විස්වාසභංගයට සිදුවනදේ ...



2014 වසරේ ජුලි මාසයේ සිදුවූ රාහු කේතු ග්‍රහයන්ගේ කන්‍යා රාශි ගතවීමත් නැවත එම වසරේ නොවැම්බර් 04 වනදා සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශිගතවීම යන ප්‍රධාන ග්‍රහ තත්වයන්ගේ බලපෑම් මත එතෙක් පැවති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජ්‍ය පාලන තන්ත්‍රය ජනතා අප්‍රසාධයන්ට ලක්වීමට පටන්ගත් අතර එය වෙගවත්විය.මේ හේතුවෙන් 2015 වසරේ එවකට පැවති ආණ්ඩු බලය නව දේශපාලණික මතයක් සමග ගමන් කරමින්  සිටි ජනතා මතය සමග බිදවැටීමට ලක්විය.දේශපාලණික වශයෙන් බලවත් පෙරලි රැසක් 2014 වසරේ සිදුවිය.2014 වසරේ  ජුලි මස සිදුවූ රාහු කේතු ග්‍රහ මාරුවේ දැඩි බලපෑමට සුබ අසුබ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් ඇතිකලහ.එක් අයෙකුගේ බලය දුර්වවලවී තවත් අයෙකුගේ බලය ස්මතුවිය.2014 වසරේ මැද භාගයේ සිට බලය එක්වෙමින් පැවතියේ වික්‍රමසිංහ මහතා වෙතයි.එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ජනාදිපතිතුමාගේද පෙර පින පෑදෙන්නට විය ..... කතාව දීර්ගවීම අවශ්‍ය නැත .. 

2015 වසර තුල ආරම්බවූ නව ආණ්ඩු පාලනය , කුමන විපක්ෂ බලපෑම් හමුවේ උවත් ස්තාවරව ශක්තිමත්ව 2017 වසරේ අගෝස්තු මාසය දක්වාම පැවතුනි.එතැන් සිට වර්තමාන පාලනතන්ත්‍රය තුල දැඩි අර්බුධ ගැටලු ඇතිවන්නට විය.දේශපාලන පක්ෂ කැඩී බිදීයාමද සිදුවිය.....2017 වසරේ අගෝස්තු මාසයේ සිදුවූ රාහුකේතු මාරුව මෙරට දේශපාලනය තුල නැවත බල පෙරළියක් ඇතිවන බවට සාධක සැපයූ අතර පාලක පක්ෂයේ වේගවත් පිරිහීමකට හේතුවිය.මෙය විපක්ෂ දේශපාලනයට ශක්තිය , අවස්තාව ලැබෙනා කාලයක්වේ.2014 වසරේ ජුලි මාසයේ රාහු කේතු මාරුව සමග එවකට විපක්ෂයට ඇතිවූ ශක්තීන් මෙවර , වර්තමාන විපක්ෂයට හිමිවී ඇත.

කෙසේ නමුත් 2018 අප්‍රියෙල් මස 04 වනදා දිනය මෙරට දේශපාලණික බල පෙරළියක් ඇතිවන දිනයක් ලෙස බොහෝ පිරිසක් සිතා සිටී.වර්තමාන අගමැතිවරයාට එරෙහිව එදිනට විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතය.මෙහි ප්‍රතිඵලය දෙස බොහෝ පිරිසක් බලා සිටී....මා ජ්‍යෙතිෂ සිද්ධාන්ත සහ පවත්නා ජම්ම කේන්ද්‍ර ග්‍රහ තත්වයන් අනුව , විස්වාස භංගයෙහි ප්‍රතිඵලය මෙසේ සදහන් කරමි..... 

" වත්මන් අගමැතිවරයා මෙම විස්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වන්නේ නැත....ඔහු සතුව තවදුරටත් ශක්තිය පවතී.එක්සත් ජාතික පක්ෂය තුල අති බහුතරය , බොහෝ විට එදින පාර්ලිමේන්තු පැමිණෙන සියලු මන්ත්‍රී වරුන් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ වනු ඇත.එදිනට සියලු තරහ මරහ අමතක වනු ඇත.මෙම විස්වාස භංග යෝජනාව වික්‍රමසිංහ මහතා ජයගැනීමෙන් පසුව එම පක්ෂය තුල තනතුරු ආදියේ වෙනස්කම් සිදුවූවත් , වික්‍රමසිංහ මහතාගේ ස්තානය අහිමිවන්නේ නැත... "

නමුත් වර්තමාන දේශපාලනික බලයේ ස්තිර විශේෂ බලපෙරළියක් 2019 වසරේ මාර්තු මාසයෙන් ඉදිරියට සිදුවනවා ඇත.රාහු සහ කේතු ග්‍රහ මාරුව මාර්තු මස 07 වනදා සිදුවන අතර රාහු ග්‍රහයා මිතුන රාශියටත් කේතු ග්‍රහයා ධනු රාශියටත් පැමිණීම සිදුවේ.මේ සමගම එතෙක් පැවති පාලක පක්ෂයේ දේශපාලන ස්තාවරත්වය වේගවත් ලෙස පිරිහීමට ලක්වන අතර ආසන්න වශයෙන් පවත්නා මැතිවරණ හරහා විපක්ෂයේ මතය සමග ජනතා මතය එක්වේ.

2014 මැද භාගයේ සිට එවකට පාලක පක්ෂයට ඇතිවූ ඉරනම , 2017 වසරේ මැද භාගයේ සිට වර්තමාන පාලක පක්ෂයටද මුහුණ දීමට සිදුවන අතර 2019 මාර්තු 07 වනදායින් පසුව දේශපාලන බල ස්තාවරත්වය වර්ථමාන පාලක පක්ෂය තුලින් ගිලිහී යයි..

( පුද්ගලික මතයකි . )

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
0712764440

Post a Comment

0 Comments