කිසියම් හදහනක විවාහය පිලිබදව කියවෙන ප්රදාන ස්තානය හත්වෑන්නයි.හත්වෑන්නෙන් විවාහ සහකරුගේ තත්වය.විවාහය සිදුවන කාල සීමව ආදී කරුනුද අටවෑන්නෙන් විවහයෙන් පසු ජීවන තත්වයත් දෙවෑන්නෙන විවාහයෙන් පසු ආර්තික තත්වය හා අබුදරුවන් සම්බන්දවත් පස්වෑන්නෙන් විවාහයෙන් පසු ලෑබෙන දරු සම්පත් පිලිබදවත් තොරතුරු විග්රහ කල හෑක.
හත්වෑනි බාවයේ සිටින ග්රහයා සහ හත්වෑන්න අදිපතියා සිටින ස්තානය අනුවත්.හත්වෑන්නේ සිටින සහ එය අදිපතිග්රහයාගේ බල දුබලකම් මත විවාහයේ උස් පහත්කම් සහ ඉක්මන් වීමත් කල්පසුවීමත් තීරනය කල හෑක.හත්වෑනි බාවයේ සෙමින් ගමන්කරන ශනි.රාහු,කේතු ආදී ග්රහයන් නිසා විවාහය බොහෝදුරට පමාවිය හෑක.කෙසේ වෙතත් කුමන ග්රහයා හත්වෑන්නේ සිටියත්.හත්වෑන්න අදිපතියා හදහනක කොහේ සිටියත්,හත්වෑන්නට සහ හත්වෑන්න අදිපතියා ලබන සුබ අසුබ ග්රහ බලපෑම් මත විවාහයේ බලදුබල කම් තීරනය වේ.
රවි හත්වෑන්නේ සිටීම.
විවාහය කල්පසුවේ.නෑතිනම් විවාහය ආරවුල් සහිත කරයි.බිරිද හෝ ස්වාමියා අහන්කාර විය හෑක.දන හානියට කරුනු යෙදේ.රවිග්රහයා බලවත් නම් ඉතා බලවත් විවාහයක් හිමිය.බලවත් කෙනෙකු සමග විවාහය සිදුවිය හෑක.කෙසේ වෙතත් මුත්ර රෝග හෝ ලින්ග රෝග සෑදෙන්නට තිබෙන ඉඩ වෑඩිය.
සදු හත්වෑන්නේ සිටීම.
විවාහය ඉක්මන් කරයි.නමුත් සෙනසුරුගේ බලපෑමක් හත්වෑන්නට ලබේනම් එය එසේ නොවේ.සදු දුබලනම් විවාහ ජීවිතය තුල මානසික අසහනයන් ඈතිවේ.සදු බලවත්ව හත්වෑන්නේ සිටීනම්,කුමන බාදාව උවද ජයගන්නට මානසික ශක්තියක් ලබාදේ.
කුජ හත්වෑන්නේ සිටීම.
කුජ හත්වෑන්නට විවාහ දෝශ මතුකරයි.කෙසේ වෙතත් හත් වෑන්නේ කුජ සිටින අය නියම වයසේදී විවාහ වේ.කල්පසු වීම උවහොත් එය යහපත් නෑත.කාන්තාවකට වඩා පුරුශයෙකුට කුජ හත්වෑන්නේ සිටීම යහපත් නෑත.කුජ දුබලව පාප ග්රහයන්ගේ බලපෑමකට යටත්ව සිටියහොත් විවාහය නීතිමය අන්ශයකින් බිදීයාමට තිබෙන ඉඩ වෑඩිය.
කුජ බලවත්ව ,ගුරුගේ සිකුරුගේ සුබ බලපෑමක් සහිතව හත්වෑන්නේ සිටීනම් විවාහ ජීවිතය ඉතා සතුටින් බලවත්ව ගතකල හෑක.
බුද හත්වෑන්නේ සිටීම.
බුද හත්වෑන්නේ සිටියදී උපන් අයට යහපත් විවාහයක් නිසි වයස තුල සිදුවීමට ඈති ඉඩ වෑඩිය.උගත් බුද්දිමත්.යහපත් අයෙකු සමග සාර්තක විවාහයක් සිදුවේ.
බුද ග්රහයා දුබලව පාපයන්ගේ බලපෑම් සහිතව හත්වෑන්නේ සිටිවිට.විවාහ ජීවිතය අවුල් සහිතය.බාදක සහිතය.දෙදෙනා අතර අඩදබර සහිතව විවාහ ජීවිතය ගෙවන්නට සිදුවේ.
ගුරු හත්වෑන්නේ සිටීම.
ගුරු හත්වෑන්නේ සිටින අයට යහපත් විවාහයක් හිමිය.බිරිදගෙන් හෝ ස්වාමියාගෙන් දියුනුවට උදව් ලෑබේ.දායාද ලබේ.විවාහයෙන් පසු ජීවිතය ඉතා දියුනුවේ.විවාහ ජීවිතය යහපත් අයුරින් ගතකරන්නට වාසනාව ලෑබේ.කෙසේ වෙතත් කල්පසුවීමේදී ආරවුල් සහිත වන්නට පුලුවන.විවාහය බිදීමක් සිදුවුවහොත් දෙදෙනාගේ කෑමෑත්ත අනුවම එය සිදුවේ.
සිකුරු හත්වෑන්නේ සිටීම.
සිකුරු ග්රහයාට හිමි ස්තානය හත්වෑන්නයි.හත්වෑන්නේ සිකුරු සිටින අයට වීර්යවන්ත සුන්දර බිරිදක් හෝ ස්වාමියෙක් ලබන්නට හිමිකම වාසනාව සහිතයි.කල්නොගොස් විවාහය සිදුවේ.දෙදෙනගෙන්ම දායද ලෑබේ.අදික කාම ආශාවන්ගෙන දෙදෙනාම පසුවේ.විවාහයෙන් පසු ජීවිතය ඉතා යහපත් අයුරින් ගතකරන්නට ලෑබේ.
ශනි හත්වෑන්නේ සිටීම.
හත්වෑන්නේ සෙනසුරු සිටීම පිලිබදව පොතපතෙහි සදහන් වන්නේ,තමාට වඩා වයසින් වෑඩි,මහලු පෙනුම සහිත බිරිදක හෝ ස්වාමියෙකු ලබන බවයි,කෙසේ වෙත්ත ශනි බලවත් අයුරින් හත්වෑන්නේ සිටීනම් එය එසේ නොවේ.හතේ සිටින සෙනසුරුගෙන් විවාහය ප්රමාදවීම සිදුවේ.සෙනසුරු ග්රහයා සෙමින් ගමන්කරන ග්රහයෙකු නිසා හත්වෑන්නේ සෙනසුරු සිටින හදහන් හිමියන්ට විවාහය ප්රමාදවේ.
රාහු හත්වෑන්නේ සිටීම.
රාහු හතේ නම්,විවාහය සිදුවන්නේ තමා උපන් ගම්ප්රදේශයෙන් දුර පලාතක අයෙකු සමගය.එය බොහෝවිට සිදුවන බව අත්දෑක තිබේ.රාහු හතේ සිටින පුරුශයන්ගේ බිරිදට සහ දරුවන්ට රෝග පීඩා සිදුවන්නට තිබෙන ඉඩකඩ වෑඩිය.කෙසේ හෝ රාහු හතේ සිටින අයගේ ස්වාමියා හෝ බිරිද තමාට කලින් මිය යයි.
කේතු හත්වෑන්නේ සිටීම.
කේතු හතේ නම් විවාහයට හානි කරයි.දරුවන්ට හානි කරයි.දෙදෙනා අතර නිතර අඩදබර සිදුවේ.විවාහය කල්පසුවේ.ලින්ග ආශ්රිත ප්රදේසවල හොරි දද කුශ්ට ආදී රොගී තත්වයන් ඈතිවිය හෑක.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments