ධනය සැපය බලය කීරිතිය සෞභාග්‍යය හිමිකර දෙවන " චතුස්සාගර " නම් වූ ග්‍රහ යෝගය පිළිබදව වූ සවිස්තරය.

සෞභාග්‍යය හිමිකර දෙවන චතුස්සාගර නම් වූ ග්‍රහ යෝගය


අනන්ත අප්‍රමාණ ලෙස ගෙවා යන සසර ගමනේ පූර්ව කර්ම බල සාධකය කාල දේශ දීප ආදී ලෙසින් ගැළපී , ගෙන ලැබුවා වූ මේ උත්තම වූ මනුෂ්‍ය ජීවිතය අතීත වර්තමාණ අනාගත ලෙසින් , ග්‍රහ සඤ්ඥාරූපකය තුළින් විග්‍රහ කරනු ලබන පෙරදිග භාරතීය වෛදික ජ්‍යෙතිෂය ශ්‍රාස්ත්‍රයට අනුව , ධනය , සැපය , බලය ලබා මනුෂ්‍යා ලෙසින් , මනුෂ්‍යය ලෝකය තුළ වැජඹී විරාජමාණ වන්නට , උත්තම වූ ග්‍රහ යෝග බල සාධක , උප්පත්ති ග්‍රහ සටහනේ , යෙදී පිහිටා සක්‍රියව පැවතිය යුතු බව සඳහන් කරනු ලබනව.


මෙලෙස මනුෂ්‍යය ජීවිතය තුළ ධනය සැපය බලය සෞභාග්‍යය ලබන්නට සාධක වන , අති සීමිත ග්‍රහ යෝග අතර වූ , ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ , සිද්ධාන්ත නියමයන් යටතේ දක්වා විග්‍රහ කරනු ලබන " චතුස්සාගර " නම් ග්‍රහ යෝගය පිළිබදව , අප අද ඔබ වෙත කරුණු ගෙන එනු ලබනව.


" චතුස්සාගර " යෝගය යෙදී පිහිටන ආකාරය -


චතුස්සාගර යෝගය යෙදී පිහිටන ආකාරය

මේ අනුව ලග්නය , ලග්නයෙන් සිව්වන ස්තානය , ලග්නයෙන් හත්වන ස්තානය සහ ලග්නයෙන් දහවන ස්තානය යන ප්‍රධාන කේන්ද්‍රස්තාන හතර තුළ උපතේ දී රවි , සඳු , කුජ , බුධ , ගුරු , සිකුරු  සහ සෙනසුරු යන ප්‍රධාන ග්‍රහයන් යෙදී , රාහු සහ කේතු යන චායා ග්‍රහයන් එම කේන්ද්‍රස්තාන තුළ නොපිහිටා ඇත්නම් , එම ග්‍රහ අවස්තාව " චතුස්සාගර " යෝගය ලෙස ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ පෙන්වාදෙනු ලබනව.

සටහන - රාහු සහ කේතු ග්‍රහයන් ලග්නයෙන් දෙවැන්න සහ අටවැන්න හරහාත් , ලග්නයෙන් තුන්වැන්න සහ නමවැන්න හරහාත් , ලග්නයෙන් පස්වැන්න සහ එකොළොස්වැන්න හරහාත් , ලග්නයෙන් හයවැන්න සහ දොළොස්වැන්න හරහාත් , ආදී ලෙස කේන්ද්‍රස්තාන නොවන ස්තාන තුළ යෙදී පිහිටා පැවතිය යුතුය. 


මෙහිදී ඒ ඒ ග්‍රහයන් එම රාශි , භාව ස්තාන තුළ ලබන උච්ච ස්වකේෂේත්‍ර මූළ ත්‍රිකෝණ , මිත්‍ර , ශැත්‍ර ආදී ශක්ති අනුව ප්‍රතිපල අඩු වැඩි ලෙස ක්‍රියාත්මක වන නමුදු , සමස්තයක් ලෙස යහ , සුබ , ගුණ ප්‍රතිපල ලබාදීමට සමත් , උසස් ග්‍රහ යෝග බලයක් ලෙස " චතුස්සාගර " යෝගය පිළිබඳව ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රීය ආදි මුල් කෘතීන්ට අනුව හඳුනාගැනීමට හැකියි.


" චතුස්සාගර " යෝගයෙහි විපාක ප්‍රතිපල -


කිසියම් වූ මනුෂ්‍යයෙකුගේ උප්පත්ති ග්‍රහ බළ පිහිටීම තුළ පෙර කී චතුස්සාගර යෝගය යෙදී පිහිටා ඇත්නම්  , එම මනුෂ්‍යය ජීවිත සීමා මානය තුළ , දැනුම බුද්ධිය අවබෝධය ලබා , ධන ධාන්‍යය , වතු පිටි දේපළ , ගේ දෝර , යාන වාහන සැප සම්පත ලබනා බවත් අධිකාරී බල , විධායක බල , දේශපාළණික බල ලබා බලවත් වන බවත් , උපන් ගමේ , ප්‍රදේශයේ රටේ , ලෝකයේ නාමිකත්වයෙන් බලවත්ව , මරණින් මතුත් ගෞරව ලබන බවත් , පවුලට සමාජයට ගුණ වූ ගරු වූ , වැඩ දායකයෙකු වන බවත් , ජ්‍යෙතිෂය වෛදික ශ්‍රාස්ත්‍රය තුළ " චතුස්සාගර " යෝග විපාක ප්‍රතිපල ලෙස සඳහන් කරනු ලබනව.එමෙන්ම නිරෝගී ශරීර ශක්තියද , ඒ තුළින් දීර්ඝායුෂයද , නිරෝගී සුවපත් දරු පවුලක්ද ලබන බවත් කායික , මානසික සහ භෞතිකමය සුබසෙත සෞභාග්‍යය හිමිකර දෙවන , පුර්ව පුණ්‍යය බල මහිමය ඉතා උසස් වූවන් වෙත පමණක් ඉතා දුර්ළඹ ලෙස මෙම " චතුස්සාගර " යෝගය යෙදී පිහිටන බවත් ,ජ්‍යෙතිෂය වේඳ ශ්‍රාස්ත්‍රය තුළ වැඩි දුරටත් කරුණු දක්වා විස්තර කරනු ලබනව.

ඉතින් ... ඉමක් නොපෙනෙන අනන්ත වූ අප්‍රමාණ වූ සාංසාරික ගමන් මග තුළ , තවත් එක් නිමේෂයක් පමණක් වූ , ඔබ අප ලැබුවා වූ මේ කෙටි මනුෂ්‍යය ජීවිතය වෙත සෞභාග්‍යය ලෙසින් අනේකවිඳ වූ සැපය ලබන්නට , පූර්ව කර්ම විපාකය ලෙසින් , උප්පත්තිය තුළ යෙදී පිහිටන තවත් ග්‍රහයෝග බලයක සවිස්තරය සමඟ මතු හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අප සමුගෙන යනව.ප්‍රාර්තනා කරනවා ඔබ සැමට සෞභාග්‍යය උදාවන සුබ අනාගතයක් ! "


ජනක් පී කුමාර - 0702872322

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

Post a Comment

0 Comments