කතරගම දෙවිඳුන් පිළිබඳව ලක්‌දිව ප්‍රචලිත ජනප්‍රවාදයන්හි කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර ගැබ් වී තිබේ. ඉන් එක් කතා පුවතකට අනුව ඈත අතීතයේ කාරක නම් අසුරයෙක් ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරුවා ගෙන සිටියේය. එකල භාරතයෙහි කීර්තිධර නිර්භීත සෙන්පතියකු ව සිටි කඳ කුමරු ලංකාවට පැමිණි කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියේය. ජන හදවත්හි ඇති වූ ප්‍රසාදයෙහි ඵල වශයෙන් එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරට ද පැතිර ගියේය. තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියෝ ප්‍රතාපවත් නරවරයකු වූ මහසෙන් රජතුමන් ය. කතරගම රාජධානිය කොට රජ කළ මොහු අභාවයෙන් පසු දේවත්වයට පත්වී යෑයි සැලකේ. කෙසේ වුවද ශ්‍රී ලාංකික ජනතාව අතර කතරගම දෙවිඳුන් වෙත බැති පුද පැවැත්වීමේ සිරිත ඈත යුගයක පටන් ම පැවත ආ බවට සාධක රැසක් ම අප හමුවේ තිබේ.
අනුරපුර යුගයේදී රුහුණේ මාගම විසූ ගැමුණු කුමාරයා මැණික් නදී තෙරෙහි පෙහෙවස් සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිඳුන් ඔහු හමුවෙහි පෙනී සිට බුදු සසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත්, තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජනප්‍රවාදයෙහි එයි. දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩනඟන ලද්දේ ද මෙම කෘතගුණ වශයෙනැයි කියයි. මෙම කියමනට අනුව ශ්‍රී ලංකාවේ බුදු සමය සුරැකීමේ වගකීමක් උපුල්වන් දෙවිඳුන් වෙත මෙන්ම කඳ සුරිඳුන් වෙතද පැවරී තිබුණු බවත් පෙනී යයි. මේ බව සනාථ කරන සඳහනක් ධාතුවංස නම් කෘතියෙහි දක්‌නට ලැබේ. කාචරගාම (කතරගම) යෙහි මහා ස්‌ථුපය (කිරි වෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝොෂ නම් දෙවියකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝොෂ දෙවිඳුන් කඳ සුරිදුන් ම බව විශ්වාස කළ හැකිය.
අනුරපුර යුගයෙහිම දප්පුල රජු දවස මේ දෙවියන් උදෙසා කළ පූජාවන් ගැන මහාවංසයෙහි සඳහන් වේ. පොළොන්නරු යුගයේ ලියෑවුණු සසදාවතෙහිත් ඒ යුගයට ම අයත් ලංකාතිලක සෙල්ලිපියෙහිත් කඳ සුරිඳුන් පිළිබඳ සටහන් දක්‌නට ලැබෙන අතර පොළොන්නරුවේ ලංකාතිලක විහාරයෙහි බිත්තිවල පිටපැත්තේ ඇති කුහරවල ඇති දේව රූප අතර ස්‌කන්ධ දේව රූපය ද ඇතිබ ව පරණවිතාන ශූරීන් පෙන්වා දෙයි. පොලෙළාන්නරුවෙන් හමු වී ඇති ලෝකඩ රූප අතර ද ස්‌කන්ධ දේව රූප සොයා ගෙන ඇත. දඹදෙනි යුගයෙහි ලියෑවිනැයි සැලනෙක නිකාය සංග්‍රහයෙහිත් කෝට්‌ටේ යුගයට අයත් පරෙවි සංදේශය ප්‍රමුඛ සන්දේශ කාව්‍යවලත් යටත් විජිත යුගයේ ලියෑවුණු බටහිර ජාතීන්ගේ වාර්තාවලත් කඳ සුරිඳුන් පිළිබඳ සඳහන් දක්‌නට ලැබේ. මේ අනුව ලංකා ඉතිහාසය පුරා කතරගම දෙවියන්ට පුද පූජා කිරීම පැවතුණු බව පැහැදිලි වෙයි. කතරගම දෙවියෝ දේහ විලාශය හා දරනු ලබන ආයුධාදිය අතින් ද වෙනත් බොහෝ දෙවිවරුන්ට ආරෝපණය නොවුණු තේජසක් හා ආශ්චර්යයක් මතු කොට දක්‌වති. කඳසුරිඳුන්ට මුහුණු සයකි. අත් දොළසකි. සිරුර රන්වන්ය. මයුර වාහනාරූඪව සිටිති. කෙටේරියක්, දුන්නක්, හීයක්, පලිහක්, පොතක්, කටුවක්, අඬකුසයක්, මුගුරක්, සැවුල් ධජයක්, සංඛයක්, තෝමරයක් යන අවි දොළොසක් අත් දොළොසින් දරති.
