නහර ගැට ගැසීමේ රෝගයට ආයුර්වේදයෙන් ප්‍රතිකාර


නහර ගැට ගැසීමේ රෝගය යනු කුමක්‌ද ?

සෑම සත්වයෙකුගේම සිරුරේ රුධිරය ගමන් කිරීම සඳහා රුධිර නාළ වර්ග දෙකක්‌ තිබෙනවා. සාමාන්‍යයෙන් පිරිසිදු රුධිරය ගමන් කරන්නේ ධමනි වලින්. අපිරිසිදු රුධිරය ගමන් කරන්නේ ශිරා මගින්. මෙම ශිරා ඉදිමීම නහර ගැට ගැසීම නම් රෝගයයි.

මෙම රෝගය සිරුරේ කුමන කොටස්‌වල ඇතිවේද ?

මෙම තත්ත්වය ප්‍රධානව පාද ආශ්‍රිතව ඇතිවේ. පාදයේ කෙණ්‌ඩ ප්‍රදේශයේ හා කලව ප්‍රදේශයේ බහුලයි. මේවා පාදයේ පිටුපස හෝ දෙපස ඇතිවෙනවා. ඒකට බලපාන හේතු බොහොමයක්‌ තිබේ. අර්ශස්‌ රෝගයත් පිරිමි අයගේ වෘෂණ ආශ්‍රිතවත්, සිරුර අභ්‍යන්තරයේ ගලනාළය හා ආමාශය සම්බන්ධ වන කොටසෙන් මෙම නහර ගැට ගැසීම ඇතිවේ.

මෙම රෝගය ඇතිවීමට හේතු මොනවාද ?

පොදුවේ ගැහැනු අයට මෙම තත්ත්වය බහුලව ඇතිවෙනවා. දිගු කාලීනව සිටගෙන සිටීම, ශරීරයේ බර වැඩිවීම, අධික උසවීම කාලීන මළබද්ධය, කැස්‌ස වැනි රෝග නිසා උදරයේ පීඩනය වැඩිවීම, වයසට යාමේදී නහර දුර්වලවීම, ගර්භණී සමයේ ඇතිවී විටෙක මෙය දිගුකාලීනව පවතී. පවුලේ මෙවැනි රෝග තිබීමත් මෙයට 

නහර ගැට ගැසීමේදී සිරුර තුළ සිදුවන්නේ කුමක්‌ද ?

නහර වල ලේ ගමනාගමනය ක්‍රමවත්ව සිදුකිරීමට ඇති කපාට නිසිලෙස නොවැසීමත්, රුධිර නාළවල බිත්ති දුර්වල වීමත් නිසා රුධිරය ඉහළට තල්ලු කිරීම දුර්වල වේ.

නහර ගැට ගැසුණු විට ඇති ලක්‍ෂණ මොනවාද ?

 නහර ඉදිමීම, නහර ඉලිප්පී කැපී පෙනීම, නහර ගැටිති සහිත වීම, ඉදිමීම, වේදනාව, කැසීම, කළුවීම, දැවිල්ල, පාද වල බර බව, රාත්‍රියට මස්‌ පිඬු පෙරළීම, පාද හිරිය, තුවාල ඇතිවීම

නහර ගැට ගැසීමේ වර්ග මොනවාද ?

ප්‍රධාන වර්ග 2 යි. මතුපිට නහර ගැට ගැසීම කලව ආශ්‍රිතව බොහෝ විට ඇතිවේ. වළලුකර ආශ්‍රිතවද ඇතිවේ. සම ලා පැහැති අයගේ මකුළු දැලක ආකාරයෙන් රතු, දම්, නිල් වර්ණ වලින් දක්‌නට පුළුවන. ගැඹුරු නහර ගැටගැසීම බොහෝ විට කෙණ්‌ඩය ආශ්‍රිතව ඇතිවේ. පසුකාලීනව කලව ආශ්‍රිතවද ඇතිවේ. මෙම තත්ත්වය ඉතා අසාධ්‍ය වීමට පුළුවන.

