සතුරු කරදර දුරුවීමට දෙහි ගෙඩි 9 මන්ත්‍රය

අවශ්‍ය ද්‍රව්‍ය හා ක්‍රමය

එක නැට්‌ටේ දෙහි ගෙඩි 3 ජෝඩු 3 ක්‌ ගන්න. එම දෙහි ගෙඩි 9 ම ප්ලාස්‌ටික්‌ කුඩා පිඟානක තබා අතැතිව කටළඟ තබා පහත මන්ත්‍රයෙන් මතුරා ගන්න. තවද ඔබ කහදියර ටිකක්‌ද වතුරට කලවම් කර වීදුරුවක දමා අතැතිව කටළඟ තබා මෙම මන්ත්‍රයෙන් මතුරා නිවසට හා වත්aතටද කලින් ඉසින්න. ජීවම් කළ වතුර මදිනම් තවත් එයට වතුර එක්‌ කොට කලවම් කර ඉසින්න. ගෙට හා වත්තට ඉසින්න.

මන්ත්‍රය

ඕම් කන්දස්‌වාමි නමෝ වරං සර්ව බන්ධන තෙරිංචි මුරිංචි අල්ලම්හර හර දිෂ්ඨි පෙරලුම්

ඕම් ත්‍රිශූල වේලායුධ හස්‌තධාරී දේව ගෝවින්දනේ සුනියං බන්ධන කන්දස්‌වාමි පෙරලුම්

මහාදේවකුමාර බන්ධන සලිත සලිත වාවා පෙරලුම්

ඕම් නමෝ ශිවා යුqම් ඕඩ් වාවා බන්ධන එලෙන්දි පෝග පෝග ආපසු පෙරලුම්

ඕම් සරාව වින භංග භංග විනාශාය 

විනාශාය මයුර වහන ප්‍රල උණුව ගිනි ගිනි ආරූඩ හිරු වැලකුම් තෙරිංචි මුරිංචි පෙරලුම්

ඕම් සර්ව විසාධි බිල්ලම් සූනියං අරු අරු කන්ද කුමාරයානේ පෙරලුම් දිරි දං

මෙම මන්ත්‍රයෙන් ඔබට කළ හැකි දේ බොහෝ ඇත. විනයක්‌ එවපු ඇදුරාට හා සතුරාටද දඬුවම් ගෙනදේ. පුහුල් ගෙඩියට මතුරා එල්ලීමෙන් නිවසේ බහිරව දොස්‌ හා කරදර අඩුවේ. 324 වරක්‌a රාත්‍රී 12 න් පසු මතුරා හොඬල අලයට පුහුලද එක නැට්‌ටේ දෙහිද පස්‌පැඟිරි දර දමා පස්‌තෙල් ද දමා ගිනි කිරීමෙන් විනකල ඇදුරා හා හතුරාට දඬුවම් ලැබේ.

අරන් කලින් මා කී ලෙස මතුරා දෙහි ජෝඩු 3 ක්‌ අරන් එයින් එක්‌ දෙහි ජෝඩු 3 ක්‌ ගෙන නිවසේ උළුවස්‌සේ සුදු රෙදි කඩක ඔතා එල්ලන්න. අනෙක්‌ ජෝඩු 2 න් දෙහි ගෙඩි 4 ක්‌ (මතුරන ලද) ගෙන නිවසේ කොන් 4 වලදමන්න. ඉතිරි දෙහි ගෙඩි 2 ඔබේ නිවසට එන ගේට්‌ටුව හෝ වත්තට ඇතුල්වන තැන වළ දමාන්න.

ඔබට පුලුවන් කමක්‌ තිබේ නම් පස්‌තෙල් 1/4 බෝතලයක්‌ (ලොකු) ගෙන ජීවම් කර කුඩා කුප්පි 8 කට ජීවම් කර තෙල් දමා ගෙයි කොන් 4 වලදමන්න. ඉතිරි 4 ගෙයි කොන් 4 උඩ එල්ලන්න. එවිට භූත දෝෂ බහිරව දෝෂ නැසේ. සතුරු කරදර දුරුවේ. උදේ සවස නිවසට කහ වතුර ඉසින්න. මුහුදු වතුර ඉසින්න. රත්හඳුන්, කට්‌ටකුමංජල්, සුදු හඳුන්, අගිල් සුවඳ කොට්‌ටං, කුවරලා, දේවදාර, සැවන්දරා, මානෙල් රේණු, නෙළුම් රේණු, පූ සාම්බ්‍රානි, කවසි සාම්බ්‍රානි, බෙහෙත් කඩයකින් මෙම ද්‍රව්‍ය ගෙන ජීවම් කර උදේ සවස නිවසට ඇල්ලීම තුළින් දියුණුව ඔබට ළඟාවේ.

මෙම මන්ත්‍රය 108 හෝ 324 වර මතුරා කටයුතු කළ හොත් සාර්ථකව විනබන්ධන සතුරු කරදර ග්‍රහදෝෂ, තුන්දොස්‌ බන්ධන නසා පවුලේ සමගිය සාමය දියුණුව මළගිය අයගේ ඇල්ම ඉවත්ව යනු ඇත. මෙම ක්‍රමය කර බලා සාර්ථක වූ පසු දැඩි මුණ්‌ඩ දෙවිඳුන් මුළුතැන් ගෙට පූජාවක්‌ දෙන්න. සුවඳ දුම්, පස්‌තෙල්, හොඬල, එක නැට්‌ටේ දෙහි, දිවි කදුරු පුහුල්වලට පමණක්‌ මතුරා ඔබේ නිවස දියුණුවට මෙම මන්ත්‍ර්‍ර කියමින් සතුටින් ජීවත්වීමට ඉටා ගන්න.

ජ්‍යෙdතිෂවේදී සමන් බණ්‌ඩාර
ගැහැණුවල, ආටිගල පාර, මීගොඩ.

Post a Comment

0 Comments