කාන්තා කේන්ද්‍රයක සදු ග්‍රහයා උච්ච බලය ලබා සිටියේනම් එම පිහිටීම කාන්තාවකට සුබඵල උදාකරන පිහිටීමකි.කාන්තා කේන්ද්‍රයක සදු ග්‍රහයා නීච බලයෙන් දුර්වලව ඇත්නම් එම පිහිටීම කාන්තාවට අසුබ පිහිටීමක්වේ.ලග්න දොලසින් උපන් ඔබගේ කේන්ද්‍රයේ සදු ග්‍රහයා උච්ච බලය ලබන ආකාරයත් නීච බලය ලබන ආකාරයත් පහත සටහන මගින් හදුනාගන්න.
ලග්නය | උච්ච භාවය | නීච භාවය |
මේෂ | 2 වන භාවය | 8 වන භාවය |
වෘෂභ | ලග්න භාවය | 7 වන භාවය |
මිථුන | 12 වන භාවය | 6 වන භාවය |
කටක | 11 වන භාවය | 5 වන භාවය |
සිංහ | 10 වන භාවය | 4 වන භාවය |
කන්‍යා | 9 වන භාවය | 3 වන භාවය |
තුලා | 8 වන භාවය | 2 වන භාවය |
වෘශ්චික | 7 වන භාවය | ලග්න භාවය |
ධනු | 6 වන භාවය | 12 වන භාවය |
මකර | 5 වන භාවය | 11 වන භාවය |
කුම්භ | 4 වන භාවය | 10 වන භාවය |
මීන | 3 වන භාවය | 9 වන භාවය |
කාන්තා කෙන්ද්‍ර සටහනක චන්ද්‍රයා උච්චවීම අධ්‍යාත්මික දියුණුවට, ත්යාගශිලීභාවයට ආලය, සතුට සහ සිතුම් පැතුම් පිවිතුරු කිරීමට ඉවහල් වෙයි. චන්ද්‍රයා කාන්තා කේන්ද්‍රයක උච්ච වීම ඇතැම් විටෙක ඇගේ යුග දිවියට බාධකයක් විය හැකිය. කාන්තා අධ්‍යාත්මික දියුණුවට නැඹුරු වීම පරිත්‍යාගශීලී වීම මෙලෙව දියුණුවට බාධා පමුණුවයි. තමා සතු දේපල, වත්කම් වර්ධනය හෝ රැක ගැනීමට මැලිවීම අයහපත්ය.එලෙසින්ම චන්ද්‍රයාගේ යහපත් ගුණාංගයන්වන ආදරය, කරුණාව, අනුකම්පා සහගතවීම සහ අධි සංවේදී බව නිසාම එවැනි කාන්තාවන් නොයෙකුත් රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත.
කාන්තා කේන්ද්‍රයක සදු ග්‍රහයා නීචවූ විට ප්‍රේම සබඳතා තුළින් පරාජය වීම, රැවටිලිවලට ගොදුරුවීම මෙන්ම චංචල අදහස් ඇතිවීමත්, හඳුනා ගැනීමෙන් තොරව දුටු පමණින් ප්‍රේම සබඳතාවලට යොමුවන්නේත් චන්ද්‍රයා නීච වූ තරුණියන් ය.එවන් තරුණියන් පහසුවෙන් ම තරුණයන්ගේ වසඟයට පත්වීම ද ඔවුන් තම පෙම්වතුනට අසීමිතව ප්‍රේමයේ උණුසුම හිමිකර දීමෙන් ද ප්‍රේම වියෝගයන්ට බඳුන් වෙති. ප්‍රේම සබඳතාවන් කඩවීම සහ විවාහයට ලැබෙන සහකරුවන්ගේ නොගැලපෙන බව චන්ද්‍රයා නීච වූ කාන්තාවන්හට උරුම විය හැකිය.
සදු ග්‍රහයා උච්ච බලයෙන් හෝ නීච බලයකින් හෝ වෙන කුමන බලයකින් පිහිටා සිටියත් චන්ද්‍රයා උප්පත්ති කේන්ද්‍රයේ පිහිටා සිටි ස්තානය අනුවනද කාන්තා ගතිගුණ වෙනස්වීම් වලට ලක්වේ.ඒ ඒ භාවයන්හි සදු පිහිටීමෙන් කාන්තාවට ඇතිකරන සුභාසුබ බලපෑම පහත ආකාරයෙන් හැදින්විය හැකිය.
ලග්න භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් පමණ ඉක්මවා සිතුවිලි මෙහෙයවීමෙන් කටයුතු අඩාල කර ගනියි. කටයුතු අතපසු වෙයි.
දෙවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් ඉවසිලිවන්තය. විවාහයෙන් පසු සැමියාට දරුවනට සලකයි.
තෙවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් සහෝදර සහෝදරියන්ට හිතවත්ය. ඔවුනට සලකයි.
සිව්වන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් යහපත්ව නිවසක් සාදාගෙන සැනසිල්ලේ ජීවත් වීමට සිතයි.
පස්වන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් ප්‍රේම සබඳතා රැසකි. සොබා දහමට ආදරය කරයි.
හයවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් සතුරු උවදුරු පිළිබඳ තැවෙයි.
හත්වන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් නායකත්වයට ලැදිය. අමනාපව ඉක්මනින්ම මිතුරු වෙයි.
අටවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් මිථ්‍යා මත පිළිගනියි. අනවශ්‍ය ලෙස රෝග පිළිබඳව තැවෙයි.
නමවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් විදෙස්ගත වීමට හේතුය. දයානුකම්පිතයි.
දසවන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් චරිතය ආරක්ෂා කරගැනීමට මූලිකත්වය දෙයි.
එකොලොස්වන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් ලැඡ්ජා බිය හඳුනයි. ස්වාමියාට නව ආදායම් මාර්ග ඇතිවෙයි.
දොලොස්වන භාවවය තුල කාන්තා කේන්ද්‍රයක සදු පිහිටා ඇත්නම් අනවශ්‍ය වියදම් ඇත්තෙකි. මානසික පීඩනයට හේතුයි.
මේ ආකාරයෙන් කාන්තාවකගේ ගුණ යහපත් කම් අයහපත්කම් ආදියට සදුග්රහයාගේ පිහිටීම වැදගත්වේ.මීට අමතරව සදු ග්‍රහයා යෝගවන ග්‍රහයන් අනුවද කාන්තාවට සුභාසුබ හිමිවේ.ඒ පිලිබදව ඉදිරි ලිපියක් මගින් පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments