2014 සැප්තැම්බර් 07 වනදා සිට 2014 සැප්තැම්බර් 13 දක්වා සතියේ ලග්න පලාඵල

මේෂ ලග්නය

මානසික සමබරතාවය බිදවැටීමට හේතුවන කිසියම් සිදුවීමක් ඇතිවිය හැකිය.තමාගේ ලගම හිතවතෙකු නිසා තමාට කරදරයක් පීඩාවක් ඇතිවිය හැකිය.ඉගනීම් සම්බන්ද කටයුතු වලදී යහපත් ප්‍රතිඵල තවදුරටත් ලැබිය හැකිය.ආත්ම ශක්තිය බලවත් ලෙස ඇතිවේ.බාදා කරදර පැමිණියත් ඒවාට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට හැකියාව ලැබේ.හදිසි ප්‍රේම සබදතා පවා ඇතිවිය හැකිය.දුරදිග නොබලා කටයුතු කිරිම දුර්වලතාවයක් ලෙස පවතී.විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් එම කටයුතු සම්බන්දව සිතට කලකිරීමක් ඇතිකල හැකිය.විවාහදිවි ගතකරන මේෂ ලග්නයේ ඔබ කේන්තිය පාලනය කරගැනීම වැදගත්ය.හදිසි අනතුරු සහ උෂ්ණ රෝගයන්ට ලක්විය හැකිය.

වෘෂභ ලග්නය 

වෙනදාට වඩා වැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.විශේෂයෙන් නිවසේ කටයුතු වලදී තමාට මැදිහත්ව කටයුතු කිරීමට සිදුවනු ඇත.නමුත් ඉගනීම් කටයුතු වලදී අතපසුවීම් සිදුවිය හැකිය.තමා පිලිබදව විශේෂ පිලිගැනීම් ලැබෙනු ඇත.හදිසි ගමන් බිමන් ඇතිවේ.විවාහ අපේක්ෂිතයන්ට විශේෂ සුභ කාලයක් උදාවී ඇත.විවාහ යෝජනාවන් ස්තිර කරවා ගැනීමට හැකිවේ.විවාහය ප්‍රමාදවීම නිසා කලකිරීමක පසුවූ ඔබට නව ප්‍රබෝදයකින් යුතුව විවාහය සම්බන්දව නැවත කටයුතු කිරීමට හැකිවේ.ප්‍රේම සබදතා ඇතිවීය හැකි උවත් ඒ සම්බන්දව සැලකිලිමත්වීම වැදගත්ය.නොගැලපෙන සබදතා ඇතිවීමටත් රැවටීම් වලට ලක්වීමටත් ඉඩ ඇත.විවාහ දිවිගතකරන ඔබටද යහපත්ය.සමගියෙන් යුතුව විවාහ දිවිය පවත්වාගෙන යා හැකිය.    

මිථුන ලග්නය

ඉගනීම් සම්බන්දව මෙතෙක් පැවති බාදාවන් තරමක් දුරට ඉවත්ව ගොස් ඇත.ආර්තික දුර්වලතාවයන් සම්බන්දව නැවත යහපත් තත්වයක් ඇතිවනු ඇත.අතරමග නැවතී තිබූ ඉගනීම් කටයුතු සහ ආර්තික තත්වයට සම්බන්ද කටයුතු නැවත ආරම්බ කිරීමට සුදුසු කාලයයි.එයට සිත එකග කරවා ගැනීමට හැකියාව පවතී.ලැබීමට පැවති ණය මුදලක් නැවත ලැබෙනවා ඇත.එමෙන්ම ඔබට ගෙවීමට පැවති ණය මුදලකින් නිදහස ලැබීමටද හැකිවනු ඇත.විවාහය සහ ගෘහ ජීවිතය සම්බන්ද කටයුතු වලදී සතුට සහ සාමයෙන් යුතුව කටයුතු කිරීමට හැකිවනු ඇත.සහෝදර සහොදරියන්ගේත් අසල්වැසියන්ගේත් උදව් උපකාර ලැබෙන කාලයකි.      

කටක ලග්නය

ආර්ථික තත්වයේ සහ රැකියාව සම්බන්දව විශේෂ තත්වයන් ඇතිවේ.නව රැකියාවන්ට යොමුවීමටත් රැකියා උසස් වීම් බලාපොරොත්තු වන කටක ලග්න ඔබටත් යහපත් කාලයක් උදාවී ඇත.සහෝදර සහෝදරියන්ගේ කටයුතු හේතුවෙන් සිත් කලකිරීම් ඇතිවිය හැකිය.හිතවතුන් අසල්වැසියන් නිසා තම ආර්තික තත්වයට හානි ඇතිකල හැකිය.විද්‍යා තාක්ෂණික අංශයේ ඉගනීම් කටයුතු වල යෙදෙන ඔබට විශේෂ සුභ තත්වයන් ඇතිකරයි.හදිසි ප්‍රේම සබදතා ඇතිවිය හැකිය.දේපල සම්බන්දව ගැටලු ඇතිවේ.මවටද අපල ඇතිකරවයි.විවාහය සම්බන්දවද ගැටලු ඇතිවිය හැකිය.තමාගේ නොවන ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ඔබට ඉතා යහපත් කාලයක් උදාවී ඇත.ආත්ම විශ්වාසයෙන් යුතුව තම කටයුතු සාර්තකව පවත්වාගෙන යා හැකිය.දේපල වර්ධනය සදහා යහපත් කාලයකි.නිවාස සෑදීම වැනි කටයුතු පමාවෙමින් පැවතියේ නම් එම කටයුතු නැවත ආරම්භ වනවා ඇත.වෙනදා නොපැවති මානසික සරල බවක් ඇතිවේ.ප්‍රේමාන්විතව තම විවාහකයා හෝ පෙම්වතා පෙම්වතිය සමග කාලය ගෙවීමට හැකිය.ආර්ථික තත්වය යහපත් නමුත් වියදම් තත්වය ඉහල යයි.ආගමික කටයුතු සදහා සම්බන්ද වීමට අවස්තාව හිමිවේ.සමස්තයක් ලෙස මෙම සතිය ඔබට යහපත් ආකාරයෙන් ගෙවී යනු ඇත.

කන්‍යා ලග්නය

ජීවිතයේ බොහෝ කටයුතු සම්බන්දව වෙනදාට වඩා වැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවේ.අන් අයගේ දුක් වේදනාවන් වෙනුවෙන් තමාට කටයුතු කිරීමට සිදුවනු ඇත.ලැබීම් සාමාන්‍ය පරිදි පවතින නමුත් වියදම් ප්‍රමාණය ඉහල යයි.හවුලේ කරන ව්‍යාපාරයන්ගෙන් වැඩි ලාබයක් ලැබිය හැකිය.කෙසේ උවත් කුමන කටයුත්තකදී උවත් වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.අවිවේකී බවක් ඇතිවේ.නමුත් සෑම කටයුත්තකදීම වෙනදාට වඩා යහපත් ප්‍රතිඵලයක් ලැබිය හැකි වනු ඇත.ඉගනීම් සම්බන්දව පැවති බාදාවන් ඉවත්වී යයි.විවාහ ජීවිතයේද බලවත්ම සුභ තත්වයක් ඇති නොවූවත් බලවත් අයහපත් තත්වයක් ද ඇති නොකරයි.

තුළා ලග්නය

මෙතෙක් බලවත්ව පැවති අපල තත්වයන් තරමක් දුරට යහපත් අතට හැරෙනු ඇත.ආර්තික තත්වයේ කිසියම් සුබදායක බවක් ඇති කරයි.ප්‍රමාදවෙමින් පැවති විවාහය සම්බන්දව නව කිසියම් සුභ ප්‍රතිපලයක් ලැබිය හැකිවේ.විවාහ දිවි ගතකරන තුළා ලග්න හිමි ඔබගේ ස්වාමියාට හෝ බිරිදට තරමක අසනීප තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ.නමුත් එම තත්වය මත දෙදෙනාගේ බැදීම ශක්තිමත් වනවා ඇත.මවගෙන් සහ පියාගෙන් වෙනදාට වඩා වැඩි සහයෝගයක් ලැබෙනු ඇත.ඉගනීම් සම්බන්දවද යහපත් තත්වයක් ඇතිකරවයි.නමුත් දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමකින් කටයුතු කිරීමට සිදුවනු ඇත.

වෘශ්චික ලග්නය

මෙතෙක් පැවති ආර්තික බාදාවන් මෙම සතිය තුලදී බොහෝ දුරට යහපත් අතට හැරේ.ලැබීමට පැවති ණය මුදලක් හෝ දේපලක් ලැබීමට අවස්තාවන් පවතී.තමා පිලිබදව ආත්මාබිමාණයකින් යුතුව කටයුතු කිරිමට හැකිවේ.තමා ආරම්භ කරන කටයුතු බොහොමයක් සාර්තක වනවා ඇත.විවාහ අපේක්ෂිතව සිටියේ නම් එම කටයුතුද ඔබගේ අංශයට යහපත් ලෙස සිදුවනවා ඇත.හදිසි අනතුරු ඇතිවීමට අවස්තාව පවතී.හිස ආශ්‍රිත ප්‍රදේශයේ දුර්වලතා ඇතිවේ.රියදුරන් සහ උස් ස්තානයන්හි සේවය කරන වෘශ්චික ලග්න හිමි ඔබ වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්ය.ඉගනීම් කටයුතු සම්බන්දවද බලවත් බාදාවන් ඇතිනොවේ.

ධනු ලග්නය

ගෘහ ජීවිතයේ වෙනස්කම් ඇතිවේ.පැවති සමගියට කිසියම් බාදාවක් ඇතිවිය හැකිය.හදිසියේ යෙදෙන ගමන් බිමන් නිසා ආර්තික හානි ඇතිවිය හැකිය.රැකියාවේ තත්වය පෙර පැවති ප්‍රමාණයට වඩා කිසියම් සුබදායක තත්වයක් දක්වා වර්ධනය විය හැකිය.තම දේපල සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.ඒ සම්බන්ද කටයුතු වලදී වැඩි වියදමක් කිරීමට සිදුවනු ඇත.හදිසි අසනීප තත්වයන් ඇතිවිය හැකිය.විවාහ දිවියේ පැවති සමගියට බාදා ඇතිවේ.සතුරන්ගේ රහස් කටයුතු නිසා ඔබට අයහපතක් විය හැකිය.ඉගනීම් සම්බන්දව වැඩි වියදමක් කිරීමට සිදු උවත් ඉගනීම් දුර්වලතා ඇතිනොවේ.

මකර ලග්නය

ප්‍රධාන ආර්ථික මාර්ගයෙන් නොව වෙනත් ආකාරයකින් ආර්තික වාසියක් ලැබිය හැකිය.ලැබීමට පැවති ණය මුදල් නැවත ලැබෙනවා ඇත.ගෙවීමට පැවති ණය මුදලික් නිදහස් වීමට අවස්තාව ලැබේ.මැණික් කර්මාන්තයේ නියුතු ඔබට විශේෂ වාසි ලැබිය හැකිය.අමතර ආදායම් මාර්ග සදහා යොමුවීමට යහපත් කාලයකි.දේපල සම්බන්ද කටයුතු නැවත ආරම්බයට යහපත් කාලයයි.ඉගනීම් සම්බන්ද කටයුතු තුළින් සහ තරග විභාගයන්ගෙන් විශේෂ යහපත් ප්‍රතිපල ලැබෙනවා ඇත.විවාහ අපේක්ෂිතයන්ටද යහපත්ය.විවාහ දිවි ගතකරන ඔබටද බලවත් අයහපත් තත්වයන් නැතත් ගෘහ ජීවිතය සම්බන්ද කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කල යුතුය.කේන්තිය පාලනය කල යුතුය.නැතිනම් ගැටලු ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය

පැවති වගකීමකින් නිදහස්ව සතුටින් යුතුව කාලය ගත කල හැකිය.රැකියාවේ වර්ධනයක් ඇතිවේ.රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහා ඉල්ලුම් කිරීමට යහපත් කාලයකි.විවාහ දිවියේ වගකීම් ප්‍රමාණය වැඩිවේ.නමුත් දෙදෙනාගේ සබදතාවය වෙනදාට වඩා ශක්තිමත්වනු ඇත.ඉගනීම් සම්බන්දව වෙනසක් හෝ දුර්වලතාවයක් ඇතිවිය හැකිය.උත්සහයෙන් යුතුව කරන සෑම කටයුත්තකදීම සිතනවාට වඩා වැඩි ප්‍රතිපලයක් ලැබීමට හැකියාව පවතී.දරු ප්‍රසූතිය සදහා සූදානම් වන කාන්තාවන් ප්‍රවේසමෙන් සියලු කටයුතු කල යුතුය.නැතිනම් ඒ සම්බන්දව බලවත් ගැටලු ඇතිවිය හැකිය.දරුවන් සිටින දෙමාපියන්ද දරුවන්ගේ කටයුතු සම්බන්දව වෙනදාට වඩා වැඩි අවදානයකින් සිටිය යුතුය.නොසිතන ආකාරයේ ගැටලු දරුවන් සම්බන්දව ඇතිවිය හැකිය.

මීන ලග්නය

මෙතෙක් පැවති අයහපත්කම් බොහොමයක් දුරට යහපත් අතට යොමු වනවා ඇත.ඉගනීම් සම්බන්දව බලවත් සුබදායක තත්වයක් බලාපොරොත්තු විය හැකිය.ප්‍රේම සබන්දතා පිලිබදව පැවති දුර්වලතාවයන්ද තරමක් දුරට හෝ යහපත් අතකට යොමුවිය හැකිය.විවාහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි කාලයකි.නමුත් විවාහ දිවියේ පවතින දුර්වලතාවයන්ගේ බලවත් සුබදායක බවක් බලාපොරොත්තු විය නොහැක.හදිසි මුදල් ලාභයක් සදහා අවස්තාව පවතී.එමෙන්ම ඉතිරිකිරීම් සදහාද යහපත්ය.

Post a Comment

0 Comments