වර්තමානයෙහි සිංහල, ද්‍රවිඩ ආදී ජාති භේදයකින් ද හින්දු බෞද්ධ ආදී ආගම් භේදයකින් ද ප්‍රදේශාදී භේදයකින් ද තොරව සියලු ලාංකිකයෝ මෙම දෙවිඳුන්ට අනල්ප වූ භක්‌තියකින් යුතුව පූජෝපහාර පවත්වන අතර තම දුක් ගැනවිල්ලෙහිලා පිහිටට එන ආරක්‍ෂකයාණ කෙනෙකුන් ලෙස සලකති.
ශ්‍රී කතරගම ස්‌තොත්‍ර
කොටිභානු තෙජවානු දග්‍රභාව ශ්‍රීතනුම්
ක්‌ෂෙම දායකාද්භූතං ගුණාකරං කෘපා කරම්
හෙම යෂ්ටි කාග්‍ර ඝට්‌ටමාන කුක්‌කුට ධවජම්
ස්‌කන්ද දේවරාජ නාම ස්‌වාමි පුඞගවංනමෙ
දීනජීව සංඝදාන පාරිජාත සන්නිභම්
වඞකලොක පඞක ශොෂණොරු තෙජ රස්‌මිකම්
කාචරාග්‍ර ග්‍රාමදේව මන්දිරාධිවාසිතම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමෙ
වීර ලක්‍ෂමි නිත්‍යවාස භද්‍රබාහු මන්දිරම්
යාචකාලි පාලි සෙව්‍ය මාන පාදපඞකජම්
හාරි නාරි දුෂ්ට සත්ව ක්‌ලිෂ්ට පාප භිෂණම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමෙ
තාරකාදි දෛත්‍ය නාශමානවික්‍රමෝදිතම්
ලෝක කුක්‌ෂි පූරිතං යශොඝශේ්‍රය භාවනම්
දෙව කල්ප පාදපොපම මහා ගුණොදධිම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමෙ
ශ්‍යාම රත්න භූෂණ-ජවලත් කිරිට මණ්‌ඩලම්
කාම ධෙනු තුල්‍ය ත්‍යාගිවාන් සදා ජනප්‍රියම්
දුෂ්ට ප්‍රාණි සර්ව භක්‌ෂ්‍ය පක්‍ෂිනා සමන්විතම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමෙ
ක්‌ෂිර නීරධි තරඞග කීර්ති රාශි භාජිතම්
වීර වික්‍රම ප්‍රතාප දෙව ශෘඞග රත්නහම්
භග්න දෘෂ්ටි සත්වමාන පාපරොග නාශනම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමේ
භක්‌ති ජන්තු චිත්ත කුන්ද මණ්‌ඩලොපමම්
කාර්යභාර දෙහි භාර සර්වකාම දායකම්
භූත බෘන්ද පීඩ්‍යමාන සර්ව දෝෂ නාශනම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමේ
භක්‌තිදාස ඛන්ඩ ක්‍රොධ ශ්‍රතැ රාසි නාසිතම්
බඩ්ග කුන්ත චාප පාස ශූල හස්‌ත ශොභිතම්
මිත්‍ර ලොක පීතෘ භූත ස්‌වර්ණ බර්හි වාහනම්
ස්‌කන්ධ දේවරාජ නාම ස්‌වාමි පුZඞගවංනමෙ
බලවර ගුණ Cඳණො සූරවීරාභි මානො
තිභූවන සුඛදානො චණ්‌ඩිකා සූනු භූතො
සිරිධර සිරිලංකා රක්‌ඛමානොරු තේජො
ජය ජය රඝූනාථො කාචරග්ගාම නාථො
ශ්‍රී කතරගම ස්‌තෝත්‍ර
කෝටි ගණන් හිරු තේජස උසුලන
මනහර බැබළෙන රූ සිරියෙන් ගත
විස්‌මිත වූ ගුණ ආකාරයක් වූ
දයාව නිරතුරු දක්‌වන සෙත වෙත
රන් කෙවිටේ අග බැඳුණු සැවුල් දද
දරා සිටින තුටු කරවා ලෝ නෙත
පුංගවයාණන් කඳ සුරිදාණන්
දෙවි හිමිපාණන් නමෝ නමෝ
අසරණ දස සිත් දන් දී රිසි සේ
පිනවන පරසතු රැයකට සම වන
වංක ලෝක මඩ නොතබා විලයන
මහ බලයක් ඇති තේජස උසුලන
රුහුණු දනව්වේ කදිරා පුරයේ
රන් කොත් මැදුරෙහි තෙදබල හොබවන
පුංගවයාණන් කඳ සුරිදාණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
සිරිකත නිරතුරු සතොසින් වෙසෙනා
සුන්දර මන්දිර බාහු යුවල ඇති
යාචක බිඟු පෙළ විසින් සෙවුන ලද
ඉමිහිරි සුවදැති පාද පද්ම ඇති
දුරුකළ දුර්ජනයන්ගේ බිහිසුණු
පවට ම බර වූ කිළිටි පාප ගති
පුංගවයාණන් කඳ සුරි¹ණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
තාරක අසුරිඳු නැසුවේ මා නෙත්
විකුමෙන් මතු වූ ලෝ කුස පුරවන
යසසේ ඕගෙන් ප්‍රශස්‌ත වූයෙන්
එයිනිදු හැම විට යසස ම වඩවන
මහගුණ සාගර සම්පත් ගෙන දෙන
දෙව් ලොව කප් තුර යෑයි උපමා වන
පුංගවයාණන් කද සුරිදාණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
ශ්‍යාම වර්ණ වූ රිවනින් නිමැවුණු
කිරීට මණ්‌ඩල ලකරව බැබළෙන
කාම ධෙනුවට සමාන අයුරින්
නිරතුරු දන් දී දනන් දිනා ගෙන
අසුවන හැම විට දුෂ්ට සත්ව ගණ
බුදිනා සියොතකු ඇසුරෙහි පසුවන
පුංගවයාණන් කඳ සුරි¹ණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
කිරි සාගර සේ රළ පෙල මෙන් වූ
කිතුරැස නංවා නිරතුරු වැජඹෙන
සුරුවිරු විකුමෙන් ප්‍රතාපයෙන් යුතු
දෙව් මුදුනෙහි වන රුවනක් බඳුවන
සියලු දනන්ගේ පාප රෝග හා
මිසදිටු මානය හැම විට දුරලන
පුංගවයාණන් කඳ සුරුඳාණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
බැතිමත් දනගේ හදවත් කොඳ මල්
පුබුදන පුන්සඳ මඩලක් බඳු වන
කටයුතු බර නිති උසුලන දනහට
කැමති කැමති ලෙස සම්පත් ගෙන දෙන
බූගන පෙළනා ඇතිවන සියලුම
වස්‌දොස් නොතබා දුරින්ම දුරලන
පූංගවයාණන් කඳ සුරිදාණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
චණ්‌ඩ සතුරු රැස නොතබා සුන් කළ
බැතිමත් දනහට සදා මිතුරු වන
අසිපත් මළපුඩු. දුනු හා කොන්ත ද
ශූල රැගත් අත් නිබඳව බබළන
රන් මයුරාසන වාහන වී ඇති
මිතුරු ලොවේ පියතුමකුට සමවන
පුංගවයාණන් කඳ සුරි¹ණන්
දෙව් හිමිපාණන් නමෝ නමෝ
ගුණ නැණ ඇති තුම් බලවත්
සුරවිරු විකුමෙන්
නොඅඩුව අබිමන් යුතු වූ
තුන් ලොවටම සැප සම්පත් ගෙන දෙන
චන්ඩිකාවගේ පිය පුත් රුවන වූ
සිරිලක සුරකින මඟ තෙද බල ඇති
රුහුණු දනව්වේ කදිරා පුරයේ
රඝූනාථ තෙමේ ශ්‍රී කදිර තෙමේ
සදා දිනේවා සදා දිනේවා
පුංගවයාණන් ( (උත්තමාර්තයකි)
ශ්‍රී කතරගම දිව්‍ය රාජයාණට
සාධුෘ සාධුෘෘ දොහොත් මුදුනේ තබා වැන්දෙමි. දෙපා වැන්දෙමි. ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමනාන්විත රණමයුර වාහනාරූඪව රක්‌ත වර්ණ ශ්‍රී දේහයකින්ද, මුහුණු සයකින්ද, විචිත්‍ර නානාවිධ ආයුධ දොළොසක් අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස කතරගමට කිරි වෙහෙරට මැණික් ගංගාවට, රුහුණු මාගම්පුරට වැඩිහිටි කන්දට, මුන්නේස්‌වරම්, දේවාලයට යහතින් දිවැස් බලා වැඩ වදාරන්නා වූ සිද්ධ ස්‌කන්ද නාමෝපලක්‍ෂිත කතරගම දෙවිමහා රාජෝත්තමයාණන් වහන්ස, ඔබ දෙවි හාමුදුරුවන් වහන්සේට අතනඟා අයෑද සිටින්නේ කිසියම් අත්වැරැද්දකින් හෝ නොදත්කමකින් හෝ මගෙන් හෝ මගේ ලේ වලින් පැවතෙන අංශවලින් හෝ එයට සම්බන්ධ අංශවලින් හෝ සිතින් හෝ කයින් හෝ භාරවීමකින් හෝ අමතක වීමකින් හෝ යම් වරදක් වී ඇතොත් ඔබ වහන්සේ සමා වී සියලුම දෙනාම වෙනුවෙන් මවිසින් නමස්‌කාරයෙන් කියා සිටින මෙම කන්නලව්ව අනුව ඒ හැමගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨ කර දීමෙන් ද, ඇස්‌වහ, කටවහ, නවග්‍රහ, හදි හූනියම්, ඒරාෂ්ඨක මාරක බාධක ආදී සියලු දෝෂාන්දකාරයන් ගසා දුරුකොට, පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා. ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවාෘ ආයු බොහෝ වේවා!! ආයු බොහෝ වේවා!!!
විජයසිරි විද්‍යාරත්න





0 Comments