නිදහසට ප්‍රිය කරන අයෙකි. දීමට ප්‍රියය. සුඛෝපභෝගී දේ අලෙවි කිරීමෙන් මුදල් උපයයි. විවාහ සහකරුට හෝ සහකාරියට එතරම් සුබ පිහිටීමක් නොවේ. නොයෙක් වැඩකටයුතුවලට දක්ෂ අයෙකි. අරපරිමැස්මක් නොමැතිව නිතර මුදල් වැය කරයි. ස්ත්‍රීන්ගෙන් පුරුෂයන්ටත්, පුරුෂයන්ගෙන් ස්ත්‍රීන්ටත් නිතර උදවු උපකාර කරයි. විනෝදයෙන් කාලය ගත කරයි. මිතුරන් අඩු අයෙකි. මිත්‍රයෝ උදවු කර විශ්වාසයක් ඇති වුවහොත් එය කාටවත් වෙනස් කළ නොහැකිය. ආගම භක්තිය තමාට ආවේණික වූ ආකාරයට පිළිපදියි. කාමාශාවන් වැඩි අයෙකි. සහකාරියක් හෝ සහකරුවෙක් සිටියත් නිතර අනිසි සබඳතා ඇතිකර ගනී.
වෘෂභ ලග්නය වී සිකුරු 2 සිටීම
විසිතුරු භාණ්ඩවලට රස ආහාරපානවලට කැමැති අයෙකි. ලස්සනට ඇඳුම් පැලඳුම් ඇදීමට ප්‍රිය කරයි. ඇසට පෙනෙන සියලුම ප්‍රියකරු දේට කැමැති වේ. නිතර ගෙදර ෙදාර බඩුබාහිරදිය වෙනස්කරයි. තද ලෙස කාන්තාවන් ඇදී එයි. ස්ත්‍රී පක්ෂයේ ඥාතීන්ගෙන් උදවු උපකාර හිමිවේ. මවුගේ සහෝදර සහෝදරියන්ගෙන් විශේෂ උපකාර හිමිවේ. ලස්සනට ලිවීමට කීමට හැකියාව ඇත. නිතර පවුලේ අය හා අසල්වැසියන් අතර පී‍්‍රතියෙන් සිටී. රැකියා තත්ත්වය උසස්වේ. විවාහ සහකරු හෝ සහකාරියගෙන් ධනය හිමිවේ. අලංකාර නිවෙසක් හා යානවාහන හිමිවේ.
මිථුන ලග්නය වී බුධ 2 සිටීම
කය වෙහෙසීමකින් තොරව උගත් බුද්ධිය උපයෝගී කරගෙන ධනය උපයයි. පොත්පත් කඩදාසි, පෑන්, පැන්සල් වැනි දෙයින් මුදල් උපයයි. ඕනෑම දෙයක් ගැන අනුනට කාවද්දන ආකාරයේ කරුණු කීමට සමත් අයෙකි. රැකියා කිහිපයකින් ආදායම් ලබයි. අනුනට උපදෙස් දෙන රැකියාවක නිරත වෙයි. වාසනාවන්ත විවාහයක් සිදුවේ. හිමිවන සහකරු හෝ සහකාරිය නිතර විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වන අයෙකි. ටික කලක් දියුණුව පවතින අතර ටිකකලක් පසු බෑමකට ලක් කරයි. කුඩා ළමයින්ට හා සතුන්ට ආදරය කරයි. නෑදෑ හිතමිතුරන්ගෙන් ඇප උපකාර හිමිවේ.
කටක ලග්නය වී චන්ද්‍රයා 2 සිටීම
නොයෙක් ආකාරයෙන් මුදල් උපයයි. පහත් බිම්, කුඹුරු හා දියර වර්ගවලින් මුදල් උපයයි. ගුරුවරයෙක් වශයෙන් නිතර කටයුතු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කෙනෙක් වේ. විනා්දකාමී පුද්ගලයෙක් නිසා චිත්‍ර, සංගීතයට ආශා කරයි. ලස්සනට ඇඳපැලඳ සමාජයේ කැපී පෙනෙන්නට කැමැති වෙයි. නිතර සෙම් රෝග ඇති සිරුරකට හිමිකම් කියයි. හිමිවන සහකරු හෝ සහකාරිය හිතුවත්කාර මුරණ්ඩු අයෙකි. කේන්ද්‍ර නොගැළපුණහොත් පළමු විවාහය අසාර්ථක වේ. රජයේ උසස් නිලධාරීන්ගේ හා බුද්ධිමතුන්ගෙන් නිතර උපකාර හිමිවේ. සමාජයේ කැපී පෙනේ.
සිංහ ලග්නය වී රවි 2 නම්
ප්‍රසිද්ධ සමිති සමාගම්වල වැඩ කරන අයෙකි. පැවිදි වුවහොත් උසස් ධර්ම කථිකයකු ලෙස ප්‍රසිද්ධ ඇත්තකු වෙයි. ස්වඋත්සාහයෙන් කටයුතු කර දියුණුවට පත්වෙයි. අනුන්ගෙන් කෙතරම් උපකාර ලැබුවත් මොවුන්ගේ ඇති අහංකාරකම නිසා ඒවා ගණන් නොගනී. උසස් අයගෙන් නොයෙක් උත්සව අවස්ථාවලට ආරාධනා ලබයි. ආහාර ගැනීමේදී ප්‍රණීත ආහාරපාන ගැනීමට වෙර දරයි. කම්සැප, විනෝදයට, සමාජ සේවයට මුදල් වියදම් කරයි. ආඩම්බර වුවත් සහකරු හෝ සහකාරියට ආදරය කරයි. පියාගේ රැකියා කටයුතුවලට හිමිකම් කියයි. රජය හෝ රජයට අනුබද්ධ ආයතනයක රැකියා වරම් ලැබිය හැකිය.
කන්‍යා ලග්නය වී බුධ 2 නම්
ඉතා තීක්ෂණ බුද්ධියකට හිමිකම් කියයි. මොවුන්ගේ එක් ගුණයක් නම් කෙතරම් වැඩකටයුතු තිබුණත් කුඩා ළමයකු මෙන් කටයුතු කරයි. මොහු විවාහ කටයුතු ගැන නිතර කතා කරයි. මඟුල් කපුවෙකු නොවුණත් එවැනි කටයුතු 3 - 4ක් කරන අයවේ. මුදල් ඉපයීමේදී මොහුට ඇති කපටි බුද්ධිය නිසා අන් සතු වස්තු ලබාගනී. විවාහය තරමක් ප්‍රමාද කරයි. ඒත් විවාහයට හිමිවන සහකරු හෝ සහකාරිය විනෝදයෙන් ජීවත් වෙයි. විවාහෙන් පසු යානවාහන, ගෙවල් ෙදාරවල් හිමිවෙයි. මුදල් ඉපයීමේදී කාන්තාවන්ට අවශ්‍ය සුඛෝපභෝගී දේ හා රස දිව පිනවන ආහාරපාන අලෙවි කිරීමෙන් මුදල් උපයයි.
තුලා ලග්නය වී සිකුරු 2 නම්
නිතර විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වීමට ප්‍රියයි. පවුලේ ප්‍රධානියා වෙයි විසිතුරු භාණ්ඩවලට ඇති ආශාව නිසා නිවාස සාදා විකිණීමෙන් ධනවත් වෙයි. තමාට අවශ්‍ය මුදල් කෙසේ හෝ උපයා ගන්නා අයෙකි. උත්සවවලට අවශ්‍ය රෙදිපිලි මල් වැනි දේ අලෙවියෙන්ද ලාභ ඇතිකරයි. වාසනාවන්ත විවාහයක් සිදුවෙයි. සහකාරිය බුද්ධිමත් හා ධනවත් අයෙකි. කුජ ස්වක්ෂේත්රව සිකුරු සමඟ සිටීම මහත් ධන යෝගයකි. මවුපියන්ගේ දේපොළවලට හිමිකම් කියයි. වාසනාවන්ත හා බුද්ධිමත් දරුවන් බිහි වෙයි. ඒත් නිතර අනිසි සබඳතා ඇතිකර ගනී.
වෘශ්චික ලග්නය වී කුජ 2 සිටීම
තම පවුලේ අයකුගේ ධන හානියක් හෝ පවුලේ අයකුගේ වෙන්වීමක් සිදුවේ. අවි ආයුධ යන්ත්‍ර සූත්‍රවලින් ධනය උපයයි. ස්ව තීරණ මත කටයුතු කරයි. වාද විවාදවලට ප්‍රිය කරයි. කරුණාවන්ත අයකු ලෙස පෙනී සිටියත් ඔහු තුළ කරුණාවන්ත ගතිය අඩුයි.
ධනය ඉපයීමට දක්ෂ වුවත් ධනය රැස් කිරීමට අපහසු අයෙකි. ගුරු ස්වක්ෂේත්රව කුජ සමඟ සිටියොත් යාන වාහන පොත් පත් ආදිය අලෙවියෙන් මෙන්ම හදිසි ධන ලාභද ඇතිකරයි. ආගමට දහමට ළැදියි. උපන් ගමෙන් හෝ රටින් පිටව නිතර වාසය කරයි. පෙර පින් ඇති අයකු කරයි.
ධනු ලග්නය වී ගුරු 2 නම්
පරම්පරාවෙන් එන තනතුරකට හිමිකම් කියයි. අහිංසක ජනතාවට උදවු උපකාර කරන අයෙකි. මෙම යෝගයෙන් උපන් අය ගිහිගෙයි නම් රජයේ උසස් තනතුරක් දරයි. පැවිදි නම් නායක තනතුරු ලබයි. ආගමික හා සමාජයීය කටයුතුවලට නිතර මුදල් වැය කරයි. ඕනෑම කෙනකුට ආදරය කරුණාව දක්වන ධාර්මික අයකු වෙයි. උපතින්ම කීර්ති ප්‍රශංසා ලබන අයෙකි. උගත් හා උසස් පුද්ගලයන් ඇසුරු කරයි. ගුරු 2 වැන්නේ සිකුරු 1 ශනි 11 වැන්නේ සිටීම උසස් ධන යෝගයකි. වාසනාවන්ත විවාහයක් සිදුවේ. සහකරු කරුණාවන්තයෙකි.
මකර ලග්නය වී ශනි 2 නම්
ස්ව උත්සාහයෙන් සියලු කටයුතු කරගනී. මුල් කාලයේ බාධා ගෙනදේ. මිතුරන් අඩු වුවත් ඉතා සමීප මිතුරන් කිහිපදෙනක් සිටී. ඔවුන්ගෙන් නිතර ඇප උපකාර හිමිවේ. ස්වඋත්සාහයෙන් ධනය උපයයි. ආගමික නායකයන් වශයෙන් ප්‍රසිද්ධියට පත්වේ. අනුන්ට ගරු සත්කාර කිරීමට කැමැති අයෙකි. බලාපොරොත්තු නොවූ රහස් සතුරු කරදර මතු කරයි. ජීවිතයේ මැද භාගයේදී ඉගෙනගත් දෙයින් හෝ ශාස්ත්‍රීය කටයුත්තක් ආරම්භ කර දියුණුව ලබයි. සුබ දෘෂ්ටියකින් සිටියහොත් විශාල ඉඩකඩම් හිමිවීම මෙන්ම සුළු සේවකයන්ගේ නායකයකු වේ.
කුම්භ ලග්නය වී ශනි 2 සිටීම
කුම්භ ලග්නය වී ශනි 2 සිට උපත ලබන අය මිතුරන්ගේ ආධාර උපකාර ඇතිව උපදී. ජලය ආශි‍්‍රතව කරන ව්‍යාපාරයක් තුළින් ධනය උපයයි. නිතර මිත්‍රයන් අතර රහස් සතුරන්ද ඇති වෙයි. නිතර ජීවිතයේ උසස් පහත් වන ජීවන රටාවකට හිමිකම් කියයි. සහකරු හෝ සහකාරිය හදිසි වියෝවකට පත් වීමකට ඉඩ ඇත. රැකියා කටයුතුවලටද නිතර රහස් සතුරු කරදර ඇතිකරයි. ගුරු සමඟ ශනි සිටී නම් සෑම කටයුත්තකින් ජය ලැබේ. සිල්ලර මෙන්ම ධාන්‍ය බඩු විකිණීමෙන් ලාභ ලැබිය හැකිය. තමාට වඩා වයසින් වැඩි අයකුගේ නොමඳ සහාය ලැබේ.
මීන ලග්නය වී ගුරු 2 සිටීම
යාන වාහන, යන්ත්‍ර සූත්‍ර වැනි රැකියාවලින් ධනය ලබයි. නිතර අන් අයට උපදෙස් දෙයි. නිතර නීතිමය කටයුතු ගැන කතා කරයි. ක්‍රියා කරයි. නිතර රැකියාවේ මුහුණුවර වෙනස් කරයි. පවුලේ ප්‍රධානියා වෙයි. ගුරු 2 සිට කුජ 2 සිටීම නිසාද උසස් තනතුරු හිමිවන අතර කීර්ති ප්‍රශංසාද ලබයි. ගමේ ප්‍රධානියකු වෙයි. ඒත් තරමක් ගෘහ ජීවිතයේ ගැටලු මතු වෙයි. සහකාරිය හෝ සහකරු ස්ව තීරණ මත කටයුතු කළද විවාහය දෙදරා නොයයි. ගුරු 2 සිට කුජ 8 සිටි විට පියා සතු උරුමයෙන් හිමිවන ධනය විනාශ වේ. යාන වාහනවලින් හදිසි කරදර ඇති කරයි.





0 Comments