරට රෝහල්වල ලැගුම්ගෙන වැතිරී සිටියත් වෛද්‍ය ප්‍රතිකාර පැතුවත් ඉන් පලක් නොලැබ රෝගයෙන්ම මිය යති.
මෙවැනි රෝගීන්ට සංඛපාල බන්දනය" නමැති මන්ත්‍රයෙන් පුහුල්, දෙහි, අල ආදිය කපා ගැනීමෙන් ස්‌වල්ප දිනකදී සුවය ලැබේ.
එවැනි සන්නි රෝග සුව වීමට මේ මන්ත්‍රයෙන් 108, 324, 3024, පුහුල්, අලවර්ග, බිත්තර, එක නැට්‌ටේ දෙහිතුන, වැල්, නවසි, වල්අන්නාසි කපා දොලතටු පුදා කපා තීන්දුකර යන්ත්‍රයක් පැළඳීමෙන් ගුණයක් ලැබේ. කරන බෙහෙත් වර්ග පත්තියක් වේ.
මන්ත්‍රය(- ඕං ඕං රීං රීං රාං රාං හ්‍රාං හ්‍රාං ක්‍රාං ක්‍රාං ඊස් බීස් බිල්ලාප්පු ප්‍රයත්න ප්‍රමුත් මුත් ප්‍රවිද්යාම් අං ආං ඉං ඊං උං ඌං ක්‍රීස් ක්‍රීස් බිසිබිල්ලාපු බිල්ලා සයනේ ගුරු ආම් අඃ....
ගුප්ත විද්‍යාකීර්ති, සාමවිනිසුරු,
දේශබන්දු රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
0 Comments