විෂ්ණු දේව දසාවතාරයෙන් ඔබටත් පිහිටක්‌

සකල ලෝක සත්ත්වයාට පිහිට වනු සඳහා දෙවිවරුන් විවිධ අවස්‌ථාවලදී විවිධ මූර්තීන්ගෙන් පෙනී සිට ඇති අතර ශ්‍රී විෂ්ණු දෙවියන්ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නෘසිංහ, වාමන, රාම, පරශුරාම, කෘෂ්ණ, බුද්ධ, කල්කින් යන දස අවතාරයන්ගෙන් ලොව පහලව ලෝ වැසියන්ට සෙත සලසන බවට ජනප්‍රවාදය දක්‌වයි.

ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් සුරැකීමේ අතිඋදාර මෙහෙවරෙහි නියුතුව සිටින අප ශ්‍රී ලංකාද්වීපයේ මුර දේවතාවා සේ සැළකෙන ශ්‍රී විෂ්ණු දෙවියන් දස අවතාරයෙන් ලොව පහළ වී ලෝ වැසියන් දුකින් මුදා ගත් අයුරු මෙසේ සඳහන් වේ.


මත්ස්‍යාවතාරය

මුහුද ගොඩ ගැලූ විටෙක අතිදැවැන්ත මාළුවකුගේ වේෂය මවාගෙන අනතුරුව මහත් බල සම්පන්න නෞකාවක්‌ මවා මනු සහ සාමාජිකයන්ද සප්ත මහා සෘෂීහුද බේරාගෙන තිබේ.


කුර්මාවතාරය

ජල ගැල්මේදී නැති වූ අමෘතය මහා සාගරයේ ගිලෙමින් විශ්ව සවිය පෙන්වා ඇත.


වරාහාවතාරය

පොළව සමුදුර මත හෙළන්නට හැදූ හිරණ්‍යාක්‍ෂ බලවත් අසුරයා මරන්නට සූකර (ඌරු) අවතාරයක්‌ ගෙන දළෙන් ඇන මරා දැමූ අවතාරය මෙයවේ.


නරසිංහාවතාරය

සවස්‌කල මිනිස්‌ රූපය සිරුරේ අඩකද සිංහරූපය සිරුරේ අඩකද මවා ගනිමින් ලොවට විණ කරන්නා වූ හිරත්‍යකෂිසු නම් අසුරයා දමනය කිරීමට ඔහුගේ පුත් "ප්‍රහ්ලාද" කළ ඉල්ලීමෙන් ජිවිතක්‍ෂය කිරීම මෙය වේ.


වාමනාවතාරය

බලී නම් අසුරයා ශක්‌තියෙන් කළ බොහෝ වැරදි නිසා අසුරයා වෙත ගිය විෂ්ණු දෙවිඳු තමාට තමාගේ තුන් අඩියකින් වැසෙන බිම් ප්‍රමාණයක්‌ ඉල්ලා එය ලබාගෙන ඒක වරම යෝධ ශරීයක්‌ මවා ගනිමින් විශ්වයම වසාලූයෙන් බලීම ඉතිරි වූයේ පාතාල ලෝකය පමණි.


පරශුරාමාවතාරය

පරශුරාම යනු පොරවක්‌ අතින් ගත් තැනැත්තා යන අර්ථයයි. ජමදශ්නි නම් බ්‍රාහ්මණයා සතු සියලු වස්‌තුව පැහැරගත් කාර්තිවීර්ය නම් රජුව පරශුරාම අවතාරයෙන් සිටි විෂ්ණු දෙවිඳුන් විසින් මරා දමන ලදී.


රාමාවතාරය

රාමා - රාවන පුවතේදී දැක්‌ වූ දක්‍ෂතා රාමාවතාරයෙන් කියවේ.


කෘෂ්ණාවතාරය

ශ්‍රී විෂ්ණු දෙවිඳු ශ්‍රී කෘෂ්ණයන් ලෙස ලොව පහළ වූ බවත් බටලී වාදනයට දක්‍ෂ වූ කෘෂ්ණ හා පෙමින් බැඳුණේ රාධා බවත් කියෑවේ. ද්වාරතා රාජ්‍යය ගොඩනගා ඇත්තේද කෘෂ්ණ විසිනි.


බුද්ධාවතාරය

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ ලෙස බුදුරුවට වන්දනා මාන කිරීමට හින්දු භක්‌තිකයන් පෙළඹී ඇත. වර්තමානයේදී විෂ්ණු දෙවිඳු අදහන හින්දුවරු. බුදුන් වහන්සේගේ රුවද වැඳුම් පිදුම් සඳහා යොදා ගනී.


කල්කින් අවතාරය

කලියුගය අවසානයේදී සුදු අසෙකු අරා ගිනි දලු සහිත අසිපතක්‌ ගත් පුරුෂයකු ලෙස ශ්‍රී විෂ්ණු දෙවිඳු අධර්මිෂ්ඨයන් වනසා සාධු ජනයා සුරක්‍ෂිත කොට යළිත් ලොව ධර්මය පිහිටු වන බව මෙයින් කියෑවේ.

මෙවන් වූ මහා බලයක්‌ ඇති ශ්‍රී විෂ්ණු දෙවිඳුන් නැමැද ඔබටද උන්වහන්සේගේ පිහිට හා දේවාශිර්වාදය ලබා ගත හැකි අතර ඒ සඳහා ඔබ නිවසේදීම මල් පහන් සුවඳදුම් පූජාකර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බුදුන් වැඳ පිරිත් සCධායනා කර විෂ්ණු දෙවියන් උදෙසා නිල්මල් (නිල්කටරොළු - නිල්මානෙල්) ගිතෙල් හෝ රන්තැඹිලි තෙල් පහන්ද සුවඳදුම් හා පත්‍ර පූජාවක්‌ ලෙස මදුරුතලා කොළ පූජා කර පහත සඳහන් ශ්‍රී විෂ්ණු පංජරය උදේ සවස ගායනා කිරීමෙන් නිවසේ ශ්‍රියාව ඇතිවේ.


සෞභාග්‍ය උදාකරන ශ්‍රී විෂ්ණු පංජය

ශ්‍රී විෂ්ණු පංජරං දිව්‍යං - සර්ව රෝග නිවාරනං

උග්‍ර තේජං මහා වීර්යං - සර්ව ශාස්‌ත්‍ර නිකෘත්තනම්



ත්‍රිපුරං දාන මානස්‍ය - හරස්‍ය බ්‍රාහ්මනෝ දිතම්

තද හංසං ප්‍රචක්‌ශ්‍යාම් - ආත්ම රක්‍ෂා තරම් නෘතාම්



පාදෝ රක්‍ෂතු ගෝවින්දෝ - ජංගේ චෛවත්‍රී වික්‍රමං

ඌරුමේ කේෂවඃ පාතු - කටිං චෛව ජනාර්ධිහඃ



නාභි චෛවා ච්‍යqතඃ පාතු - ගුහ්යං චෛවතු වාමනං

උදාරං පද්ම නාභශ්ව - පෘෂ්ඨං චෛවතු මාධවඃ



වාම පාර්ශ්වං තථා විෂ්ණු - දක්‍ෂිණං මධු සූදනං

බාහුං වාසු දේවශ්‍ය - හෘද දා මෝදරඃ තථා



කණ්‌ඩං රක්‍ෂතු වාරාහං - කෘෂ්ණෂ්ට මුඛ මණ්‌ඩලං

මාධවා කර්ණ මූලේතු - භෘෂි කේශෂ්ව නාසිකේ



නේත්‍රේ නාරායනේ රක්‍ෂ - ලලාමං ගරූඩද්වජම්

කපෝලෞ කේෂ චෞ රාක්‌ෂදී - වෛකුණ්‌ටඃ සර්වතෝදිෂම්-



ශ්‍රී වත්ස්‍යාං කශ්ව සංවර්ශා මඨගානං රක්‍ෂතෝ භවේත්

පූර්වශ්‍යං පුණ්‌ඩරී තාක්‍ෂ - ආග්ෙන්‍යාaං ශ්‍රී ඔරස්‌ථතා



දක්‍ෂිණෝ නෘතිංහංච - හෛසෘත්‍යං මාධවෝ චතු

පුරුෂෝත්තමෝ මෙවණ්‍යාං - වාය ව්‍යාංච ජනාර්ධිනඃ



ආපදෝ භරතේ හිත්‍යං - විෂ්ණු ස්‌තෝත්‍රාර්ථ සම්පදා

යසත් විදං පටතේ ස්‌තෝත්‍රං - විෂ්ණු පංජර මුත්තං


ජ්‍යොතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments