සිහිනවල දැවටී එන ජීවිතයට බලපාන දේ

එදිනෙදා ජීවිතයේදී නින්ද සමඟ අපට ලැබෙන සිහින ගැන අප දක්‌වන්නේ අඩු උනන්දුවක්‌. මන්ද සිහිනයක්‌ යනු සිහිනයක්‌ම යෑයි අප අතර ඇති විශ්වාසය නිසා. නමුත් මෙම සිහින වල විශාල අර්ථයක්‌ තිබෙනවා. ඒ නිසා අපි සිහිනවල අර්ථය මොනවගේද කියා දැන ගනිමු.

හදිසි අනතුරක්‌

හදිසි අනතුරක්‌ සිහිනයෙන් දැකීමේ අර්ථය වන්නේ ඔබගේ අවධානය ඔබ නොසිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි. උදාහරණයක්‌ ලෙස ඔබ සිහිනයෙන් දුටුවේ තමන්ව හදිසි අනතුරකට ලක්‌වෙන වානම්, එය ඔබේ ශරීරයේ ආබාධයක්‌ ඇති බව ඉඟිකරයි. එම නිසා වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌වීම නුවණට හුරුයි.

අනාචාරයක්‌

ඔබ ඔබේ සැමියාට හෝ බිරිඳට ෙද්‍රdaහිවන අයුරු සිහිනෙන් දුටුවානම් එහි තේරුම වන්නේ "කෙනෙක්‌ව පමණට වඩා විශ්වාස කිරීමේදී සැලිකලිමත්වන්න" යන්නයි. ඔබගේ ජීවිතයට අලුතින් එක්‌වන මිතුරන් ඔබට ෙද්‍රdaහිවනු වනු ඇත.

ගුවන් යානයක්‌

ගුවන් යානයක්‌ සිහිනෙන් දුටුවා නම් එමගින් හඟවනු ලබන්නේ ඔබගේ සිතේ නිර්මාණශීලිත්වය අධික බවයි. එසේම යම් කිසි දෙයක්‌ හෝ කෙනෙක්‌ ගැන ඔබ මෙතෙක්‌ සිතාසිටි ආකාරය වැරදි බව ළඟදීම දැනගැනීමට හැකිවෙනු ඇත.

සතෙක්‌

කැලෑ සතුන් සිහිනයෙන් දුටුවානම් එම පුද්ගලයාගේ වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. නමුත් මෙම කැලෑ සතුන් ඔබට තර්ජනය කරනු හෝ එකිනෙකා සමඟ පොරකාගනුq දුටුවේ නම් රැකියා ස්‌ථානයේ ප්‍රශ්න ඇතිවිය හැක. දුවන අශ්වයන් සිහිනෙන් දැකීම තරගයකින් ඔබ පරාජය විය හැකි බව දන්වයි. නමුත් සුqරතල් සතුන් සිහිනෙන් දැකීම විශේෂ අර්ථයක්‌ නොදක්‌වයි.

දුක්‌ තැවුල්

ඔබ දුකින් සිටිනවා සිහිනයෙන් දුටුවා ද? එසේ නම් නම් එහි අර්ථය ඔබට උරුමව තිබූ දුක්‌තැවුල් ඇති නම් ඒවා ඔබගෙන් ඉවත් වන බවයි. ඉතා හොඳ සිහිනකි.

පක්‍ෂීන්

හොඳ අර්ථවත් සිහිනයකි. මෙයින් කියෑවෙන්නේ වාසිදායක යම් දෙයක්‌ ඔබට උරුම බවයි. නමුත් සිහිනයෙන් දකින පක්‍ෂියා අනුව මෙය වෙනස්‌ වේ.

ලස්‌සන කුරුල්ලෙක්‌ සිහිනෙන් දුටුවහොත් වාසනා ශක්‌තිය අධික වෙයි. අලුත් අවස්‌ථාවන් උදාවනු ඇත. දියුණුවේ ඉහළටම යා හැක. පියාඹන පක්‍ෂීන් දැකීමේ අර්ථය ඔබේ විජයග්‍රහණය වැඩි ඈතක නොවන බවයි.

පක්‍ෂීන් දෙවියන්ගේ දූතයන් ලෙස සැලකේ. එසේම උන් කීර්තියේද සංකේතයන්ය. ඔබගේ නිර්මාණශීලි අදහස්‌ ඵල ගැන්වෙන බවද පක්‍ෂීන් සිහිනෙන් දැකීම මගින් ඉඟි කරයි.

සමන් චන්ද්‍රරත්න
AFS සඟරාව ඇසුරෙනි

Post a Comment

0 Comments