කුජ මකරයට ඔබට කොහොමද ? ලග්න පලාඵලය

2014 : 11 : 27 වන ගුරු දින දහවල් 12 : 44 සදු සුවන නැකතේ දෙවන පාදයේ ගමන්කරමින් සිටියදී කුජ ග්‍රහයා සිය උච්ච රාශිය වන සෙනසුරුට අයත් මකර රාශියට පැමිණීම සිදුවේ.2012  : 12 : 19 සිට 2013 : 01 : 26 දක්වා කාලයේ කුජ ග්‍රහයා මීට පෙර මකර රාශියේ ගමන් කිරීම සිදුවිය.2014.11.27 වනදා මකර රාශිගතවන කුජ ග්‍රහයයා 2015 : 01 : 06 වනදා දක්වා  සිය උච්ච රාශියේ ගමන් කරනු ඇත.

මේෂ ලග්නය

මේෂ ලග්නයේ කර්මස්තානය හෙවත් ලගනයෙන් දසවැන්නට කුජ ග්‍රහයාගේ පැමිණීම සිදුවේ.ඒ සමගම රුචක නම් පංචමහා පුරුෂ යෝගය උදාවන අතර දසවැන්න සහ අටවැන්න අතර සිදුවන පරිවර්තනයෙන් රාජ යෝගයක්ද උදාවනවා ඇත.නිවාස දේපල සම්බන්ද කටයුතු සදහා යොමුවීමට අවස්තාව ලැබෙනු ඇත.ඉඩම් සම්බන්දව පැවති ගැටලුකාරී තත්වයන් විසදා ගැනීමට හැකිවනු ඇත.වැඩිහිටියෙකුගේ වියෝවීමක් හෝ වැඩිහිටියෙකුට සිදුවන පීඩාවක් නිසාවෙන් සිත් වේදනාවක් ඇතිවිය හැකිය.කර්මාණ්ත සහ කම්කරු අංශයන්හි කටයුතු කරනා අයට යහපත්ය.නමුත් ශණික ගැටලුකාරී තත්වයන් ඇතිවේ.ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්ය.කරන කියන කටයුතු සාර්තක කරගැනීමට හැකියාව ලැබේ.වෙනදා නොපැවති ආකාරයේ උනන්දුවකින් කටයුතු සිදුවේ.මිතුරන් සහ සතුරන් යන දෙපාර්ශවයෙන්ම ගැටලු ඇතිවිය හැකිය.නව රැකියා සහ රැකියා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත්ය.ඉගනීම් අංශය යහපත්ය.නව ඉගනීම් සදහා යොමුවිය හැකි අතර තාක්ෂණික අංශයේ ඉගනීම් ඉතා යහපත්වනු ඇත.දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටිනා කාන්තාවන් ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්වේ.ගබ්සා වීම් ඇතිවිය හැකිය.පෙම් සබදතා පිලිබදවද සැලකිලිමත්වීම වැදගත්ය.නොතේරුම් කමින් ඇතිවන සිදුවීම්  නිසා සබදතා බිදවැටීමක් හෝ සිත් අමනාප කම් ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය

කුජ ග්‍රහයයා නමවැන්න තුල උච්චවීමත් සමග වෘෂභ ලග්නයටද රාජ යෝගයක් උදාවී ඇත.හත්වැන්න සහ නමවැන්න අධිපති ග්‍රහයන් අතර ඇතිවන පරිවර්තන යෝගය මගින් මෙම රාජ යෝගය උදාවී ඇත.විවාහ බලාපොරොත්තුවෙන් සිටිනා අයට එම බලාපොරොත්තු ඉටුකරගැනීමට වැඩි අවස්තාවන් උදාවනු ඇත.වියදම් වැඩිවේ.දුර බැහැර ගමන් බිමන් ඇතිවේ.උසස් අධ්‍යාපනයෙහි නියුතු දරුවන්ට ඉතා යහපත් කාලයකි.විදෙස්ගතවීම් බලාපොරොත්තුවෙන් සිටිනා අයටද ඒ සදහා අවස්තාවන් උදාවනවා ඇත.විවාහ දිවියේ පැවති ගැටලුකාරී තත්වයන් තරමක් දුරට විසදාගැනීමට හැකිවනු ඇත.රැකියාව සම්බන්දව ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි අතර,පියාට පිය පාර්ශවයටත් අයහපත්ය.තම දරුවන් නිසා දෙමාපියන්ට ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.සිතේ කනස්සලු ගතියක් ඇතිවිය හැකිය.යටපත්ව පැවති රෝග තත්වයක් හෝ ශණිකව ඇතිවන ශරීර දුර්වලතාවයන් ඇතිවිය හැකිය.ආගම දහම සහ ඇදහීම් සම්බන්දව තිබෙන උනන්දුව අඩුවන කාලයකි.

මිථුන ලග්නය

කුජ ග්‍රහයා ලග්නයෙන් අටවැන්න තුල උච්ච බලයට පත්වීමත් සමගම මිතුන ලග්න හිමියාට විපරීත රාජ යෝගයක් උදාවනවා ඇත.මැණික් සහ භූමිය සම්බන්දව කටයුතු කරනා මිතුන ලග්න හිමියාට යහපත් කාලයකි.දේපල වාසි උදාවේ,හදිසි ධන ලාබයක් ඇතිවේ.විවාහය සම්බන්දව ගැටලුකාරී තත්වයක් සුලු වශයෙන් හෝ ඇතිවිය හැකිය.හදිසි ගමන් ඇතිවේ.සතුරන්ගෙන් මෙතෙක් පැවති බාදාවන් ජයගැනීමට අවස්තාව ලැබෙනු ඇත.රැකියා බලාපොරොත්තු සහ රැකියාවේ උසස්වීම් සම්බන්ද,බලාපොරොත්තු ඉටුවේ.විවාහක පාර්ශවයට රෝග තත්වයන් ඇතිවිය හැකිය.දරුවන්ටද අපල ඇතිවිය හැකිය.හදිසි අනතුරු වැටීම් සීරීම් නිසා පීඩා ඇතිවිය හැකිය.වෙනදාට වඩා කලබල ගතියක් ඇතිවන බැවින් සන්සුන්ව කටයුතු කිරීම යහපත්වේ.

කටක ලග්නය

කටක ලග්නයේ හත්වැන්නේ කුජ ග්‍රහයා උච්ච බලය ලබන අතර එමගින් රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදාවන අතර ඒ සමගම මෙතෙක් පැවති කනස්සලු ගති අලසකම් ඉවත්වී යනු ඇත.ක්‍රියාත්මකවීමේ වේගය වැඩි නිසා වෙනදාට වඩා කරන කටයුතු තුලින් සාර්තකත්වයක් ලැබිය හැකිය.අවිවාහක අයට මංගල අවස්තාවන් උදාවේ.රැකියාවේ තත්වය උසස්වීමට හෝ ඔබගේ නාමය යහපත් ආකාරයෙන් ප්‍රසිද්ධ වීමක් සිදුවිය හැකිය.ස්වාමියා සමග හෝ බිරිද සමග අමනාපකම් ඇතිවේ.වේගවත්වීම සහ හදිසිය නිසා බොහෝ ගැටලු ඇතිවිය හැකිය.රාගාධික බව වැඩිවීමක් සිදුවේ.උශ්ණ රෝග සහ මුත්‍ර ආබාධ ඇතිවිය හැකිය.

සිංහ ලග්නය

උසස් සමාජ ඇසුරක් ඇතිවිය හැකිය.මෙතෙක් පැවති සතුරු කරදර මගහැරී යනු ඇත.ඉගනීම සම්බන්දව යම් යම් දුර්වලතාවයන් ඇතිවිය හැකිය.ණය මුදලක් ආපසු ලැබිය හැකිය.නැතිනම් පැවති ණය මුදලකින් නිදහස් වීමට අවස්තාව ලැබිය හැක.දේපල සහ ඉඩම් සම්බන්දව කටයුතු ඇරබීමට යහපත් කාලයකි.වියදම් වැඩිවිය හැකිය.උත්සව අවස්තාවකට සම්බන්ද වීමට අවස්තාව ලැබෙන කාලයකි.නව මිතුර මිතුරියන් හදුනාගැනීමට අවස්තාව ලැබේ.ශරීරයේ රෝග තත්වයන් ඇතිවේ.ආහාර රුචිය වැඩි කාලයක් නිසා ආහාර විශ වීමක් සිදුවිය හැකිය.කායික ශක්තිය යහපත්ව පවතින කාලයක් හෙයින් ඇතිවන රෝග තත්වයන් මගහරවා ගැනීමට අවස්තාව ලැබෙනු ඇත.

කන්‍යා ලග්නය

හදිසි ප්‍රේම සබදතාවයක් ඇතිවිය හැකිය.ආර්තික තත්වය යහපත්වන අතරම වියදම් ප්‍රමාණයද ඉහල යන කාලයකි.ඉගනීම් කටයුතු තුලින් සාර්තක ප්‍රතිඵල ලැබිය හැකි කාලයකි.තරග ක්‍රිඩා ආදියෙන් විශේෂ ජයක් ලැබිය හැකි කාලයකි.ඒ අතරම දරුවන්ට අසනීප තත්වයන් ඇතිවිය හැකිය.එමගින් දෙමාපියන්ට පීඩාවට පත්වීමට සිදුවිය හැකිය.නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් ගෞරවයට හානි ඇතිවිය හැකිය.දරු ප්‍රසූතිය සදහා සූදානම් වන කාන්තාවන් සහ ගැබ්බර මාතාවන් ඉතා ප්‍රවේසම් විය යුතු අතර ආහාරපාන වර්ග ගැනීමේදී විමසිලිමත්විය යුතුය.මවට අයහපත් කාලයකි.දේපල සම්බන්දවත් යම් යම් ගැටලු ඇතිවේ.

තුලා ලග්නය


තුලා ලග්නයෙන් හතරවැන්නේ කුජ ග්‍රහයා උච්චවීමක් සිදුවේ.රුචක නම් පංචමහා පුරුෂ යෝගය උදාවන අතර මෙතෙක් පැවති ඒරාශ්ටක අපල තත්වයේ පාලනයවීමක් සිදුවේ.හදිසි ධන ලාබයක් ලැබිය හැකිය.රැකියා බලාපොරොත්තු ඉටුවන කාලයකි.අතරමග නැවතී තිබූ නිවාස දේපල කටයුතු නැවත ආරම්බවේ.සතුරන් ඇතිවූවත් සතුරා පරාජය කිරීමේ ශක්තියක් සහිත කාලයකි.වෙහෙසකාරී කටයුතු ඇතිවේ.පපුව සම්බන්දව රෝග තත්වයක් හෝ උණ රෝගය වැලදිය හැක.මව සමග අමනාපකම් ඇතිවේ.ඉගනීම් කටයුතු අතපසුවිය හැකිය.වියදම් අධික කාලයකි.අන්‍යන් සමග කතාබහ කිරීමේදී තම වචන පිලිබදව සැලකිලිමත්විය යුතුය.

වෘශ්චික ලග්නය


යහපත් කාලයකි.කරන කියන කටයුතු සාර්තක කරගැනීමට හැකිවනු ඇත.හදිසි කෙටි ගමන් බිමන් ඇතිවේ.නව මිතුර මිතුරියන් ලැබෙන කාලයකි.ලාබ ලැබීම සදහා කරන කටයුතු තුලින් සිතනවාට වඩා ලාබයක් ලැබීමට අවස්තා පවතී.ගෞරවය පිලිගැනීම ඇතිවේ.සිතේ සතුට සහිත කාලයකි.මිත්‍රයන්ගේ උදව් උපකාර ලැබෙන කාලයකි.නව බලාපොරොත්තු ඇතිවේ.සතුරන් පරයා තම ශක්තිය ස්මතුවන කාලයක්වේ.වෙළද ව්‍යාපාර කටයුතු තුලින් ලාබ ලැබිය හැක.අසල්වැසියන්ගේ උදව් උපකාරද ලැබෙනා කාලයකි.නව ඇදුම් පැලදුම් මිලදී ගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.


ධනු ලග්නය


ලැබීමට පැවති ණය මුදලක් ලැබේ.නමුත් එම මුදල් නැවත යහපත් කටයුත්තකට යෙදවීමට අපහසු තත්වයක් ඇතිවිය හැකිය.ලාබ ලැබෙන කාලයක් උවත් ලබන ලාබයෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම අපහසුවන තත්වයක් කුජ දෙවැන්නෙහි ගමන්කරනා කාලයේදී ඇතිවිය හැකිය.විවාහ ජීවිතයේ ගැටලුකාරී තත්වයන් ඇතිවන නමුත් ඇතිවන ගැටලු විසදා ගැනීමට හැකිවේ.අසල් වැසියන් සහ සහෝදර සහෝදරියන් සමග ගැටලු ඇතිවිය හැකිය.සතුරු කරදර පවා ඇතිවිය හැකිය.කෙටි ගමන් වලදී අනතුරු ඇතිවීමට අවස්තාව පවතී.ඉගනීම් සම්බන්දව යහපත්ය.තරග විභාගයන්ට ඉදිරිපත්වීමෙන් විශේෂ ප්‍රතිඵ්ල ලැබිය හැක.මුඛයේ හෝ ඒ ආශ්‍රිතව උශ්ණ බිබිලි ආදිය ඇතිවිය හැකිය.

මකර ලග්නය


කුජ ග්‍රහයා මකර ලග්න රාශියට පැමිණෙන අතර ඒ සමග රුචක යෝගය උදාවේ.එමෙන්ම ලග්නය සහ එකොලොස්වැන්න අතර කුජ සහ සෙනසුරුගේ පරිවර්තනය වීම හේතුවෙන් රාජ යෝග බලයක්ද ලැබේ.මෙහිදී මකර ලග්නයට කුජ ග්‍රහයා බාධක ග්‍රහයා වීම හේතුවෙන් ඉහත ග්‍රහ තත්වයෙන් ලැබෙන යහපත් ප්‍රතිපල අවමවීමක් සිදුවේ.ධන ලාබ ලැබෙන කාලයකි.නමුත් ලැබෙන ලාබය නියමාකාරයෙන්ම ලැබීමට තිබෙන අවස්තාවන් අඩුය.රැකියාව සම්බනදව යහපත් උවත් ලැබෙන වැඩ ප්‍රමාණය නිසි ආකාරයෙන් කලමනාකරන කරගනිමින්,එමගින් යහපතක් ඇතිකරගැනීම අපහසුවේ.කලබල ගතිය වැඩි කාලයක් නිසා ලැබීමට පවතින දේ පවා නොලැබීයා හැකිය.මවට තරමක අයහපත් කාලයකි.ආගම දහම පිලිබද පවතින පිලිගැනීම් වියැකී යයි.විවාහ බලාපොරොත්තු අයට හදිසි විවාහ අවස්තාවන් උදාවේ.විදෙස්ගතවීම් සදහා යහපත් කාලයකි.ආත්ම විස්වාසය සහ උත්සහය බලවත්වන බැවින් ඇතිවන දුර්වලතාවයන් මගහරවා ගැනීමටද අවස්තාව පවතී.ලේ ශක්තිය දුර්වලවීමක් ඇතිවේ.උණ රෝගය හෝ උශ්ණ රෝග තත්වයක් ඇතිවිය හැකි කාලයකි.

කුම්භ ලග්නය


කුම්බ ලග්නයේ ලග්නාධිපති මෙන්ම දොලොස්වැන්න අධිපති සෙනසුරු සහ කුජ අතර පරිවර්තන යෝග තත්වයක් කුජ දොලොස්වැන්නට පැමිණීම සමග උදාවේ.එයද රාජ යෝග තත්වයකි.සතුරු කරදර ඇති උවත් සතුරා පරාජය කිරීමට හැකියාව ලැබේ.නමුත් ගැටලුකාරී තත්වයක් ස්තිරවම පවතින කාලයකි.වියදම් අධිකවේ.ඉතා ලගින් ඇසුරු කරනා අයගේ විරුද්ධවීම් ඇතිවේ.තමාගේ වටිනා භාණ්ඩයකට හානි ඇතිවිය හැකිය.විවාහය සම්බන්දව ගැටලු සහිතයි.උසස් අයගේ උපකාර ලැබේ.නීතිමය ගැටලු සහිත කාලයක් උවත් ශණික විසදුම් ලැබේ.රැකියා අවස්තාවන් සදහා විදෙස්ගතවීමකට අවස්තාවක් ලැබිය හැක.තම උගත්කමට අමතරව වෙනත් අංශයක උගත්කමක් ලැබීමට යහපත්ය.හදිසි අනතුරු රණ්ඩු සරුවල් කෝලාහල ආදිය ඇතිවිය හැකිය.

මීන ලග්නය 


ඉතා යහපත් කාලයකි.දෙවැන්න සහ නමවැන්න අධිපති ග්‍රහයා එකොලොස්වැන්නේ උච්ච බලයට පත්වීම ඉතාමත් යහපත් තත්වයක් ඇතිකරයි.ආදායම් ලැබීමටත් ආදායම් ලබන කටයුතු සදහා මුදල් ආයෝජනය කිරීමටත් යහපත්ය.හදිසි ධන ලාබ පවා ලැබිය හැකි බැවින් ඒ පිලිබදව සැලකිලිමත්වන්න.දේපල සහ භූමි ලාබ සදහා යහපත්ය.දේශපාලණික අංශයේ කටයුතු කරන අය සදහාද යහපත් තත්වයක් උදාකරයි.නව ඉගනීම් කටයුතු සදහා යොමුවිය හැකිය.නව මිතුර මිතුරියන්ගේ උදව් උපකාර ලැබෙනවා ඇත.විරසකව සිටි අය නැවත මිතුරුවේ.ප්‍රේම සබදතා බිදීයා හැකිය.සතුරා පරාජයට පත්කල හැකිය.දරු සම්පත් හානි වීමක් සිදුවීමට පුලුවන.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments