මත්පැන් එපා කරවන ප්‍රතිකර්මයක්

ජෝතිෂ්‍යවේදයට අනුව මත්පැන් සඳහා ජන්මියා පොලඹවන ප්‍රධානතම ග්‍රහයා වන්නේ රාහුය. දුර්වල රාහුගේ මහ දශා, අතුරු දශා කාලවලදී ජන්මියා මත්පැන්වලට හා මත්ද්‍රව්‍යවලට ලොල් කරවයි.මගේ පර්යේෂණයන්ට අනුව රාහුගේ අපල කාලවලදී බොහෝ ජන්මීන් මත් ලෝලීන් බවට පත්ව විපරීත, කාලකණ්ණි ජීවන රටාවකට හුරු පුරුදුව අභාග්‍යවත් දිවියක් ගත කරන අයුරු අනන්තවත් දැක තිබේ.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ජන්මියා සහ දරු පවුල් ආරක්‍ෂා කර ගැනීමේ යහපත් චේතනාවෙන් මෙම සරල ගුප්ත ප්‍රතිකාරය ඔබ හමුවේ තබනුයේ මීට වසර 29කට පෙර මිය පරලොව ගිය ම' පියාණන් වූ ප්‍රවීණ ජේ‍යාතිෂවේදී ඩී. පී. ගුණවර්ධන සිරිමතාණන්ට පින් පිණිසය. මෙය උපුටා ගන්නා ලද්දේ එතුමා විසින් ලියන ලද අත් පොතකිනි.

ඉතා පිරිසුදු වතුර හෝ පොල් තෙල් කාලක් පමණ ගෙන මල්, බුලත් තටුවක තබා 'නාලාගිරි දමනය' සටහන් වූ පින්තූරයක් ඒ මත තබා පන්සිල් ගෙන 'මෙත්ත' සූත්‍රයෙන් 108 වරක් පළමුව මතුරා ගත යුතුය. ඉන්පසු පහත සඳහන් ගාථාවෙන්ද 108 වරක් මතුරා ගැනීම කළ යුතුවේ.

මතුරාගත් තෙල් හෝ පැන් බෝතල් කාලට අවශ්‍ය නම් වතුර හෝ තෙල් බෝතලයක් වන තුරු එකතු කර ගත හැකිය. පසුව මත්ලෝලියාට නොදැනෙන්නට වතුර සත් දිනක් බීමට දිය යුතුය. තෙල් නම් සත් දිනක් හිසේ ගෑ යුතුය.

මෙලෙසින් කුරුම්බා වතුර හෝ සුවඳ වර්ගයක් මතුරා ගැනීමද කළ හැකිය. සුවඳ වර්ග හෝ තෙල් වර්ග මතුරා ගන්නේ නම් කෑමට නොදීමට වගබලා ගත යුතුය. (අවශ්‍ය නම් ඇදුරු සහාය ලබා ගන්න.)

නිරන්තරයෙන්ම මත් පැනට ඇබ්බැහි වූවන් පමණක් නොව අකීකරු දරුවන් පවා මෙයින් කීකරු කර ගත හැකි බව ගුරු පොතේ සඳහන් වේ.

ගාථාව

මා කුඤ්ජර නාග මාස ‍ෙදා - දුක්ඛංහි කුඤ්ජර නාග මාස ‍ෙදා
නහී භාග හතස්ස කුඤ්ජර - සුගති හෝති ඉතෝ පරං යතෝ
(108 වරක්)

තවත් ක්‍රමයක්

ගස් රුක් අත්තන ගසක මල් සහ කෝමාරිකා සිවිය එක ප්‍රමාණයකට ගෙන අඹරා එය කුඩා බෝතලයකට දමන්න. එය උදේ පින්නෙන් එකතු කරගත් පිනිදියද වත්කර හොඳින් කිරල මූඩියක් ගසා පොළොව යට මඩේ වළලන්න.
දින හතකට පසුව එය ගොඩට ගෙන එයින් තේ හැඳි හයක ප්‍රමාණයක් ගෙන එයට අශ්වපෙන ටිකක් මිශ්‍ර කර ඕනෑම මත්පැන් වර්ගයකට රහසේ මිශ්‍ර කර බීමට දෙන්න. මත්පැන් දකින විට ඔක්කාරයට එන අතර දැඩි අප්‍රසන්නතාවක් මත්පැන් කෙරෙහි ඇති වෙයි.
(කිසිම විෂක් නොමැත. සාර්ථක ප්‍රතිඵල ලැබූ අත්දුටු බෙහෙතකි.)

ජෝතිෂ්‍යවේදී
ඩී. ඩී. එන්. ගුණවර්ධන
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments