චතුර් ග්‍රහ සංයෝග 04

සදු කුජ බුද ශනි සංයෝග.

මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා ස්වකීය ක්‍රියාවෙන්,සූරවීර බාවයෙන් යුත් සෑම දේකම පමන දෑන කටයුතු කරන,යහපත් බිරිදක් ,ස්වාමියෙක් සහ දරුවන් යහපත් වූ වාසනාවන්තයෙකු වේ.

සදු කුජ ගුරු සිකුරු සංයෝග.

මෙම යෝගය ඈති තෑනෑත්තාට යහපත් පවුල් ජීවිතයක් හිමිවේ.දරුවන් බොහෝ වෙති.අදිපතිකම සහ අහංකාර කම සිතේ පවතී.දනවතෙක් වේ.එසේම උගතෙකි.මෙම යෝගය අයහපත්ව පිහිටියේ නම් ඉතා අසුබ පලදේ.

සදු කුජ ගුරු ශනි සංයෝග.

ස්තිර දනය ඈති ස්තිර බලය සහ ඉගනීම ඈති බලවතෙකු මෙම යෝගයෙන් උපදී.නමුත් කාලයෙන් කාලයට මතුවන කිසියම් බලවත් රෝගයකින් පෙලෙන් නෙක් විය හෑක.

සදු කුජ සිකුරු ශනි සංයෝග.

මෙම යෝගයෙන් උපන් අය කාන්තාවන් සමග යහපත් සම්බන්දතා පවත්වන්නේ නෑත.තමා අනාචාරයේ හෑසිරෙනවා මෙන්ම තම බිරිද හෝ ස්වාමියත් එයට යොමු කරවයි.යහපත් හා බලවත්ව යෝගය යෙදුනහොත් එසේ සිදුවන්නේ නෑත.

සදු බුද ගුරු සිකුරු සංයෝග.

මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා කුඩා කාලයේ සිටම සෑපය බුක්ති විදී.සියලු දෙනාගේ ආරක්ශාව ලබයි.ඉගනීම නියම කාලයේ යහපත් ආකාරයට සිදුවේ.යහපත් විවාහයක් සිදුවේ.සියල්ලන්ම මිතුරන් වේ.යහතින් මියයනතුරු ජීවිතය ගතවේ.

සදු බුද ගුරු ශනි සංයෝග.

මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා කුඩා කාලයේ දී අපමන දුක් විදී.නමුත් කාලයත් සමග ඉතා උසස් කෙනෙක් වේ.උසස් බුද්දිමතෙක් හෝ රජයේ උසස් නිලදරුවෙකු හෝ මහා දනවතෙකු වේ.ගුනයෙන් බලයෙන් තේජසින් පිරි බලවතෙකි.

සදු බුද සිකුරු ශනි සංයෝග.

පොඩි කාලයේදීම මවගෙන් වෙන්වේ.සමේ රෝග සෑදේ.විවාහ ජීවිතය එපා වේ.නමුත් දනය පිලිබද ගෑටලුවක් නෑත.කෙසේ වෙතත් දුක්විදින කෙනෙකි.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments