" මම ඇයි රැවටෙන්නෙ ? " මෙම පැනය පාදක කරගනිමින් එම පැනයට ජ්‍යෙතිෂ සාස්ත්රනුකූලව පිලිතුරක් ලබාදීමට බලාපොරොත්තු වෙමි.ඉහත පැනය ඇසූවේ කාන්තාවකි.තරුණ වයස අවසන් කරමින් සිටියේය.ප්‍රතම විවහය බිදවැටී දෙවන විවාහයකට සහකරුවෙකු සොයමින් සිටියේය.මෙය ඇයට පමණක් සීමාවූ ගැටලුවක් නොවේ.විවාහය අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ තරුණියන්ගෙන් බහුතරයකටත් දෙවන විවාහයක් සදහා සූදානම් වන කාන්තාවන්ගෙන් බහුතරයකටත් පොදුවූ ගැටලුවකි.විදෙස්ගත , සමාජ ජාලය හෝ අන්තර්ජාල මංගල යෝජනා සේවයන් හරහා සේවාව ලබාගන්නා විවාහ අපේක්ෂිකාවන්ටත් විශේෂයෙන් මෙම "රැවටීම" යන කරුණ අරුමයක් නොවනු ඇත.මෙවැනි තත්වයන් ඇතිවීමට හේතුවන අපගේ දුර්වල තාවයන් ජම්ම පත්‍රය අනුව හදුනාගත හැකිය.එමෙන්ම කුමන තරාතිරමේ පුද්ගලයෙකුට උවද යම්කිසි දවසක රැවටීමකට හසුවන ග්‍රහ තත්වය ඇතිවන බවට දින වකවානු සහිතව පෙන්වාදීමට ජ්‍යෙතිෂයට අනුව හැකියාව පවතී.
මේ එවැනි ග්‍රය තත්වයන් කිහිපයකි.
රවි බුධ යෝගව සිටීම "බුධ ආධිත්‍ය" හෙවත් "නිපුණ" නම් බුද්ධි යෝගය උදාවේ.මෙය තීක්ෂණ බුද්ධිය,තර්කාණුකූල වටහාගැනීම හදුනාගැනීම,තේරුම් ගැනීම ලබාදෙන ග්‍රහ යෝගයකි.මෙම යෝගය පිහිටන්නා හට උපාධි ඩිප්ලෝමා අවශ්‍ය නැත.සමාජ ජීවන අත්දැකීම් මගින් ඕනෑම කරුණක් සම්බන්දව මනා වැටහීමක් ලබාගැනීම පහසුවේ.නමුත් මෙම යෝගයට අයත් බුධ හෝ රවි ග්‍රහයා එම කේන්ද්‍රයේ බාධක ග්‍රහයා , බලවත් පාපී ග්‍රහයා වී ඇත්නම්ද , 22 වන දෙර්කාණය අධිපති ග්‍රහයාව සිටීමෙන්ද මෙම යෝගයේ බලය දුබල කරවයි.එමෙන්ම කේන්ද්‍ර සටහනේ ලග්නයෙන් හෝ සදුගෙන් අසුබ ස්තාන වන 6.8.12 වැනි ස්තානයක පිහිටියේ නම් නිසි ප්‍රතිඵල ක්‍රියාත්මක නොවේ.එමෙන්ම අසුබ ග්‍රහ දෘශ්ටියකට ලක්ව තිබීම අසුබ ග්රහයෙකුගේ නැකතක ගමක් කරමින් සිටීම ආදී තත්වයන් මතද මෙම බුද්ධි යෝගය දුබල වේ.ඊට අමතරව මෙම ග්‍රහ යෝගය උපතින් සියලු ආකාරයෙන් බලවත්ව තිබුණත් එම ග්‍රහ යෝගය පිහිටා ඇති ස්තානය හරහා පාපී සෙනසුරු රාහු කුජ වැනි ග්‍රහයෙක් ගමන් කරමින් ඇත්නම්,ඒ කාලසීමාව තුලදීදා බුද්ධිමත්බව යටපත්වී යයි.ඒ සිසා බුද්ධිමතාටත් කිසියම් දිනක රැවටීමකට වංචාවකට බොරුවකට හසුවීමට බොහෝ අවස්තා උදාවනු ඇත.මෙවැනි තත්වයන් අත්දැක තිබේ.ඒ සදහන් කරනු ලැබූවේ බුද්ධි යෝගයද , බුද්ධිමත් බවද දුර්වලවී රැවටීම් වලට හසුවිය හැකි ආකාරයකි.අවස්තාවකි.
එමෙන්ම ඔබ ආදරය ප්‍රේමය විවාහය සම්බන්ද අවස්තා වලදී රැවටීම් වලට හසුවීමට සිකුරු ග්‍රහයාගේ නීච වීම , සිකුරු ග්‍රහයා රාහු සමග යෝගව සිටීම රවි ග්‍රහයා නීචවීම දුබලවීම , බුධ හත්වැන්නේ දුබලවීම ආදී ග්‍රහ තත්වයන්ද හේතුවේ.එමෙන්ම සිකුරු මහදසාවක් ගෙවෙමින් සිටියදී ඒ අතර තුර ඒරාශ්ටක අපලයක් ආරම්බවීම , සිකුරුගේ රාහු අතුරු දසාව.රාහුගේ සිකුරු අතුරු දසාව , සදුගේ රාහු අතුරු දසාව ගෙවමින් සිටීමද ආදියද රැවටීම් ඇතිවිය හැකි අවස්තාවන්වේ.එමෙන්ම ඕනෑම මහදසාවක සිකුරුගේ අතුරු දසාව ලබා එම අතුරු දසාව අධිපති සිකුරු ග්‍රහයා උප්පත්ති කේන්ද්‍රයේ සිටි ස්තානය හරහා රාහු සෙනසුරු වැනි ග්‍රහයෙක් ගමන් කරමින් සිටින කාලයද ආදරය ප්‍රේමය විවාහය සම්බන්දව රැවටීම වලට හසුවිය හැකි අවස්තාවන්වේ.උපතේදී සිකුරු සිටි ස්තානය කුමන ආකාරයෙන් හෝ සෙනසුරුගේ ඒරාශ්ටකයක් ඇතිවන ස්තානයක් නම් එම ඒරාශ්ටක කාලය තුලද විවාහය ආදී කටයුතු වලදී රැවටීම් වලට භාජයන වේ.එමෙන්ම සිකුරු ග්‍රහයා , ගුරු ග්‍රහයා නීචවූ කාලයේ ඇතිවන සම්බන්දතාවයන්ද අවසන් වන්නේ යහපත් ආකාරයෙන් නොවේ.එය බොහෝ විට සිකුරු හෝ ගුරු නීචව ග්‍රහ චාරයේ යෙදෙන කාල සීමාවේ පමණක් පවතින සබදතාවයන්වේ.එමෙන්ම ඒරාශ්ටකයක් පවතින කාල සීමාවන් තුල ඇතිවන ප්‍රේම සබදතාත් විවාහ යෝජනාත් වැඩි කලක් පවතින්නට තිබෙන අවස්තාවන් ඉතා අඩුවේ.මෙම සබදතා , හදුනා ගැනීම් අවසන් වන්නේ කුමක් හෝ රැවටීමකින් , බලවත් සිත් වේදනාවකින් , චරිතයට ගෞරවය , තම ආර්තික ශක්තියට හානි ඇතිකරවමින්ය.
අපලයක් පවතින කාන්තාව තරුණිය හෝ තරුණයාද රැවටීම් වලට අපල කාලය තුලදී හසුවනවා අතරම අපලයක් නැති තරුණයාද තරුණියද ආදරය ප්‍රේමය විවාහය යන කරුණු වලදී රැවටීම් වලට හසුවේ.ඒ මෙසේය.ඔබ ඇසුරු කරන්නේ ඔබට කුමණ ආකාරයකින් ධනයෙන් බලයෙන් සමාජ තත්වයෙන් වයසින් වෙනසක් , පරතරයක් ඇති අයෙකු නම් එම ඇසුර මගින්ද ඔබට හානියක් ඇතිවිය හැකිය.මෙම තත්වයද බොහෝ අවස්තාවන් වලදී අත්දැක තිබේ.එම පෙම්වතා පෙම්වතිය හෝ විවාහ අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව අපල කාලයක් ගෙවමින් සිටිනවා යැයි සිතන්න.ඔහු හෝ ඇය මේ මොහොතේ කිසියම් අසරණ කමකින් පීඩාවට පත්ව සිටිනවා නම්,ඔහු හෝ ඇය ගැලපීම් තත්වයන් ගැන සිතන්නේ නැත.ඔහු හෝ ඇය සොයන්නේ සහනයකි.එය මානසික සහනයක් විය හැකිය.මේ අතර තුරදී ඔබට ඔහු හෝ ඇය හමුවෙයි.නමුත් ඔබට බලවත් අසුබ කාලයක් පැමිණ නැත.ඔබ සමග හිතවත්වන ඔහු හෝ ඇය ඔබ සමග සබදතා ගොඩනගා ගනී.එම සබදතාවය ඇතිකර ගැනීමට ඔහු හෝ ඇය ඔබගේ ධනය , බලය , රැ කියාව , කුලය , ආගම , ජාතිය පිලිබදව තකන්නේ නැත.ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ඒ මොහොතේ සොයන්නේ (අපලයෙන්) පීඩා වූ කායික මානසික තත්වයන්ට සහනයක් පමණි.මෙසේ සබදතා ආරම්බවේ.ඔබ ඔහු හෝ ඇය වෙනුවෙන් අනුකම්පා සහගත බැදීමකින් සහ අනාගත බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරයි.මුදල් අවශ්‍යතාවයන් වලදී උවද පසුබට වන්නේ නැත.මෙසේ කාලයගතවන විට ඔහුගේ හෝ ඇයගේ අපල , අයහපත් කාලය අවසන් වන්නට පටන්ගනී.දැන් ඔහුට හෝ ඇයට යම්කිසි ශක්තියක් ලැබී ඇත.එවිට ඔබව අවශ්‍ය වන්නේ නැත.පුද්ගලයා වෙනස්වන්නට පටන්ගනී.අඩුපාඩු දකින්නට , නොගැලපීම් විවේචනය කරන්නට පටන්ගනී.මේ අතර ඔහු හෝ ඇය සෙමෙන් සෙමෙන් ඔබගෙන් ඉවත්වේ..අන්න එතැන ඔබ රැවටීමකට හසුවිය.එය කායික මානසික ආර්ථික පීඩාවක් මෙන්ම තත්වයට ගෞරවයට හානියක් වූ අවස්තාවක් විය හැකිය.ඔබට අපල කාලයක් නොපැවතුනත් අපලයක් ඇති අයෙකුගේ අපලයක් ඔබකරා පැමිණීමකි.අනුකම්පාව භූමිකම්පාවක් වීමකි.වදින්නට ගිය දේවාලය හිසේ කඩා වැටීමකි..ඒ ඔබ බුද්ධිය පසෙක තබා හැගීමට සහ බලාපොරොත්තුට ඉඩදෙන්නට ගොස් කරගන්නා ලද ඉල්ලන් කෑමකි.
මේ සදහන් කරනු ලැබූවේ ඔබ රැවටීම් වලට හසුවිය හැකි අවස්තා කිහිපයකි.මනුෂ්‍යන් වන අප මේ ජීවිතයේ කිසියම් දිනක බරපතල මොඩ කමක් කරයි.බරපතල ලෙස රැවටීමකටද හසුවේ.එක් අවස්තාවකදී මෙවැනි තත්වයකට මුහුණ දුන්නේ නම් ඉදිරියේදීත් එවැනි සිදුවීම් ඇතිවිය හැකිබව සිහි තබාගත යුතුය.එවැනි තත්වයන් නැවත ඇතිනොවන්නට ඔබ වගබලා ගත යුතුය.ඔබ බුද්ධිමතෙකු වන්නේ එවිට පමණි.රැවටෙන්නට වරදින්නට ධෛවයට නැවත අවස්තාව නොදෙන්නට , ඔබ ඔබගේ දුර්වලතා විමසිලිමත්ව හදුනාගත යුතුය. ඔබගේ දුර්වල තාවයන් හදුනාගැනීමට ඔබ උපක්‍රමශීලී නම් බුද්ධිමත් නම් ආදරය ප්‍රේමය විවාහය සහ සබදතා තුලදී ඔබට නැවත වරදින්නේ නැත.
0 Comments