කාන්තා ප්‍රේම රාග මායම්

කාන්තා ප්‍රේම රාග මායම්



කාන්තාවන්ට මායම් හැට හතරක් ඇතැයි සමාජීය මතයක් අතීතයේ සිට මේ දක්වා පැවත එයි.කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද මායන් තිබේ.කෙසේ උවත් තම පෙම්වතා හෝ සිත ඇදීයන පුද්ගලයෙකු ඉදිරියේ කාන්තාවගේ හැසිරීම් රටාවේ පැහැදිලි වෙනසක් ඒ පිලිබදව සැලකිලිමත්ව සිටිනා අයහට හදුනාගත හැකිවනු ඇත.මේ ඒ පිලිබදව කරුණු කිහිපයක් ඇතුලත් ලිපියකි.

කාන්තාවන් සිත් අලවන්නෙකු  දුටුවිට හඩනගා කෑරීම,ශබ්ධ සහිතව සිනාසීම,සයනයන් වෙත යාම,දිව තොල් අත් ආදියෙන් කිසියම් ශබ්ධයක් පිටකිරීම ආදී හැසිරීම් දක්වයි.එමෙන්ම ඇගවර කැඩීම,කිසිදු වටිනාකමක් නොමැති දෙයක් දෙස බලා මෙය මට දෙනවාදැයි ඇසීම,ඇලුම් කරන්නා ඉදිරියේ දරුවන් වැලදගැනීම,දරුවන් සිබීම ආදියත් යෙහෙළියන් සමග සිටින්නේ නම් ඔවුන්ගේ මුහුණ දෙස ඉතා ඕනෑකමින් බැලීම ආදී ක්‍රියාවන්හිත් නිරතවේ.එමෙන්ම දරුවන් සමග උසුලු විසුලු කරමින්,දරුවන් සමග ක්‍රිඩා කරමින්,දරුවන්ගේ කනට මුවතබා රහස් පවසමින්,දරුවන්ට කිසියම් දෙයක් දෙමින්,එය නැවත ඉල්ලමින් කටයුතු කරයි.ඒ අතර තුර ප්‍රේම වන්තයා හෝ සිත බැදී ඇති පුරුෂයා දෙසද නෙතගින් බලනු ඇත.

එමෙන්ම තම සිත් බැදී ඇති පුද්ගලයා සමග කතාබස් කරන විට එම පුද්ගලයාගේ කතාව ඉතා ඕනෑකමින් අසා සිටීම,එම කතාවට සම්බන්ද නොවන ආකාරයේ වචන තෙපලීම ආදී කටයුතු සිදුකරනු ලබයි.ඇද සිටිනා වස්ත්‍රය දෙස කිහිප වරක් බලමින්,එහි අඩුපාඩු සකසමින් නාබිය,පියයුරු ආදිය දක්වමින් , කේෂ කලාපය සකසමින් නැතිනම් කේෂ කලාපය ලිහා නැවත බදිමින් හැසිරේ.

එමෙන්ම මහත් ලැජ්ජා ඇත්තියක ලෙස කටයුතු කරයි.සලුපටින් තම ශරීරයේ පෙනෙණ තැන් වසාගනී.දොර ජනෙල් බිත්ති ආදියට මුවාවෙමින් හොරැසින් බලයි.නියෙන් නිය ගැටීමත්,පයින් පය ගැටීමත් සිදුකරයි.ඇගිලි වලින් බිම ඉරි ඇදීම ආදිය සිදුකරනු ලබයි.තමාසිටින පරිසරය දෙස ඕනෑකමින් බලමිද,අලංකාර වූවත් නොවූවත් ඒවා පිලිබ්දව වර්ණනා කරමින්ද,විලාප බස් දොඩමින්ද,නෙත් නටවමින්ද,තොල් විකමින් සහ තොල් චලනය කරමින්ද,දිව දිගු කරමින්ද,කටයුතු කිරීම කාන්තාවන්ගේ අභ්‍යන්තරික සිතුවිලි කියාපාන ආකාරයන්වේ.


ලෝක ධර්මතාවය සනාත කිරීමේ , මුඛ්‍යය සාධකය වූ කාන්තා සාධකය තුළින් පිහිටන ගතිකත්වය ලෙසින් , පුරුෂයා , ප්‍රේම රාග කාම බල බන්ධනයට හසුකරන , කාන්තා ප්‍රේම රාග මායම්  පිළිබඳව වූ , ඔබ මෙතෙක් නොඇසූ , රස විස්තරය , ශ්‍රව්‍ය දෘශ්‍ය සටහනක් ලෙස.

උගත් බුද්ධිමත් ඉහල සමාජ පංතියේ කාන්තාවන් තුලින්ද ගම්බද ගැමි කාන්තාවන් තුලින්ද මෙම ලක්ෂණයන් හදුනාගත හැකිය.මේවා අශෝභන ක්‍රියාවන් ලෙස දැක්විය නොහැක.මේවා දැක දොස් පැවරීමද නොකල යුතුය.කලයුත්තේ වටහාගැනීමය.මේ සදහන් කරණු ලැබූයේ ශාස්ත්‍රීය කරුණු කිහිපයක් පමණි.මායාවන් රාශියක එකතුවක් ලෙසින් ගොඩනැගෙන ජීවිතයක,සමාජය සමග ගැටෙමින් කටයුතු කරන ඔබට මෙම ලක්ෂණයන් කාන්තාවන් තුලින් හදුනාගත හැකිවනු ඇත.

ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara
#හඳහන_ලංකා