අභ්‍යාසයක්
පුතේ, දුවේ, ඔබ පළමුව ඔබේ පොත් බෑගය පසෙක තබන්න. ඔබේ පාඩම් මේසය ඉදිරියේ ඇති ආසනයේ සුවපහසුව වාඩිවෙන්න. පාවහන් ගලවා තබා පොළොවේ හොඳින් ස්පර්ශ වන සේ දෙපතුල් තබා ගන්න. එවිට ඔබට හොඳ සුවයක් දැනෙණු ඇත. ඉන්පසු දෙනෙත් හොඳින් පියාගන්න (දෑස් පියාගත් පසු මේ ලිපිය කියවන්නේ කෙසේදැ?යි සිතෙනු ඇත. මා කියන අභ්‍යාසය කළ යුත්තේ ලිපිය කියවා අවසන් වූ පසුවයි.) දැන් හොඳ හුස්මක් ගන්න. නැවැත නැවැතත් කිහිප වතාවක් හොඳ දිගු හුස්ම ගෙන ළය පුරවාගන්න. දැන් ඔබ දෑස් පියාගෙන ඔබ විභාගයෙන් සමත් වූවාට පසු ඔබේ ගුරුවරු, මවුපියන් සතුටු වන හැටි, සුබ පතන හැටි සිහිකරන්න. විභාගය සමත් වූ පසු ඔබ කුරුල්ලකු හෝ කිරිල්ලියක මෙන් සතුටු වන සැටි සිහිකරන්න. ඔබ සිහිකළ යුත්තේ විභාගය සමත් වූවාට පසු ඇතිවන සතුට ගැනයි. මෙසේ මොහොතක් ඔබ සිහින ලෝකයේ සිටින්න. දැන් දෑස් විවර කර ඔබ ඒ සතුට විඳගන්න උත්සාහ ගන්න. ඔබේ යහළු යෙහෙළියන් ඔබට සුබ පතන ඒ මොහොත උදාකරගන්න දැඩි අරමුණක් ඇති කරගන්න. ඔබ දැන් නිදහස්. ඔබට විභාගය සමත් විය හැකියි. සෑම දිනයකම මේ සිහින ලොවේ මිනිත්තු කිහිපයක් ජීවත්වන්න. ඔබ පළමුවෙන්ම කළයුත්තේ විභාගයෙන් සමත් වේද; අසමත් වේද; යන දෙගිඩියාවෙන් මිදීමය. ඔබට විභාගය ඉහළින්ම සමත් විය හැකි බව සිතාගන්න. ඔබ දක්ෂයෙකි. ඔබ හපනෙකි. ඔබට ජයගත නොහැකි බාධාවක් නැත. විභාගයේ ප්‍රශ්න පත්‍ර, කාලසටහන ඔබට වැදගත් නැත. ඒවා සැකසීමට වෙනත් අය ඇත. ඔබට ඇත්තේ විභාග ප්‍රශ්න පත්‍රය නොව ඒ ප්‍රශ්න පත්‍රයට නිසි පිළිතුරු ලිවීම පමණි. කාලසටහන ඔබේ ඉලක්කය පසුකරන දෙයක් පමණි. විභාගයේ කුමන විෂයය මුලින් ආවද ඔබට ඊට මුහුණ දියහැකි බව සිතාගන්න. ඔබ දක්ෂයෙකි. හපනෙකි.
ඔබේ සිහිනය
ඔබේ පාඩම් මේසය ඉදිරිපිට අලවා ඇති නළු නිළියන්ගේ පින්තූර සහ වෙනත් සියල්ල ඉවත්කරන්න. එතැන තිබිය යුත්තේ බුද්ධ පින්තූරයක්. ගණ දෙවියන්ගේ පින්තූරයක් සහ සරස්වතී මෑණියන්ගේ පින්තූරයක් පමණි. දිනපතා උදේට බුදුන් (තෙරුවන්) නැමැද ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ට වැඳ නමස්කාර කොට ඔබේ විභාගය අරමුණු කරගෙන සිත ශක්තිමත් කරගන්න. ඔබ විභාගය ගැන ප්‍රාර්ථනාවක් කරන්න. ඔබ විභාගය සමත්වීම ගැන නොව ඉහළින්ම සමත්වීම ගැන සිත පුරුදු කරන්න. ඔබේ ගුරුවරුන්ගේ, මවුපියන්ගේ අරමුණු ඉටුකරන්න ඔබට ඇත්තේ විභාගය සමත්වීම පමණි. ඉහළින්ම සමත්වීම ඔබේ වගකීමයි. යුතුකමයි. ඔබ ජයග්‍රාහකයෙකි. ඔබට උත්සාහයෙන් සියල්ල ජයගත හැකිය. ඊට අවශ්‍ය ඔබේ අධිෂ්ඨානය පමණි.
මානසික සුවය
බොහෝ දෙනා පාඩම් කරනවා යැයි සිතන්නේ මුළු කාලයම පොතට, සටහනට දෑස් යොමුකරගෙන සිටීමය. එහෙත් මනසට විවේකයක් මෙන්ම සිරුරට ව්‍යායාමයක් අවශ්‍යය. ඒ නිසා මුළු කාලයම පාඩමට ගත නොකර මඳක් සිනාසෙන්න. නිවෙසේ අය සමඟ මඳක් විනෝද වන්න. යහළුවන් සමඟ ටිකක් සෙල්ලම් කරන්න. ඔබේ කාමරයේ ෙදාරගුළු විවර කර තබන්න. ඔබට හොඳ ආලෝකයක් සහ වාතාශ්‍රයක් ලැබිය යුතුය. එවිට නිරෝගී මනසක් ඔබට ඇතිවනු ඇත. පළමුව දරුවා තමාට අවංක විය යුතුය. ඉලක්කය විභාගය සමත් වීමය. එසේනම් ආදර සබඳතා පසුවට කල් දමමු. නැතිනම් දෙදෙනාම එකවර සරසවි යන්න අධිෂ්ඨාන කරගනිමු. එතෙක් ආදරයට තිත තබමු.
පාඩම කරන රටාව
ඔබ පාඩම් කරන රටාව ගැන මඳක් සිතා බලන්න. එක දිගට දින ගණනාවක් ඔබ එකම විෂයයක් පාඩම් කරන්නේ නම් ඔබ වැරැදියි. එක දිගට එකම විෂයයක් පාඩම් නොකර එක් විෂයයක් පාඩම් කර වෙහෙසවන විට එය නතර කර දමා නැවතත් ඔබ වෙනත් විෂයයක් පාඩම් කිරීම අරඹන්න. මෙසේ වරින් වර විෂයයන් වෙනස් කරන්න.
එසේම ඔබ පාඩම් කරන විට 'කෙටි සටහන්' තබාගන්න. සෑම විටකම මේ කෙටි සටහන් කියවා මතකයේ තබා ගන්න පුරුදු වෙන්න. එසේම අපහසු දේ පහසු දෙයකට ගළපාගන්න. සරල දෙයකට පෙරළා ගැනීමෙන් පාඩම් කිරීම විනෝදයක් වනු ඇත. ඔබ මේ ජේයාතිෂ පුවත්පතකින් මේ විස්තර නොව, ඔබ බලාපොරොත්තු වන්නේ ජේයාතිෂයට අනුව ඔබ විභාගයෙන් සමත් වන්නේද? නැද්ද? යන්න දැනගැනීමය. ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම සුබ යැයි කියුවොත් ඔබ සියල්ල ග්‍රහයන්ට පවරා නිහඬ වනු ඇත. ග්‍රහයන් අසුබ යැයි කිවහොත් ඔබ ග්‍රහයන්ට ෙදාස් පවරා විභාගය ගැන උනන්දු නොවනු ඇත. ඒ නිසා මා ඔබේ ජන්ම පත්‍රයේ සුබ අසුබ ගැන නොව විභාගයෙන් සමත්වීමට අවශ්‍ය දෙයක් පමණක් පවසන්න උත්සාහ ගනිමි.
ඔබ පාඩම් කීරීමේ කාලසටහනක් සකසාගන්න. ඒ කාලසටහනේ ඔබ නිවෙසේ අන්‍යයන් හා සතුටු වන්නටද කාලයෙන් බිඳක් වෙන්කර තබන්න. රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයටද ඉඩක් දෙන්න. පාසල් නිමාවී අතිරේක පන්තියට ගොස් ගෙදරට ආ විගස නැවැතත් පොත පතටම කාලය සීමා කිරීම නිසා ඔබට මානසික විඩාවක් ගෙන දෙනු ඇත. ඒ නිසා නිවෙසට ආ පසු සුළු කාලයක් හෝ විවේක ගන්න. පාඩම් කිරීමට හොඳම කාලය උදෑසනයි. උදෙන්ම අවදිවී ඇල්වතුර වීදුරුවක් පානය කොට දවස අරඹන්න. එසේම එක්වරම උදේම අවදිවන්න අපහසුනම් උදේ හය පළමු දිනයටත්, දෙවැනි දිනයේ පහයි තිහටත් ලෙස පැය භාගයක් ඉදිරියට යමින් කාලය සකසා ගන්න. එවිට නිදිමත ඔබට කරදර කරන්නේ නැත. එසේම ඔබේ ජයග්‍රහණය සාර්ථක කරගන්න මා ඉතාමත් පහසු මන්ත්‍රයක් මෙහි සඳහන් කරමි. මතකය දියුණු කරවන විවිධ මන්ත්‍ර රාශියක් ඇතත් මේ මන්ත්‍රය ඔබටම පහසුවෙන් කරගත හැකි දෙයකි. අනෙක් මන්ත්‍ර සහ යන්ත්‍ර වෙනත් අයකු ලවා කරවා ගත යුතු ඒවාය. ඒ නිසා ඒවා ඔබට අපහසුය. මේ ලිපිය අවසානයේ ඔබට දක්වා ඇති මන්ත්‍රය ඉතාම සරල එසේම ප්‍රබල එකකි.
මවුපියනි, දරුවා ඉගෙනගන්නා රටාව, ඔහුගේ මේසය, පුටුව, පොත් පත් තබාගන්නා පිළිවෙළට ඔබ උදවු කරන්න. ඔබ දරුවාට විභාගය සමත් වන බව තහවුරු කරන්න. එසේම දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න. එම ජන්ම පත්‍රයේ වර්තමානයේ ඔබේ දරුවාගේ දසා කාලය පරීක්ෂා කරවා ගන්න. බොහෝ මවුපියන් දරුවාගේ විභාගයට පෙර දිනයේ විහාරස්ථානයට ගොස් බෝධි පූජා පැවැත්වීමත්, විභාගයට යන දිනයේ සුබ නැකැතක් සෑදීමටත් පෙලෙඹේ. එය සුබ වුවත් ඒ ක්‍රමය වැරැදිය. දෙවියන් බුදුන් මතක් කළ යුත්තේ විභාගයට පෙර දිනයේ නොව දැන්ම සිටය. එය අදම අරඹන්න. ඔබ අදහන ආගම කුමක් වුවත් ඔබේ ශාස්තෘවරයාට අදම පුද පූජා අරඹන්න. ඒ සඳහා විහාරස්ථානයකට යෑම අපහසු වුවත් නිවෙසේදී එය කළ හැකිය.
තෙරුවන් වඳින්න. ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉන් පසු විභාගයෙන් සමත්වීම ගැන ප්‍රාර්ථනා කරන්න. ඔබේ ආගමික විශ්වාසය අදම ඇතිකර ගන්න. එසේම සුබ නැකැතට පිටත්වන්නාක් මෙන්ම සෑම දිනයකම උදේ ඇති "සුබ නැකැත" පාඩම් කිරීමට යොදාගන්න. දැන් මා ඔබට මන්ත්‍රය කියා දෙන්නම්. පළමුව මේ සඳහා ගුරු දිනයක් තෝරා ගන්න. ගුරු දිනයේ ගුරු හෝරාවෙන් පිරිසුදු වතුර වීදුරුවක් පුරවා ළඟ තබාගෙන තෙරුවන් නමැද දෙවියන්ට පින් දී මේ ගාථාව දහ හතර (14) වතාවක් ඒ පැන් බඳුනට මතුරන්න. ඉන් පසු ඉන් භාගයක් පානය කොට නැවත වීදුරුව පුරවා තබන්න. දෙවැනි දිනයේ මන්ත්‍රය හත් (07) වතාවක් කියන්න. වතුර වීදුරුවෙන් අඩක් පානය කොට නැවැත පුරවා වසා තබන්න. ඉන් පසු සෑම දිනයකම මන්ත්‍රය එක් වරක් මතුරා පැන් බී වීදුරුව පුරවා වසා තබන්න. ඔබට ජය නියතයි.
ඕං විදුගන සරස්වතී විධාන ගුල්ලීපන් නම--
ඕං ගුලි ධාරනේස්වා නම--
සිද්ධි සිද්ධි කරුගනම් නමාය නම--
ඕං සරස්වතී විද්‍යාධරණී ඒස්වාහ--
ඔබට හැකිනම් සරස්වතී දැහැන ලබාගෙන තැඹිලි ගෙඩියක් මතුරවා ගෙන පානය කරන්න.
පේරාදෙණියේ එස්. වීරරත්න
මව්බිම පුවත්පත





0 Comments