බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක් භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක් බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤ්ඤ ගතෝවා, (ආරාම තුළ) රුක්‌ඛ මූල ගතෝවා, (රුක් සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශූන්‍ය) පෙදෙස් යන ස්‌ථානවලින් එක් ස්‌ථානයකට යන මෙන් දේශනා කළා.
ඒ අනුව එම භික්‍ෂූන් වහන්සේලා විශාල රුකක් යටට ගොස් භාවනාවේ යෙදෙන්නට වුණා. එම අවස්‌ථාවේ වනයේ රුක්‌වලට අධිශෘහිත දෙවි දේවතාවුන් වහන්සේලා ගස් ගල් පෙරළෙන ආකාරයෙන් විවිධ ශබ්ද නගමින් භික්‍ෂූන්ගේ භාවනාවට බාධාවන ලෙස හිරිහැර කළා.
අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙත ගිය භික්‍ෂුන් මේ බව කියා සිටි අවස්‌ථාවේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස් පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස දැන්වූවා.
එහි ගිය භික්‍ෂූන් වහන්සේලා පංච ශීලය ආරක්‍ෂා කරමින් කරණීය මෙත්ත සූත්‍රය සඡ්Cධායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් රුක්‍ෂ අධිපති දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක් ගතකරන ලෙස ආරාධනා කළා. එයින් අපට වටහාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රයේ බලසම්පන්න බව,
යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද මෙම සූත්‍රය වර්තමානයේ බොහෝදෙනා සඡ්Cධායනා සූත්‍රයක් ලෙස භාවිත කළත් මෙම සූත්‍රය සඡ්Cධායනයට පමණක් සීමාවිය යුතු සූත්‍රයක් නොව ක්‍රියාවට නැංවිය යුතු සූත්‍රයකි. මෙම සූත්‍රය සඡ්Cධායනයෙන් දෙවියන්ගේ ආශීර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් විපුල ප්‍රයෝජන ලැබිය හැකි බව මතක තබාගත යුතුම කාරණයකි.
කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එබැවින් මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමටත් දමනය කළ නොහැකි අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දොaෂ සියල්ල තමා ඉදිරියේ දමනය වී සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඔබ වෙත පැමිණෙන සියලු ප්‍රශ්න විස¹ ගැනීමට දෙවියන්ගේ ආශීර්වාදය පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබට ලැබේ.
කරණීයමෙත්ත සූත්‍රය
කරණීයමෙත්ථ කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්‌කෝ උජූ ච සූජූ ච
සුවචෝ චස්‌ස මුදු අනතිමානී
සන්තුස්‌සකෝච සුභරෝච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
නච බුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්Cදු පරේ උපවදෙයHqං
සුනො වා ෙ€මිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුතත්තා
යේකේචි පාණභුතFථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මඡ්Cධිමා රස්‌සකාණුකථූලා
දිට්‌ඨා වා යේව අද්දිට්‌ඨා
යේච දූරේ වසන්ති අවිදූරේ
භුතා වා සම්භවෙසී වා
සබ්බෙ සත්තා භවන්තු සුතත්තා
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤෙථ කත්ථ චිනං කඤ්චි
ච්‍යාරෝසනා පටිඝසඤ්Æ
නාඤ්ඤ මඤ්ඤස්‌ස දුක්‌ඛමිච්ඡෙයH
මාතා යථා නියංපුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්‌ෙ€
ඒවම්පි සබ්බභුතේසු
මානසං භාවයේ අපරිමාණං
මෙත්තං ච සබ්බ ලෝකස්‌මිං
මානසං භාවයෙ අපරිමාණං,
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං
තිට්‌ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාව තස්‌ස විගතමිද්ධෝ, ඒතං
සතිං අධිට්‌ඨෙයH
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
දිට්‌ඨ§ඤ්ව අනුපගම්ම සීලවා
දස්‌සනේන සම්පන්නෝ,
කාමේසු විනෙයH ගේධං
නහි ජාතු ගබ්භසෙයHං පුනරෙතීති,
ඒතේන සච්ච වඡ්ඡේන
සොත්ථි මේ හෝතු සබ්බදා
ඒතෙන සච්ච වඡ්ඡේන
සබ්බරෝගෝ විනස්‌සතු
ඒතේන සච්ච වඡ්ඡේන
හේතුමේ ජයමංගලං
නිතිපතං සඡ්Cධායනා කරමින් ක්‍රියාවට නැංවිය යුතු මෙම අගනා සූත්‍රයේ විශේෂ ගුණාංග මෙසේ පැහැදිලි කළ හැකි අතර එම ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් එය ඔබේ ඉදිරි යහපත සඳහා මහෝපකාරී වනු ඇත.
කරණීය මත්ථ කුසලේන යංතං සන්තං පදං අභිසමෙච්ච ඒ ශාන්ත පදය වන "අමා නිවන"ට පැමිණ වාසය කිරීමට කැමති අයකු විසින් ඒ සඳහා ඇතිකර ගත යුතු කුසලතා සක්‌කෝ - එනම් දක්‍ෂ කමයි. නිවන් අවබෝධය පිණිස ක්‍රමානුකූල දක්‍ෂයකු විය යුතුය.
උඡූච- සෘජු (අවංක) කෙනෙක් විය යුතුයි.
සූජූච- ඉතා අවංක කෙනෙක් විය යුතුයි.
සුවචෝ චස්‌ස - කීකරු කෙනෙක් විය යුතුයි.
මුදු - මෘදු හිතැත්තෙක් විය යුතුයි.
අනතිමානී - අධික මාන නැත්තෙක් විය යුතුයි.
