පසුකාලීන බ්‍රාහ්මණ සමයේ දී විෂ්ණු දෙවියන් කොතරම් අධිපති තත්ත්වයකට පත් වී ද යත් දෙවියන් ඇතුළු ලෝකයාගේ ආරක්‍ෂකයා බවට පවා පත් වීය. මෙකල බිහි වූ බ්‍රහ්ම විෂ්ණු මහේස්‌වර යන ත්‍රීමූර්ති සංකල්පයෙනුත් විෂ්ණු දෙවිඳුට හිමි වුයේ ලෝකාරක්‌ෂතාවයි. සර්වං ජනාත්මයං විෂ්ණු යනුවෙන් මුළු ලෝකය විෂ්ණුට යෑයි දැක්‌වෙන තරමට ම එම අවදියෙහි විෂ්ණු දෙවියන්ට මුල් තැන ලැබිණි. වරක් දුර්වාසස් සෘෂිවරයාගේ සාපයක් නිසා සූරයන්ගේ සතුරන් වූ අසුරයන් බලවත් ව සූරයෝ පිරිහෙන්නට වූහ. සියලු හින්දු භක්‌තිකයෝ එක්‌ව ලෝකාරක්‍ෂක විෂ්ණු දෙවියන් වෙත ගොස් යාඥා කළහ. මහාමේරු පර්වතය දණ්‌ඩ ලෙසත් වාසුකී (අනන්ත) නාගරාජයා රැහැන ලෙසත් කිරිසයුර කළඹන්නැයිද එවිට පැන නැගෙන අමෘතය පානය කිරීමෙන් සුරයන්ට අසුරයන් පරාජය කිරීමට හැකි වන්නේ යෑයි ද විෂ්ණු දෙවිඳු උපදෙස් දුන්හ යි විෂ්ණු පුරාණයෙහි සඳහන් වේ.
භගවත් ගීතාව. ගිත ගෝවින්දය වැනි කෘතීන් කියවන්නකුට විෂ්ණු දෙවියන් පිළිබඳව භාරතීය හින්දුන් තුළ පැවති භක්‌තිය කෙබඳු දැයි සලකා ගත හැකිය. විෂ්ණු දෙවියන් තරම් ප්‍රචලිත දෙවියකු හින්දු කවි සමයෙහි තවත් නැති තරම්ය. මෙම විස්‌තරයන්හි එන අන්දමට විෂ්ණු දෙවියන්ට අත් සතරකි. සර්වතොමුඛ (සෑම පැත්තකටම මුහුණ බැගින්) වේ. දේහ වර්ණය කළු පැහැති ය. (විෂ්ණු දේවරූපවල නිල් පැහැයෙන් සංකේතවත් වන්නේ මේ කාල වර්ණයයි) කහපැහැති වස්‌ත්‍ර ඇඟ දරති. චක්‍රායුධයක්, යගදාවක් ශංකයක් අත්හි දරති. ගරුඪ (ගුරුළු) වාහනාරූඪය, ශ්‍රී කාන්තාව මහෙෂිකා කොට වාසය කරති. ශ්‍රිපති කමලපති, ලක්‍ෂ්මිපති යන නම්වලින් විෂ්ණු දෙවිඳුන් හැඳින් වෙන්නේ ශ්‍රීකාන්තාව මහේෂිකා කොටගත් බැවිනි. විෂ්ණු දෙවියන් සයනය කරන්නේ අනන්ත නාග රාජයාගේ භොගාවලියෙහි (පෙන දහසක් ඇති පෙන මඬුල්ලෙහි) බව ද හින්දු කවි සමයෙහි කියවේ. ගෝවින්ද, නාරායන, ගෝපාල, ත්‍රිවික්‍රම, නිලඬග, චක්‍රප්‍රාණ ආදී නම් විශාල සංඛ්‍යාවක් විෂ්ණු පර්යාගව යෙදේ.