නහර ගැටගැසීමෙන් ඇතිවන ප්‍රතිඵල මොනවාද ?

නහර ගැට ගැසීමේදී ඇතිවන කැසීම නිසා හෝ වෙනත් හේතු නිසා වළලුකර හා පාදය කොටසේ බහුලව ඇතිවන තුවාල සුව කිරීම ඉතා අපහසු වේ. නහරවල ලේ ගමන් කිරීම අඩපණ වී ඇති නිසා එම ස්‌ථාන වල රුධිරය එකතුවී දිගු කලක්‌ තිබීමේදී රුධිර කැටිති සෑදීම, හිරවීම සිදුවේ. ඒවා යම් හේතුවකින් අදාළ ස්‌ථානයෙන් ගැලවී ගොස්‌ මොළය, හෘදය, වකුගඩු, අක්‌මාව වැනි ඉන්ද්‍රිය වල සිහින් රුධිර නාළ අවහිර කළ හැක. එවිට ඒ හේතුව භයානක රෝග ගණනාවක්‌ ඇතිවීමට හේතු වේ.

ඇවිදීමේදී දෙපා වේදනාව, හිරිය, බර බව, වෙහෙස ඇතිවේ. විටෙක හදිසියේ නහර සිදු වී රුධිර වහනය ඇතිවේ. මෙය වැළැක්‌වීම තරමක්‌ අසීරු වේ. මෙය නිතර නිතර ඇතිවීමෙන් පාද දුර්වල වේ. රක්‌තහීනතාවද ඇතිවිය හැක.

නහර ගැට ගැසීම වළක්‌වා ගන්නේ හෝ පාලනය කර ගන්නේ කෙසේද ?

මෙය ක්‍රම දෙකකින් සිදුකළ හැකිය. කෙටි කාලීනව පාද එල්ලාගෙන සිටීම අවම කිරීම, දිගු කාලීනව හිටගෙන සිටීම අවම කිරීම, ඉරියව් නිතර මාරු කිරීම, නිතර ඉහළ පහළ ගමන් කිරීම (පඩිපේළි , කඳු ආදියේ) අවම කිරීම, නිදන ඇඳේ පාද දමන පැත්ත අඩි 1/2 පමණ ඔසවා තැබීම, ක්‍රේප් බැන්ඩේ- හෝ මේස්‌ පැළඳීම, රාත්‍රියට නින්දට පෙර පාද පරීක්‍ෂා කිරීම, තුවාල ඇත්නම් ප්‍රතිකාර ලබා ගැනීම. දිගු කාලීනව උසට සරිලන බර පවත්වා ගැනීමට ආහාර පාලනය කිරීම, නිසි වේලාවට ආහාර ගැනීම, ව්‍යායාම කිරීම, ජලය ප්‍රමාණවත්ව පානය කිරීම, සිරුරේ පිරිසිදු බව රැක ගැනීම, කාලීන මළබද්ධය වැනි රෝග වලට ප්‍රතිකාර ගැනීම, ලේ පිරිසිදු කරන ආහාර පාන, ඖෂධ ලබාගැනීම, වයසට යාමේදී ඇතිවන නහර දුර්වලතා වැළැක්‌වීමට රසායන කර්ම කිරීම කළ හැකිය.

මෙම රෝගයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර තිබේද ?

 ඔව්. ඇතිවූ රෝග තත්ත්වය සංකීර්ණ වීම වැළැක්‌වීමට, ඇතිවීමට ඉඩ ඇති අතුරු ආබාධ වැළැක්‌වීමට, ඉදිරියේ ඇතිවීම වැළැක්‌වීමට ඇතිවූ රෝග ලක්‍ෂණ අවම කිරීමට ප්‍රතිකාර කළ හැකිය.

ආයුර්වේදයේ තිබෙන්නේ කුමන ප්‍රතිකාර ක්‍රමද ?

 ස්‌නේහ ප්‍රතිකාර නම් තෙල් වලින් කරන ප්‍රතිකාර, වාත දොaෂය ඉවත් කිරීමට දමන පත්තු, ආලේප ආදිය, වස්‌ති කර්ම, අදාළ නහර විද ලේ ඉවත් කිරීම ප්‍රධාන ලේ පිරිසිදු කරන ප්‍රතිකාර කළ හැකිය. අදාළ ස්‌ථානයේ ඇතිවන කැසීම, දැවිල්ල, වේදනාව, තුවාල සඳහා බෙහෙත් වතුරින් සේදීම, ගිල්වාගෙන සිටීම, බෙහෙත් වතුර වැක්‌කෙරීම කළ හැක. මේ සඳහා පොතු වර්ග, කොළ වර්ග තැම්බූ වතුර, කෂාය වර්ග, තෙල් වර්ග, එළඟිතෙලින් සෑදු ඖෂධ යොදා ගත හැක. තුවාල වලට අදාළව ක්‍රම 60 න් තුවාල සුව කරන ප්‍රතිකාර කළ හැකි වේ.

නහර විද ලේ ඉවත් කිරීම යනු කුමක්‌ද ?

මෙය ආයුර්වේදයේ කියෑවෙන පංචකර්ම වලින් එකක්‌. මෙසේ සිරුරේ ඇති අපිරිසිදු රුධිරය අදාළ ස්‌ථානයෙන් ඉවත් කිරීම කළ හැකිය. මේ සඳහා සතුන්ගේ අං, වලන් ලබුකබල් පාවිච්චි කළ හැකිවේ. ඊට අමතරව ආයුර්වේදයේ දක්‌වා ඇති විශේෂ උපකරණ වලින් රුධිර නාළය සිදුරු කළ හැකිය. කූඩැල්ලන් ලවා රුධිරය ඉවත් කිරීම ඉතාම සාර්ථක හා බොහෝ වාසි ගෙනදෙන ප්‍රතිකාර ක්‍රමයක්‌.

මේ කූඩැල්ලන්ගෙන් කරන ප්‍රතිකාර යනු කුමක්‌ද ?

 සිරුරේ දෙපැත්තේ කහපාට ඉරි දෙකක්‌ ඇති බෙහෙත් කූඩැල්ලන් මේ සඳහා යොදා ගනු ලැබේ. ප්‍රතිකාරයට රෝගියා සති 2 ක්‌ පමණක්‌ කූඩැල්ලා විනාඩි 20 පමණක්‌ සූදානම් කළ යුතුය. මෙසේ සතියකට වරක්‌ රුධිරය ඉවත් කිරීම කළ හැකිය.

මේ ආයුර්වේද ප්‍රතිකාර වල විශේෂත්වය කුමක්‌ද ?

 රෝගයේ මුල් අවස්‌ථාවේ නිසි ප්‍රතිකාර කළවිට රෝගය බොහෝ දුරට සම්පූර්ණයෙන් සුවකළ හැකිය. බොහෝ පරණ වූ සංකීර්ණ අවස්‌ථාවල ඇති අපහසුතා ඉවත්කර ඉදිරියේ රෝගියාට ඇතිවීමට හැකි උපද්‍රව අවම කළ හැකිය. බොහෝ විට නහර ඉවත් කිරීමකින් තොරව රෝගියාට රෝගයෙන් අත්මිදීමට පුළුවන. නහර ගැට ගැසීමෙන් ඇතිවන තුවාල සුවකරගත හැකිවේ.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0754876632 ඇමැතිය හැකිය. 

නහර ගැට ගැසීමේ රෝගයට ආයුර්වේදයෙන් ප්‍රතිකාර
උපුටා ගැනීම / දිවයින පුවත්පත

Post a Comment

0 Comments