සන්තුස්‌සකෝච - ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුයි.
සුභරෝච- පහසුවෙන් පෝෂණය කළ හැක්‌කෙක් විය යුතුයි.
අප්පකිච්චෝච- අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුයි.
සල්ලහුකවුත්තී- සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුයි.
සත්තින්ද්‍රියෝච- දමනය කළ සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුය.
නිපකෝච- තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි.
අප්පගබ්බෝ- හැඩිදැඩි අසංවරගති නැත්තෙක් විය යුතුයි.
කුලේසු අනනුගිද්ධෝ- හිතමිත්‍ර කුල පවුල්වල නොඇලෙන්නෙක් විය යුතුයි.
නච බුද්දං සමාචරේ කිඤ්චියේන- නුවණැත්තන් නින්දා කරන ඉතා සුළුÊවරදක්‌වත් නොකරන අයෙක් විය යුතුයි.
විඤ්Cදු පරේ උපවදෙයHqං- (මෛත්‍රි වඩන ආකාරය)
සුනෝ ටා කේ මිනෝ හොන්තු- සියලු සත්වයෝ සුවපත් වෙත්වා බය නැත්තෝ වෙත්වා.
සබ්බේ සත්තා බවන්තු සුතත්තා- සැප ඇති සිත් ඇත්තෝ වෙත්වා
යේ කේචි පාණභුතත්ථි තසා වා- කෙලෙස් සහිත වූද, කෙලෙස් රහිත වූද යම් සත්ව
ථාවරා වා අනවසේසා- පිරිසක් ඇද්ද ඒ සියලුම දෙනාද
දීඝ වා යේ මහන්තා වා - දිග සත්තු ද මහත ශරීර ඇති සත්තුද
මඡ්Cධිමා රස්‌සකාණුකථූලා- මධ්‍යම ප්‍රමාණයේ සත්තුද මිටි සත්තු ද, ඉතා සියුම් සත්තුද, ස්‌ථුල සත්තුද
දිට්‌ඨා වා යේච අද්දිට්‌ඨා- ඇසට පෙනෙන සත්ත්වයෝද ඇසට නොපෙනෙන සත්ත්වයෝද
යේ ච දුරේ වසන්ති අවිඳුරේ- දුර වාසය කරන සත්වයෝද ළඟ වාසය කරන සත්වයෝද
භුතා වා සම්භවේසීවා- ඉපදී සිටින සත්වයෝද ඉපදෙමින් සිටින සත්වයෝද
සබ්බේ සත්තා භවන්තු සුතත්තා- සියලු සත්වයෝ සුවපත් වෙත්වා·
න පරෝ පරං නිකුබ්බේථ- කිසිවෙක් කිසිවෙකුට (රැවටීම් ආදියෙන්) හිංසා නොකෙරේවා
නාතිමඤ්ඤේථ කත්ථිචි නං කඤ්චි- කිසි තැනකදී කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා·
ඛ්‍යාරෝසනා පටිඝසඤ්Æ-නුරුස්‌සනා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන්,
නාඤ්ඤමඤ්ඤස්‌ස දුක්‌ඛමිඡඡෙයිය-ඔවුනොවුන්ට දුකක් කැමති නොවෙත්වා·
මාතා යථා නියං පුත්තං- තම ජීවිතය මෙන් පුතු සුරකින
ආයුසා ඒකපුත්තමනුරක්‌ෙ€- එකම පුතෙකු ඇති මවු විලසින්
ඒවම්පි සබ්බභූතේසු- සියලු සත්ත්වයන් කෙරෙහි
මානසං භාවයේ අපරිමාණං- අප්‍රමාණ වූ මෙත් සිත පැතිර විය යුතුය
මෙත්තං ච සබ්බ ලෝකස්‌මිං- උඩ ද යටද හරහට ද සීමාවක් නැතිව වෛර සිත්
මානසංභාවයේ අපරිමාණං- නැතිව සතුරු බාධා නැතිව සියලු ලෝකය කෙරෙහි
උද්ධං අධෝච තිරියඤ්ච- අප්‍රමාණ වූ මෙත් සිත පැතිරිය යුතුය
අසම්බාධං අවේරං අසපත්තං තිට්‌ඨං චරං නිසින්නෝවා-සිටගෙන සිටින විට ඇවිදින විට හෝ හිඳගෙන සිටින විටද
සයානෝ වා යාවතස්‌ස විගතමිද්ධෝ-නිදා ගැනීමට ගිය විට හා නින්ද යන තුරුද
ඒතං සතිං අදිට්‌ඨෙයH - මේ මෛත්‍රී සහගත සිත අධිෂ්ඨානයෙන් සිහිකළ යුතුය.
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු - එසේ විසීම බ්‍රහ්මවිහරණය යි කියනු ලැබේ.
දිට්‌ඨං ච අනුපගම්ම සීලවා-(මෙසේ කරන තැනැත්තා) කිසිදු මිථ්‍යා දෘෂ්ඨ§යන්හි නොඇලී සිල් ගුණ ධර්ම දියුණු කරගෙන
දස්‌සනේන සම්පන්නෝ-සෝතාපණ්‌ණ මාර්ගය දකිනා නුවණින් යුතුවී
කාමේසු විනෙයH ගේධං-කාමයන්ට ඇති ඇල්ම දුරුකොට
නහි ජාතු ගබ්භසෙයHං පුනරේතී තී-නැවත මවු කුසක බැස ගැනීමට කිසි දිනක නොපැමිණේ (පිරිනිවන් පානු ලැබේ)
ජ්‍යෙතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර
0 Comments