විෂ්ණු දෙවිඳුන් ලෝක රක්‍ෂණය සඳහා විවිධ වෙස්‌ගෙන වරින් වර මනුලොවට පැමිණෙන්නේ යයිද දැනට නව වරක් පැමිණ ඇති අතර අනාගතයෙහි තව වරක් පැමිණෙන්නේ යයි ද භගවත් පුරාණයෙහි සඳහන් වෙයි. මත්ස්‍ය (මින්) කාර්ම (ඉදිඹු) වරාහ (ඌරු) යන තිරිසන් සතුන්ගේ වේශයන් ගෙනුත් නරසිංහ යන අර්ධනර වේශයෙනුත් වාමන (අඟුටුමිටි) රසුරාම, බලරාම, පරශුරාම යන බ්‍රාහ්මණ වේශයන්ගෙනුත් කෘෂ්ණ, කල්කි යන මනුෂ්‍ය වේශයන්ගෙනුත් මෙසේ පැමිණෙන බව එහි දැක්‌වේ. විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාර හැටියට මෙම වේශයන් සලකනු ලැබේ. පසුකලක දී මේ අවතාර අතරට බුද්ධාවතාරය එක් කර ගත් බවට සාධක ලැබේ. බුqදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේ ද විෂ්ණු දෙවියන්ට යෑයි සැලකීමෙන් එය නිර්මාණය වූ බව පෙනේ. මේ අතර ම පසුකාලින මහායාන බෞද්ධයන් විෂ්ණු දෙවියන් අවලෝකිතේශ්වර බෞද්ධයන්ගේ පපුවෙන් උපන් බව විශ්වාස කළ අයුරු මහායාන කාරණ්‌ඩ ව්‍යqහ සූත්‍රයෙන් හෙළි වෙයි. මෙම දෙවියන් හින්දුන් අතර මෙන්ම මහායාන බෞද්ධයන් අතර ද පිළිගැනීමට ලක් වූ බවට මෙය සාධකයක් වේ.
විෂ්ණු දෙවිඳුන් හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධය රාවණ යුගය දක්‌වා අතීතයට දිව යයි. රාමායන සේතුබන්ධ ජානකීහරණ ආදී සුප්‍රකට සංස්‌කෘත සාහිත්‍ය කෘතින්හි එන අන්දමට එම පුරාවෘත්තිය මෙසේය. ලංකාපුරය රාජධානිය කොට ගෙන සිටි රාවණ රජු තපසින් මහාබ්‍රහ්මට පරාජය විය. එයින් පැහැදුණු මහාබ්‍රහ්ම රාවණට දෙවියන් ඇතුළු (මිනිසුන් හැර) කිසිවකු විසින් ඔහු නොමැරීය හැකි වරයක් ලබා දුන්නේය. ඉන් ප්‍රයෝජන ගත් රාවණ දෙවියන්ට හිරිහැර කරන්නට විය. ඒ බව දෙවිවරුන් විසින් විෂ්ණු දෙවියන්ට පැමිණිලි කළ කල්හි එතුමෝ රාම වේශයෙන් (රාමාවතාරයෙන්) දඹදිව උපන්හ. රාවණ විසින් සීතාව පැහැර ගෙන ඒමත් රාවණ විසින් ලක්‌දිවට පැමිණ රාවණ නසා සීතාව යළි බේරා ගැනීමත් මේ පුරාවෘත්තයේ ඌන පූරණයෝ වෙති. මේ අනුව රාම වේශයෙන් ප්‍රථම වරට විෂ්ණු දෙවියෝ ලක්‌දිවට පිවිසුනාහ. අනුරාධපුර යුගයේ පශ්චාත් සමය වන විට හින්දු ආගමික බලපෑම් දැඩි ලෙස ලක්‌දිවට එල්ල වීමේ ප්‍රතිඵලය වශයෙන් විෂ්ණු ඇදහිල්ල ලක්‌දිව ව්‍යාප්ත වූ බවට සාධක ලැබේ. මෙම දෙවියන් පිළිබඳ විශ්වාසය මුලින්ම ලක්‌දිවට පැමිණියේ ගජබා (ක්‍රි. ව. 112-134) කාලයේ දී බව ආචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා පැරණි ලක්‌දිව බෞද්ධ ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ පෙන්වා දී ඇත.
මීළගට විෂ්ණු දෙවියන් පිළිබඳ තොරතුරු අපට ලැබෙන්නේ සාහිත්‍ය කෘතීන්හි ලියෑවී ඇති තොරතුරුත් පුරාවිද්‍යාත්මක සාධකත් මගිනි. පොළොන්නරු යුගයේ ලියෑවුණු සසදාවත කාව්‍යයෙහින් දඹදෙනි යුගයේ ලියෑවුණු සද්ධර්ම රත්නාවලියෙහින් කෝට්‌ටේ යුගයේ ලියෑවුණු පැරකුම්බා සිරිත, පරෙවි, ගිරා, කෝකිල, සැළලිහිණි ආදී සන්දේශ කාව්‍යයන්හිත් කාව්‍යශේඛරයෙහිත් විෂ්ණු දෙවියන් පිළිබඳ සඳහන් දක්‌නට ලැබේ. විශේෂයෙන් ම පැරකුම්බා සිරිතෙහි, බොහෝ තැනක පැරකුම්බා රජු සම කොට දක්‌වන්නේ විෂ්ණු දෙවිඳුන්ටය. ඒ වන විට මෙම දෙවිඳුන් ලක්‌දිව ජන හදවත්හි කොතරම් දුරට ස්‌ථාපිත ව සිටින්නට ඇද්ද යන්න ඉන් වටහා ගත හැකිය.
විෂ්ණු දෙවිඳුන් ශ්‍රී ලංකාවේ සුප්‍රකට උපුල්වන් දෙවිඳුන්ම යෑයි මතයක් පවතී. දීපවංශ, මහාවංස යන කෘතින්හි "උප්පලවණ්‌ණ" වංසත්ථප්ප කාසිතියෙහි උප්පල පණ්‌ණ මහා බෝධි වංශයේ උප්පල වණ්‌ඩ දත්ත යන නම්වලින් මේ දෙවිඳුන් හැඳින්වෙයි. බුදුරජුන්ගේ ඉල්ලීම පරිදි සක් දෙවිඳුන් විසින් මතු බුදු සසුන පිහිටන ශ්‍රී ලංකාවෙහි ආරක්‍ෂාව පැවැරුවේ මේ උපුaවන් දෙවිඳුන්ට ය. විජය කුමරුන් ඇතුළු පිරිස ලක්‌දිවට ගොඩබට මොහොතේ පිරිසට එම නූල් බැඳ කුවේණිය ඇතුළු යක්‌ෂයින්ගෙන් ආරක්‍ෂාව සැලසුයේ මේ උපුල්වන් දෙවියන් බව දීපවංශ, මහාවංශ ආදී කෘතීන්හි සඳහන් වෙයි. අනතුරුව දෙවන දප්පුල රජුගේ (ක්‍රි. ව 659-668) කාලයේදී එතුමා බඳිරාල් (කිහිරැල්) විහාරය සාදවා උපුල්වන් දෙවියන් වෙනුවෙන් පූජා කළේය. ජනප්‍රවාදයට අනුව රජතුමා කිහිරි කදකින් උපුල්වන් දෙවියන් දෙව්රුව නෙළා දෙවිනුවර දේවාලයේ තැන්පත් කළ බව ද කියවේ. 1-අග්ගබෝධි රජු (ක්‍රි. ව. 667-683) (සිරිසඟබෝ) උපුල්වන් දෙවියන්ගේ සහයෝගයෙන් අවුරුදු 16 ක් රාජ්‍ය කළ බව මහාවංසය කියයි. (පොළොන්නරු යුගයේ නිශ්ශංක මල්ල රජු (ක්‍රි. ව. 1187-1196) දවස උපුල්වන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් තැන වූ බවට සාධක ලැබේ. දඹුලු විහාරයේ ඇති උපුල්වන් දෙව්රුව නිශ්ශංක මල්ල රජු විසින් කරවූවකැයි විශ්වාස කෙරේ. දඹදෙනි යුගයේ දී දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. පූ. 1236-1270) දෙවිනුවර උපුල්වන් දෙවොල ප්‍රතිසංස්‌කරණය කළ බව පූජාවලිය කියයි. දඹදෙණිය රාජධානිය කොට ගත් වීරබාහු කුමාරයා වත්තුහානු, නම් ජාවක රජු පරාජය කොට පළමුවෙන් ම කළේ උපුල්වන් දෙවියන් උදෙසා දේව පුජාවක් පැවැත්වීම බව මහාවංශය කියයි. දඹදෙනි යුගයේ දී මෙම දෙවියන් පිළිබඳ විශ්වාසය කොතරම් මුල් බැස ගෙන තිබුණේ ද යන්න ඉන් පැහැදිලි වෙයි. කෝට්‌ටේ යුගය වන විට ද මෙම විශ්වාසය පැවැති බව උපුල්වන් දෙවියන් පිළිබඳව සන්දේශ කාව්‍යයන්හි එන විස්‌තරයන්ගෙන් හා පැරකුම්බා සිරිතෙන් සලකා ගත හැකිය. කිහිරැලි උපුල්වන්, සමන් බොක්‌සල්, මහසෙන්, විභීෂණ යනුවෙන් සතර වරම් දෙවි කෙනෙකුන්ව ලක්‌දිව සිටී බවක් ඉන් නායක දෙවියන් උපුල්වන් බවත් ඔහුට නාරා නම් බිසෝ කෙනෙක් හා දුනු නම් පුත් කුමරකු සිටි බවත් සඳහන් ව තිබේ.
විෂ්ණු දෙවියන් හා උපුල්වන් දෙවියන් එක් ව ගෙන සැලකීමට හේතු වූ ප්‍රධාන සාධකය වර්ණය වන්නට ඇත. උපුල් මල නිල් පැහැති වන අතර විෂ්ණු දෙවිඳුන්ගේ පැහැය ද නිල්ය. මේ හැරත් විෂ්ණු දෙවිඳුන් සඳහා භාවිතා වූ උපනාමයක් වන "රාම" යන්න අල්ගම සන්තුයෙහිදී උපුල්වන් දෙවිඳුන් සඳහා යොදා තිබීම ද විෂ්ණු උප්පලවර්ණ දෙකම එක්‌ව විෂ්ණු දෙවියන් සඳහා යෙදුණු බවට සාධක වේ.
කෙසේ වුවද වර්තමානයෙහි විෂ්ණු දෙවිඳුන් ජන සන්තාපහරණයෙහි ලා නොමද ව පිහිට වන දෙවි කෙනකුන් ලෙස හදවත්හි බැති බරව වැඩ වෙසෙන බව නම් නොරහසකි.
ශ්‍රී විෂ්ණු පත්‍යෂ්ටක
ජගදාදිමතාදිමජං පුරුෂ ශරදම්බරතුල්‍යතනුං චිතනුම් ධෘතකඤ්ජ රථාඬගගදං විගදං ප්‍රණමාමි රමාධිපතිං තමහම්
කමලානතකඤ්ජරතං විරතං හෘදීයොගිජනෛඃකලිතං ලලිතම්
කුජනෛඃ සුජනෛරලභං සුලභං
ප්‍රණමාමි රමාධිපතිං තමහම්
මුනිවෘන්ද හෘදි ස්‌ථපදං සුපදං නිලාŒවරහාගභුජං සුභූජං
හෘතවාසව මුඛ්‍යපදං විපදං
ප්‍රණමාමි රමාධිපතිං තමහම්
හෘතදානව දාප්තබලං සුබලං
ස්‌වජනාසන සමස්‌ත මලං විමලම්
සම්පාසත ගඡේන්දරං සුදරං
ප්‍රණමාමි රමාධිපතිං තමහම්
මෘති ජන්ම ජරා ශමනං කමනං
ශරණාගත භීත හරං දහරම්
පරිතුෂ්ට රමා හෘදයං සුදයං
රමාධිපතිං තමහම් දහරම්
සකලාවති බිම්බධරංස්‌වධරං
පරිපූරිත සර්වදිශං සුදශම්
ගතශොක මශොකකරං සුකරං
ප්‍රණමාමි රමාධිපතිං තමහම්
මථිතාණීවරාජ සරං සුරසං
ග්රථිතාලලොක හෘදං සුහෘදං
ප්‍රථිතාද්භූත ශක්‌තිගුණං සුගුණං
ප්‍රණමාමි රමාධිපතිං තමහම්
ශ්‍රී විෂ්ණු පත්‍යෂ්ටක
ලොවටම මුල් වන ආදී උපත නැති
සරද හස සෙ පෙනුණ ද සිරුරක් නැති
සිරුරක් දැරුව ද ව්‍යාධි කිසිත් නැති
රමාධිපති වෙනු දෙවිඳුන් නමදිමි
කමලා වතැ ගතැ නිරත ව, විරතව
යෝගි දත හද ලලිතය ඇති කළ
දාදනන් ලබතුදු සුදනන් නොලබන
රමාධිපති වෙනු දෙවිඳුන් නමදිම්
මුනි ගණ ළෙහි තැබූ යහපත් පා ඇති
හෝම කොටස අනුභවයට ගන්නා
වාසව මුල් පද ලද ද විපද නැති
රමාධිපති වෙනු දෙවිඳුන් නමදීම්
දානව අසුරිදුගේ දප්තල ගත්
සෝදා සිය දන සැම මළ නිමලව
ඇත් රජුගේ සැම පීඩා දුරලූ
රමාධිපති වෙනු දෙවිඳුන් නමදිව්
මරන, උපන්, ජර සමනය කරනා
පිහිට පතනුනගෙ බිය දුරු කරනා
තුරුණු රමා මන පිනන දයාබර
රමාධිපති වෙනු දෙවිඳුන් නමදීම්
දරා සිටින මිහි තලය තමා තුළ
මැනැවින් සපිරුණු සියලු දිසා ඇති
ශෝක රහිත වී අශෝක කර වූ
රමාධිපති වෙනු දෙවිඳුන් නමදිම්
දළහිඳු රජ වූ රජවිල කැළඹූ
ලොව හොඳ ළය ඇති අය එක් කරවූ
පිවිතුරු යහපත් ළයෑති මිතුරු වූ
රමාධිපති වෙනු දෙවිඳුන් නමදිම්
ශ්‍රී විෂ්ණු ශත නාම ස්‌තොත්‍ර
ඕං-වාසුදේවං හෘෂිකෙශං- වාමනං ජලශායිනං
ජනාර්දනං හරිංකෘෂ්ණ - ශ්‍රී වක්‌ෂං ගරුඩධවජම්
වාරාහං පුණ්‌ඩරි කාක්‌ෂං - නෘසිංහං නරකාන්තකම්
අව්‍යක්‌තං ශාශ්වතං විෂ්ණු - මනන්තමජා මව්‍යයම්
නාරායණං ගදාධ්‍යක්‌ෂං - ගොවින්දාං කිර්ති භාජනං
ගොවර්ධනොද්ධරං දෙවං - භූධරං භූවනෙශ්වරම්
වෙත්තාරං යඥ පුරුෂං - යඥෙශං යඥවාහකම්
චක්‍රපාණිං ගදා පාණිං - ශඩඛ පාණිං නරොත්තමම්
චෛකුණ්‌ඨං දුෂ්ටදමනං - භූගර්භං පිත වාසසම්
ත්‍රිවික්‍රමං ත්‍රිකාලඥං- ත්‍රීමුර්තිං නන්දකේශ්වරම්
රාමං රාමං හයශ්‍රීවං - භීමං රෞද්‍රං හවොද්භවම්
ශ්‍රී පතිං ශ්‍රී ධරං ශ්‍රී ශං - මංගලම් මංගලායුධම්
දාමොදරං දමොපෙතං - කෙශවං කෙශි සූදනං
වරෙණ්‍යං වරදං විෂ්ණු - මානදං වාසු දෙවජං
හිරණ්‍ය රෙතසං දීප්තං - පුරාණං පුරුෂොත්තමම්
සකලං නිෂ්කලං ශුඬං - නිර්ගුණං ගුණ ශාස්‌වතම්
හිරණ්‍ය තනු සංකාශං - සූයර්යායුත සමප්‍රභම්
මෙඝ ශ්‍යාමං චතුර්බාහුං - කුශලං කමලෙක්‌ෂණම්
ජ්‍යෙතිරූප මරූපංච - ස්‌වරූපං රූප සංස්‌තිතම්
සර්වඥං සර්වරූපස්‌තං - සර්වෙශං සර්වතොමුඛම්
ඥනං කුටස්‌ත මවලං - ඥනදං දපරමං ප්‍රභූං
යොගිශං යොග නිෂ්ණාතං - යොගිනං යොග රූපිණම්
ඊශ්වරං සර්වභූතානං - වනේද භූත මයං ප්‍රභූම්
ඉතිනාම ශතං දීව්‍යාං - වෛෂණවං බලු පාපහම්
ශ්‍රී විෂ්ණු ශත නාම ස්‌තොත්‍ර
ඕං වාසුදේව හෘෂිකේෂං
වාමන ජලශායි නං
ජනාර්දනං හරිං කෘෂ්ණ
ශ්‍රී වක්‌ෂං ගරුඩඩ්වජම්
වරාහ අවතාර දරන
පියුම් නමැති නෙත් සහිත වු
නරසිහ අවතාරයක වන
සදා විෂ්ණු අනන්ත වූ
ගදා යුද්ය හසුරුවන්නා
නාරායන ගෝවින්දා
කීර්ති භාජන භූධර
ගෝවර්ධන භූව නේශ්වර
තරුවැති බබලන රූ ඇති
සියලු ම රූවල සිටිනා
සියල්ලට ම අධිපති වූ
හැම පැත්තට මුහුණ තිබෙන
සියල්ලනගේ ම ඥණය
මුදුනෙහි සිටි ඥණය දෙන
යෝගීපති යෝගරූප
යෝගයෙන් ම පිරිසිදු වූ
භූතයනට අධිපති වූ
නමදිමි ශ්‍රී කෘෂ්ණ දෙවිදු
සියයක් නම් ඇති මෙම ගි
සියලු ම පව් නසා දමයි
සියල්ල දත් යඥපුරිය
යාග පති යාග වාහක
උත්තමවූ දනන් අතර
චක්‍ර පාණි සංඛ පාණි
දුදන දමන වෛකුණාඨ වාසි
භූගර්භං ත්‍රි වික්‍රමය කළ
තුන් කල් දත් ත්‍රිමුර්ති වූ
පීත වස්‌ත්‍ර නන්දික හිමි
හය ශ්‍රීව රාම නම් වූ
රුදු බිහිසුණු බව උද්භව
ශ්‍රීපති ශ්‍රීධර ශ්‍රීහිමි
මංගල අවි ඇති මංගල
දා මෝදර ද මෝපේත
කේශව කේශී සූදන
විෂ්ණු මාන වරද උතුම්
වාසු දේව ගෙන් ඉපැදුණු
හිරණ්‍ය රෙතස් දීප්ත වූ
පුරුෂෝත්ම පුරාණ වු
සියලු පාප රහිත ශුද්ධ
ශාස්‌වත වු ගුණය ඇති
රනින් නිමි වැනි සිරුර ඇති
පැහැගත් වැහි වලාකුළේ අත් සතරක් දරා සිටින
කමලාවගෙ බැල්ම ලබන
ශ්‍රී විෂ්ණු ස්‌තොත්‍ර
වනේද මුකුඥ මර වින්ද දලායතාක්‌ෂං
කුනේද තදුශස්‌ව දශනං ශිශු ගොපවෙෂම්
ඉන්දාදි දෙව ගණ වන්දිත පාද පිඨං
වෘන්දා වනාලය මහං වසු දෙව සූනුම්
ශ්‍රී වල්ලහෙති වරදෙති දයා පරෙති
භක්‌ති ප්‍රියෙති භවලුණ්‌ඨන කොවි දෙති
නාථෙති නාග ශයනෙති ජගන්ති වාසෙ
ත්‍යාලාපිං නම් ප්‍රති දිනං කුරුමං මුකුන්ද
ජයතු ජයතු දෙවො දෙවකි නන්දනො යං
ජයතු ජයතු කෘෂෙණා ව්‍යාෂ්ණි වංශ ප්‍රදිපඃ
ජයතු ජයතු මෙඝශ්‍යාමලං කොමලාංගො
ජයතු ජයතු පෘත් වි භාරනාශො මුකුන්දඃ
මුකුන්ද මුර්ධනා ප්‍රණි පත්‍ය යාචෙ
භවන්ත මෙකාන්ත මියන්ත මර්ථම්
අවිස්‌මෘති ස්‌ත්වච්චරණා රවිනේද
භවෙ භවෙ මෙස්‌තු තව ප්‍රසාදාත්
ශ්‍රී ගොවින්ද පදාමේභාජ - මධුනො මහ ද ද්භූතම්
යත් පායිනො නමුඤ්ච්න්ති - මුඤ්ව්න්ති යදපායිනඃ
නාහං වනේද තව චරණයොර්ද්වන්ද්ව මදවන්දව හෙතොඃ
කුම්භි පාකං ගුරුම්පි හරෙ
නාරකං නාප නෙතුම්
රම්‍යා රාමා මෘදු තනු ලතා නන්දනෙ
නාපි රන්තුං
භාවෙ භාවෙ හෘදය හවනෙ
භාවයෙ යං භවන්තම්
නාසථා ධර්මෙ නවසුනිවයෙ නෛව
කාමො ප හොගෙ
යද්භව්‍යං තද්භවතු භගවන් පූර්ව
කර්මානු රූපම්
එකත් ප්‍රාර්ථ්‍යං මම බහු මතං
ජන්ම ජන්මාන්තරෙපි
තවත් පාදාං හොරුහයුග්ගතා
නිශ්චලා භක්‌ති රස්‌තු
දිවි වා භූවි වා මමාස්‌තු වාසො
නරකෙවා නරකාන්තක ප්‍රකාමම්
අවධීරිත ශාරදාර වින්දෞ
වර්ණෞ තෙ මරණෙපි චින්තයාමි
ශ්‍රී විෂ්ණු ස්‌තොත්‍ර
වන්දේ මුකුන්ද මානෙල් පත්වත් නෙතැත්තේ
කොඳ ඉඳුවර මෙන් වූ සුදිලෙනා දත් පෙළින් යුත්
ළදරු වූ ගොපලු වෙස්‌ගත් දේව ගණ වඳින දෙපා
වෘන්දු වන නිවසේ මම් වඳිම් විෂ්ණු දෙවිඳුන්
සිරිකතගෙ හිමියා දයා පර වර දෙන්නා
භවය සිදීමෙහි සමත් බැතිදන පියවන්නා
නාග සයනය ඇත්තේ මුලු ලෝ නිවෙස මෙන් වූ
වෙණු දෙවි ද මෙසේ මා ගී ගයන්නකු කෙරේවා
දිනේවා දිනේවා දේවකී පුත්‍රයාණන්
දිනේවා දිනේවා කෘෂ්ණ යාදව පහන වූ
දිනේවා දිනේවා කෝමලාංග කලු පැහැ වූ
දිනේවා දිනේවා පොළෝ භාර වූ මුකුන් ද
මුකුන්ද මුදුනින් පිණි පා කොට
මම් මෙසේ ඇයද සිටියෙමි
භවයක් භවයක් පාසා ඔබ පාසිහි
කරනට වර පතනෙමි
ගොවිදුන් ගේ පා පියු මෙහි
මධු පානය කළ ඇත්තෝ
අත් නො හරිති ඒ කිසිදා
අපාය ගාමින් මුදවයි
පැමිණ ඔබ පා පිදුමට මා පාද දෙක වෙර නෑතා
රාමා රම්‍යායි එහෙත් නෑ ඇලුම් නන්දන වනේ
යම් හෙයකින් ඔබේ හදවත් නිවාසේ සිට හෝ
සිත එකග කරන්නෙමි යෙදී භාවනාවේ
ධන රැස් නො කළ අපි කම්සැප නොවින්දෙමු
පෙරකම් ලෙස යමක් වේ නම් ඒම වේවා
සුරිඳ මගෙ පැතුම මට හිතය මට හිතය
එහෙයිනි මගෙ බැතිය ඔබ පා පියුම් වෙත
මාගේ වාසය අහසේ පොළොවේ නිරයේ වේවා
දැඩිසේ නිරයේ පැවැත්ම සිද බිද දමනා සුරිඳේ
සරත් කාලයෙහි සඳවැනි මනහර පා ඇති තාණෙනි
මාගේ අවසන් මොහොතේදීත් සිතමි ඔබ පා පියුම්
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණට කන්නලව්ව
සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහනසේ ඔබ වහන්සේ වෛකුණඨ පර්වතයෙහි ගුරුලු වාහනාරූඩව යහතින්ම මෙම ශ්‍රී ලංකා දීපයත්, සම්බුද්ධ ශාසනයත්, මුලු මහත් දඹදිවත් බීප සතරක්, දහඅට දේශයත්, සතර දෙවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්ත්වයාට සෙතක් ශාන්තියක් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහාරාජෝත්තමයාණන් වහන්ස, මවෙතත්, පවුලේ ලේ උරුමයන් වෙතත් නොසිතූ නොපැතූ අදීසි පිළිවෙතකින් පැන නැඟුණා වූ ඇස්‌වහ කටවහ හෝ හදී හුනියමකින් ඇති වූ කිසියම් දෝෂාන්දකාරයක් හෝ නවග්‍රහයන් ගෙන් ඇති වන්නා වූ මාරක බාධක ඒරාෂ්ඨකාදී දෝෂාන්දකාරයක් වෙතොත්, ඒ සියලු අපල උපද්‍රdවන් දුරුකර දෙවා වදාරා, මා ඇතුළු ලේ සබැඳියාවක් ඇති සියලු දෙනාහටම පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වායි ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කනට වැටී දිව නෙතට පෙනී අප හැමගේ සියලු අභිමතාර්ථයන් සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ කරදී පින්ගන්නා සේක්‌වායි ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝවේවාෘ ආයු බොහෝවේවාෘෘෘ ආයු බොහෝ වේවා!!!
විජයසිරි විද්‍යාරත්න





0 Comments