සෞභාග්‍යය හිමිකර දෙවන චතුස්සාගර නම් වූ ග්‍රහ යෝගය


අනන්ත අප්‍රමාණ ලෙස ගෙවා යන සසර ගමනේ පූර්ව කර්ම බල සාධකය කාල දේශ දීප ආදී ලෙසින් ගැළපී , ගෙන ලැබුවා වූ මේ උත්තම වූ මනුෂ්‍ය ජීවිතය අතීත වර්තමාණ අනාගත ලෙසින් , ග්‍රහ සඤ්ඥාරූපකය තුළින් විග්‍රහ කරනු ලබන පෙරදිග භාරතීය වෛදික ජ්‍යෙතිෂය ශ්‍රාස්ත්‍රයට අනුව , ධනය , සැපය , බලය ලබා මනුෂ්‍යා ලෙසින් , මනුෂ්‍යය ලෝකය තුළ වැජඹී විරාජමාණ වන්නට , උත්තම වූ ග්‍රහ යෝග බල සාධක , උප්පත්ති ග්‍රහ සටහනේ , යෙදී පිහිටා සක්‍රියව පැවතිය යුතු බව සඳහන් කරනු ලබනව.


මෙලෙස මනුෂ්‍යය ජීවිතය තුළ ධනය සැපය බලය සෞභාග්‍යය ලබන්නට සාධක වන , අති සීමිත ග්‍රහ යෝග අතර වූ , ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ , සිද්ධාන්ත නියමයන් යටතේ දක්වා විග්‍රහ කරනු ලබන " චතුස්සාගර " නම් ග්‍රහ යෝගය පිළිබදව , අප අද ඔබ වෙත කරුණු ගෙන එනු ලබනව.


" චතුස්සාගර " යෝගය යෙදී පිහිටන ආකාරය -


චතුස්සාගර යෝගය යෙදී පිහිටන ආකාරය

මේ අනුව ලග්නය , ලග්නයෙන් සිව්වන ස්තානය , ලග්නයෙන් හත්වන ස්තානය සහ ලග්නයෙන් දහවන ස්තානය යන ප්‍රධාන කේන්ද්‍රස්තාන හතර තුළ උපතේ දී රවි , සඳු , කුජ , බුධ , ගුරු , සිකුරු  සහ සෙනසුරු යන ප්‍රධාන ග්‍රහයන් යෙදී , රාහු සහ කේතු යන චායා ග්‍රහයන් එම කේන්ද්‍රස්තාන තුළ නොපිහිටා ඇත්නම් , එම ග්‍රහ අවස්තාව " චතුස්සාගර " යෝගය ලෙස ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ පෙන්වාදෙනු ලබනව.

සටහන - රාහු සහ කේතු ග්‍රහයන් ලග්නයෙන් දෙවැන්න සහ අටවැන්න හරහාත් , ලග්නයෙන් තුන්වැන්න සහ නමවැන්න හරහාත් , ලග්නයෙන් පස්වැන්න සහ එකොළොස්වැන්න හරහාත් , ලග්නයෙන් හයවැන්න සහ දොළොස්වැන්න හරහාත් , ආදී ලෙස කේන්ද්‍රස්තාන නොවන ස්තාන තුළ යෙදී පිහිටා පැවතිය යුතුය. 


මෙහිදී ඒ ඒ ග්‍රහයන් එම රාශි , භාව ස්තාන තුළ ලබන උච්ච ස්වකේෂේත්‍ර මූළ ත්‍රිකෝණ , මිත්‍ර , ශැත්‍ර ආදී ශක්ති අනුව ප්‍රතිපල අඩු වැඩි ලෙස ක්‍රියාත්මක වන නමුදු , සමස්තයක් ලෙස යහ , සුබ , ගුණ ප්‍රතිපල ලබාදීමට සමත් , උසස් ග්‍රහ යෝග බලයක් ලෙස " චතුස්සාගර " යෝගය පිළිබඳව ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රීය ආදි මුල් කෘතීන්ට අනුව හඳුනාගැනීමට හැකියි.


" චතුස්සාගර " යෝගයෙහි විපාක ප්‍රතිපල -


කිසියම් වූ මනුෂ්‍යයෙකුගේ උප්පත්ති ග්‍රහ බළ පිහිටීම තුළ පෙර කී චතුස්සාගර යෝගය යෙදී පිහිටා ඇත්නම්  , එම මනුෂ්‍යය ජීවිත සීමා මානය තුළ , දැනුම බුද්ධිය අවබෝධය ලබා , ධන ධාන්‍යය , වතු පිටි දේපළ , ගේ දෝර , යාන වාහන සැප සම්පත ලබනා බවත් අධිකාරී බල , විධායක බල , දේශපාළණික බල ලබා බලවත් වන බවත් , උපන් ගමේ , ප්‍රදේශයේ රටේ , ලෝකයේ නාමිකත්වයෙන් බලවත්ව , මරණින් මතුත් ගෞරව ලබන බවත් , පවුලට සමාජයට ගුණ වූ ගරු වූ , වැඩ දායකයෙකු වන බවත් , ජ්‍යෙතිෂය වෛදික ශ්‍රාස්ත්‍රය තුළ " චතුස්සාගර " යෝග විපාක ප්‍රතිපල ලෙස සඳහන් කරනු ලබනව.එමෙන්ම නිරෝගී ශරීර ශක්තියද , ඒ තුළින් දීර්ඝායුෂයද , නිරෝගී සුවපත් දරු පවුලක්ද ලබන බවත් කායික , මානසික සහ භෞතිකමය සුබසෙත සෞභාග්‍යය හිමිකර දෙවන , පුර්ව පුණ්‍යය බල මහිමය ඉතා උසස් වූවන් වෙත පමණක් ඉතා දුර්ළඹ ලෙස මෙම " චතුස්සාගර " යෝගය යෙදී පිහිටන බවත් ,ජ්‍යෙතිෂය වේඳ ශ්‍රාස්ත්‍රය තුළ වැඩි දුරටත් කරුණු දක්වා විස්තර කරනු ලබනව.

ඉතින් ... ඉමක් නොපෙනෙන අනන්ත වූ අප්‍රමාණ වූ සාංසාරික ගමන් මග තුළ , තවත් එක් නිමේෂයක් පමණක් වූ , ඔබ අප ලැබුවා වූ මේ කෙටි මනුෂ්‍යය ජීවිතය වෙත සෞභාග්‍යය ලෙසින් අනේකවිඳ වූ සැපය ලබන්නට , පූර්ව කර්ම විපාකය ලෙසින් , උප්පත්තිය තුළ යෙදී පිහිටන තවත් ග්‍රහයෝග බලයක සවිස්තරය සමඟ මතු හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අප සමුගෙන යනව.ප්‍රාර්තනා කරනවා ඔබ සැමට සෞභාග්‍යය උදාවන සුබ අනාගතයක් ! "


ජනක් පී කුමාර - 0702872322

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්