2014 සැප්තැම්බර් 14 වනදා සිට 2014 සැප්තැම්බර් 20 දක්වා සතියේ ලග්න පලාඵල

හඳහන ලංකා සතියේ ලග්න පලාඵල : Sathiye Lagna palapala

මේෂ ලග්නය

මේ සතිය ආරම්භය ඔබට යහපත්ය.උද්යෝගයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.නැවතී පැවති වැඩකටයුතු නැවත ආරම්බ කිරීමට යහපත්ය.හදිසි කෝපකාරී තත්වයන් සහ කලහකාරී තත්වයන් ඇතිවිය හැකිය.පැවති ආර්ථික දුශ්කරතාවයකින් නිදහස් වීමට අවස්තාව ලැබෙනු ඇත.සතිය ආර්ම්බයේ පැවති මානසික ශක්තිය සතිය මැද කොටස වන විට දුර්වලවයා හැකිය.අලස කම් වැනි දුර්වලතාවයන් ඇතිවිය හැකිය.ඉගනීම් කටයුතු තරමක් දුරට දුර්වලව සිදුවනවා ඇත.හදිසි ප්‍රේම සබදතා සදහා අවස්තාවන් පවතී.කම්සැප ලාබ ලැබීමටද අවස්තා පවතී.නමුත් විවාහ දිවිය ගැටලුකාරී විය හැකිය.ශණික කෝපය නිසා විවාහ දිවියට ගැටලු ඇතිවේ.පැරණි,යටපත්ව පැවති වැරද්දක් නැවත මතුවීමෙන් මෙම ගැටලුකාරී තත්වය ඇතිවිය හැකිය.ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්ය.

වෘෂභ ලග්නය 

සහෝදර සහෝදරියන් සමග ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.ප්‍රේම සබදාවලදී සිත්බිදීයාම් ඇතිවිය හැකිය.කිසියම් යහපත් කටයුත්තක් සාර්තක වනබව පෙනිපෙනී අවසානයේ අසාර්තක වීමෙන් සිත්කනගාටු ඇතිකරයි.රැකියා අංශයේ බාදා කරදර ඇතිකරයි.හදිසි අසනීප තත්වයන් ඇතිවිය හැකිය.සේවා ස්තානයේදී වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවනවා ඇත.ඉගනීම් සම්බන්දව තරමක අසුබ තත්වයක් ඇතිකරවයි.ධනය ලැබීම් අතින් යහපත් උවත් වියදම් ප්‍රමාණය ඉහල යනු ඇත.විවාහ දිවිගෙවන්නේ නම් ශක්තිමත් සබදතාවයක් දෙදෙනා අතර ඇතිවිය හැකිය.කායික ශක්තිය වරධනය වන කාලයකි.ස්වාමියාගෙන් හෝ බිරිදයෙන් ලැබීමට තිබූ  දෙයක් හදිසියේ ලැබීම නිසා සිතට සතුට ගෙනෙනවා ඇත.උත්සව අවස්තාවන් යෙදෙන කාලයකි.අවිවේකී බවක් ඇතිකරවයි.

මිථුන ලග්නය

ජීවිතයට ඇතිවී පැවති අසුබ බලපෑමකින් නිදහස් වීමට අවස්තාව ලැබේ.ආගමික භක්තිය වර්ධනයවේ.ගුප්ත කටයුතු සදහා සිත යොමුවිය හැකිය.එය තමාගේ සිතෙහි පවතින කිසියම් ගැටලුවකින් නිදහස්වීමේ පිලියමක් ලෙස භාවිතා කරනවා ඇත.මෙතෙක් තමාවිසින් පවත්වාගෙන ආ කටයුත්තක වෙනසක් ඇතිවිය හැකිය.එසේ සිදුවන වෙනස තුලින් පෙරට වඩා ශක්තිමත්ව එම කටයුතු පවත්වාගෙන යාමට හැකියාව උදාකරයි.සහොදර සහෝදරියකගේ උපකාරයක් ලැබිය හැකිය.කෙටි හදුනාගැනීම් මත ප්‍රේම සබදතා හෝ මිත්‍ර සබදතා ගොඩනැගීමට අවස්තාවක් පවතී.වැඩිහිටියෙකුගෙන් උපකාරයක්ද ලැබිය හැකි කාලයකි.ලේ දුර්වලවීම නිසා ශරීරයේ තුවාල තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.අනවශ්‍යලෙස මුදල් වියදම් වීමක් සිදුවිය හැකිය.රැකියාව කෙරෙහි පැවති ඇල්ම අඩුවේ.විවාහය සහ ඉගනීම් යන අංශයන්ගේ අසුබ තත්වයන් ඇතිනොවේ.     

කටක ලග්නය

සිතෙහි ස්තිර ගතියක් ඇතිව කටයුතු සිදුවේ.නමුත් නිවෙස් පරිසරය තම සිතට පීඩාකාරී බවක් ඇතිකරවයො.මවගේ හෝ පියාගේ අසනීප තත්වයක් නිසා ඒ පිලිබදව වෙනදාට වඩා උවමනාවකින් කටයුතු කිරීමට සිදුවිය හැකිය.එක් අංශයකින් සිතෙහි පැවති වේදනාවකින් නිදහස්ව කටයුතු කලහැකි උවත් වෙනත් ආකාරයකට පසුතැවීම් ඇතිවිය හැකිය.ඉතා විස්වාසයෙන් කටයුතු කල අයෙකුගේ වෙනස්වීමක් ඇතිවිය හැකිය.පැරණි මිතුරෙකුගේ හමුවීමක් හෝ ඔහු හෝ ඇය පිලිබදව ආරංචි ලැබිය හැකිය.විවාහය සදහා සූදානම් වන්නේ නම් එම කටයුතු පිලිබදව යහපත් තත්වයක් පෙන්වයි.ඉගනීම් සදහා යහපත් කාලයකි.නව ඉගනීම් සදහා නව දැනුමක් සෙවීම සදහා සිත යොමුවිය හැකි සතියකි.ආර්ථික තත්වයන් යහපත්ය.බිරිද හෝ ස්වාමියා නිසා වියදම් කිහිපයක් යෙදිය හැකිය.පෙම්වතිය සහ පෙම්වතා වෙනුවෙන්ද එසේම විය හැකිය.

සිංහ ලග්නය

සිතෙහි සතුටින් කාලය ගතකල හැකිය.තමාගේ කටයුතු අන් අයගේ බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකිය.කරන බොහෝ කටයුතු තුලින් සාර්තක ප්‍රතිපල ලබාගත හැකිය.ගෘහ ජීවිතය තමාගේ සිතුම් පැතුම් අනුව පවත්වාගෙන යනවා ඇත.නිවසේදී ඔබකරන කියනදේ සම්බන්දව අන් අයට ගැටලු ඇති උවත් ඔවුන්ගේද සිත්දිනාගනිමින් කටයුතු කල හැකිය.කලාකාමී කටයුතු වලට සිත නැබුරුවේ.සංගීතයට වැඩි ඇල්මක් දක්වනු ඇත.නිතර නිතර කතාකරන බවක් ඇතිකරයි.එයින් අන් අයගේ සිත්බිදීම් ඇතිවිය හැකිය.ආර්ථික තත්වය ඉහල පහල යයි.වියදම් බොහෝ සිදුවිය හැකිය.නිකරුනේ මුදල් වියදම් කරනවාද ඇත.මේ අතරම හදිසි ලාබයක් ලැබිය හැකිය.ස්විප් ටිකට්,සූදු රේස් ආදියෙන් හදිසියේ ලාබ ලැබෙනවා ඇත.

කන්‍යා ලග්නය

හිතුමතයේ තම කටයුතු  කිරීමට යාම නිසා ගැටලු ඇතිවිය හැකිය.අනුන්ගේ විවේචනයට ලක්විය හැකිය.අරපරිස්සමකින් තොරව මුදල්වියදම් සිදුකරනවා ඇත.රැවටීම් සහ වංචාවන්ට හසුවිය හැකිය.නමුත් සතියේ අග කොටසේදී තමා විසින් පෙර කරන ලද කිසියම් කටයුත්තක් උදෙසා අන් අයගේ පැසසුම් ලැබීමටද එමගින් සිතෙහි අබිමානයක් ඇතිවීමටද අවස්තා පවතී.කෙසේ උවත් සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇතිවිය හැකිය.ඔවුන් කරන කියන කටයුතු නිසා සිතෙකි කෝපගති ඇතිවිය හැකිය.පැරණි නෑ හිතවතුන් හමුවිය හැකිය.ආගමික කටයුතු සදහා සම්බන්ද වීමට අවස්තාව හිමිවේ.බිරිදගේ හෝ ස්වාමියාගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යෙදෙවීමට සිදුවනු ඇත.දරුවන් සිටින දෙමාපියන්ට නම් තම දරුවන්ගේ කටයුතු නිසා ච්ත්ත පීඩා ඇතිකරවයි.ඉගනීම් සම්බන්දව පැවති හැකියාවන් තරමක පසුබෑමකට ලක්වේ.ශරීරයේ හදිසි වේදනා කැක්කුම් ඇතිවිය හැකිය.

තුළා ලග්නය

තුලා ලග්නයේ ඔබට තම දේපල සම්බන්දවත් ගෘහ ජීවිතය සහ පවුලේ සාමාජිකයන් අතර පවත්නා සම්බන්දතා වලදීත් ගැටලුකාරී තත්වයන් ඇතිකරවයි.දරුවන් අසනීප විය හැකිය.ප්‍රේම සබදතා සම්බන්දවද ගැටලුකාරී තත්වයන් වර්ධනය විය හැකිය.ප්‍රේම සබදතාවයකදී රැවටීමකට ලක්විය හැකිය.විවාහය සම්බදව පැවති දුශ්කරතා දුර්වලවී යනු ඇත.නමුත් වෙනත් ආකාරයක ගැටලු ඇතිකරවයි.කට සහ වචන පාලනයකින් තොරව බාවිතා කරන නිසා තමාගේ තත්වයට ගෞරවයට හානි ඇතිවන ආකාරයේ තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.තමා තුල තමාටම තිබූ අබිමානය දුර්වලව යාම සිදුවිය හැකිය.එක් අංශයක පැවති දුර්වලතා සමනය වනවා සමග තවත් අංශයක කිසියම් දුර්වලතාවයක් ඇතිකරනු ඇත.සෙම් කෝපවීම් සහ උණ රෝගයටද  හිසේ කැක්කුම් ගතිද ඇතිකරනවා ඇත.

වෘශ්චික ලග්නය

තමාගේ සුරැකි ධනයකට දේපලකට හානි ඇතිවිය හැකිය.යම් අවස්තාවකදී සොර සතුරු කරදර පවා ඇතිවිය හැකිය.මෙතෙක් පවත්වාගෙන ආ ඉවසීම බිදවැටීමට කටයුතු සිදුවනවා ඇත.නමුත් සෑම කටයුත්තකදීම තමා නිවැරදි යැයි හැගීමක් සිතට ඇතිවේ.තමගේ හැකියාවන් දක්ශතාවයන් පිලිබදව වෙනත් අය සමග පුරසාරම් කතාකරනවා ඇත.කුමන කටයුත්තකදී උවත් තම හැකියාවේ උපරිමයෙන් කටයුතු කරනු ඇත.වැඩිමහල් සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවේචනයකට ලක්විය හැකිය.ඔවුන් සමග පැවති හිතවත් කම් පලුදුවීමට පවා ඉඩ ඇත.යහලුමිත්‍ර ඇසුරේදී තමාට ආර්ථික හානි ඇතිකරනු ඇත.රැකියා අංශයේ වර්ධනයක් ඇතිවිය හැකිය.තම මවට අපල ඇතිකරවයි.වටිනා භාණ්ඩයක් සම්බන්දව ප්‍රශ්ණ ඇතිවිය හැකිය.වේගවත්ව කටයුතු කිරීමට යාම නිසා චිත්ත පීඩා මෙන්ම කායික පීඩාවන් ද ඇතිවිය හැකිය.

ධනු ලග්නය

ඔබ පිලිබදව අන් අය වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ ඇත.එය බොහෝවිට වෙනත් අයෙකුගේ කේලම් ඕපාදූප නිසා විය හැකිය.නිවස තරමක පීඩාකාරී බවක් ඇතිකරයි.දරුවන්ගේ කටයුතු නිසා බොහෝ වියදම් සිදුකිරීමට සිදුවිය හැකිය.ඔබගේ කටයුතු වලදීද වෙනදාට වඩා වියදම් සිදුවිය හැක.විවාහ දිවියට බාධාකාරි තත්වය ඇතිකරයි.එකිනෙකාගේ කටයුතු තේරුම් ගැනීමට නොහැකිවීම මත එම ගැටලු ඇතිවිය හැකිය.කෙසේ වෙනත් සතියේ අග දින කිහිපය වන විට තත්වය සාමන්‍ය අතකට යොමුවේ.රැකියාව සම්බන්දව මෙතෙක් පැවති දුර්වලතාවයන්ට කිසියම් ආකාරයක සහනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි.ඉගනීම් සම්බන්දව දක්ෂතා වර්ධනය වනවා සමග ඉගනීම් කටයුතු වෙනුවෙන් වැඩි වියදමක් දැරීමටද සිදුවනවා ඇත.

මකර ලග්නය

තමා විසින් ස්වාධීනව පවත්වාගෙන යන කටයුතු වලදීඅන් අයගේ බාදාකිරීම් වලට ලක්වීමට සිදු උවත් සියලු බාදාවන් මැඩපවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා ඇත.සමාජ සේවකයන්ට සහ සමාජය සමග කටයුතු කරන මකර ලග්න හිමියන්ට සුබදායක කාලයකි.ඉගනීම් කටයුතු සම්බන්දවද සුබ තත්වයන් ඇතිකරවයි.විවාහ දිවියටද යහපත් තත්වයකි.ස්වාමියාගේ හෝ බිරිදගේ නෑ හිතවතුන් සමග යහපත් සබදතාවයක් ගොඩනැගෙන කාලයකි.මේ අතරම තමාට ලැබීමට තිබූ කිසිවක් හදිසියේ අහිමිවිය හැකිය.නමුත් එයින් ඔබට බලවත් අලාබයක් හෝ ච්ත්ත පීඩාවක් ඇතිනොකරනු ඇත.විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනාවන් ලැබීමටත් ඒවා ස්තිර වීමටත් අවස්තා පවතී.දරුවන් සහ ප්‍රේම සබදතා පිලිබදව බාදාකාරී තත්වයන් ඇතිකරයි.

කුම්භ ලග්නය

හිතුවක්කාර ගති ඇතිකරයි.ශණික කෝපවීම් ඇතිවිය හැයියි,මෙම තත්වය නිසා පැවති මිත්‍ර සබදතාවයකට හානි ඇතිවිය හැකිය.විවාහ අපේක්ෂිතයන් සදහා යහපත් කාලයකි.විවාහ දිවි ගතකරන අය අතර පැවති දුර්වලතා මගහැරී ගියත් ස්වාමියා යෝ බිරිද සම්බන්දව රෝගී තත්වයන් ඇතිකල හැකිය.ශාරීරික දුර්වලතා ඇතිවේ.සතියේ අග කොටසේදී ඉගනීම් සම්බන්දව නොසිතූ ආකාරයේ ජයග්ග්‍රහනයන් ලැබිය හැකිය.තරග විභාගයන් යෙදෙන දින වන්නේ නම් එයින් යහපත් ප්‍රතිපල ලැබීමට හැකිවනු ඇත.රැකියා ස්තානයේදී වෙනදාට වඩා කඩිසරව කටයුතු සිදුවනවා ඇත.එමගින් තමගේ හැකියාවන් අන් අය හදුනාගන්නවා ඇත.පැසසුම් ලැබෙනවා ඇත.ආදායම් මාර්ග යහපත්ය.නමුත් අන් අයෙකුගේ කටයුත්තක් නිසා තම මුදල් වියදම් කිරීමක් සිදුවිය හැකිය.

මීන ලග්නය

සිතෙහි ඇතිව තිබූ පිඩාකාරී සිතුවිලි ක්‍රමයෙන් සමනයවේ.යටපත්ව පැවති බුද්ධිය නැවත මතුවන කාලයකි.වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කිරීමට පෙලබේ.විවාහය සම්බන්දව පැවති දුර්වලතා පවා සමනය වෙමින් පවතිනු ඇත.රාගාධික බවක් ඇතිකරවයි.නමුත් ගෞරවය පෙරදැරිව කටයුතු කරනවා ඇත.පෙරසේම ඉගනීම් කටයුතු සම්බන්දව බලවත් බාදාවන් ඇතිනොවේ.ආර්තික තත්වයද යහපත්වනු ඇත.යටපත්ව පැවති වාසනා ගුණයද නැවත ක්‍රියාත්මක වීමක් පෙන්නුම් කරයි.නැවතී පැවති නැවත ආරම්බ කිරීමට මූලික කටයුතු සැකසෙනවා ඇත.එම කටයුතු ආරම්බ වනවාද ඇත.කාලයකට පසුව සිතට සහනදායී බවක් පෙන්නුම් කරනු ඇත.

ජනක පී කුමාර විසිණි.

හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments