ධම්මපද සැහැල්ල

(17) ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරි උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති – භීයෝ තප්පති දුග්ගතිං ගතො

පව් කරන තැනැත්තෝ - කළ වැරැදි ගැන සිතා - මෙලොව පරලොව දෙකේ - නිසැකව ම පසු තැවෙති. කල්ප ගණනක් පුරා නිමක් නැති දුක්දෙවන - දුගතියට ගිය පසුව වඩාමත් පසු තැවෙති.

(18) ඉධ නන්දති, පෙච්ච නන්දති - කතපුඤේඤා උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති - භීයෝ නන්දති සුග්ගතිං ගතො

පින් කරන තැන්ත්තෝ - කෙරුණු පින් ගැන සිතා - මෙලොව පරලොව දෙකේ -නිසැකව ම සතුටු වෙති. කෙරුනු පින් අනුහසින් - සුගතිගාමී වෙමින් - මහා සැප ලබන විට - බොහෝ සේ සතුටු වෙති.

(19) බහුම්’පි චේ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො ව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති .

කුසලයට පමා වන - මහණ තෙම හැමවිටම - තමන් පිළිපදින් නැති - බණ අනුන් වෙත දෙසයි. ඔහු කිසිම මග පලක් - ලබා ගන්නේ නොවේ. අනුන්ගේ කිරි හරක් – බලන කොල්ලෙකු වැන්න...

(20) අප’පම් ‘ පි චෙ සහිතං භාසමානො
ධම්මස්සහොති අනුධම්මචාරි
රාගං ච දෝසං ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්ත චිත්තො
අනුපාදියානො ඉධ වා හුරංවා
ස භාගවා සාමඤ්ඤස්ස හොතීති

කුසලයට පමා නැති - මහණතෙම හැමවිටම - තමන් පිළිපදින බණ - අනෙක් අයට ද දෙසයි. රාගයෙන් දෝෂයෙන් මෝහයෙන් මිදෙන ඔහු - ලෝකයට බැඳීමක් - නැතිව සුවසේ වෙසෙයි. දිනෙක ඔහු නිසැකව ම - සදාකාලික සුවැ’ති – අජර වූ අමර වූ – නිවන ලැබ ගන්නේ ය...

හිතවතුනි, ඇතැම් අය - තමන් ගුණවත් නොවී - මහ ගුණවතුන් විලස - ලෝකයට බණ කියති. එවැන්නෝ යම් දිනෙක - ජයක්, සතුටක් නොලැබ - සිතාගත නොහැකි සේ - දුකට පත්වන්නෝ ය. නුවණ ඇති ඇතැම් අය - තමන් ගුණවත් වෙමින් - නිහතමානි විලස - ලෝකයට ඔවා දෙති. එවැන්නෝ නිසැකව ම - මේ ලොව දිනන්නෝය . අමර වූ ලොව්තුරා සැප ලබා ගන්නෝ ය.

බණ්ඩාර මඩුගල්ලේ

Post a Comment

0 Comments