ගෙයක්‌ හදන්නට හිතන්නට පෙර

නිවසක්‌ අලුතින් ආරම්භ කිරීම කෝණ මාසවලදී ඉතා අසුබය. එනිසා කෝණ හර මාසවල (කෝණමාසයට අයත් නොවන) නියමිත නැකතකින් නව නිවාස ඇරැඹීම වාස්‌තු විද්‍යාව අනුව ඉතා සුදුසුයි.

ධනු කෝණ මාසය - 

අයහපත් ප්‍රතිඵල

විවිධ අවාසනාවන්ත සිදුවීම් නිවැසි වැඩිහිටි අයට විශේෂයෙන් කරදර. රැකියා කටයුතු නොයෙක්‌ ක්‍රමවලින් කඩාකප්පල්වීම් විවිධ බාධක යෙදීම මෙම කෝණ මාසය තුළ නිවස ඇරැඹූ අයට සිදුවේ.

මීන කෝණ මාසය - 

අයහපත් ප්‍රතිඵල

ජීවිතයේ විවිධ අවස්‌ථාවල විවිධ කාර්ය අසාර්ථක වීම ක්‍රමයෙන් දිළිඳුබව කරා ගමන් කිරීම. දියුණුවට ගනු ලබන සියලු කාර්ය සඳහා විවිධ බාධා එල්ල වේ.

මිථුන කෝණ මාසය - අයහපත් ප්‍රතිඵල

අසල්වැසියන්ගෙන් බලවත් ලෙස විවිධ කරදර එල්ලවේ. නොයෙක්‌ උවදුරු සිදුවීම. සතුරන් ඇතිවන අතර ඔවුන්ගෙන් පීඩාවන් සිදුවීම. නෑදෑයන්ගෙන් කරදර එල්ලවීම සිදුවේ.

කන්‍යා කෝණ මාසය - අයහපත් ප්‍රතිපල

නොයෙක්‌ අන්දමේ නඩු කරදර ඇතිවීම. තම භාර්යාවට රෝගවලින් විවිධ අනතුරුවලින් කරදර සිදුවීම. තම දරුවන්ගේ විවාහ ජීවිතවලට නොයෙක්‌ කරදර උදාවීම. නිවැසියන්ට රෝග වැළඳීම ද සිදුවේ.

මෙම අපල උපද්‍රවවලින් අත්මිදීමට නම් කෝණ හර මාසවල ගෙහිමියාට සීහෙන නැකතක්‌ අනුව නිවසේ වැඩ ඇරැඹිම කළ යුතුවේ.

ඉහත සඳහන් කෝණ හර මාසවල නව නිවාස ඇරැඹීමට නම්. ඒ පිළිබඳවද මනා අවබෝධයක්‌ තිබිය යුතුය. ඒ අනුව කෝණ හරවා යෙදෙන අන්දම පිළිබඳ සැකෙවින් විමසමු.

මේෂ, වෘෂභ, කෝන හර මාසය සූර්යා මේෂ සහ වෘෂභ රාශියේ කරන කාලය වේ. කටක - සිංහ කෝණ හර මාසය සූර්යා කටක, සිංහ රාශිවල ගමන්කරන කාලයයි. තුලා - වෘශ්චික කෝණ හර මාසය සූර්යා තුලා - වෘශ්චික මාසවල ගමන් කරන කාලය වේ. මකර - කුම්භ කෝණ හර මාසය සූර්යාය. මකර කුම්භ රාශිවල ගමන් කර කාලයයි. මෙම කාල නිවාස අලුතින් ඉදිකිරීමට යෝග්‍ය කාල වේ.

මේ අනුව මෙම වසර ළඟම ඇති කෝණහර මාසය 2010 ජුලි මස 16 දින පටන් ගනී. මෙතන සිට එනම් ජුලි 17 දින සිට සැප්තැම්බර් 16 දක්‌වා කාලය කෝන හර මාසය වන අතර මෙය නිවාස අලුතින් ඇරැඹීමට හොඳම කාලයයි.

ජ්‍යෙතීර්වේදී, වාස්‌තුවිද්‍යා විශාරද
රත්නදේශප්‍රිය අමරසූරිය

Post a Comment

0 Comments