අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන්


හදනක් පරීක්ෂා කරගැනීමට බොහෝදෙනා යොමුවන්නේ අපල කාලයක් එලබෙන අවස්තාවන් වලදීය.නැතිනම් අපල කාලයක් ගෙවමින් සිටියදීය.නැතිනම් එම අපලයෙන් වීමට තිබූ කරදරා බාදවන් වූවායෙන් පසුවය.එය එසේ වියයුතු නැත.අපල කාලයක් ඉදිරියට ආරම්බවීමට මාස දෙක තුනකට පෙර ඉදීරියේදී ඇතිවිය හැකි අපල තත්වයන් තමන්ට දැනේ.එය ගුප්ත ක්‍රමයක් මගින් නැතිනම් සිහිනයක් මගින් නොව තමා පවත්වාගෙන ආ ජීවන රටාවේ කිසියම් වෙනසක් ඇතිකරමින් ඉදිරිය අයහපත් යැයි වටහා ගැනීමට සැලැස්වීමකින්ය.තම ජීවන රටාව පිලිබදව මනා අවබෝදයකින් සිටින පුද්ගායෙකුට නම් මෙම තත්වය මනාලෙස වැටහෙනු ඇත.සුබ කාලයද එසේය.මෙම ලිපිය මගින් අපල විපත් ඇතිවිය හැකි මහදසා සහ අතුරු දසාවන් පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමි.

කේන්ද්‍රයක අසුබ ස්තානයන් ලෙස ලග්නයෙන් හයවැන්න , අටවැන්න සහ දොලොස්වැන්න හදුන්වන අතර මාරක ස්තානයන් ලෙස ලග්නයෙන් හත්වැන්න සහ දෙවැන්න හැදින්වේ.සදු පිහිටා ඇති ස්තානයෙන්ද හය , අට සහ දොලොස්වැන්න යන ස්තානයන් අසුබ අතානයන් ලෙස සලකනු ලබයි.

ඔබගේ ජම්ම කේන්ද්‍රයේ හයවැන්න අධිපතියාගේ මහදසාව අපල ඇතිකරවන මහදසා කාලයකි.එමෙන්ම හයවැන්න අධිපතියාගේ මහදසාවේ අටවැන්න හෝ දොලොස්වැන්න අධිපතියාගේ අතුරු දසාව තුලදී අපල තත්වය වර්ධනය කරනු ඇත.හයවැන්න අධිපතියාගේ මහදසාවේ කේන්ද්‍රයේ විසිදෙවන දෙර්කාණය අධිපතියාගේ අතුරු දසාවද අපල ඇතිකරවන අතුරු දසාවකි.

අටවැන්න අධිපතියාගේ මහදසාවත් අපල විපත් ඇතිකරවන මහදසාවකි.අටවැන්න අධිපතියාගේ මහදසාවේ හයවැන්න හෝ දොලොස්වැන්න අධිපතියන්ගේ අතුරු දසාවන් ද අපල සහිත කාලයක් වනු ඇත.අටවැන්න අධිපතියාගේ මහදසාවේ කේන්ද්‍රයේ විසිදෙවන දෙර්කාණය අධිපතියාගේ අතුරු දසාවද අපල ඇතිකරවන අතුරු දසාවකි.

දොලොස්වැන්න අධිපතියාගේ මහදසාවද අපල ඇතිකරවන මහදසාවක් ලෙස දැක්විය හැකිය.දොලොස්වැන්න අධිපතියාගේ මහදසාවේ හයවැන්න අටවැන්න අධිපති ග්‍රහයන්ගේ අතුරු දසාවන්ද අපල ඇතිකරවන කාලයන්වේ.එමෙන්ම දොලොස්වැන්න අධිපතියාගේ මහදසාවේ යෙදෙන විසිදෙවන දෙර්කාණය අධිපතියාගේ අතුරු දසාවද අපල ඇතිකරවන අතුරු දසාවක් ලෙස සදහන් කල හැකිය.

එමෙන්ම සදුගෙන් හයට , අට සහ දොලොස්වැන්න යන ස්තානයන් අධිපතියන්ගේ මහදසා සහ අතුරු දසාවන් අපල ඇතිකරන කාලයන් වේ.

ලග්නයෙන් හත්වැන්න්න සහ දෙවැන්න අධිපති ග්‍රහයන්ගේ මහදසා සහ අතුරු දසා මාරක ඵල ඇතිකරවන කාලයන් වශයෙන් සෑලකේ.හත අධිපතියාගේ මහදසාව යෙදී එම මහදසාව තුලම දෙවැන්න අධිපතියාගේ අතුරු දසාව යෙදුනේනම් මාරක සිදුවීමට වැඩි අවස්තාවක් පවතී.මෙම මහදසා අතුරු දසා පවතින මොහොතක සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන ඒරාශ්ටක අපලක්ද පවතින්නේ නම් ඉතා සැලකිලිමත්ව කාලය ගතකිරීම යහපත්ය.එමෙන්ම එවැනි මහදසා අතුරුදසා පවතින මොහොතක,සෙනසුරු රාහු හෝ කේතු ග්‍රහයන් විසින් දසාව අධිපති ග්‍රහයා,අතුරු දසාව අධිපති ග්‍රහයා, සදු ග්‍රහයා හෝ ලග්නාධිපති ග්‍රහයා පීඩාවට පත්කරවමින් හැසිරෙන්නේ නම් එම කාලයන් තුල මාරක තරම් බලවත් අපල ඇතිවිය හැකිය.

එමෙන්ම මහදසාවත් අතුරුදසාවත් අයහපත් වූ කාලයක සෙනසුරු රාහු හෝ කේතු ග්‍රහයන් විසින් විසිදෙවන දෙර්කාණය අධිපති ග්‍රහයා හෝ කේන්ද්‍රයේ බාදක ග්‍රහයා පීඩාවට පත්කරමින් හැසිරෙන්නේ නම්,එම කාලයන්ද අපල තත්වයන් වර්ධනය වන කාලයන් ලෙස දැක්විය හැකිය.එසේම කුජ ග්‍රහයාද ඒ ඒ මහදසා අතුරු දසා , මාරක බාදක ග්‍රහයන් පීඩාවට පත්කරවමින් හැසිරෙන මාස එකහමාරක පමණ කාලයද අපල විපත් වර්ධනය කරන අවස්තාවක් වන්නේය.

ලග්නයෙන් හය අට සහ දොලොස්වැන්න යන ස්තානයන්හි තැම්පත් ග්‍රහයන්ගේ මහදසා අතුරුදසා අපල ඇතිකරවන අවස්තාවන් ලෙස හැදින්වේ.එමෙන්ම සදුගෙන් හය අට සහ දොලොස්වැන්න යන ස්තානයන්හි තැම්පත් ග්‍රහයන්ගේ මහදසා අතුරුදසා විපත්තිදායක ප්‍රතිඵල ඇතිකරවන අවස්තාවන්වේ.

ඉහත සදහන් කල මහදසා අතුරු දසාවන්ට අමතරව අපල ඇතිවන තවත් අවස්තාවන් බොහොමයක් පවතී.ඉදිරි ලිපියක් මගින් ඒ පිලිබදවත් සුබඵල ඇතිකරවන මහදසා අතුරු දසා පිලිබදවත් පැහැදිලි කිරීමක් ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමි.
sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments