2015 මැයි 17 සිට මැයි 24 දක්වා සතියේ ලග්න පලාඵල
තමා ලබන ආදායම් තත්වයන් පිලිබදව ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි සතියකි.ලැබීමට තිබූ ආර්තික වටිනාකම් මගහැරී යා හැකිය.ගෘහ ජීවිතයේ ඇතිවන ගැටලු හේතුවෙන් සිතේ සැනසීම අඩුවේ.කලබල ගතියෙන් යුතුව කටයුතු කිරීමට පෙලබේ.තමා පිලිබද වැඩි උසස් බවකින් කටයුතු කිරීම සහ අනෙකාගේ උපදෙස් පිලිනොපැදීම නිසා මිතුරන්න් සතුරු විය හැකිය.හිතවතුන් අසලවැසියන් සමග පවත්වන සබදතා පලුදුවීමට අවස්තාව පවතී.දුර බැහැර ගමන් යෙදිය හැකිය.වෙනදාට වඩා බුද්ධිමත් බවක් පවතින සතියක් උවත් අත්‍යාවශ්‍ය මොහොතක එය නිසිලෙස භාවිතා කිරීමට නොහැකිව සිත් තැවුල් ඇතිකරවයි.විවාහ ජීවිතය සම්බන්දව අසුබ බලපෑම තව දුරටත් පවතින හෙයින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.රහස් පෙම් සබදතා ඇතිවිය හැක.සතිය අවසානය වන විට සිතට සතුට සහ සහනය ඇතිවන ආකාරයේ සිදුවීමක් හෝ ආරංචියක් ලැබීමට අවස්තාව පවතී.නොගැලපෙන සමාජ සබදතා ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ආදායම් සහ වියදම් පිලිබදව ව්ශේෂත්වයක් ඇති නොකලත් උපයනවාට වඩා වියදම් කිසියම් ප්‍රමාණයකින් ඉහල යනු ඇත.මානසික සහ කායික දුබලතා ඇතිකරවයි.අලස කම වර්ධනය කරයි.විශේෂයෙන් එය උද වරුව තුල පවතිනු ඇත.ලේ ශක්තිය තරමක දුර්වල වීම සහ මනසේ සමබරතාවය ගිලිහීයාම මත කම්මැලි ගති ඇතිවී කලකිරීම් තත්වයක් දක්වා වර්ධනය කරනු ඇත.කෙසේ වෙතත් අලසකම් මැද උවද ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමට අවස්තාව ලැබේ.තාක්ෂණික අංශයට සම්බන්දව රැකියා කරන අය ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්ය.හදිසි අනතුරු මගින් ලේ ගැලීම් තත්වයක් ඇතිකල හැකි කාලයකි.විවාහ මංගල අවස්තාවන් උදාවේ.එවැනු උත්සවයන්ට සම්බන්ද වීමට අවස්තාව ලැබෙනු ඇත.නව සබදතා ඇතිකර ගැනීමටත් අවස්තාව පවතින සතියකි.අමතර වියදම් වැඩි විය හැකිය.
![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |



















0 Comments