ඔබේ ලග්නයට සුබ අසුබ දෙන ග්‍රහයෝ

ඔබේ ලග්නයට සුබ අසුබ දෙන ග්‍රහයෝ


මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු,බුද සහ සිකුරු යන ග්‍රහයන් සියලු අසුබ පල ලබා දෙයි.සෙනසුරු,බුද සහ සිකුරු මහදසා අතුරු දසා ගතකරන ඔබට යහපත් ප්‍රතිපලයක් බලාපොරොත්තු විය නොහෑක.සෙනසුරාදා , බදාදා සහ සිකුරාදා දිනයත් එම ග්‍රහයන්ට අයත් හෝරවත් සියලු අයහපත ලබා දෙයි.

රවි සහ ගුරු යන ග්‍රහයන් සියලු සුබපල ප්‍රදානය කරයි.රවි සහ ගුරු මහදසා අතුරු දසාවත්,ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනයනුත්.රවිගේ සහ ගුරුගේ හෝරාවත් සියලු යහපත ලබාදෙයි.

අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

වෘශබ ලග්නයෙන් උපන් ඔබට ගුරු සිකුරු සහ සදු යන ග්‍රරහයන් සියලු අසුබ පල ලබාදෙයි.මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසා තුල සුබ පලයන් නොලෑබේ.බ්‍රහස්පතින්දා.සදුදා සහ සිකුරාදා යන දිනයන්.මෙම ග්‍රහයන්ට අයත් හොරාවත් අසුබය.

සෙනසුරු සහ රවි යන ග්‍රහයන් සුබයන් වන අතර ඔවුන්ට අයත්,මහදසා අතුරුදසා වනුත් හෝරව තුලත් යහපත බලාපොරොත්තුවිය හෑක.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

මිතුන ලග්නයෙන් උපන් ඔබට රවි ගුරු සහ කුජ යන ග්‍රහයන් සියලු අසුබ පල ලබාදෙයි.එම ග්‍රහයන්ගේ මහදසා අතුරු දසාවත්,ඉරිදා.අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයනුත්,රවි.ගුරු.කුජ ග්‍රහයන්ගේ හෝරවත් සියලු අසුබ පල ලබාදෙයි.

සිකුරු,බුද සහ සෙනසුරු යන ග්‍රහයන් සුබවේ.මෙම ග්‍රහයන්ට අයත් මහදසාවත්.අතුරු දසාවත්.සිකුරාදා.බදාදා.සෙනසුරදා යන දිනයනුත්,එම ග්‍රහයන්ගේ හෝරාවත් සුබපල දීමට සමත්ය.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

කටක ලග්නයෙන් උපන් ඔබට.බුද සහ සිකුරු අසුබ ග්‍රහයන් ලෙස සෑලකෙ.සියලු අයහපත දෙයි.මෙම ග්‍රහයන්ගේ මහ දසාවත් අතුරු දසාවත්.බදාදා සහ සිකුරාදා දිනයත්,බුද,සිකුරු හෝරාවත් යහපත් නොවේ.

කුජ සහ ගුරු සියලු යහපත ප්‍රදානය කිරීමට සමත්ය.කුජ.ගුරු මහදසාවත් අතුරු දසාවත් අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයනුත්,කුජගේ ගුරුගේ හෝරාවත් සුබපල ලබාදෙයි.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

සිංහ ලගනයෙන් උපන් ඔබට බුද සහ සිකුරු අසුබ ග්‍රහයන් ලෙස හෑදින්වේ.බුද සිකුරු මහදසා අතුරු දසාවත්.බදාදා සිකුරාදා දිනයනුත්.බුද සිකුරු හෝරාවත් යහපත් නෑත.

සියලු යහපත රවි සහ කුජ යන ග්‍රහයන් ලබාදෙයි.ඉරිදා අගහරුවාදා දිනත්,රවි කුජ මහදසා අතුරු දසාවත් එම ග්‍රහයන්ගේ හෝරාවත් යහපත්ය.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

කන්යා ලග්නයෙන් උපන් ඔබට ගුරු.කුජ සහ සදු සියලු අයහපත ලබාදේ.මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසා අගහරුවාදා.බ්‍රහස්පතින්දා සහ සදුදා දිනයනුත් එම ග්‍රහයන්ගේ හෝරාවත් සුබ නෑත.

සිකුරු සහ බුද බලවත් සුබ ග්‍රහයන්වේ.මෙම ග්‍රහයන්ගේ මහදසා අතුරුදසාත්.බදාදා සහ සිකුරාදා දිනයනුත්,එම ග්‍රහයන්ගේ හෝරාවත් සියලු යහපත ගෙන එයි.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

තුලා ලග්නයට සියලු අයහපත ගෙනෙන ග්‍රහයන්වන්නේ,රවි කුජ සහ ගුරු ග්‍රහයන්ය.මොවුන්ගේ මහදසා අතුරු දසා,ඉරිදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් සහ එම ග්‍රහයන්ට අයත් හෝරාවත් සුබ නෑත.

ශනි බුද සහ සිකුරු සුබයන්ය.මෙම ග්‍රහයන්ගේ මහදසා අතුරු දසා බදාදා සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන් සහ එම ග්‍රහයන්ගේ හෝරාවත් යහපත් පල දේ.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට බුද සිකුරු යන ග්‍රහයන් අසුබයෝ වෙති.මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරුදසා මෙන්ම සිකුරාදා බදාදා දිනයනුත් එම ග්‍රහයන්ගේ හෝරාවත් අසුබ පල ලබාදේ.

ගුරු රවි කුජ යන ග්‍රහයන්ගෙන් සුබ පලයන් බලාපොරොත්තුවිය හෑක.එමග්‍රහයන්ගේ මහදසා අතුරු දස ගතකරන ඔබටත්,ඉරිදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයනුත්,එම ග්‍රහයන්ගේ හෝරව තුලත් යහපත පලාපොරොත්තුවිය හෑක.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

නු ලග්නයෙන් උපන් ඔබට එකම අසුබ ග්‍රහයා වන්නේ සිකුරු ග්‍රහයා පමනි.එමනිසා සිකුරු මහදසාව හෝ අතුරු දසාව යහපත් නෑත.සිකුරාදා දිනයත් සිකුරු හෝරාවත් අසුබය.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

මකර ලග්නයෙන් උපන් ඔබට කුජ ගුරු සදු යනග්‍රහයන්ගේ මහදසා අතුරු දසා,සදුදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යනදිනයන්,එම ග්‍රහයන්ගේ හෝරවන් තුලදී යහපත ඉටු නොවේ.

බුද ශනි සිකුරු සුබයන් ලෙස සියලු සුබපල ලබාදේ.මෙම ග්‍රහයන්ගේ මහදසා අතුරුදසා.බදාදා,සිකුරාදා සහ සෙනසුරාදා දිනයනුත්,එම ග්‍රහයන්ගේ හෝරාව තුලත් යහපත බලාපොරොත්තු විය හෑක.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

කුම්බ ලග්නයෙන් උපන් ඔබට සදු කුජ ගුරු යන ග්‍රහයන් සියලු අසුබ පල ලබාදේ.සදුදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයනුත්,එම ග්‍රහයන්ගේ මහදසා අතුරු දසාවත්,එම ග්‍රහයාට අයත් හෝරාවත් සුබ නෑත.

ශනි සිකුරු බුද යන ග්‍රහායන්ගේ දසා අතුරු දසා,සෙනසුරාදා,බදාදා,සිකුරාදා යන දිනයන් සහ එම ග්‍රහයන්ගේ හෝරාවත් සුබ පල දේ.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

මීන ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු බුද රවි සහ සිකුරු සියලු අසුබපල ගෙන දෙයි.මෙම ග්‍රහයන්ගේ මහදසා අතුරුදසා වත්,සෙනසුරාදා,ඉරිදා බදාදා සහ සිකුරාදා යන දිනයනුත්,එම ග්‍රහයන්ට අයත් හෝරාවත් අසුබවේ.

කුජ ගුරු සහ සහ සදු සුබයන් වේ.මෙම ග්‍රහ්යන්ගේ මහදසා අතුරු දසා,සදුදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයනුත් එම ග්‍රහයන්ට අයත් හෝරාවත් සුබපල ප්‍රදානය කරයි.අනෙකුත් ග්‍රහයන් ඔවුන්ගේ බල දුබල කම් මත යහපත හෝ අයහපත ප්‍රදානය කරයි.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments